මහින්ද චොර වුණා ද?

  👤  5675 readers have read this article !
2018-12-06

"මොකක්ද මහින්ද මේ හදිසි වෙලා කරගත්තේ? නිකං නම කැත කරගත්තා විතරයි. තව අවුරුද්දක් ඉවසලා හිටියා නම් කිසි ප්‍රශ්නයක් නැතිව බලය අතට ගන්න තිබ්බා නේ. මෝඩ වැඩක් කර ගත්තේ."

ඒ මේ දවස්වල ජනතාව මතුරන මන්තරය ය. මහින්ද අගමැතිකමේ දිවුරුම් දීපු දවසේ ඉඳලා, සිදු වෙන දේවල් දිහා ඇස් උඩ තියන් බලාගෙන සිටින ජනතාව මතුරන මන්තරය ය. එක් වරක් අගමැති වෙලා හිටපු, දෙවරක් ජනාධිපති වෙලා හිටපු, දේශපාලන පොර පිටියේ ඇති පදම් තෙම්පරාදු වී සිටින මහින්ද මෙහෙම තීරණයක් ගත්තේ කිසිවක් නොසිතා, නොබලා විය නොහැකි ය. සිදුවන දේ මතු පිටින් බලා මන්තර මතුරනවාට වඩා, සිදුවෙලා තියෙන දේ හරියට දකින එක වඩා වැදගත් ය.
හීනෙකින්වත් පරාජය කරන්න බෑ කියා සිතපු මහින්ද 2015දී පරාජය විය.

මහින්දව එහෙම පරාද කළේ රනිල් ද?

නැත. ඡන්ද 29ක් පැරදිලා හිටපු රනිල්ට මහින්දව පරාද කරනවා තියා හිතන්නටවත් හැකියාවක් තිබුණේ නැත.

එහෙනම් මහින්ද පරාද කළේ මෛත්‍රි ද?

නැත. තනි සටන් කරලා ජනපතිවරණයක් දිනන්න තරම් ප්‍රබල නායකත්ව පදනමක් මෛත්‍රිට තිබුණේ නැත.

එහෙනම් කවුද මහින්දව පරාද කළේ?

ප්‍රශ්නය එතැන ය. ඒ ප්‍රශ්නෙට උත්තරේ පසුගියදා ආචාර්ය නාලක ගොඩහේවාගේ පහත සඳහන් කතාවේ තියෙනවාට සැක නැත.

"එතුමා පරාජය කරන්නට අපිට නොපෙනෙන බලවේග රාශියක් එකතු වෙලා හිටියා. ඒ බලවේග අතර හිටියා ලංකාවට චීන බලපෑම වැඩි වෙනවා කියලා බියට පත්වෙලා හිටපු ඉන්දියාව. ඒ බලවේග අතර හිටියා ලංකාවේ ස්ථාවර රජයක් ඇති වෙලා බටහිරට හිස නොනමන නායකයෙක් දීර්ඝ කාලයක් මේ රට පාලනය කරාවි කියලා අකැමැති වෙච්ච බටහිර බලවේග. ඒ බලවේග අතර හිටියා, අවුරුදු 30ක් තිස්සේ යුද්ධ කරලා අර උතුරු නැඟෙනහිර තමන්ට අවශ්‍ය කරන පාලන තන්ත්‍රය බිහිකර ගැනීමේ සිහිනය බොඳ වෙලා ආයිත් කොහොමද ඒක ඉටු කරගන්නෙ කියලා බලබලා හිටපු පිටරටවල ඉන්න අන්තවාදී දෙමළ ඩයස්පෝරාව.

මෙන්න මේ අය එකතු වෙලා තමයි අවශ්‍ය කරන මූල්‍යමය සහාය, මූලේ‍යා්පායමය සහාය දුන්නෙ එවකට සිටි විපක්ෂයට මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය කරන්න. 2016 ඇමෙරිකාවෙ පළවෙච්ච වාර්තාවක ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ලිඛිතව ලියලා තියෙනවා ලංකාවේ, බුරුමයේ සහ නයිජීරියාවේ රාජ්‍ය වෙනස් කරන්න ඇමෙරිකානු ඩොලර් මිලියන හයසිය අසූවක් ඇමෙරිකානු රජය වියදම් කරා කියලා. ඇමෙරිකානු ඩොලර් මිලියන හයසිය අසූවක් රටවල් තුනකට වියදම් කළා නම් ඉන් තුනෙන් එකක් ලංකාව වෙනුවෙන් වියදම් කළා නම් ඒ වෙලාවේ රුපියල්වලින් කියනව නම් රුපියල් කෝටි තුන්දාහක් ඇමෙරිකානු රජය පමණක් වැය කරලා තිබුණා ඒ වෙලාවෙ මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය කරන්න. ඒසා විශාල මුදලක් වැය වුණා. ඒ සඳහා අවශ්‍ය කරන සියලුම මූලේ‍යා්පායන් සැකසුණේ ලංකාව ඇතුළෙ නෙමෙයි පිටරටවල. ඒ වගේ බරපතළ සැලැස්මක් යටතෙ තමයි ඔවුන්ට ඒ වෙලාවෙ ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ."

කතාවේ ඇත්ත නැත්ත අපි දන්නේ නැත.

ඒත්, ඒක එහෙම වුණැයි කියමුකෝ... එතකොට මෛත්‍රි ගහෙන් ගෙඩි එන්න වගේ හිටපු ගමන් රනිල් එළවලා මහින්දව අගමැති කරලා යහපාලන ආණ්ඩුව පෙරළුවේ ඇයි?

ඒකටත් උත්තරේ ආචාර්ය නාලක ගොඩහේවාගේ කතාවේ ඉතිරි කොටසේ මෙසේ සඳහන්ව ඇත.

මේ වගේ විශාල මුදල් ප්‍රමාණයක් වැය කරලා විශාල වශයෙන් කුමන්ත්‍රණය කරලා ආණ්ඩුවක් ගේන්නෙ මොකටද? ආණ්ඩුවක් ගේන්නෙ නිකං ඉන්න නෙමෙයි. මොකක් හරි අරමුණක් ඉටුකර ගන්න. ඒ අරමුණ මොකක්ද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනෙ. ඔවුන්ට අවශ්‍ය වුණා ලංකාවෙ දීර්ඝ කාලීන අස්ථාවරත්වයක් ඇති කරන්න. ඒ අස්ථාවරත්වය ඇති කළාම තමයි ලංකාව පාගගෙන ඉන්න පුළුවන්. ලංකාව තමන්ට අවශ්‍ය විදියට නටවන්න පුළුවන්. ලංකාවෙ නායකයො තමුන්ට බය කරගෙන ඉන්න පුළුවන්. අන්න ඒ සඳහා තමයි බෙදුම්වාදය, අර ත්‍රස්තවාදයෙන් අපි අවසන් කරපු බෙදුම්වාදයට ආයිත් අවස්ථාව ලබාදෙන්න ඔවුන්ට අවශ්‍ය වුණේ. අන්න ඒ ක්‍රියාදාමය තමයි ජනවාරි අටවැනිදා ජයග්‍රහණය සමඟම ඔවුන් ආරම්භ කළේ. එදා පටන් 2018 ඔක්තෝබර් 26 වැනිදා වනතුරු ලංකාවේ පැවැති යහපාලන රජය ක්‍රියාත්මක කළේ එකම එක ක්‍රියාදාම ය. එකම එක අරමුණ තමයි ලංකාව අස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ගය. අන්න ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය වුණා රූකඩ නායකයෙක්. ඔවුන්ට අවශ්‍ය විදියට පාලනය කරන්න පුළුවන් නායකයෙක්. කවුද ඒ නායකයා. 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපති වෙච්ච මෛත්‍රිපාල සිරිසේන මහත්තයා නෙමෙයි ඒ නායකයා. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා කියන්නෙ ඒ වෙලාවේ භාවිත කරපු මෙවලමක් පමණයි. කවුද ඒ නායකයා.

රනිල් වික්‍රමසිංහ මහත්මයා. රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි ඒගොල්ලන්ගෙ තුරුම්පුව. ඒ අවශ්‍ය සියලු දේ කරන්න. රටට ආදරය නොකරන ඕනෑම අවස්ථාවක රට පාර්සල් කරලා විකුණන්න කැමැති ‍ෙදාන් ජුවන් ධර්මපාලගේ පුනරුත්පත්තිය තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමුන්ට අවශ්‍ය වෙච්ච වැඩපිළිවෙළ අවසන් කරන තුරු මේ රටේ බලයෙ තබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වුණා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයට ඉතිහාසයක් තියෙනවා. තුන්පාරක් ඊට කලින් අගමැති වෙලා තිබ්බා. කිසිම අවස්ථාවක අවුරුදු තුනක් බලයේ ඉඳලා නැහැ. සුළු කාලෙකින් ජනතා අප්‍රසාදයට ලක්වෙලා පාලනය කර ගන්න බැරුව පාලනයෙන් ඉවත් වෙනවා. ඒ නිසා මේ බලවේග, මේ අය පොඩි කට්ටිය නෙමෙයි. බොහෝම විදියට කල්පනා කරන්න පුළුවන් විශේෂඥයො ගණනාවක් එකට වැඩ කරන, කෝටි ගණන් මුදල් වියදම් කරලා හිතන කණ්ඩායමක්. ඔවුන්ට අවශ්‍ය වුණා ක්‍රමවේදයක් හොයාගන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා අඩුගාණෙ අවුරුදු පහක්වත් පුළුවන්නම් අවුරුදු දහයක්, පුළුවන් නම් මැරෙනතුරු මේ රටේ නායකයා වශයෙන්, සැබෑ නායකයා වශයෙන් තියා ගන්නට ක්‍රමවේදයක්. අන්න ඒ ක්‍රමවේදය තමයි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය. අපි කිසිකෙනෙක් තේරුම් අරන් නැහැ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සැබෑ අරමුණ වුණේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ රටේ සම්පූර්ණ බලය ලබාදීලා ඔහුව දීර්ඝකාලයක් බලයේ තබා ගැනීම උදෙසා කියලා.

මොකක්ද 19 වැනි (21, 26) ව්‍යවස්ථාවෙන් කළේ? ඩලස් ඇමැතිතුමා කිව්වා මහින්ද රාජපක්ෂ මහත්මයාට නැවත ඉල්ලන්න බැරි කළා. එක තර්ජනයක් අයින් කළා. ද්විත්ව පුරවැසිභාවය තියෙන අයට ඉල්ලන්න බැහැ කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, බැසිල් රාජපක්ෂ මහත්තයාගේ තර්ජනය ඉවත් කළා. අවුරුදු 30න් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා තිබුණු එක අවුරුදු 35ට ගෙනිච්චා. නාමල් රාජපක්ෂ මහත්තයාට බැරි වෙලා හරි ඊළඟ ජනාධිපතිවරණයට එන්න බැරි කළා. ඒ විදියට මූලික තර්ජන ටික අයින් කර ගත්තා. ඊළඟට මෛත්‍රිපාල සිරිසේන මහත්මයාවත් දන්නෙ නැතුව මෛත්‍රිපාල සිරිසේන මහත්මයාගේ අවුරුදු හයේ කාල සීමාව අවුරුදු පහට අඩු කළා. එතුමවත් දැනන් හිටියෙ නැහැ ඒක. උසාවි ගිහින් තමයි ඒක හොයාගත්තෙ.

ඊළඟට ගෙනාවා පොඩි නීතියක්, හොර රහසේ කාටවත් තේරුණේ නැහැ. ජනාධිපතිවරයාට මොනවාහරි වෙලා මියගියොත් අගමැතිවරයා ජනාධිපති වෙනවා. ජනාධිපතිවරයා වුණාට පස්සෙ සම්පූර්ණ කාලයම ඔහුට ජනාධිපතිකමේ ඉන්න පුළුවන්. ඒකම තමයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ළඟදී තේරුම් අරගෙන බය වුණේ. ඊට අමතරව තව ලොකු කපටිකමක් කළා. ඒ කපටිකම තමා හාමුදුරුවනේ අද මේ ව්‍යවස්ථා අර්බුදයට මූලික හේතුව වෙලා තියෙන්නෙ. මොකක්ද ඔවුන් පසුගිය 1978 ව්‍යවස්ථාවෙ තිබුණු 70 (1) වගන්තිය අයින් කරලා අලුත් වගන්තියක් එතැනට රිංගෙව්වා. ඒකෙන් කිව්වා පාර්ලිමේන්තුව මොනම හේතුවක් නිසාවත් ජනාධිපතිවරයාට අවුරුදු හතරහමාරක් යනකම් විසුරුවන්න බැහැ කියලා. ඇයි ඒක එහෙම ගෙනාවෙ. ඉතිහාසෙ දිහා බැලුවහම රනිල් වික්‍රමසිංහ මහත්මයා දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා අවුරුදු දෙකට වඩා, දෙකහමාරකට වඩා බලයෙ ඉඳලා නැහැ. මේ පාරත් ඒක වෙන්න පුළුවන්. ජනතාව එක්ක ඉන්න බැරි නිසා ඒක වෙන්න පුළුවන් නිසා අර සැලසුම් හදපු කට්ටිය අන්න එහෙම නීතියක් රිංගෙව්වා ව්‍යවස්ථාවට. අඩු ගාණෙ අවුරුදු හතරහමාරක් රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති වශයෙන් තියාගෙන ඉන්න.

හැබැයි එක දෙයක් වැරදුණා. අපේ වාසනාවට අපේ හාමුදුරුවනේ එක දෙයක් වැරදුණා. ඒ වැරදිච්ච දේ තමයි, 2012 එක පාරක් රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති වෙච්ච වෙලාවේ මේ විදියටම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න උත්සාහ කළා. ඒ ව්‍යවස්ථා සංශෝධනයෙනුත් මේ විදියටම පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියලා නීතියක් රිංගවන්න උත්සාහ කළා. ඒ වෙලාවෙ ලංකාවේ හිටපු අග්‍රවිනිශ්චයකාරවරයා, සම්පූර්ණ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයම වාඩි වෙලා ඒ නඩුව අහලා තීරණය කරගෙන කිව්වා මෙහෙම නීති ගේන්න බැහැ, මේක පරමාධිපත්‍යයට ජනතා පරමාධිපත්‍යයට විරුද්ධයි. පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ කියලා කිසි විටෙක නීතියක් ගෙනාවොත් ජනතාවගේ පරමාධිපත්‍ය අයින් කරනවා. ඒ නිසා කරන්න පුළුවන් වැඩිම දේ තමයි පාර්ලිමේන්තුවේ කාල සීමාවෙන් ඕන්නම් හරි අඩකට ඒ නීතිය දාගන්න, එහෙම නැත්නම් ඒක නොකරන එකම තමයි සදාචාරාත්මකව නිවැරදි ක්‍රමය කියලා තීන්දුවක් දීලා තිබුණා. අන්න ඒ තීන්දුව දීලා තිබූ නිසා මේගොල්ලන්ට තේරුණා අර හතරහමාරේ නීති කෑල්ල හැත්තෑවේ එකට රිංගවා ගත්තොත් ඒක ප්‍රශ්නයක් වෙනවා කියලා. ඒ නිසා ඒගොල්ලො මොකද කළේ වෙනත් තැනකට ආයෙ ගිහිල්ලා කොන්දේසියක් එකතු කළා.

ඒගොල්ලොමයි කළේ. 19 වැනි ව්‍යවස්ථාවෙන් දැම්මා 33 (2) (අෑ) වගන්තියෙ දැම්මා ජනාධිපතිවරයාට ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් කියලා. හැබැයි කවුරුත් ඒ ගැන වැඩි අවධානයක් යොමු කළේ නැහැ. හැමදාම මේගොල්ලො කතා කළේ පාර්ලිමේන්තුව අවුරුදු හතරහමාරකට විසුරුවන්න බැරි 70 (1) වගන්තිය ගැන විතරයි. සෑහෙන කාලයක් අපේ කට්ටියවත් දැකලා තිබුණේ නැහැ මේ 33 (2) (අෑ) වල ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවීමේ බලය තියෙනවා කියලා. අන්න ඒ බලය පාවිච්චි කරලා තමයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයා පාර්ලිමේන්තුව විසිරෙව්වෙ. අන්න ඒක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා උසාවියට ගිහින් දැන් අභියෝග කරලා තියෙන්නේ.

මෛත්‍රිට දැන් නයාට අඳුකොළ ගාණට රනිල්ව තිත්ත වෙලාය. මෛත්‍රි තීරණයක් ගත්තේ හොඳ වෙලාවට ය. මෛත්‍රි අත් දෙක බැඳගෙන දිගටම වෙන දේ බලාගෙන හිටිය නම්, අපට පුතේ රටක් නැතේ ය. එහෙනම්, 1590-1597 කාල වකවානුවේ කොළඹ සිට රජකම මෙහෙයැ වූ කෝට්ටේ ‍ෙදාන් ජුවන් ධර්මපාල නොහොත් 'පෙරියපන්ඩාර' නමැති කතෝලික ආගම වැලඳගත් සිංහල නායකයා කළ දේම වැඩි කලක් යන්නට මත්තෙන් රනිල් වික්‍රමසිංහද කරන්නේ ය.

‍ෙදාන් ජුවන්ට රජකම ගන්න උදවු කළේ පෘතුගීසීන් ය. 1543 දී ධර්මපාල කුමාරයාගේ පිළිරුවක් පෘතුගීසීන් විසින් ගෝවට ගෙන්වාගෙන අවුරුද්දක් වයසැති කුමාරයා බෞතීස්ම කළේ ය. එතැන් පටන් ධර්මපාල කුමරුවා හැදී වැඩුණේ පෘතුගීසීන්ට ඕනෑ විදියට ය. අන්තිමට ලංකාව ගැන කිසිම හැඟීමක් නැති පෘතුගීසි ගැති ‍ෙදාන් ජුවන් ධර්මපාල රටේ කොටසක් තෑගි ඔප්පුවකින් ප්‍රතිකාල් රාජ උරුමයට පැවැරුවේ ය. රජකම ගන්න උදවු කළ ප්‍රතිකාල් රජ පරපුරට ‍ෙදාන් ජුවන් ලංකාව පාවා දුන්නා සේ, අගමැතිකම අරන් ලංකාවේ බලය අල්ලන්න උදවු කළ බටහිර බලවේගවලට රනිල් ලංකාව පාවා නොදේවි කියා සිතන්නට කාරණා නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon