ජපානයේ ඇමැතිවරුන් ආවේ ඇයි?

  👤  3791 readers have read this article !
2018-09-02

ජපනයේ ආරක්ෂක ඇමැති පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ නිල චාරිකාවක් සඳහා පැමිණියේය. එය දේශපාලනික වශයෙන් වැදගත් කාරණාවක් වන්නේ 1945 දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ගෙවී ඇති වසර 73 තුළ කිසිදු ජපාන ආරක්ෂක ඇමැතිවරයකු ලංකාවට පැමිණ නැති බැවිනි. ජපන ආරක්ෂක ඇමැති ඉට්සුමෝරි ඔමොඩෙරා (ධ්බඵභථධපඪ ර්ණීථධඤඥපච) සිය චාරිකාවේදී වැඩි අවධානය යොමු කොට තිබුණේ ලංකාවේ ආර්ථික මර්මස්ථාන නිරීක්ෂණය සඳහාය. කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය වරායන් මෙන්ම ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයද ජපාන ආරක්ෂක ඇමැතිගේ චාරිකාවට ඇතුළත් විය. දෙවැනි ලෝක යුද්ධයේදී ජපාන කමිකායේ දිවි පුදන බළකාය විසින් විනාශ කරන ලද 95 වැනි තෙල් ටැංකියද ඔහුගේ නිරීක්ෂණයට ලක්ව තිබිණි.

ජපාන ආරක්ෂක ඇමැති ලංකාවෙන් පිටව ගොස් හැරෙන තැපෑලෙන්ම ජපාන විදේශ ඇමැතිද ලංකාවට පැමිණ මෙරට රාජ්‍ය නායකයන් හා සාකච්ඡාවල නිරත විය.

ජපානය ආර්ථික අතින් සමෘද්ධිමත් රටක් වන අතර ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිත්‍ර රටක්ද වන්නේය. ඔවුන් ආර්ථික වශයෙන් අපට බොහෝ ආධාර ලබාදී තිබේ. එබැවින් ජපාන - ශ්‍රී ලංකා සබඳතා වැඩි දියුණු වීම යහපත් ලක්ෂණයක්ද වන්නේය.

ශ්‍රී ලංකාව සිවිල් යුද්ධයකට මැදි වී සිටි අවාසනාවන්ත කාල පරිච්ඡේදයේදී ද ජපාන විශේෂ සාම නියෝජිතයෙක් නිතර ලංකාවට පැමිණියේය. යසුෂි අකාෂි නමැති එම සාම නියෝජිතයා වරක් දෙකක් නොව අවුරුද්දට තුන් හතර වතාවක් මෙහි පැමිණියේය. ඔහුගේ ස්ථිර පදිංචිය කොළඹ දැයි සිතෙන තරමට අකාෂි නිතර පෙනී සිටියේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ මෙන්ම කිලිනොච්චියට ගොස් එල්.ටී.ටී.ඊ.යේ දේශපාලන නායක තමිල් චෙල්වම් සමඟද සාකච්ඡා පැවැත්වීය. වර්තමාන ජපාන නායකයන්ගේ හදිසි සංචාරයන්ගෙන්ද පෙනී යන වැදගත් කරුණක් තිබේ. එනම් දේශපාලන වශයෙන් වැදගත් යමක් තිරය පිටුපස සිදුවෙමින් පවතින බවය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ සුපිරි බලවතා බවට පත්වූයේ ඇමෙරිකාවය. දේශපාලන, ආර්ථික, මිලිටරි හා තාක්ෂණයේ දියුණුව අතින්ද ඇමෙරිකාව ඉදිරියෙන් සිටියේය. ඒ නිසාම 20 වැනි සියවසේ වැඩි කාලයක් ඇමෙරිකාව ලෝක පොලිස්කාරයාගේ භූමිකාව රඟපෑවේය. සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිඳ වැටීමත් සමඟ මේ තත්ත්වය වඩාත් තහවුරු විය. එහෙත් වර්තමානයේ මේ තත්ත්වය වෙනස්වී තිබේ. අවුරුදු 500කට පසු ආසියානු අර්ථිකය ලෝක ආර්ථිකයේ පෙරගමන්කරු බවට පත්ව තිබේ. එදා 1945දී ඇමෙරිකාව ලෝකයේ එකම න්‍යෂ්ටික බලවතා වූ අතර අද වන විට න්‍යෂ්ටික බලය හිමි රටවල් ප්‍රමාණය 10ක් දක්වා වැඩි වී තිබේ. මෙම වෙනස් වූ බල තුලනය නිසාම තුන්වැනි ලෝක යුද්ධයක අනතුර පහව ගොස් තිබේ.

වර්තමානයේ රාජ්‍යයන් අතර ගැටුම කරළියට පිවිස තිබෙන්නේ ආර්ථික යුද්ධයක් වශයෙනි. චීන ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් ටි්‍රලියන 14ක් දක්වා ඉහළ නැඟ ඇති අතර ඔවුහු ලෝක වෙළෙඳපොළ නතු කර ගනිමින් සිටිති. ගෝලීය උපාය මාර්ගවල සහ භූ දේශපාලනික උපාය මාර්ගවලද විශාල වෙනස්කම් සිදුව තිබේ. ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත පැවැති ප්‍රාග්ධන මධ්‍යස්ථානය බිඳී විසිරී ඇති අතර ඕඅධ්ඛ්ඉ, ඛ්ඡ්ඹ්ඒම්, ඡ්භපධ - ඒඵඪච, ඒඋ, ඹ්චබඪද ඒථඥපඪජචද ආදී මූල්‍ය සංවිධාන මතුව තිබේ.

මේ නව ප්‍රවණතාවන් තුළ චීනය 'නව සේද මාවත' ආර්ථික ව්‍යාපෘතිය දියත් කරමින් සංවර්ධනය වන රාජ්‍යයන්ට අත දෙමින් ඔවුන් සතු භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව වර්ධනය කිරීම තුළින් චීන වෙළෙඳපොළ ප්‍රසාරණය කර ගැනීමේ උපාය මාර්ගයක නියැළී සිටී. මේ වන විට ඊට අනුගත රටවල් සංඛ්‍යාව 70 ඉක්මවා ඇත. ඒ ඵසාම ජාත්‍යන්තර ආර්ථිකය තුළ ඇමෙරිකාවේ හා ජපානයේ බලපෑම පහත වැටී ඇත.

බැරැක් ඔබාමා හිටපු ඇමෙරිකන් ජනාධිපති ඒෂියා - පැසිෆික් සංකල්පය නිර්මාණය කළේ චීනය හුදෙකලා කිරීමේ ඉලක්කය ඇතිවය. එය සාර්ථක නොවූ විට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දු - පැසිෆික් නමින් නව සංකල්පයක් ඉදිරිපත් කර තිබේ. ඉන්දියාවේ පවතින චීන විරෝධය පදනම් කරමින් 'නව සේද මාවත' ව්‍යාපෘතියට විකල්පයක් ලෙස ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය හා ඕස්ට්‍රේලියාව යන රටවල පෙළගැස්මක් ඇති කිරීම ඇමෙරිකානු අභිප්‍රාය වේ.

ජපන් ඇමැතිවරුන් හදිසියේ ලංකාවට පැමිණෙන්නේ ඉන්දු - පැසිෆික් වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම උදෙසා බව රහසක් නොවේ. එම පැමිණීම පිටුපස සිටින්නේ ඇමෙරිකාව බවද රහසක් නොවේ. ආසියාවේ ඇමෙරිකානු මිත්‍රයා ජපානය බැවින් ඔවුන් ඉන්දු - පැසිෆික් ව්‍යාපෘතිය බල ගැන්වීමට කැප වී ක්‍රියා කරනු ඇත. ජාත්‍යන්තර තලයේ භූ දේශපාලනය තුළ පවතින මේ ගැටුම නිවැරැදිව අධ්‍යයනය කොට මැදහත් තැනක සිට ඊට අත නොතැබුවහොත් ලංකාවේ තත්ත්වය තවත් නරක් වීමට ඉඩ තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon