ගී තනු මැවී රස උතුරාගිය සොඳුරු මුල් යුගයේ මිහිරි වූ මතකය

  👤  2888 readers have read this article !
2018-11-04

ශබ්ද කවා සංගීත රසය මුසු කොට සිනමා පට තරගයට තැනෙන්නට පටන් ගැනීම උන්මාදනීය ප්‍රවණතාවක් විය. රසිකයන්ගේ අදහගන්නට බැරි තරම් වූ කැමැත්තට හොඳ සැපයුමක් දෙන්නට සියලුම නිෂ්පාදකයෝ යුහුසුලු වූහ. නහඬව ගලා ගිය රූප රාමුවලට පසුබිමින් ශබ්දය කවා ශබ්ද රසයත් රංගනයත් මතුකර පෙන්වා චිත්‍රපට නිපදවීම අත්හදා බැලූ අධ්‍යක්‍ෂවරු සියල්ලෝම ප්‍රේක්‍ෂකයන්ගේ මේ උන්මාදනීය රසය හඳුනා ගත්හ.


කාගෙත් උනන්දුව තිබුණේ කාටත් වඩා හොඳින් වෙනස් දෙයක් ප්‍රේක්‍ෂකයන්ට දෙන්නටය. ගීත ඇතුළත් කිරීම මේ රස උප්පත්තිය තීව්‍ර කළේය. එය චිත්‍රපටයට අමුතුම ආලෝකයක් එක් කෙරුණේය. ඒ නිසාම ප්‍රේමය ආත්මකොටගත් ගීතද ප්‍රේමයෙන් මුසපත් කරවන හැඟුම් දනවන ගීත රචනාද එකතු කිරීම අත්‍යවශ්‍ය යැයි හැඟෙන දැනෙන තරමට ප්‍රේක්‍ෂක කැමැත්ත බලවත් වෙමින් තිබිණි.

සංගීත රසය සිනමාපටල පටයේ හඬ පටයට පුරුද්දන්නට පෙර මුල් යුගයේ චිත්‍රපට පෙන්වද්දී තිරයේ රූපරාමු දිග හැරෙද්දී ඒ ඉදිරිපිට ඉඳගත් සංගීතඥයෝ සංගීතය සැපයූ හැටි එකල අපූරු අත්දැකීමක් විය. එහෙත් ඒ අතීතය පසුකර චිත්‍රපටයට ගී රස එකතු වෙද්දී, ඒ දියුණුවත් සමඟ රස විඳීමේ උනන්දුව හා ආශාව දෙගුණ තෙගුණ විය. මේ අනුව මුල් චිත්‍රපටවල රූපරාමු තිරය මත දිග හැරෙද්දී ඒ මොහොතේම එයට අවශ්‍ය සංගීතය පටිගත කිරීම චිත්‍රාගාරයේදී ඉදිරියට පැමිණ තිබුණේය.

අම්රිත් ගංගාර් නම් සිනමා ඉතිහාසඥයා ඊඩඥ ඊඪථඥඵ ධට ධ්දඤඪච පුවත්පතට එම උත්සාහය දක්වා තිබුණේ මෙසේය.

'නිහඬ චිත්‍රපට පෙන්වද්දී සංගීතය එවෙලේම සපයනු ලැබුවා. එය කොයිතරම් ප්‍රේක්‍ෂකයන්ගේ හිත් සොරාගත්තාද කියනවා නම් ඊට රහ වැටුණු ඉන්දියානු ප්‍රේක්‍ෂකයන් අත්පොඩි ගසමින් විසිල් ගසමින් ඊට ප්‍රතිචාර දැක්වූ රසබර අතීතයක් තිබුණා."

මේ නිසාම චිත්‍රපටවලට සංගීතය මුසු කරද්දී ඉන්දියානු ජන සංගීතයේ මෙන්ම ඉන්දියානු නාට්‍යවල ගී තනුවල ආභාසය මීට නොමඳව ලැබූණේය. මුල් යුගයේ මේ සංගීත රස උත්පාදනය හා මැවීම්වලට දායක වූවන් අතර තුෂාර් බාතියා (අන්ද්‍රාස් අජනා අජනාහි සංගීත අධ්‍යක්‍ෂ), ආර් සී. බෝරාල් සහ පන්කජ් මුල්ලික් ප්‍රමුඛ වූහ. පාතියා වරක් මේ පිළිබඳ කළ ප්‍රකාශයක් වැදගත්ය.

"චිත්‍රපටවලට සංගීත රසය දෙන්නට උත්සාහ කරද්දී මුල් යුගයේ ඒ සඳහා බටහිර වාද්‍ය භාණ්ඩ උපයෝගී කරගන්නයි සිදුවුණේ. පියානෝව සහ චෙලෝව ප්‍රමුඛ වුණා. කෙසේ වෙතත් "පුරාත් බගත්" සහ "ස්ටී්‍රටිසිංගර්" චිත්‍රපට තැනුණු කාලය අතරතුර සංගීතය සැපයීම දියුණු වුණා. එය නිර්මාණශීලී තැනකට ආවා."

සංගීතඥ නෞෂාඩ් ගේ මුල්ම යුගය හා බැඳුණු මේ සංගීත නිමැවූම අදත් කතා බහට ලක්වන්නකි. ආර්.සී. බොරාල් මෙන්ම පන්කජ් මුල්ලික්ගේ වාදන වෘන්දයට වයලීනය හා මැන්ඩලීනය එකතුවී තිබුණේය. පියානෝවද මුසුවිය. ඒ සංගීත රසය ඉතා ඉහළ මට්ටමක තිබුණේය. එකල චිත්‍රාගාර තුළ, ශබ්දාගාර තුළ සංගීතය පටිගත කරන්නට අද මෙන් පහසුකම් නොතිබිණි. දසදෙනකු පමණ එකට වාඩිවී එකම මයිකේ‍රාෆෝනය භාවිත කරමින් සංගීතය සපයන්නටත් පටිගත කරවාගන්නටත් සිදුවිය.

1930 දශකය මැද වන විට එනම් 1935දී නිව් තියටර්ස් හිදි ආර්.සී. බොරාල් 'දූජ චාරොන්' සඳහා චිත්‍රපට පසුබිම් ගායනයක අත්හදා බැලීමක් කළේය. එසේම ප්‍රභාත් චිත්‍රාගාරයේදී පුරින් කේෂව්රාඕ සහ මාස්ටර් ක්‍රිෂ්ණා රාඕ ඉතා උසස් උත්සාහයක නිරත වූහ. එකලම බොම්බායේ තැනුණු චිත්‍රපටයකට සරස්වතී දේවි නමැත්තිය ඇයගේම නිළි සොහොයුරිය වූ චන්ද්‍රප්‍රභා වෙනුවෙන් "කින්ගයා හෝ කේ වන් හාර්" සඳහා පසුබිම් ගායනයේ යෙදුණාය.

'ස්ටී්‍රට් සිංගර්' හා තිබුණු ආකර්ෂණීය ගීතයක මතකය සුවිශේෂීය. මෙම චිත්‍රපටයේ වූයේ විථියේ සරමින් ගී ගියන ආකාරයටය. දෙවියන්ට දුක කියමින් පළ කරන අදහස් සහිතවය.
ලබන සතිය

සජිත් රෝහිත ලියනගේ

(ඔබේ වටිනා අදහස් එවන්න)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon