කවුරුත් දන්න අපි නොදන්න ඇංග්ලෝ - සැක්සන්

  👤  3829 readers have read this article !
2018-09-02

පස්වන සියවසේදී පමණ බි්‍රතාන්‍ය ආක්‍රමණය කළ බව කියන ඇංගල් (ඒදඨතඥඵ) සැක්සන් (ඉචයධදඵ) හා ජූට් (බ්භබඥඵ) යන ජර්මානු සම්භවයක් සහිත වූ ආක්‍රමණිකයන් පිරිසකට පැවැසුවේ ඇංග්ලෝ - සැක්සන්වරු කියලාය.

මුල් කාලයේදී ඔවුන් වෙන වෙනම

රාජධානි පිහිටුවාගෙන සිටි බවට තොරතුරු පළවෙයි. ඒවා ප්‍රධාන වශයෙන් නොදම්බි්‍රයාව, මර්සියාව හා වෙසෙක්ස් යන නාමයන්ගෙන් හැඳින්විණි. පසු කාලයකදී එංගලන්තය ඇංග්ලෝ සැක්සන් රජවරු යටතේ එක්සත් කර ඇත.

වෙසෙක්ස්හි රජකම් කළ මහා ඇල්ෆ්‍රඩ් රජු ක්‍රි.ව. 878දී ඩේන්වරුන්ගේ ආක්‍රමණය මැඬපවත්වා එම ප්‍රදේශ එක්සත් කරනු ලැබීමෙන් ඇංග්ලෝ - සැක්සන් යන වචනය භාවිතයට පැමිණියේය.

එදා රජවරුන් රාජ්‍ය පාලනය කළේ විටානයක් (එඪබචද) හෙවත් විද්වතුන්ගෙන් සැදුම් ලත් මණ්ඩලයක සහාය ඇතිවය. ප්‍රාදේශීය පාලනය හා විනිශ්චය සිදු වුණේ හන්ඩ්‍රඩ් (ඩ්භදඤපඥඤ) නමින් හැඳින්වූ කුඩා ප්‍රමාණයේ ඒකකයන් හරහාය. ඇංග්ලෝ සැක්සන්වරුන් කිතුනුවන් බවට පත්වූයේ ඉතාලියෙන් ආ කැන්ටබරිස් ශාන්ත ඔගස්තිනු පියතුමන්ගේ මෙහෙය වීමෙනි. ඇංග්ලෝ සැක්සන්වරුට පොහොසත් වූ කලා ශිල්ප සමුදායක් හා සාහිත්‍යයක් ඇත. ඔවුන්ගේ බය ඕල්ඩ් ඉංග්ලිස් (ර්ණීතඤ ඡ්දඨතඪඵඩ) නමින් හඳුන්වනු ලැබීය. ඉංගී්‍රසි සාහිත්‍ය හදාරන දරුවන්ට එහි පූර්ව තත්ත්වයන් පිළිබඳ යම් දැනුමක් අවශ්‍ය වේ නම් ඒදඨතධ - ඉචයධදඵ වරුන් ගැනත් ර්ණීතඤ ඡ්දඨතඪඵඩ ගැනත් දැන ගැනීම වටින්නේය.

විජිත කේ. පතිරණ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon