ඇඩම් මවපු අපි රවටපු සොඳුරු මතකයන් රඳවපු විසිතුරු මහ මැඳුරු

  👤  3674 readers have read this article !
2018-09-02

ඇඩම් රොබට් යන නමත් සමඟ අපූරු ගෘහ නිර්මාණ ශිල්පයේ ශෛලියක් සිහියට නැඟෙයි. ඒ බි්‍රතාන්‍ය ජාතික වාස්තු විද්‍යාඥයකු හා අභ්‍යන්තර අලංකරණ සැලසුම් ශිල්පියකු වූ ඇඩම් රොබට් නමැත්තා තිළිණ කළ ශෛලිය ලෝක පූජිත වීම නිසාය.

හේ ස්කොට්ලන්තයේ ෆයින්ෂයර්හි කර්කැඩිවල උපත ලැබීය. ඔහු වාස්තු විද්‍යාවට නැඹුරුවීමට පසුබිම වූයේ පියාගේ ආභාෂයය. පියා එනම් විලියම් ඇඩම්ද වාස්තු විද්‍යාඥයෙකි.

ගොඩනැඟිලි ඉදිකිරීමේ නව මං සෙවූ ඔහු වඩාත් නිර්මාණශීලී ලෙස සිතන පතන කෙනෙකි. ඇඩම් රොබට් ලොවට රොකෝ (අධජධජධ) නම් ගොඩනැඟිලි ඉදිකිරීමේ ශෛලිය හඳුන්වා දුන්නේය. එය සැබැවින්ම නව සම්භාව්‍යවාදී ශෛලියේ අදහස්ද එක්කරගෙන අලුත් සම්ප්‍රදායයක් තිළිණ කළේය. එය "ඇඩම්ගේ ශෛලිය" නමින් ප්‍රකට වූයේය. එහෙත් ඔහු ඊට අලුත් දේ එකතු කරගෙන ගොතික් ශෛලියේද වටිනාකම් ගළපා ගත්තේය.

1755-58 කාලය තුළ ඉතාලියෙහි සංචාරයෙහි යෙදුණු ඔහු ඉන් ලත් අත්දැකීම්ද උපයෝගි කර ගනිමින් සිය සොහොයුරු ජේම්ස් ඇඩම් හා එක්ව නව ආරක ග්‍රාමීය නිවාස හා ගොඩනැඟිලි රැසක් ඉදි කළේය.

මේ වනවිටත් එයින් ප්‍රකට ඇති ශෛලීන් තිබෙන නිර්මාණ වන්නේ 1768දී කළ කොන්වුඩ් හවුස්, සියොන් නිවාසයේ ඇතුළත හා ඔස්ටර්ල් පාක් ඉන් යන ස්ථානයි.

ලන්ඩනයේදී ගොඩනැඟිලි ඉදිකිරීම ඔහුට ආර්ථික වාසියක් ගෙන දුන්නේ නැත. ඇප්ස්ලේ හවුස් ඊට හොඳ උදාහණයකි. ජීවිතයේ අවසාන කාලය ජීවත්වූයේ එඩින්බර්ග්වලය. එහිදී ඔහු ඉදිකළ චාලට් ස්ක්වයර් විශේෂය. කෙසේ වෙතත් යුරෝපයටත් ඇමෙරිකාවටත් ඇඩම් රොබට්ගේ ගොඩනැඟිලි ඉදිකිරීමේ රටාවන් වඩ වඩාත් පැතිර ගියේය. ලංකාවේදීත් එම ශෛලියේ ගොඩනැඟිලි කිහිපයක් දක්නට ලැබීම සුවිශේෂය.

විජිත කේ. පතිරණ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon