රටින් රට වෙනස් උසින්ද හරි වෙනස්

  👤  2954 readers have read this article !
2018-11-04

ආටිචෝක් (ඒපබඪජඩධඥඬ) යනු මධ්‍යධරණී කලාපය නිජබිම කර ගත් ශාකයකි. කටු සහිත බහුවාර්ෂික ශාකයකි. හඳුනා ගැනීමට පහසු වන්නේ පත්‍රවල කටු සහිත වීමයි. හිස මල් නිල් පාටය. මී. 0.9-1.5ත් අතර එනම් අඩි 3-5 ත් අතර උසකින් යුක්තයි.

ඇන්ටරාසේ - කොට්පොසිටේ කුලයට එනම් සූරියකාන්ත මල් කුලයට අයිතිය ආටිචෝක් නමින් ශාක වර්ග ප්‍රධාන දෙකක් පවතින නිසා ශාක ගැන හදාරන ඔබට එය පහසුවෙන් වෙන් කොට හඳුනා ගත යුතුව ඇත.


ජෙරුසලමේ 'ආටිචෝක්' සහ ග්ලෝබ් ආටිචෝක් වශයෙන් ඒ දෙවර්ගය ප්‍රකටයි. ඉන් ජෙරුසලමේ ආටිචෝක් ගසෙහි පත්‍ර තරමක් බූව සහිතයි. සෙ.මී. 7 සිට 15ක් පමණ දිගට වැඩෙයි. හැඩය ලන්සාකාරය. පත්‍ර අග තීව්‍රය. දාරයේ ඇති සහිත කරපත්‍රිකයයි. (ඉඥපපචබඥ) සෙ.මී. 5 සිට 8 දක්වා පළල් වූ පුෂ්පමංජරීවල මල් හට ගනියි. මේ ශීර්ෂකවල අංශු පුෂ්පිකා (අචර ජ්තධපචබඥඵ) මෙන්ම මණ්ඩල පුෂ්පිකා (ච්ඪඵජ ජ්තධපචබඥඵ) ද කහ පැහැතිය.

මේ කියන ජෙරුසලමේ ආටිචෝක්වල පොළොව යට පිහිටි කඳෙහි හට ගන්නා ආකන්ද ඉතා උසස් ආහාරයකි. මෙහි ආකන්දයේ ප්‍රධාන වශයෙන් අන්තර්ගත වන්නේ ඉන්සියුලින්ය.
අනෙක් ආටිචෝක් විශේෂය වූ ග්ලෝබ් ආටිචෝක් ශාකයද බහු වාර්ෂිකය. පත්‍ර ජෙරුසලමේ ආටිචෝක්වලට වඩා මඳක් ලොකුය. කටු සහිතය. නිජබිම දකුණු යුරෝපය හා උතුරු අප්‍රිකාව ලෙස හඳුනාගෙන තිබේ. ආහාර වශයෙන් ගනු ලබන්නේ මේ ආකන්ද නම් නොවේ.

ළපටි පුෂ්ප මංජරියේ ජෙරිසේ මෘදු මාංසල ග්‍රාහය හා නිපත්‍ර වලයයි. චීන ආටිචෝක් නම් තවත් විශේෂයක් ඇත. චීනයේ හා ජපානයේ වැවෙන එය වඩා උසට නොවැඩේ. කෑමට ගන්නේ එහි ආකන්ද මුල්ය. ඒ අනුව චීන වර්ගය ඉබචජඩරඵ ඊභඡඥපඪටඥපච වන අතර ග්ලෝඩ් ආටිචෝක් වර්ගය (කදචපච ඉජධතරථභඵ) වන අතර ජෙරුසලම් ආටිචෝක ඩ්ඥ තඪචදබඩභඵ බභඡඥපධඵදඵ වේ. ශාක පත්‍ර හා ශාක පාඩම් ගැන උනන්දුවක් ඇති සිසුන් මේ ශාක පත්‍ර ගැන වැඩිදුර සොයා තොරතුරු මේ අනුව සොයා ගන්නට ඉඩක් මේ ම්ඥර ඹචපඤ අනුව සපයමු.

එස්. රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon