අපි දෙන්නා එක්වීලා සහයෝගෙන් වැඩේ දෙන්නේ
මේ ඉන්නේ මෙරට දේශපාලනයේ යුගයක් නියෝජනය කළ දැවැන්ත පුරුෂයන් දෙදෙනෙකි. එක් අයෙක් ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක වන අතර අනෙක් තැනැත්තා ජූනියස් රිචට් ජයවර්ධනය. ඩඩ්ලි මීරිගම බෝතලේ වලව්වෙන් දේශපාලනයට පැමිණි අතර ජේ.ආර්. දේශපාලනයට ආවේ කොළඹ 07 වෛජයන්ති ප්‍රාසාදයෙනි. ඩඩ්ලිගේ පියා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක වන අතර ජේ.ආර්.ගේ පියා ඉයුජින් විල්ෆ්රඩ් ජයවර්ධන නම් ප්‍රකට විනිසුරුවරයාය.
ඩඩ්ලි බි්රතාන්යයේ කේම්බි්රජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර ජේ.ආර්. රාජකීය විද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. දෙදෙනාගෙන් වැඩි මහලු තැනැත්තා ජේ.ආර්ය. ඔහු උපන්නේ 1906 සැප්තැම්බර් 17 දිනය. ඩඩ්ලි උපන්නේ 1911 ජුනි 19 වැනි දිනය. එහෙත් මේ දෙදෙනාගෙන් බාලයා වූ ඩඩ්ලි ජේ.ආර්.ට පෙර අගමැති කඩුල්ල පැන ගත්තේය. එයට හේතු වූයේ ඩඩ්ලි සේනානායකගේ පියා ඩී.එස්.ගේ හදිසි අභාවයෙන් පසු රාජකීය ඔටුන්න ඩඩ්ලිගේ ඔළුවට පහත්වීමය. ජේ.ආර්. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි පැරැන්නා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සිටි ජේයෂ්ඨතම ඇමැතිවරයා වුවද අගමැති පුටුව ඔහුට අහිමි විය. 1952 ඩී.එස්.ගේ හදිසි අභාවයෙන් පසු ඔහුගේ අන්තිම කැමැත්ත යැයි පවසමින් අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමි අගමැති ධුරය ඩඩ්ලිට පැවැරුවේය.
මේ ප්‍රශ්නයෙන් එජාපයේ ප්‍රබලයන් වූ තිදෙනෙකු හෙල්ලුම් කෑවේය. ඔවුන් නම් ආණ්ඩුවේ සභානායක එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, රජයේ වැඩ ඇමැති සර් ජෝන් කොතලාවල සහ මුදල් ඇමැති ජේ.ආර්. ජයවර්ධනය. තවදුරටත් බලා සිටීමේ තේරුමක් නැති බව වටහා ගත් බණ්ඩාරනායක ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත්තේය. සර් ජෝන් ඔරොප්පුවී එංගලන්තයට ගියේය. ජේ.ආර්. සිදුවන්නේ කුමක්දැයි ඉවසිල්ලෙන් බලා සිටියේය. දවසක් දෙකක් නොව අවුරුදු 25ක්ම බලා සිටියේය. ඒ කාලය තුළ තවත් අවස්ථා හතරකදී ඩඩ්ලි අගමැති පුටුවේ වාඩි විය.
ඡායාරූපයේ හැටියට නම් පෙනෙන්නේ දෙදෙනා සහයෝගයෙන් වැඩේ දෙන්නට හැටට හැටේ යන බවය. නමුත් ජේ.ආර්.ගේ සිනාවත ඩඩ්ලිගේ මුහුණේ නොපෙනේ. ජේ.ආර්. ජයවර්ධන - ඩඩ්ලි සේනානායක දෙදෙනා එකට සිටියත් දෙදෙනා අතර නොහොඳ නෝක්කාඩු දිගටම තිබිණි. එය අළු යට ගිනි මෙන් කිසි විට එළියට නොආවේය.
දේශපාලන විචාරකයන් එය හැඳින්වූයේ ජේ.ආර්. - ඩඩ්ලි සීතල යුද්ධය වශයෙනි.
කෙතරම් අමනාපකම් මැද නමුත් ජේ.ආර්. හැම විටම ආණ්ඩුව ගෙන යෑමට අගමැති ඩඩ්ලිට උපරිම සහාය පළ කළේය. වර්තමාන දේශපාලනයේ පවතින ඇන කොටා කා ගැනීම් එදා තිබුණේ නැත.
තිබුණේ නම් ඒ අදට වඩා බෙහෙවින් මටසිලිටි ආකාරයටය. ආණ්ඩුවට විරෝධය පළ කර ලන්ඩන් ගිය කොතලාවල නැවත පැමිණ ඩඩ්ලිගේ ආණ්ඩුවේ ඇමැතිකමක් ගත්තේය. ජේ.ආර්. ශ්‍රී ල.නි.පයට ඔන්න යනවා මෙන්න යනවා යැයි පත්තරවල කාටූන් ඇන්දත් ජේ.ආර්. එජාපය හැර ගියේ නැත.
තම මතය හෙළිවන අයුරු මාධ්‍යයට කට ඇරියේ නැත. ජේ.ආර්. එජාප නායකත්වයට පත්වූයේ 1973 අප්‍රේල් 13 වැනිදා සිදුවූ ඩඩ්ලිගේ අභාවයෙන් පසුවය. ඩඩ්ලි මිය යන තෙක්ම විපක්ෂ නායක ධුරයේ කටයුතු කළේය. මේ දෙදෙනා අතර කල්‍යාණ මිත්‍රකමක් නොවේ නම් අඹයාළු කමක් තිබුණා යැයි කිසිවකු කියන්නේ නැත. ඩඩ්ලි සේනානායකගේ අභාවය පිළිබඳ ජේ.ආර්. ජයවර්ධන සතුටට පත්වී යැයි සඳහන් කිරීම සාහසිකය. නමුත් අවමඟුල් උළෙල දා ජේ.ආර්. කළ කතාව ශෝකය පළ කිරීමක් නොවීය. ජයවර්ධන මහතා එම කතාව අවසන් කළේ 'කුමරුනි, ඔබට සුබ රාත්‍රියක්' යනුවෙන් ප්‍රකාශ කරමිනි.
උදේනි සමන් කුමාර
විනෝදාත්මක
අද මව්බිමෙන්
- කපුකාර සාමි මතුරලා දුන් තැඹිලි ගෙඩි පහක් බිව්ව රෝගියා මරුට 🕔2019-02-21
- ගේට්වේ එඩියුකේෂනල් ආයතනයේ හිටපු සම්බන්ධීකරණ නිලධාරිනියට අත්හිටුවූ සිරදඬුවම් හා දඩ 🕔2019-02-21
- ලේඛන පොතේ සඳහන් සෑම සටහනකට පසු අධ්යක්ෂවරයා සහතික කරනවා 🕔2019-02-21
- තල්ගස්පේ මනානදී දරුණු ලෙස පහරදී පුද්ගලයකු ඝාතනය කරයි 🕔2019-02-21
- ගුණධර්ම යටපත්වීම නිසා දරුවන් රැකගැනීම අභියෝගයක් වෙලා 🕔2019-02-21
- සමහරුන් කියන්නේ විජයබා කොල්ලයේ වගේ අපි රට කෑලිවලට කඩන බවයි 🕔2019-02-21
- රන්ජන්ගේ චෝදනාව ගැන පරීක්ෂණයක් කිරීමට කුඩ්ඩන් නොවන ඇමැතිවරුන් බලපෑම් කළ යුතුයි 🕔2019-02-21
- ඡන්ද දිනන්න පොදුජන පෙරමුණට හවුල් අවශ්‍ය නෑ 🕔2019-02-21
- රනිල්-මෛත්‍රි දේශපාලන දීගය කඩන්න අපි ඉඩ දෙන්නේ නෑ 🕔2019-02-21
- සම්බන්ධීකරණ කමිටුවල සම සභාපති ක්‍රමය අහෝසියි 🕔2019-02-21
- කාර්යාල දුම්රියවල කාන්තාවන්ට වෙනම මැදිරි 🕔2019-02-21
- මැල් මැඳුර ආයතනයෙන් අසාමාන්‍ය ඇබ්බැහිවීම්වලට පුරුදු වූවන් සඳහා නව චිකිත්සක ක්‍රමවේදයක් 🕔2019-02-21
- රාජ්‍ය සේවකයා හරියට වැඩ කරනවා නම් මේ රට හොඳ රටක් කරන්න පුළුවන් 🕔2019-02-21
- මන්නාරම් සමූහ මිනී වළේ ඇමෙරිකානු කාබන් වාර්තාව මන්නාරම් අධිකරණයට භාර දෙයි 🕔2019-02-21
- වවුනියාව ඩිපෝවේ සංකේත වර්ජනයක් 🕔2019-02-21
- මොනරාගල මුප්පනේ රජමහ විහාරයට අයත් ඉපැරැණි විහාර මන්දිරයේ චිත්රවලට කිසියම් පිරිසක් හානි කරලා 🕔2019-02-21
- යාපනයේ මාධ්‍යවේදියකුට පහරදුන්නැයි කෝපායි වැඩ බලන පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට 🕔2019-02-21
- මිරිදිය මසුන් සඳහා පාලන මිලක් 🕔2019-02-21
- මාර්තු 16දා සිට ඉඩම් ඔප්පු දෙන්න එක්දින කඩිනම් සේවාවක් ඇරැඹේ 🕔2019-02-21
- දුලබ අක්මා රෝගයකින් පුතු ගලවාගන්නට සේසතම අහිමි කරගත් අසරණ පවුලක් 🕔2019-02-21
- ජලභීතිකා රෝග මර්දන වැඩසටහනට අදාළව පශු වෛද්‍ය නිලධාරීන්ගේ විරෝධය ගැන ඇමැති තීරණය වෙන් නොකළහෝත් 26දා සිට වෘත්තීය ක්‍රියාමාර්ග වලට 🕔2019-02-21
- තනතුරු දෙකකට වසර හතරක සිට බඳවා ගැනීම් ඇනහිටලා 🕔2019-02-21
- රන්ජන් කිව්වේ ඇත්තක්ද ? බොරුවක්ද? කොකේන් කතාව මැතිසබේ රැව්දේ 🕔2019-02-21
- බාලිකා ශූරතාව - පොළොන්නරුවට : බාලක ශූරතාව - කළුතරට 🕔2019-02-21
- ක්‍රිකට් ක්‍රීඩකයන්ට සල්ලි හම්බ කරන්න මින් පසු රට යන්න ඉඩ තියන්නේ නැහැ - ක්‍රීඩා ඇමැති 🕔2019-02-21
- මොහාන්ට සභාපති තනතුරට වැට බැඳේ: ලේකම් තනතුරට ඉල්ලන්න ඉඩ ලැබේ 🕔2019-02-21
- මෙන්ඩිස්ගේ ආබාධය සුව අතට 🕔2019-02-21
- සටන්කාමී පක්ෂයට සහාය දෙන්න ඩයස්පෝරාවේ 4ක් උතුරට 🕔2019-02-21
- දකුණු පළාත් විශේෂ විමර්ශන OIC ඇතුළු තිදෙනාගෙන් CID ප්‍රශ්න කෙරේ 🕔2019-02-21
- ඡන්දෙ ගැන තීරණයක් ගන්න පක්ෂ නායකයෝ ජනපති හමුවට 🕔2019-02-21
- ශ්‍රී ලංකාවේ සිට යළිත් දකුණු ඉන්දියාවට කෝච්චියක් 🕔2019-02-21
- පළමු වසරට අයැදුම්පත් එකක්වත් නැති පාසල් 350ක් 🕔2019-02-21
- කරුංකා ජාවාරම පිටුපස කැබිනට් ඇමැති දෙපළකගේ සහෝදරයෝ 2ක්: හිටපු ඇමැති පුතෙක් 🕔2019-02-21
- කොකේන් ගන්න මන්ත්‍රිවරුන් ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් 🕔2019-02-21
- නීතිඥ සංගමයේ නව සභාපති කාලිංග ඉන්දතිස්ස 🕔2019-02-21
- දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනපතිගෙන් ජාතික අරමුදලක් 🕔2019-02-21
- කොකේන් ගන්න 24 දෙනාගේ නාමලේඛනය කථානායකට දුන්නා 🕔2019-02-21
- එහෙම නාමලේඛනයක් මට ලැබුණේ නෑ 🕔2019-02-21
- කතුන් 45,000කගේ මිලියන 1400ක ක්ෂුද්‍ර ණය කපා හරිනවා 🕔2019-02-21
- ගම්මන්පිලගේ යෝජනාව පලදරයි: ව්‍යවස්ථා සභාව ගැන විවාදය අද 🕔2019-02-21
- ප්‍රතිඅපනයන ජාවාරමෙන් සුළු අපනයන බෝග කර්මාන්තය බිඳවැටේවි 🕔2019-02-21
- 'රන්ජන් මෙතන හිටියානම් හොම්බට දෙකක් ගහනවා' 🕔2019-02-21
- ඡන්දය ගැන තීරණයක් ගන්න අපි නඩු මඟට යනවා 🕔2019-02-21
- නීත්‍යනුකූල සැමියාගේ මන්නා පිහි පහරින් අනියම් සැමියා මරුට 🕔2019-02-21
- කොකේන් ගන්නා මැති ඇමැතිවරුන් හිටියොත් පක්ෂයෙන් නෙරපනවා - කබීර් හෂීම් 🕔2019-02-21
- මිහින්තලේ පුදබිමේ දා ගැබක් මත නැඟී ඡායාරූප ගත් සිසුන්ට ඇප නෑ 🕔2019-02-21
- රණවිරු දඩයම වළක්වන්න 🕔2019-02-21
- යෝජිත දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය පිහිටුවන්නේ උසාවි සංකීර්ණයේමයි 🕔2019-02-21
- අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත වූ උළෙලක් රවි මුල්වී කල් දමයි 🕔2019-02-21
- කිරිවෙහෙර පුදබිමේ විදුලි අඩුපාඩු මසක් ඇතුළත නිම කරනවා 🕔2019-02-21