මහායානයේ පළමු ආදි-බුද්ධ ගැන අමුතු කතාවක්

  👤  2870 readers have read this article !
2018-10-07

පළමුව ලොව පහළ වූ පුරුෂයාත් සකල ලෝක නිර්මාතෘවරයාත් වූයේ 'ආදි - බුද්ධ' බවට එක් මහායාන බෞද්ධ මතයකින් දැක්වෙයි.

පංචමහා භූතයන් පවා පහළ වී නොතිබුණු අෑත අතීතයේදී මහා ශූන්‍යතාව ලොව පුරා පැතිර තිබියදී 'ඕං' යන මාත්‍රාවෙන් පද්මයකින් නැඟුණු ගිනි සිළුවක ස්වරූපයෙන් 'ආදි - බුද්ධ' ලොව පහළ වූ බව සඳහන්ය.

උන්වහන්සේ සියලු සක්වළ මවා ධ්‍යානී බුදුවරයන්ද පහළ කළ බවද දක්වා ඇත. අට වැනි සියවසේදී ඉන්දියාව කෙරෙහි එල්ල වූ මුස්ලිම් බලපෑම හා හින්දු විශ්වාසවල එන ලෝකය මැවූ මහා බ්‍රහ්මයා පිළිබඳ සංකල්පයේ බලපෑම නිසාවෙන් මේ 'ආදි - බුද්ධ' සංකල්පය බිහිවෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

එහෙත් මේ මතය පිළිනොගන්නා ඇතැම් මහායාන බෞද්ධයන් විශ්වාස කරන්නේ 'වෛරෝවන' බුදුන් ආදි - බුද්ධ හැටියටය. නැති නම්, 'වජ්‍රපාණි' හෝ ' මංජුශ්‍රී ' හෝ බුදුවරයන් අතරින කෙනකු ආදි - බුද්ධ හැටියටය.

ඒ මතයට අනුව ආදි - බුද්ධ වැඩ වසන්නේ දහතුනක් වූ භූවන අතුරින් ඉහළම වූ භූවනෙහිය.

සුලක්ඛන ජයවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon