ඉපැරැණි පැපිරස් ලේඛන අතරින් මතුවුණු කවුද මේ ආමෝස්

  👤  2961 readers have read this article !
2018-12-02

ආමෝස් (ඒඩථධඵඥ) යනු ක්‍රි.පූ. 1650 දී පමණ විසූ මිසර ජාතික ලේඛකයෙකි. "ආමෝස්" යන නම අහම්බෙන් මෙන් හෙළිදරව් වූයේ "නොදන්න සියලු දේ පිළිබඳ දැනුම ලබා ගන්නා හැටි" (ච්ඪපඥජබඪධදඵ ටධප ඒබබචඪදඪදඨ ම්දධඹතඥඤඨඥ ධට චතත ච්චපඬ ඊඩඪදඨඵ) නම් ඉපැරැණි පැපිරස් ලේඛන නිසාවෙනි. 19 වැනි සියවසේ මැද භාගයේදී හමු වූ මෙම ලේඛනය දැන් බි්‍රතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

පැපිරස් පත්‍රවල අතින් ලියන ලද මේ කෘතියෙහි ගණිත සූත්‍ර රාශියක් ඇතුළත් වුවද ගණිත න්‍යායන් ඇතුළත් වී නැත. සමහර විට ඒවා තවමත් හමු නොවූ වෙනත් පොතක ලියා තිබෙනවා වන්නට පුළුවන. කෙසේ වෙතත් දැනට හමු වී ඇති ඉපැරැණිම ඓතිහාසික ලේඛනය සේ මෙය හැඳින්විය හැකිය. ඉපැරැණි ගණිත ක්‍රම ඇතුළත් මීළඟ ලේඛනය අපට හමුවන්නේ ඉන් වසර දහසකට පමණ පසු තේල්ස් (ඊඩචතඥඵ) ගේ කාලයේදීය.
විජිත. කේ. පතිරණ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon