පිටින් ඇවිත් රංචු ගැසී තැනින් තැනට සරන්නේ

  👤  2742 readers have read this article !
2018-10-07

ඉංග්‍රීසීයෙන් ඒමධජඥබ නමින් හඳුන්වන දුර්ලභ කුරුල්ලෙකි අවසැතා. වෙනත් රටවල සිට හොර රහසේම පියාඹා මෙහි පැමිණෙන්නෙකි. තවත් විදියකින් කියතොත් උෟ නිහැරියෙකි.

සුදු පැහැති පිල් කලඹේ පැහැදිලි ලෙසම කළු රටාවක් පිහිටා ඇත. පියාසර කරද්දී මෙය හොඳින් දැක ගත හැකිය. උගේ හිස්මුදුන හා ගෙල පෙදෙස කළු පැහැතිය.

පහතරට වියළි කලාපයේ මඩ වගුරු, ලේවායවල, කළපු හා කුඹුරු ආශ්‍රිතව ගැවසෙයි. තනිවම නොවේ. කුඩා රංචු වශයෙන් තැන තැන සැරිසරන්නට කැමැතිය. ඔබ හොඳින් බැලුවොත් මේ සතුන් බොහෝ විට දියේ පාවෙමින් එහා මෙහා දකින්නටද පුළුවන. ගැඹුරු දියට වේගයෙන් ගොස් ආහාර ලබා ගන්නටද හපනෙකි.

කුරුල්ලන් ගැන තොරතුරු කියවන්නට ආසා කරන අයට මේ කුරුල්ලා ගැන වැඩි යමක් දැන ගන්නට ඕනෑ නම් ඒමධජඥබ නමින් ටයිප් කර අන්තර්ජාලයෙන් තොරතුරු හා රූප සොයා දැක ගත හැකිය.

විජිත කේ. පතිරණ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon