අල්ලස් දැල

  👤  2638 readers have read this article !
2018-09-06

අපේ පාලකයන් අල්ලස් දැල එළන්න ගන්නේ අද ඊයෙක සිට නොවේ. මේ අල්ලස් දැලට තෝරු, මෝරුන්ට වඩා අහුවුණේ හාල්මැස්සන් වීම කවදත් ප්‍රශ්නයක් වී තිබිණි. මෛත්‍රි - රනිල් ආණ්ඩුවේ එක් පොරොන්දුවක් වූයේ තෝරුන් - මෝරුන් කොටු කරගත හැකි අන්දමේ අල්ලස් දැලක් එළන බවය. පොරොන්දු වූ ආකාරයෙන් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම ශක්තිමත් කර වඩා ස්වාධීනව වැඩ කිරීමට ආණ්ඩුව ඉඩ ලබා දුන්නේය. එහෙත් ආණ්ඩුවේම කොටසක් කොමිසමේ කකුලෙන් ඇද්දේය. අල්ලස් දැල එළීමට බාධා කළේය. කොටුවීමට ගිය මෝරුන්ට ලිස්සා යෑමට උදවු කළේය.

කෙසේ වුවද මේ වසරේ ගතවූ මාස අට තුළ රජයේ නිලධාරීන් 32ක් අල්ලස් දැලට හසුකර ගැනීමට කොමිසමට හැකි වී ඇත. ඒ අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වැනි මෝරුන්ද සිටීම විශේෂත්වයකි. 2017 වසරේදී අල්ලස් දැලට හසුවූ රජයේ නිලධාරීන් ගණන 44කි.

මේ නිලධාරීන් අතර විදුහල්පතිවරුන්, ග්‍රාම නිලධාරීන්, සුරාබදු නිලධාරීන්, ප්‍රාදේශීය සභා ලේකම්වරුන්, උසස් පොලිස් නිලධාරීන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීහුද සිටිති.

රාජ්‍ය අංශය කෙතරම් පිරිහීමකට ලක්වී ඇද්ද යන්න මේ පිරිස දෙස බැලූ විට පැහැදිලිය. අල්ලස් දැල ශක්තිමත් කළද අල්ලස් ගැනීමට පෙලඹෙන මේ 'ක්‍රමය' වෙනස් කිරීමට මෛත්‍රි - රනිල් හවුල් ආණ්ඩුව කළ කිසිම ක්‍රමවේදයක් නැත. දිගුකාලීන යුද්ධයකට මුහුණදුන් රටකට අවශ්‍ය 'ප්‍රතිසංස්කරණ' කිසිවක් කිරීමට මේ ආණ්ඩුව ගෙවුණු අවුරුදු තුනේදී අසමත් විය.

අල්ලස් හෝ දූෂණ කොමිසම ඇතුළු කොමිෂන් පිහිටුවනු ලැබුවද, විගණන පනත, තොරතුරු පනත වැනි පනත් සම්මත කළද පූර්ණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් නොමැති නිසා ඉන් නිසි ඵල නෙළා ගැනීමට රටට හැකි වූයේ නැත. තවමත් ආණ්ඩුවට ඒ ගැන වගේ වගක් ඇති බව නොපෙනේ. 'ආර්ථික' ප්‍රතිසංස්කරණවලට අතගසා ඇති ආණ්ඩුවේ ඉලක්කය ඉදිරි මැතිවරණ මිස 'ක්‍රමය' වෙනස් කිරීම නොවේ.

ශ්‍රී ල.නි.ප.ය හා එ.ජා.ප.ය අවුරුදු 70ක් පුරා මේ රට පාලනය කළේය. පාලම්, බෝක්කු දේශපාලනයෙන් ඔබ්බට යෑමට තවමත් පක්‍ෂ දෙකටම හැකිවී නැත. අදත් ඔවුහු අධිවේගී මාර්ග වැනි ඉදිකිරීම්වල එල්ලී ඊනියා සංවර්ධනය ගැන නන්‍ෙදාඩවමින් සිටිති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon