ගිනි අවිය බිම තබන්න. පෑන අතට ගන්න

  👤  2845 readers have read this article !
2018-11-04

ඔබ සෝමාලියාවේ වීදිවල ඇවිද ගියහොත් අදටත් 'ගිනි අවිය බිම තබන්න. පෑන අතට ගන්න' යන මෙම වැකිය බිත්තිවල ලියා තියෙනු දැක ගත හැකිය. සෝමාලි ජනතාවගේ හදවත් පුරා රැව් දෙන ඒ ඇරයුම කාගේද?

ඒ සෝමාලියාවේ 'සාමයේ පියා' ලෙස හඳුන්වන එල්මන් අලි අහමඩ් සටන්කාමී තරුණයන්ගෙන් කළ ආයාචනයයි. ඉතාලියේ අධ්‍යාපනය ලබා ඉන්ජිනේරුවරයකු වූ ඔහු සෝමාලියාවට පැමිණ ව්‍යාපාර ආරම්භ කළේය.

ඒ ව්‍යාපාරවල රැකියා ලැබුණේ ඔහු විසින්ම උගන්වා පුහුණු කළ වීදි දරුවන්ටය. ඔහු දුප්පත් තරුණ පරපුරේ ගැලවුම්කාරයකු විය. ඔහු වටා තරුණ පිරිස් එකතු වූහ. විවිධ ත්‍රස්තවාදී ක්‍රියාවන්වලට යොමු වුණු තරුණයන් දහස් ගණනින් අවි බිම තබා ඔහු හා එක් වී සාම මාවතට එක් වූහ. ඔහු නිසා ගෝත්‍රික වශයෙන් බොහෝ බෙදීම් තිබූ සමාජයක එකිනෙකා අතර මිත්‍රත්වය ගොඩනැඟිණි. එය නොඉවසූවන් 1996 මාර්තු 6 දින ම්ලේච්ඡ ලෙස එල්මන් අලි අහමඩ් ඝාතනය කළෝය. ඔහුව ඝාතනයට වසර දෙකකට කලින් දකුණු අප්‍රිකානු මාධ්‍යවේදියෙක් ඔහු ගැන පොතක් ලියා තිබිණි. එහි මාතෘකාව වූයේ ඊඩඥ ර්ණීදතර ථචද ඹඩධ ඹධද'බ ඨඥබ ඵඩධබ ඪද ඉධථචතඪච (සෝමාලියාවේදී වෙඩි පහරකට ලක් නොවන මිනිසා) ඔවුන්ගේ විශ්වාසය තිබුණේ එසේය.

ඔහුගෙන් හිස් වූ තැන ගැනීමට වසර 18කට පසු නොබියව ඉදිරිපත් වූයේ ඔහුගේ දියණියයි. ඇය ඉල්වුඩ් එල්මන්ය. පවුලේ තෙවැනි දියණිය ලෙස සෝමාලියාවේ අග නගරය වූ මොගාඩිෂුහි දී 1995දී ඇය උපත ලැබුවාය. තම පියා කුරිරු ලෙස ඝාතනය වනවිට ඇය යන්තම් අවුරුද්දක් වයසැති සිඟිත්තියකි. දිවි රැක ගැනීමට ඔවුන් කැනඩාවට පිටත් කර යැවිණි. සමාජ ක්‍රියාකාරිනියක වූ ඇගේ මව පාචූන් ආදන් තම සැමියාගේ අදහස් දිගටම ක්‍රියාත්මක කරමින් සෝමාලියාවේම නතර වූවාය.

මේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වුණු ඉල්වුඩ් එල්මන් පැවැසූ කතාවයි.

'කාන්තාවකට ජීවත් වීමට නුසුදුසුම රටවල් පහ අතරට සෝමාලියාව එක් කර තිබුණත් එය මගේ මවුබිම නොවේද? මගේ රටේ මෙතරම් ගැටලු සමුදායක් තිබියදී කැනඩාවට වී සුඛෝපභෝගී ජීවිතයක් ගෙවීමට මට හැකිද? පියාගේ අකල්හි විනාශ වූ ජීවිතයට, සාධාරණයක් ඉටු කළ යුතු නොවේද? මගේ මව දැඩි අන්තරායකාරී වාතාවරණයක මරණය පෙනි පෙනී හිඳිමින් කරගෙන යන සමාජ සේවයට මමත් දායක විය යුතු නොවේද? මේ හැඟීම් විසින් වයස අවුරුදු 19 වනවිට නැවත මා සෝමාලියාවට කැඳවූවා. ඒ වනවිට මම සෝමාලියානු භාෂාව පවා දැන සිටියේ නෑ. මරණය බිහිසුණු ඛේදවාචක සාමාන්‍යකරණීය වී තිබුණා. මගේ මිතුරියක මරණට පත් වූ විට හඬා වැටුණු මම පසුව මරණය හමුවේ නොහඬා ඉන්නට තරම් දැඩි මානසිකත්වයකට හුරු වුණා. මරාගෙන මැරෙන ත්‍රස්ත ක්‍රියා, බිම් බෝම්බ කොතැනින් මතු වේදැයි නොදැන අවුල් සහගත තත්ත්වයක ජනතාව ජීවත් වූයේ.'

සෝමාලියා සමූහාණ්ඩුව අප්‍රිකා මහද්වීපයේ පිහිටි රටකි. එය නිරිත දිගින් කෙන්යාවටත්, උතුරින් ඒඩ්න් බොක්කටත්, නැඟෙනහිරින් ඉන්දියානු සාගරයටත් බටහිරින් ඉතියෝපියාවටත් මායිම්ව ඇත. භූගෝලීය පිහිටීම අනුව මෙය ලෝකයේ මූලික ව්‍යාපාර මධ්‍යස්ථානයක් වූ අතර අතීතයේ නාවිකයන් හා වෙළෙඳුන්ගේ රාජධානියක්ව පැවතිණි. එහෙත් ආර්ථික අතින් පහත්ම තත්ත්වයකට වැටී ඇති රටකි.

සෝමාලියාව ජනතාවගෙන් 75%ක් වයස තිහට අඩුය. මෙහි ආගම මුස්ලිම්ය. ඉතාලියට සහ බි්‍රතාන්‍යයට අයත්ව තිබූ සෝමාලියාව 1960දී නිදහස ලබා 'සෝමාලියානු ජනරජය' බවට පත්විය. එහෙත් එහි පාලකයා බවට පත් වූ ඉඪචඤ ඕචපපඥගේ ඒකාධිපති පාලනය නොඉවසූ කණ්ඩායම් අතරින් 1969දී ලේ වැගිරීම් සහිත දරුණු සිවිල් යුද්ධයක් පැනනැඟිණි. විවිධ ගෝත්‍රවලට අයත් ගරිල්ලා සටන්කාමීන් රට බෙදාගෙන පාලන ප්‍රදේශ ඇති කරගත් බැවින් නිරන්තර යුදමය තත්ත්වයක් පවතින රටක් බවට සෝමාලියාව පත්ව තිබේ. ඒත-ශ්‍රී චඥඤච සංවිධානයේ ත්‍රස්තවාදීන්ද මෙහි ක්‍රියාත්මක වේ.

ඇගේ මව 2011 දී පිහිටු වූ 'ඉඪඵබඥප ඉධථචතඪච' (සෝමාලියානු සොහොයුරිය) නම් ආයතනය ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීමත් යුද්ධය නිසා විවිධාකාර අසාධාරණයන්ට ලක් වූ ළමයින්, කාන්තාවන් ආරක්ෂා කිරීමත් මූලික වගකීම දරන ආයතනයකි. එහි වගකීම භාර ගත්තේ ඉල්වුඩ්ය. ඊට අමතරව ඡ්තථචද ර්ථීඥචජඥ චදඤ ඩ්භථචද අඪඨඩබඵ ඛ්ඥදබඥප හි අධ්‍යක්ෂවරියද ඇයය. දිනකට තිහකට වඩා ස්ත්‍රී දූෂණවලට ලක් වී දිවි බේරා ගන්නා කාන්තාවන් ඔවුන් වෙත පැමිණේ. සෝමාලියාවේ විවිධ පළාත්වල ශාඛා රැසක් පිහිටුවා ඇති මෙම සංවිධානය මඟින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර, උපදේශනය, දැඩි චිත්ත වේදනාවන්ගෙන් මුදා නැවත ජීවිතයට මඟ කියන බොහෝ උපකාර සිදු කෙරේ. හිංසනයන්ට ගොදුරු වන අයට ඍජුවම ඔවුන් හා එක් විය හැකිය. කායික මානසික සමාජීය වශයෙන් යළි නඟාසිටුවා නිසි අධ්‍යාපනයක් දී ඔවුන්ව ආර්ථික වශයෙන් ස්වාධීන කෙරේ.

දැරියන්ගේ ලිංගේන්ද්‍රියයන් විකෘති කිරීම (ජ්ඥථචතඥ ඨඥදඪබචත ථභබඪතචබඪධද) සෝමාලියාවේ අතීතයේ සිට මුල් බැස ගත් චාරිත්‍රයකි. ඉල්වඩ් එයට විරුද්ධව දැඩි මතයක් ගෙන යමින් සිටියි.

'තමාට ලිංගේන්ද්‍රියයන් විකෘති කරගත් තරුණියක විවාහයට අවශ්‍ය නැහැ යන මතයට පිරිමි ළමයින්ව ගෙන ආ යුතුයි. කුරානයේ කොතැනකවත් මෙම නින්දිත ක්‍රියාව සිදුකළ යුතුයි කියා නැහැ. එය ආගමික අවශ්‍යතාවක් නොවේ. නීතියෙනුත් වරදක් ලෙස නීති ගත කොට තිබෙනවා. එසේ නම් මෙය කාටද අවශ්‍ය?' ඇය ආකල්පමය වෙනසක් සඳහා සමාජයේ සෑම කොටසක්ම පෙළගස්වමින් සිටී.
ටෙඩ් ටෝක්ස් මාධ්‍ය වැඩසටහනකට අදහස් දැක් වූ ඉල්වුඩ් මෙසේද කියා සිටියාය.

'ගැටුම් නිසා පිටව ගිය සෝමාලියානුවන් අද ලෝකය පුරා ඉන්නවා. පිටතට වී බලා සිටීමෙන් පමණක් සාමය උදාවන්නේ නෑ. ඔවුන්ගේ සේවය මවු රටට ලබාදිය යුතුයි. ඔබේ අදහස් ඔබේ ක්‍රියාකාරකම් තවත් සිය ගණනකගේ ජීවිත වෙනස් කරනු දැකීම තරම් තවත් සතුටක් තිබේද?' සෝමාලියාව සුන්දර දේශයක් කිරීමට සහාය වන ලෙස ඉල්වඩ් එල්මන් අන්තර්ජාතික මානුෂික ප්‍රජාවට ආරාධනය කරයි.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon