ලක්දිවෙන් සියමට ගිය මුහන්දිරම්

  👤  3388 readers have read this article !
2018-09-02

 

ලක්දිව උපසම්පදාව පිහිටුවන්නට එදා සියම් දේශය නමින් හැඳින්වූ වත්මන් තායිලන්තයට භික්ෂුන් වහන්සේ වැඩමවාගෙන එන්නට ගියේ 'ආයිත්තාලියද්දේ මුහන්දිරම් ය. ඔහු එහි ගිය දූත මෙහෙවරේ යෙදුණු දූත කණ්ඩායමේ පස්දෙනාගෙන් එක් පුමුඛ අයෙකි.

ඔහු එසේ ගියාටත් වඩා ඉතිහාසයේ වැදගත් චරිතයක් බවට පත් වන්නට වෙනත් හේතුවක්ද ඇත. එනම් එම දූත මෙහෙවරෙන් පසු ඔහු විසින් ලියන ලද සරණංකර සංඝරාජ චරිතය වූ "සංඝරාජ සාධු චරිතය" නම් කෘතිය නිසාය.

එම කෘතිය වඩාත් වැදගත් වන්නේ සංඝරාජ වතගොත ලියා තැබීමත් එහි ගිය ගමනේදී වූ තොරතුරු වාර්තා කර තැබීමත් නිසාවෙනි. ඒවා අතිශය වැදගත් ඒවා විය. සිංහල විශ්ව කෝෂයෙන් ඒ බැව් වැඩිදුරටත් සඳහන් වේ.

ඊරිමින්නේ විපස්සි හිමියන් විසින් ලියන ලද "ආදාහන වත" නම් ග්‍රන්ථයෙහි සංඝරාජ සාධු චරිතය නම් කෘතිය ආයිත්තාලියද්දේ මුහන්දිරම්ගේ කෘතියක් බව සඳහන් කරමින් සහතිකයක් ලබාදී ඇත. ආලියත්තාලියද්දේ ඔහුගේ ගම විය. වෙඩික්කාර ලේකම් දුම්බර මුහන්දිරම් නිලය දැරූ බවද සඳහන්ය. ඔහු හා ගිය අනෙක් නිලමේවරුන් වන්නේ පට්ටපොළ මොහොට්ටි නිලමේ, ඇල්ලේපොළ මොහොට්ටි නිලමේ, ඊරියගම නිලමේ හා විල්බාගෙදර යන නිලමේවරුන්ය.

විජිත කේ. පතිරණ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon