අනාගතය හෙළිකරන මොකක්ද මේ ඇපොකැලිප්ස්

  👤  2990 readers have read this article !
2018-10-07

ඇපොකැලිප්ස් (Apocalypse) යනු ගී්‍රක වදනක් බිඳී ආවකි.

එහි අරුත 'අනාගත හෙළිදරව්ව'ය. මෙයින් අදහස් කරන්නේ යුදෙව් බයිබලයෙන් පසු ක්‍රිස්තියානි මුල් යුගයේ ලියැවුණු ලේඛන විශේෂයකි. සංකේතාත්මකව භාෂාවකින් ලියැවුණු මේවායින් හෙළිදරව් කෙරෙන්නේ ලෝකය අවසානයෙන් පසුව පවත්නා යුගය අවසන් කොට ස්වර්ගයෙහි වෙනම රාජධානියක් ඇති බවය.

මෙය එළැඹෙන නව යුගය ගැන මෙන්ම ස්වර්ගය, අවකාශ වස්තු පිළිබඳ දිව්‍යමය හෙළිදරව් කිරීමකි. මෙවැනි ගුප්ත හෙළිදරව් කිරීම් කිහිපයක්ම තිබේ. නව තෙස්තමේන්තුවේ එන ශා. ජෝන් තුමාගේ හෙළිදරව්ව ඒ අතරින් එකකි. බයිබලයට කළින්ම අයත් නොවන ලේඛනවලටද මේ නාමය භාවිතා කෙරේ.

'බුක් ඔෆ් ඉනොක්' (Book of Enoch) පැරැණි තෙස්තමේන්තුවේ 'ඉසායා' (Isaiah)) ඉස්කීල් (Ezekil) හා ඩැනියෙල් (Daniel) වැනි කොටස්ද මේ නමින් හැඳින්වේ. පලස්තීනයේ යුදෙව් හා ක්‍රිස්තියානි ඇපොකැලිප්ස් ලේඛන ක්‍රි.පූ. 200ත් අතර ක්‍රි.ව. 150ත් අතර බිහි වූ ඒවා සේ පිළිගැනේ.


විජිත කේ. පතිරණ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon