දැනෙන්නෙ නෑ - පෙනෙන්නෙ නෑ ඒත් කරන වැඩ පුදුමයි

  👤  2981 readers have read this article !
2018-09-09

"ඇක්ටිනොමයිසේම්ස්" යනු ඇකටියෝ බැක්ටීරියා වංශයට අයත් අමුතු බැක්ටීරියාවක්්. එය අපට නොදැනී කරන හරිය බලවත්. විශේෂ වන්නේ දෘඪ සෛල බිත්ති සහිතව නිතරම අතු බෙදී ගිය සූතිකා සහිත දිලීර විදියට ගණාවාස බිහි කිරීමයි. ඇතැම් ඒවා ශාකවල හා සතුන්ගේ දේහයන් ඇතුළේ රෝගී තත්ත්වයන් ඇති කරනවා. විශේෂයෙන් මයිකේ‍රාබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් (ථරජධඡචජබඥපඪභථ බභඡඥපජභතධඵඪඵ) බැක්ටීරියා ක්ෂය රෝගය ඇති කරනවා.

මයිකේ‍රාබැක්ටීරියම් ලෙප්රේ (ථරජධඡචජබඥපඪභථ තඥනපචඥ) ලාදුරු ඇති කරනවා. අනික් බැක්ටීරියා එතරම් හානි නැති පරපෝෂිතයන්. ඒ වුණත් ඒවා ජඨරාන්ත්‍රයෙහි ජීවත් වෙනවා. අපට දැනෙන්නෙ නෑ. තියෙන බව දන්නෙත් නෑ.

පසෙහි දකින්නට තියෙන සමහර බැක්ටීරියා වර්ග කාබනික ද්‍රව්‍යවල දිරා පත්වීමට උදවු කරනවා. ඇතැම් බැක්ටීරියා වර්ග ඇක්ටිනොමයිසේට්ස් (නිදසුන් - ඵබපඥ නබධථරජඥඵ) වැනි වටිනා නිෂ්පාදනයන්ටත් දායක වන බව ඔබ නොදන්නවත් ඇති. කෙසේ වෙතත් වෛද්‍ය විද්‍යාව හදාරන අයට නම් මෙහි ඇති සක්‍රිය බව ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. ඒත් විද්‍යාව විෂයක් හැටියට කරන දරුවන්ට ඒජබඪදධථරජඥබඥඵ ටයිප් කර අන්තර්ජාලයේ වැඩිදුර තොරතුරු සොයාගෙන කියවා ගන්න එක වැදගත්.

විජිත කේ. පතිරණ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon