යුරී අන්ද්‍රපෝව්ගේ අභාවයට විජේවීරගෙන් ශෝක පණිවිඩයක්

  👤  3278 readers have read this article !
2018-12-02

සෝවියට් රුසියානු සමූහාණ්ඩුව බිඳ වැටුණේ රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් යුරී අන්ද්‍රපෝව්ගේ හදිසි අභාවයෙන් පසුව යැයි මතයක් තිබේ. ලෙනින්වාදී ඉගැන්වීම් ඒ අයුරින්ම භාවිතාවට නැඟූ රුසියාවේ අවසන් කොමියුනිස්ට් පක්ෂ නායකයා ලෙස සැලකෙන්නේ යුරී අන්ද්‍රපෝව්ය. රුසියානු කොමියුනිස්ට් පක්ෂය තුළ බෙෂ්නෙව්, යෙල්ට්සිං හා ගොර්බොෂොව් වැන්නන් බිහිවූයේ අන්ද්‍රපෝව් වැනි දැඩි මතධාරී කොමියුනිස්ට්වාදියකුගේ අභාවය නිසා යැයි ජාත්‍යන්තර මාක්ස්වාදී ව්‍යාපාරයේද බොහෝ පිරිසක් විශ්වාස කරති. අන්ද්‍රපෝව් තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටියා නම් ලික්විඩේටර්ලා හෙවත් දියකර හරින්නන්ට පක්ෂ නායකත්වයට ළං වන්නට නොලැබෙන බව ඔවුහු පවසති.

දීර්ඝ කාලයක් තිස්සේ පැවැති සීතල යුද සමය 80 දශකය අවසානයේ තුන්වන ලෝක යුද්ධයක් කරා යොමුවීම වැළකුණේද රුසියානු කොමියුනිස්ට් පක්ෂ නායක යුරී අන්ද්‍රපෝව්ගේ එඩිතර මැදිහත්වීම නිසා බවද සත්‍යයකි. 1983දී ඇමෙරිකාව රුසියාවට විරුද්ධව යුද තර්ජන ඉදිරිපත් කළ අවස්ථාවේ අන්ද්‍රපෝව් ප්‍රකාශ කළේ ඇමෙරිකාවේ සෑම නගරයක්ම ඉලක්ක කොට මිසයිල ස්ථානගත කරන බවය.

යූරී අන්ද්‍රපෝව්ට ඇමෙරිකාව පමණක් නොව බි්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජනද බිය විය. තුන්වන ලෝක යුද්ධය හටගත හොත් බි්‍රතාන්‍ය ජාතිකයන් මිලියන 33ක් පීඩාවට පත්වනු ඇතැයි බි්‍රතාන්‍යය ගණන් බලා තිබිණි. ඔවුන් අපේක්ෂා කළේ රුසියාව න්‍යෂ්ටික බලය යොදා බි්‍රතාන්‍යයට පහර දෙනු ඇති බවය. එහෙත් එවැන්නක් සිදු නොවීය.

තුන්වන ලෝක යුද්ධය වැළැක්වීමේ ගෞරවය හිමි විය යුත්තේ යුරී අන්ද්‍රපෝව්ටය.
යුරී විලැඩිමිරොවිච් අන්ද්‍රපෝව් 1967 රුසියානු මධ්‍යම ඔත්තුසේවාවේ (ම්ට්ඡ) ප්‍රධානියා බවට පත්විය. එවකට රෝහණ විජේවීර රුසියාවේ මොස්කව් නුවර ලුමුම්බා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියේය. මාක්ස් ලෙනින්වාදී ඉගැන්වීම් විශ්වවිද්‍යාල මට්ටමේ සිට ද්විතීයික පාඨශාලා මට්ටම දක්වා පාසල් විෂයක් බවට පත්කරන ලද්දේ අන්ද්‍රපෝව් විසිනි. කේ.ජී.බී. ඔත්තු සේවාවේ ප්‍රධානියා ලෙස යුරී අන්ද්‍රපෝව් සෝවියට් දේශය රැක ගත්තේය. 1982 රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් හැටියට යුරී අන්ද්‍රපෝව් පත්වූ විට සකලවිධ අධිරාජ්‍යවාදීහු තැති ගත්හ. සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ තිරය පසුපස සිට එය හසුරුවන දැඩි මතධාරී කොමියුනිස්ට්වාදියා යුරී අන්ද්‍රපෝව් බව ඇමෙරිකාව හා මහා බි්‍රතාන්‍යය මෙන්ම ජපානයද දැන සිටියේය.

රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ නායක යුරී අන්ද්‍රපෝව් 1984 පෙබරවාරි 2දා අභාවප්‍රාප්ත වූයේය. ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය චීන - රුසියන් මත භේදය හටගන්නා විට විජේවීර සිටියේ චීන කොමියුනිස්ට් පක්ෂය වඩා නිවැරැදි ආස්ථානයක කටයුතු කරනවාය යන තක්සේරුවේය.

එහෙත් 1971 වනවිට ජවිපෙ අර්ධ ස්ටැලින්වාදී, අර්ධ ට්‍රොට්ස්කිවාදී මතවල එල්බ සිටි බවට විජේවීර ස්වයං විවේචනයක් ඉදිරිපත් කළේය. රුසියාව නිවැරදි පීල්ලට ගත හැකි නිවැරදි මත දරන්නා ලෙස විජේවීර අන්ද්‍රපෝව් කෙරෙහි අවසන් විශ්වාසය තබා තිබුණේය.

අන්ද්‍රපෝව්ගේ හදිසි අභාවය විජේවීර තුළ කම්පාවක් ජනිත කළේය. බෙනට් සිරිසේන මහතාගේ ඩෙලිකා වෑන් රථයෙන් ගොස් කොළඹ හා අවට වැදගත් පුද්ගලයන් කිහිපදෙනකු හමුවූ විජේවීර දිනකට දෙකකට වඩා කොළඹ රැඳුණේ නැත. එම ගමන්වලදී විජේවීර එක දෙයක් තේරුම් ගත්තේය. එනම් දුෂ්කර තත්ත්වයන් මැද කැලයේ කාලය ගත කරනවාට වඩා ආරක්ෂක අංශ සමඟ හැංගි මුත්තමේ යෙදෙමින් පක්ෂයේ සංවිධාන වැඩවල යෙදිය හැකි වාතාවරණයක් උදා වී තිබෙන බවය.

ඒ වනවිටත් ආරක්ෂක අංශ විජේවීර කොටුකර ගැනීමේ දැල ශක්තිමත්ව එළා තිබූ අතර ආණ්ඩුව විසින් විජේවීර කොටි සංවිධානය සමඟ එකතු වී තමිල්නාඩුවේ කඳවුරක සිටින බවට මඩ ප්‍රහාරයක්ද එල්ල කර තිබුණේය.
කොළඹ ප්‍රදේශයේ අතුරු ගමන් සඳහා විජේවීර යොදා ගත්තේ මෝටර් සයිකලයකි. විශ්වාසවන්ත සගයකු පැදවූ යතුරුපැදියේ පසුපස අසුනේ විජේවීර ගමන් කළේය. ස්ථිර ලෙසම විජේවීර රටින් පලා යන්නට ඇතැයි සැක පහළ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ විජේවීර සිටී දැයි සෙවීම සිදුකළේ දැඩි අවධානයකින් තොරවය. විජේවීර සිටිනවා නම් කිසියම් අවස්ථාවක කණා බල්ලන් ගසන්නා සේ ඔහු කොටුවනු ඇතැයි ඇතැම් නිලධාරීහු සිතූහ.

එවකට රුසියානු තානාපති කාර්යාලය පිහිටියේ කොළඹ 7 මල් පාරේය. අග්‍රාමාත්‍ය කාර්යාලයටත් කාන්තා විද්‍යාලයටත් අතර වෘක්ෂලතා ගොන්නක් මැද වූ සුවිසල් මන්දිරයක එය පිහිටා තිබිණි. ඒ ප්‍රදේශය වර්තමානයේ මෙන්ම එකලද ආරක්ෂක අංශවල දැඩි අවධානය යටතේ පැවැතියේය. කොමියුනිස්ට් නායක යුරී අන්ද්‍රපෝව්ගේ හදිසි අභාවය පිළිබඳව සෝවියට් දේශය ශෝකයට පත්වන බවත් කොමියුනිස්ට් නායකයා වෙනුවෙන් ශෝකය පළ කරන්නන් සඳහා ශෝක පණිවුඩ සටහන් තැබෙන පොතක් සෝවියට් තානාපති කාර්යාලයේ තබා ඇති බවත් දැක්වෙන නිවේදනයක් "ඛ්ඥරතධද ඊඪථඥඵ" පුවත්පතේ තිබෙනු විජේවීර දුටුවේය.
"මල්ලී අද මට රෂියන් එම්බසි එකට යන්න ඕන"

විජේවීර පසුදින උදෑසන සිය ගමන් සගයා සමඟ කීවේය.

"ඒක නම් කීයටවත් කරන්න බෑ. මල් පාර, පිත්තල හන්දිය පැත්තෙ හැම වෙලේම සී.අයි.ඩී. කාරයො වැහි වැහැලා. තරහ වෙන්න එපා මට කීයටවත් ඒකට කැමැති වෙන්න බෑ. ඉල්ලන් කාලා අන්තිමට පක්ෂෙන් ‍ෙදාස් අහන්න වෙන්නෙ මට" ගමන් සගයා එම ගමන එකහෙළාම ප්‍රතික්ෂේප කළේය.

"මම මේ ගමන යන්නම ඕන. අපි ඊයෙ පෙරේදා ගිය ගමන්වලදී කවුරුවත් අඳුනා ගත්තාද? අපේ සහෝදරවරුන්ටත් අඳුනා ගන්න බැරි වුණානෙ. අපි යමු. මිනිත්තුවෙන් ආපසු හැරුණා. තානාපති කාර්යාලවලට පොලිසිය රිංගන්නෙ නැහැ" විජේවීර කීවේය.

"ඒක ඇත්ත. ඒ වුණාට අද ඔතැනට මැති ඇමැතිවරු එන යන නිසා ආරක්ෂාව වැඩි කරලා ඇති. අපි යන එක හරි නෑ." සහායකයා තුන්වැනි වරටද ගමන ප්‍රතික්ෂේප කළේය.

විජේවීර කිසි කතාවක් නැතිව යතුරුපැදියේ පසුපස අසුනේ වාඩිවිය. ගමන පිටත් විය. එය තිඹිරිගස්යාය, තුම්මුල්ල ඔස්සේ ගමන් කොට තර්ස්ටන් විද්‍යාලය පසුකොට මල්පාරට හැරිණි. යුරී අන්ද්‍රපෝව්ට ශෝකය පළ කරන්නට පැමිණි සම්භාවනීයයන්ගේ වාහන පාරේ වම් පැත්තේ එක පෙළට නවත්වා තිබිණි. තානාපති කාර්යාලය අසල යතුරුපැදිය නතර කරත්ම පොලිස් නිලධාරියකු ඒ වෙත දිව ආවේය. විජේවීර කිසිදු අමුත්තක් නොදක්වා රුසියානු තානාපති කාර්යාලයේ ‍ෙදාරටුව වෙත ගමන් කළේය.

යතුරුපැදිය තරමක් අෑතින් නතර කරන ලෙස උපදෙස් දුන් පොලිස් නිලධාරියා නැවතත් සිය රාජකාරිය පිණිස ඉවතට ගියේය.

රුසියානු මහ කොමසාරිස් කාර්යාලයෙහි මැද ශාලාවේ යුරී අන්ද්‍රපෝව්ගේ විශාල ඡායාරූපයක් තබා රතු මල්වලින් සරසා තිබිණි. ඒ ස්ථානය කරා මීටර් 15ක් පමණ රතු පලසක් මත ගමන් කළ යුතුව තිබිණි. තානාපති කාර්යාලයේ ගෙමිදුලෙහි පිළියෙල කළ අසුන්වල විවිධ රටවල තානාපති සේවාවල නියෝජිතයෝ අසුන්ගෙන සිටියෝය. විජේවීර රතු පලස මතින් ගමන් කර අන්ද්‍රපෝව්ට විප්ලවීය ආචාරය පුද කළේය. එය අෑත සිට බලා සිටි පිළිගැනීමේ නිලධාරිනිය යැයි සිතිය හැකි විශාල දේහයකින් යුතු රුසියානු කාන්තාවක් විජේවීර ආපසු හැරී ඉදිරියට එනවිට ඔහුට ආචාර කළාය. ඕ තොමෝ රුසියානු භාෂාවෙන් විජේවීර අමතමින් විශේෂ ඵලකයක් මත තබා තිබූ ශෝක පණිවුඩ සටහන් තබන පොත පෙන්වූවාය.

විජේවීර ඒ වෙත ගොස් පෑන රැගෙන පැහැදිලි රුසියානු අකුරෙන් වගන්ති කිහිපයකින් යුතු සිය ශෝක පණිවුඩය සටහන් කොට "රෝහණ විජේවීර" යනුවෙන් සුපුරුදු සිංහල අස්සන යෙදුවේය. පෑන එහි තැබූ විගසම ඔහු කොමසාරිස් කාර්යාලයේ ඉදිරිපස ‍ෙදාරටුව වෙත වේගයෙන් ගමන් කළේය. තමා හොඳින් දන්නා හඳුනන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දෙතුන් දෙනකු ගෙමිදුලේ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටි අන්දමද විජේවීර දුටුවේය. විජේවීර ගේට්ටුවෙන් එළියට එනතුරු උකුසු ඇස රඳවා සිටි සගයා විජේවීරද කැටුව අග්‍රාමාත්‍ය කාර්යාලය අසලින් වමට හැරී ඉනර් ප්ලවර් රෝඩ් ඔස්සේ ගාලු පාරට යතුරුපැදිය මෙහෙය වීය.

"ඇති ඔයින් ගියා. මන් හිතුවෙ මොකක් හරි ලොකු අවුලක් වෙයි කියලා. අපිව දන්න සම සමාජකාරයො, කොමියුනිස්ට්කාරයො හැම තැනම හිටියා. එහෙන් සී.අයි.ඩී. එක වැහි වැහැලා" ගමන් සගයා දොම්නස් මුහුණෙන් කියාගෙන ගියේය.

"ඔය හාදයො අඳුන ගත්තා නම් පාවා දෙනවා ආයෙ දෙකක් නැහැ."
"ඒ ගොල්ලො කොහෙ අඳුන ගන්නද අපේ අයටවත් මාව අඳුනගන්න බැරි එකේ" විජේවීර කීවේය.

ඒ වුණාට කියන්න බැහැනෙ මෝල් ගහත් පත්තු වෙන වෙලාවල් තියෙනවා.

"හරි. හරි. ඉක්මනට යමු"

ඔවුන් යමින් සිටියේ මොරටුවේ මිතුරකු හමුවන්නටය.

"ඔහේට කියන්න ඕන, හැබැයි මම වැරැදි වැඩක් කළා. විජේවීර යතුරුපැදිය පැදවූ සගයාට මොරටුවේදී සෙමෙන් කීවේය." ඔහු තිගැස්සී විජේවීර දෙස විමතියෙන් බලා සිටියේය.

"මම මැසේජ් එක පොතේ ලියලා පුරුදු අස්සනම දැම්මා." යාළුවා කොච්චි මිරිස් කෑවාක් මෙන් සුසුම් වැලක් ඉහළට ඇද්දේය.

"බලමු මොකද වෙන්නෙ කියලා. අපි තමිල්නාඩුවෙ හැංගිලා ඉන්නවා කියලනෙ ආණ්ඩුව පක්ෂයට අවලාද නඟන්නෙ. දැන් තේරෙන්නෙ නැතෑ අපිත් මේ රටේම ඉන්නවා කියලා." විජේවීර මුරණ්ඩු ලෙස සිනාසුණේය.
සුමිත් අතුකෝරල එවකට පදිංචිව සිටියේ කොට්ටාව පැලැන්වත්ත ප්‍රදේශයේය. සුමිත් පක්ෂ සංවිධාන වැඩවලට රට පුරා දුවන නිසා කල් ඇතිව යොදාගත් දිනක මිස ඔහු හමුවන්නේ නැත.

කොට්ටාවෙන් 255 පාරේ ගොස් හොරණ පාරට වැටී කෙටි දුරක් ගමන් කළ විට පාරේ වම් අත පැත්තේ නිවෙසකට යාබදව සුමිත් සිටි ඇනෙක්සිය පිහිටා තිබිණි. ප.ව. 7.00ට සුමිත් හමුවී සමාජවාදී කම්කරු සංගමයේ කටයුතු කතා කරගැනීමට නියම කරගෙන තිබූ හෙයින් මම එහි ගියෙමි. සුමිත් නතරව සිටින නිවෙස දැන සිටියේ අප කිහිපදෙනකු පමණි. නිවෙසේ ඉදිරිපස ‍ෙදාර වසා තිබෙන අතර සුමිත් අපට ලබාදී තිබූ සංඥාවට අනුව ‍ෙදාරට තට්ටු කළ විට ‍ෙදාර අරිනු ලැබේ. මා සුමිත්ගේ නිවෙසට ගොඩවැදුණේ ධාරානිපාත වැස්සක් කඩා වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබියදීය.

සුමිත් සමඟ කතාකොට තීරණ ගත යුතු ගැටලු රාශියක් තිබිණි. ඔහු මා සමඟ කතා කළේද කුඩා දියණියට බත් කවමිනි. සුමිත් බොහෝ දිනකට පසු නිවෙසට පැමිණ සිටි බැවින් ඔහු ලවා බත් කවා ගැනීමට දියණියට වුවමනා වී තිබිණි. අප කතා කරමින් සිටින විට එළියේ අහස ගොරවමින් ධාරානිපාත වැස්ස ඇද හැලෙමින් තිබුණේය. සුමිත්ගේත් මගේත් කතා බහ හමාර වෙමින් තිබියදී ළඟ ළඟ කෙටි වාර කිහිපයක් තරමක් සැරෙන් ‍ෙදාරට තට්ටු කරන හඬ ඇසිණි. කිසියම් සැකයක් හිතට පැමිණි නිසා මම උනන්දුවෙන් සුමිත්ගේ මුහුණ බැලුවෙමි. සුමිත් සිනාසුණේය. "ඔහේගෙ යාළුවෙක් ඇවිත් ඉන්නෙ. එයත් හමුවෙලාම සහෝදරයට යන්න පුළුවන්." සුමිත් ‍ෙදාර වෙත යන ගමන් කීවේය.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon