ගී්‍රක සාහිත්‍යයේ රන් - මිණි - මුතු තැන්පත් කළ සුවිශේෂ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය

  👤  2660 readers have read this article !
2018-09-09

 

පුරාණයේ ශේ‍ර්ෂ්ඨතම පුස්තකාල තිබූ බව ඔබ අසා තිබෙන්නට පුළුවනි. එහෙත් ඉතාමත් දියුණු තත්ත්වයෙන් තිබුණු පුස්තකාල ඇත්තේ අතළොස්සකි. ඉහත, 'ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය' සුවිශේෂය. (ඹ්ඪඡපචපර ධට ඒතඥයචදඤපඪච)

එය ඉතාමත් දියුණුව තිබුණු කාලයේ එහි තිබූ අයිතම 700,000කට වඩා තැන්පත් කර තිබුණු බව සඳහන් වේ. ඊට සම්පූර්ණ පුස්තකාලයක්, කෞතුකාගාරයක් හා පාසලක්ද අයත් වීම සුවිශේෂිතාව වැඩි කළේය.

මෙය පිහිටුවන ලද්දේ ක්‍රි.පූ. 3 වැනි සියවසේදී පළමුවන ටොලමි හා ඔහුගේ පුත් වන දෙවන ටොලමි යන රාජ්‍ය පාලකයන් දෙදෙනා විසිනි. පසු කාලයේ මෙහි බොහෝ කොටස් ගිනිගෙන විනාශ වූ අතර ඉන් වඩාත් කැපී පෙනෙන ගින්න ඇති වී ඇත්තේ ක්‍රි.පූර්ව 97දීය. ඉන්පසු ක්‍රි.වර්ෂ 696දී අරාබින් විසින් එය ඉතාමත් සාහසික අන්දමින් විනාශ කරනු ලැබීය.

මේ වන විට අප පරිශීලනය කරන ගී්‍රක සම්භාව්‍ය සාහිත්‍ය අතරින් වැඩි ප්‍රමාණයක් අනාගත පරපුර උදෙසා පිටපත් කර තබා ඇත්තේ මෙම පුස්තකාලයේ සේවය කළ පඬුවන් විසින් බවත් පැවැසේ. එබැවින් ගී්‍රක ඉතිහාසය ගැන උනන්දුවක් ඇති අය වෙත්නම් මේ පිළිබ¼දව වැඩිපුර විස්තර සොයාගෙන කියැවීම වටී.

විජිතගේ කේ. පතිරණ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon