ලංකාවේ අපට සිහිනයක් පමණක්ද? ලෝකෙම මිනිස්සු දුම්රියෙන් යන්න හදන වේගවත්ම ගමන මෙන්න

  👤  3387 readers have read this article !
2018-09-02

 

අති සන්නායක රික්තක දුම්රිය

ඝර්ෂණයකින් තොරව, අධි වේගයකින් ධාවනය වන 'මැග්ලෙව්' දුම්රිය පද්ධති වර්තමානයේ වේගවත්ම දුම්රිය ලෙස සැලකේ. මෙය තවදුරටත් දියුණු කරමින් නිර්මාණය කිරීමට සැරසෙන ඊළඟ පරම්පරාවේ දුම්රිය වන්නේ ඡ්මචජභචබඥඤ ඊභඡඥ ඊපචදඵනධපබ (ඡ්ඊඊ) දුම්රිය පද්ධතියයි. මෙහිදී සිදුවන්නේ මැග්ලෙව් තාක්ෂණයේ දුම්රිය රික්තක නළයක් තුළින් ධාවනය කිරීමයි. එහිදී මෙම දුම්රියකට පැයට කිලෝමීටර් 6,500ක වේගයකින් ධාවනය කිරීමේ හැකියාව ලැබේ.

රැහැන් මත ප්‍රවාහන පද්ධති

තවත් අධිවේගී දුම්රිය සංකල්පයක් වන්නේ බිම් මට්ටමට ඉහළින් ඇදුණු විදුලි රැහැන් දෙකක් මත ධාවනය වන දුම්රිය පද්ධතියයි. මෙම රැහැන් විදුලිය ලබාදීමට අමතරව දුම්රිය ගමන් කිරීම සඳහා ආධාරක පීලි ලෙසද ක්‍රියා කරයි. මෙය දැනට පවතින මැක්ලෙව් සහ මොනෝ රේල් ආදී ක්‍රමවලට වඩා අඩු පිරිවැයක් දැරීමට සිදුවන දුම්රිය පද්ධතියකි. පුද්ගලයන් 20 දෙනකු සහිත මෙම ක්‍රමයේ මැදිරියකට පැයට කිලෝමීටර් 250ක වේගයකින් ධාවනය වීමේ හැකියාව තිබේ.

ස්ට්‍රැඩ්ලින් බස්

නාගරික රථවාහන තදබදයට පිළියමක් ලෙස මෙය චීනයේ අත්හදා බලන ලද අතර යම් දෝෂ කීපයක් නිසා තාවකාලිකව නතර කොට තිබෙනවා. කුඩා වාහන තදබද මතින් පීලි මතින් ඉදිරියට ඇදී යෑමේ හැකියාව මේ වාහනවලට තිබෙනවා. ධාවනය සඳහා වෙනම පීලි සහිත මාර්ග ඉදිකළ යුතු නොවන නිසා මෙය ඉඩකඩ ගැටලුවටද කදිම විසඳුමක්.

පීලි නැති දුම්රිය

මෙම දුම්රිය සඳහා බලය ලබා ගන්නේ මහ මඟ ඔබ්බවා ඇති කුඩා උපකරණවලින්. එම උපකරණ පාරේ ඔබ්බවා ඇති මඟ දිගේ දුම්රිය ගමන් කරන අතර අනෙක් වෙලාවට සෙසු වාහනවලට කරදරයකින් තොරව ඒ මත යා හැකියි. මේ වන විට දකුණු කොරියාවේ ශ්වාඩියොන් නගරයේ සෝල් ග්‍රෑන්ඩ් පාක් උද්‍යානයේ මෙම දුම්රිය කිලෝමීටර් 2.2ක් දිග ගමන් මාර්ගයක අත්හදා බලමින් පවතිනවා.

ටියුබියුලර් රේල්

දුම්රියේම පීලි සහිත කණු මත ඉදිවූ අවකාශයක ඇති රබර් රෝද මත ඉදිරියට ඇදෙන ටියුබියුලර් දුම්රියකට පැයට කිලෝමීටර් 240ක වේගයකින් ධාවනයේ යෙදීමට හැකියාව තිබේ. අමතරව පීලි ඇතිරීමට සිදු නොවීමෙන් මේ සඳහා වැය වන මුදලද සෑහෙන අවමය.

ශ්වීබ්

පීලිවල එල්ලී මොනෝ රේල් ආකාරයෙන් මිනිස් ශක්තිය උපයෝගී කරගෙන පැද යමින් භාවිත කළ හැකි ශ්වීබ් අධික තදබදය සහිත මාර්ගවලට ගැළපෙන පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රමයක්. පැයට කිලෝමීටර් 45ක වේගයකින් මීට ධාවනය කළ හැකිය.

අධිවේගී විකල්ප බලශක්ති දුම්රිය

අනාගත දුම්රිය පද්ධති සාර්ථකත්වය ර¼දා පවතින්නේ වේගය මතම පමණක් නොවේ. බලශක්ති භාවිතයද ඊට බලපානවා. මේ වන විට ඇමෙරිකාවේ ඇරිසෝනාවේ සූර්ය තාප බලයෙන් දිවෙන දුම්රියක් අත්හදා බලමින් පවතිනවා. දුම්රිය මඟට ඉහළින් වහලක ආධාරයෙන් ඉදිකොට ඇති සූර්ය පැනල මඟින් විදුලිය නිපදවීමට අවශ්‍ය සූර්ය තාපය ලබා ගැනීම මෙහිදී සිදුවෙනවා. මේ දුම්රියේ අපේක්ෂිත වේගය පැයට කිලෝමීටර් 350ක්.

ගැමුණු රත්නායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon