ගණිකා වෘත්තියේ යොදවන කුඩා දැරියන් ගලවා ගැනීම උදෙසා සටන් වදින්නී සෝමාලි මාම්

  👤  3619 readers have read this article !
2018-09-09

 

"වයස අවුරුදු පහක පමණ කුඩා වයසේ සිට වසර ගණනාවක් අපයෝජනය වූ දැරියක නැවත සමාජගත කිරීම ඉතා දුෂ්කර කටයුත්තකි. නිරන්තර ගුටිබැට, වධහිංසාවලට ලක් වුණු දැරියන්ගේ සුබසාධනයේ පළමු පියවර ඔවුන්ට ආදරය කිරීමයි. ආහාර, නිවාස, බේත්හේත් එන්නේ දෙවැනිවයි. දිනකට පිරිමින් විස්සකට වඩා ලිංගික අපහරණයට පාවිච්චි කළ දැරියක් මා ළගට විත් "මම්" කියා මා වැලඳ ගන්නා විට ඇයට දිය හැකි උතුම්ම දෙය වන ආදරය මම ඇයට දෙනවා. ඔවුන් තුරුලු කරගෙන "මම ඔයාට ආදරෙයි" මා කියන විට, තමා වැඩකට නැති පහත් අපිරිසුදු සතකු බවට නිරන්තරව අසා ඇති ඔවුන්ගේ මනස සුවපත් වීමේ පළමු දුෂ්කර පියවරට අවතීර්ණ වෙනවා. "මා දැන් ආරක්ෂා සහිතයි. තවදුරටත් කටුක වේදනා විඳීමට සිදුවන්නේ නැහැ" යන හැඟීම ඔවුන්ට ඇතිවෙනවා. ඔවුන් ඉතා බුද්ධිමත් දැරියන්. ඔවුන් පුනරුත්ථාපනය කොට තම ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් සටන් කිරීමට පෙලඹවීම, ඒ බලාපොරොත්තු දැල්වීම ඔවුන්ගේ සුබ සාධනය අවංකව කරන අයගේ වගකීම" වසර ගණනාවක් ගණිකා නිවාසයක සිරවී සිට අත්දැකීම් ඇති සෝමාලි මෑම් පැවැසුවාය.

කාම්බෝජියාවේ මන්දුල්කිරි ප්‍රාන්තයේ දුගී පවුලක උපත ලද සෝමාලි අනාථ දැරියකි. ඇගේ නෑදෑයන් ඇයව ඇගේ සීයා යැයි හඳුන්වා දුන් මහලු මිනිසකුට ඇයව රැගෙන යෑමට දුන්නෝය. ඔහුගේ ඉවුම් පිහුම් බැල මෙහෙවර කරමින් සිටි ඇයව ඔහු විසින් වයස අවු. ‍ෙදාළහේදී පමණ ර්ථීඩදධථ ර්ථීඥදඩ නගරයේ ගණිකා නිවෙසකට විකුණා දැමුවේය. කුඩා දැරිය පිරිමින් සමඟ සිටීම ප්‍රතික්ෂේප කොට හඬාවැටෙන විට ඔවුන් කළේ අඳුරු කාමරයක ඇයව සිර කොට සර්පයන් කූඩයක් ඇය මත හැලීමය. දැරියන්ට පහරදීම, පිච්චීම ආදී දරුණු වධ හිංසා දෙමින්, ආහාර පවා නොදී දින කිහිපයක් සිරකර තබා මෙල්ල කිරීම සිරිත විය. යහන් මත බැඳ දමා බලයෙන් ලිංගික කටයුතුවල යොදවන දැරියන්ට අවසානයේ යටත් වන්නට සිදුවේ. ඔවුන්ට අවනත නොවූ දාසය හැවිරිදි ඇගේ යෙහෙළියකට ඇගේ ඇස් ඉදිරිපිටම හිසට වෙඩි තැබිණි. මිය යමින් සිටි ඇගේ දෑස දකිමින්, කම්පාවට පත්වූ සෝමාලි තමාටම ප්‍රතිඥා දුන්නේ යම් දිනයක මෙයින් පැනගොස් මේ දුක් විඳින දැරියන් ගලවා ගන්නා බවටය.

ඉල්ලුම ඇත්තේ කුඩා දැරියන්ටය. විසි වයස් පමණ වීම එම රැකියාවට ඉල්ලුම අඩුවන බැවින් ගණිකා නිවාස කරගෙන යන අයගෙන් ඔවුන්ට යම් නිදහසක් ලැබේ. 1993 දී ඇගේ වාසනාවකට ඇයට ර්ථීඪඥපපඥ ඹ්ඥඨපධඵ නම් ප්‍රංශ ජාතික සමාජ සේවකයකු හමුවිය. ඔහු හා විවාහ වීමෙන් පසු ඇය "ජ්ධප එධථඥද ඪද ච්ඪඵබපඥඵඵඪදඨ ඉඪබභචබඪධදඵ" (දුෂ්කරතාවන්ට පත් කාන්තාවන් වෙනුවෙන්) නම් තමාගේම සංවිධානයක් පිහිටුවා ගත්තාය. දැරියන් දෙතුන් දෙනකුට තම නිවෙසේම රැකවරණය සපයමින් ආරම්භ වූ එයට ක්‍රමයෙන් බොහෝ දැරියන් මුදා ගත හැකි වූ අතර ලොව පුරා සුබ සාධන ආයතන, ආගමික ආයතනවලින් නොමසුරු මුදල් ආධාර ගලා ආවේය. මේ නිසා සෝමාලි මම්ට ඉහළ කීර්තියක් අත් විය. ඇයද හොලිවුඩ් නිළියක තරම් ජනප්‍රියත්වයට පත්විය. ඉධථචතර ර්චථ ජ්ධභදඤචබඪධද නමින් පදනමක් ඇමෙරිකාවේද පිහිටුවා ගත් ඇය අති විශාල ආධාර ප්‍රමාණයක් සුබ සාධක කටයුතුවලට යොදවා ඇත.

ලෝකයේ රටවල් සියල්ල ගත් විට, කුඩා දරුවන් ලිංගික අපහරණයට යොදා ගැනීම ආයුධ හා මත්ද්‍රව්‍ය වෙළෙ¼දාම ළගට වැඩිම ආදායම් ලබන ව්‍යාපාරයක් බවට ලොව පුරා පත්ව ඇත. වහල් සේවය නැති කළ බවට උදම් ඇනුවද "නවීන වහල් සේවය" නම් මෙය වේ. විවිධ යුදමය තත්ත්වයන් නිසා සරණාගතයන් ලෙස වෙනත් රටවලට සංක්‍රමණය වන ජනතාවගේ දරුවන්ද, නිවාස රහිත දරුවන්ද, නිවෙසින් පැන යන දරුවන්ද වැඩි ප්‍රතිශතයකින් අපයෝජනයට ලක්වේ.

කාම්බෝජියාවේ අධික දුගී බව නිසා මවුපියන් තම දරුවන් විකුණා දමයි. විවිධ රැකියාවන් සඳහා පවසමින් ගෙන යන ඔවුන් අවසානයේ නතර වන්නේ මහා පරිමාණ ගණිකා නිවාසවලය. ඇය 1996 සිට 2014 දක්වා ගලවා ගත් දැරියන් සංඛ්‍යාව 5000කට වැඩිය. ඔවුන් අතර මේ වනවිට වෛද්‍යවරියන්, නීති වේදිනියන් මෙන්ම වෙනත් විවිධ රැකියාවන් හා ස්වයං රැකියාවල යෙදෙන අයද වෙති. සාර්ථක යුග දිවි ගෙවන කාන්තාවෝද වෙති.
"මෙවැනි අත්දැකීම්වල ප්‍රතිඵලය ඔවුන් සමාජය වෙත මිනිසුන් වෙත වෛරයක් ඇති කර ගැනීමයි. ඔවුන් ගතින් නිදහස් වුවද ඒ වෛරී හැඟීම් ඔවුන්ට පීඩාවක්. මම හැම විටම ඔවුන් තුළ ඇති ඒ වෛරී සහගත පළිගැනීමේ චේතනාවන්, සමාජ විරෝධී අදහස් තුනී වන ලෙස කටයුතු කරනවා. ඔවුන්ගේ චිත්ත සන්තානයන් මිනිසුන් කෙරේ, සමාජය කෙරේ ආදරයෙන් පුරවනවා. ගතින් පමණක් නිදහස් වී පලක් නැහැ. ඔවුන් සැබෑ නිදහස ලබාගන්නේ මනසින්ද නිදහස් බවට පත් වූ පසුවයි" සෝමාලි මෑම් පවසන්නීය.

ඊඩඥ අධචඤ ධට ඹ්ධඵබ ධ්දදධජඥදජඥ (මැකී ගිය අහිංසකත්වය සොයා) යනුවෙන් ඇය ලියූ පොතේ ඇගේ පෞද්ගලික විස්තර නිවැරැදි නොවන බව කියමින් 2014දී බටහිර ලෝකයෙන් ඇයට එරෙහිව විශාල ආන්දෝලනයක් ඇති වුවද, ඇය අභියෝග හමුවේ නොසැලී තම කාර්යයන් කරගෙන යන්නීය.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon