ගෝත්‍රික අරාබි මඩගොහොරුවෙන් මතු වූ අරවින්දය

  👤  2943 readers have read this article !
2018-12-02

ඇරිස්ටෝටල් තරමටම අරාබිකරයට වැදගත් වූ විද්වතෙකි 'ඇවිසෙන්නා' (ඒමඪජඥදදච) (980-1037). ඔහු වඩාත් ප්‍රකට වූයේ පර්සියානු දාර්ශනිකයකු, ලේඛකයකු හා වෛද්‍යවරයකු වශයෙනි. ඔහුට තිබුණු, හැඳින්වුණු නාමය වූයේ 'අබු අලි අල් හුසේන් ඉබින් අබ්දුල්ලා ඉබ්න් සිනා'ය. ඔහු උපත ලබන්නේ බුකාරා (ඕභඬඩචපච) හා 'ඛාමයිතෙන්'වලය. එය වත්මන් උස්බෙකිස්තානයෙහි පිහිටියේය. මිය ගියේ හමදාන්වලදීය. එය වත්මන් වයඹ දිග ඉරානයෙහි පිහිටියේය.

ඇවිසෙන්නා බදු එකතු කරන පුද්ගලයකුගේ පුත්‍රයකු බව කියැවේ. ඔහු ළමා ප්‍රවීඥයකු (ඛ්ඩඪතඤ ර්ථීපධඤඪඨර) ලෙස ප්‍රකට විය. ඔහු අපූරු හැකියාවක් තිබුණු අයකු විය. එය අසාමාන්‍ය ගති ලක්ෂණවලින් හෙබියේය. ඔහුට දස අවුරුද්දක් සපිරෙද්දීම මුළු කුරානයම කට පාඩමින් කියන්නට පුළුවන් වූයේය. මේ අපූර්ව හැකියාව කොතෙක්ද යතොත් එවක අරාබිකරයේදී ලබා ගත හැකිව තිබූ සියලුම දැනුම, විද්‍යාවන් හා විශේෂයෙන් වෛද්‍ය විද්‍යාවේ දැනුම ඔහුට තිබිණි. ඒ නිසා ඔහුගේ ජීවිත කාලය තුළදී රජයේ නිලධරයකු ලෙසත්, වෛද්‍යවරයකු ලෙසත් විවිධ රාජ්‍ය නායකයන් යටතේ සේවය කරන්නට ඉඩ ලැබුණේය.
ඔහුගේ දැනුමත් ලේඛන කලාවත් අපූරු හැකියාවෙන් හා දැනුමින් පිරියේය. බටහිර ආකල්ප දරන වැඩිදෙනා අතර ඔහු පිළිබඳ තොරතුරු ඉස්මතුවන්නට ඉඩ නොලැබුණද අරාබි ජන සමාජය තුළ අදටත් ඔහු ගරු කටයුතු චරිතයකි. ඔහු ලියූ පොත්පත් සංඛ්‍යාව සියයකටත් වැඩිය. ඒ අතරින් දර්ශනය පිළිබඳව ඔහු ලියූ 'ප්‍රතිප්‍රාප්තිය' යන අරුත් ඇති 'අෑෂ් ශිෆා' (ඒඵඩ ඉඩඪටච) නම් වූ විශ්ව කෝෂයෙහි තර්ක ශාස්ත්‍රය, මනෝවිද්‍යාව, අධ්‍යාත්ම විද්‍යාව හා ස්වභාව විද්‍යාවන් ඇතුළත් විය.

එය කොතෙක් මතු කර දක්වන්නට අවැසි වූයේද කියතොත් 12 වැනි සියවසේදී ලතින් බසට පරිවර්තනය වී ඇත. ඔහු අත්දැකීම් බහුල අයකු විය. ඒ දැනුම අනාගතය වෙනුවෙන් සටහන් කර තැබීමට ප්‍රිය කළේය. අරාබි හා රෝම වෙදකම පිළිබඳව තමන් කළ අත්හදා බැලීම් හා ඉන් ලබාගත් අලුත් දැනුම ඇතුළත් කොට ලියූ 'කැනන් ඔෆ් මෙඩිසින් (ඛ්චදධද ධට ර්ඥඤඪජඪදඥ) නම් වෛද්‍ය ග්‍රන්ථය 12 වැනි සියවසේදී මැද පෙරදිග හා යුරෝපයේ ඉතා ජනප්‍රිය, වෛද්‍ය විද්‍යාව පිළිබඳව ලියැවුණු අගනා උපදේශ සංග්‍රහයක්' විය.

මොහුගේ වැදගත්කම වූයේ මොහු සොයාගත් න්‍යායන් හිපොක්‍රිටිස්ගේ හා ගේලන්ගේ ඉගැන්වීම්වලට බොහෝ අනුකූල වීමය. ඔහු විවේකයක් නොගෙනම තමන් අතින් රටට දායාද කළ යුතු දේ නිරතුරුව ලබා දෙමින් වෙහෙස වී කටයුතු කළේය. ඔහු මිය ගිය බව කියන්නේ අජීර්ණයක් නොසලකා හරිමින් දිගින් දිගටම අවිවේකීව කටයුතු කිරීම නිසා බැව් කියැවේ. කෙසේ වෙතත් ඔහු අරාබිකරයෙන් මතු වූ අපූර්ව කුසලතා සහ දැනුමින් යුතු පරමාදර්ශි පුද්ගලයකු විය.

සුලක්ඛන ජයවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon