බෙංගාලි නීතියට අනුව මාව කල්කටාවට පිටුවහල් කළා
මා සමඟ බන්ධනාගාරයේ සිටින මේ තරුණයෝද දිනෙන් දිනම කාලකණ්ණිභාවයට පැමිණීගෙන එති. නියම ආකාරයට ආහාර නොලැබීමෙන්ද, අසනීපවලදී නියම වෙලාවට හොඳ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් නොලැබීමෙන්ද, ශරීර ශක්තිය හීන වී දුර්වල වී, කෘශ රෝගාදී භයානක රෝගවලින් පෙළෙන තරුණයන්ගෙන් බන්ධනාගාරය පිරීගෙන එන බැව් පෙනේ. මෙසේ වීමට හේතුව මේ තරුණයන්ගේ ශාරීරික මානසික සැප පහසු ගැන ආණ්ඩුව ක්‍රියා නොකිරීමය. තවත් පසුගිය වර්ෂයේ පටන් මේ තරුණ නිරපරාද හිරකරුවන් ටිකෙන් ටික වංග දේශයෙන් පිට කර ආජ්මීර් ප්‍රදේශයේ වාලුකා කාන්තාරයේ පිහිටුවා තිබෙන එක්තරා බන්ධනාගාරයකට යැවීමට පටන් ගෙන තිබේ. මේ බන්ධනාගාරයට ගෙන යන තරුණයන්ගෙන් කී දෙනෙක් ආපසු පැමිණෙත්දැයි බොහෝ දෙන සැක කරති.
තවද බන්ධනාගාරවලින් නිදහස් කොට පිටිසර ගම්වල අලි, කොටි, වලස්, සර්ප යන භයානක සතුන්ගෙන් ගහන කැලෑවල දමා, මැලේරියා සහිත පළාත්වලද නවතා පිටයෑමට නොදී ටිකෙන් ටික මැරී යෑමට හැර සිටින තරුණයන්ගේ සංඛ්‍යාවද සුළු පටු නොවේ. රෂියාවේ මෙන් සයිබීරියාව වැනි භයානක පළාතක් ඉංගී්රසීන්ට ඉන්දියාවේ නොතිබීම මෙරට වාසීන්ගේ වාසනාවක්ය යනු අපේ කල්පනාවයි. මා ද ඉංගී්රසීන්ගේ මේ හිතුවක්කාර ජාති හිතෛෂී තරුණයන් මර්දනය කිරීමට තිබෙන නීති අනුව තවමත් දුක් විඳින්නකු බැවින් ඉහත කී කාරණා ගැන හොඳින් දනිමි. මා දවස් 30ක් පමණ පොලිසියේ අන්ධකාර හුළං රහිත, බලුමැක්කන්, මකුණන්ගෙන් යුත් දූවිලි පිරුණ, කුණු ගඳ ගසන, මසකට වතාවක්වත් පිරිසුදු නොකරන කාමරයක තනියම දමා මා භය ගන්වා වංග දේශයේ විප්ලවය සම්බන්ධ කරුණු විචාරන ලදී. මේ මාසය තුළ මගේ ශරීරය කොපමණ දුර්වල වීද කියතොත් බර රාත්තල් 50ක් අඩු විය.
ඊට පසු මා පිට කිසිම වරදක් පටවන්නට බැරි වූ කල්හි නිරපරාධයන් මැ¾ඩීමට ආණ්ඩුව පනවා තිබෙන හිතුවක්කාර නීතියක් වන 'බෙංගාලි නීතිය' අනුව බන්ධනාගාරයේ තබා මාස දෙකකින් වංග දේශයට නොයන පරිදි ආඥාවක් කොට මම බාරණාසියට පිටත් කරන ලදී. මම කල්කටාවේ ඉගෙනීම කරමින් සිටියෙමි. ඉංගී්රසි ආණ්ඩුව මගේ සියලුම වියහියදම් දෙන බවට පොරොන්දු වී මෙහි එවූ නමුත් මට දෙන්නේ රුපියල් 15කි. මේ මුදලින් මෙහි කටයුතු කිරීම අපහසු බව දැන්වූ නමුත් ඊට උත්තරයක්වත් දීම යුතු යැයි ඉංගී්රසි ආණ්ඩුව කල්පනා නොකරන බැව් පෙනේ. මේ අන්දමට ඉංගී්රසි ආණ්ඩුව කරන හිතුවක්කාර දරුණුකම් 'නවජීවනය' කියවන්නන්ගේ ප්‍රයෝජනය පිණිස මම නිතර ලියා එවමි. මම තවම හිර භාරයේ සිටිමි. මට වංග දේශයට යෑමට අවසර නැත. මෙහිත් සී.අයි.ඩී. කාරයෝ කීප දෙනෙක් මට නිතර හිරිහැර කරති.
කල්කටා විශ්වවිද්‍යාලයේ කරගෙන ගිය මගේ ඉගෙනීම ඇරැඹීමට කල්පනා කොට මම බාරණාසි හින්දු විශ්වවිද්‍යාලයේ උපකුලපති තැන්පත් මදන්මෝහන් මාලවියා හමුවීමට ගියෙමි. බෙංගාල ආණ්ඩුව මට කළ කරදර ගැන දැනගත් ඔහු මට ශිෂ්‍යත්වයක් දීමටද කැමැත්ත පළ කොට විශ්වවිද්‍යාලයට ඇතුළුව ඉගෙනීමට අවසර දුන්නේය. එහෙත් පොලිසිය මට එයට ඉඩ දුන්නේ නැත. ශිෂ්‍යයන් අතර මා වැන්නකු සිටීම සාමය කඩවීමට හේතුවකැයි උපකුලපතිතුමාට ලියුමක් එවමින්ම විශ්වවිද්‍යාලයට ඇතුළත් කර නොගන්නා ලෙස දන්වා එවා තිබිණි. බාරණාසි හින්දු විශ්වවිද්‍යාලය ආරම්භ කරන ලද්දේ පණ්ඩිත මාලවියා විසිනි.
පණ්ඩිත මදන්මෝහන් මාලවියා නමින් ප්‍රසිද්ධව සිටි හින්දු විශ්වවිද්‍යාලයේ නායකයා ජාතික සාංගමිකයකු වුවද මධ්‍යස්ථ මතධාරියෙකි. හෙතෙම ගාන්ධිතුමාගේ සහයෝගිතා වර්ජන ඉංගී්රසි විරෝධි ප්‍රතිපත්තිය සපුරා පිළිගෙන සිටියේ නැත. ඇතැම් විට එය ඔහුගේ විශ්වවිද්‍යාලයේ අනාගතය ගැන සිතා ගත් මඟක්දැයි නොකිව හැකිය. හෙතෙම උග්‍ර හින්දු සනාතන මතවාදියෙකි. බ්‍රාහ්මණයෙකි. ඔහු දුටුවේ හින්දු රාජ්‍යයක අනාගත සිහිනයයි.
වරක් ලංකාව බුරුමය ආදී රටවලින් විශාල භික්ෂු පිරිසක් පිරිවරාගෙන රෝමය දක්වා පයින් ගමන් කිරීමට තීරණය කරගත් ඉතාලි ජාතික ලෝකනාථ භික්ෂුව ඇතුළු භික්ෂු පිරිසක් බාරාණාසියට පැමිණියහ. මේ පිරිස වස් තුන්මස බරණැස වැස යෑමට අදිටන් කරගෙන හතළිස් නමකට දන් පහන් පිළියෙල කළමනා යැයි මාලවියා මහතාගෙන් ඉල්ලා සිටියේය. එහිදී හතළින් නමකට තුන් මසක් සංග්‍රහ කිරීමේ වියදම් ගැන සිතූ මාලවියා ඒ පිරිස තමා සාදාගෙන ගිය විද්‍යාල මන්දිරයේ වැඩවලට ආධාර කරන්නේ නම් දිනකට රුපියලකුත් පනම් අටක් ගෙවිය හැකි බවත්, එයින් හොඳට ශරීර සැපයත් රැකගෙන පිනුත් ලබාගෙන ආපසු යා හැකි බවත් කීවේය. මාලවියා එතරම්ම තමාගේ වැඩ ගැන සිතන්නෙකි. නිකම් සිටින සතළිස් දෙනකුට වැඩක් නැතිව මාස 3ක් තිස්සේ කන්ට, ඉන්ට, හිටින්නට දීම ජාතික අර්ථය විනාශ කිරීමක් යැයි කී මාලවියා මහතා ලෝකනාථ ඇතුළු පිරිසට එවැනි ආධ්‍යාත්මික දියුණුවක් ඇත්තෙන්ම කරගන්ට වුවමනා නම් සෘෂිවරුන් මෙන් හිමාලයට වඩින ලෙස ආරාධනා කළේය. ඉන්පසු රෝම යාත්‍රාව නැවැත්වූ භික්ෂු පිරිස සී සී කඩ විසිර ගියෝය.
මට විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට පොලිසියෙන් ඉඩ නොදීම ගැන ඔහු විරුද්ධත්වය ප්‍රකාශ කොට යැවූ නමුත් එයින් පලක්ද නොවීය.
ටික දිනකින් බෙංගාල රජයෙන් මට මාස්පතා වියදම් දෙන බව පළ කොට ලිපියක් එවා තිබිණි. එතැන් සිට තවත් දැඩි මුරකාවල් ඇති විය. ඒ සමඟම පෞද්ගලික අපේක්ෂකයකු වශයෙන් විභාගයට ගැනීමට කල්කටා විශ්වවිද්‍යාලයෙන් අවසරද එවා තිබුණෙන් පොතපත බලන්නට පටන් ගත්තෙමි. එහෙත් එය අසාර්ථක විය. පසුව ආණ්ඩුව මගේ මුදල වැඩි කරන බව කියා පෞද්ගලික ස්ථානයක නතර වන ලෙස දැන්වීය. ඒ සමඟම පොලිස් රැකවරණයද වැඩි විය. පසුව මගේ ගෙය මුර කරන්නට පටන්ගෙන මගේ ගමන් බිමන් සීමා කරන්නටද පටන් ගත්තේය. තව කලක් යත්ම මා සිටි පෙදෙසේ හතරැස් හැතැප්මකින් අෑත නොයෑමටත්, රාත්‍රි 6න් පසු පිට නොසිටීමටත් නියම විය. එසේ එන්න එන්න නීති තද කිරීමේ තේරුම කුමක්දැයි මම ඇසීමි. එයට ලැබුණු පිළිතුර නම් මා අභිනව විප්ලවවාදී පිරිසක් සමඟ එකතුව සිටින බව රජයට දැනගන්නට ලැබී ඇති බැවින් අකමැත්තෙන් වුවද යම් යම් නීති තද කිරීමට සිදුවී ඇති බවයි.
මට බාරණාසියේ අවුරුදු කීපයක්ම අර්ධ හිරබාරයේ ඉන්නට සිදු විය. ඒ අතර නගරයේ බොහෝ දෙනකුන් සමඟ මිත්‍ර වීමටද, පෞරාණික ස්ථාන නැරැඹීමටද අවස්ථාව ලැබිණි.
බාරණාසිය හින්දූන් අතර මෙන්ම බෞද්ධයන් අතරද ප්‍රසිද්ධ පැරැණි නගරයකි. මෙහි පැරැණි හා නව යනු දෙකොටසකි. හින්දු මුල් දෙපිරිසම මෙහි සිටිති. නගර වැස්සන්ගෙන් කොටසක් බෙංගාලි ජාතිකයෝය. ඔවුන්ගෙන් වැඩි දෙනා පින් තකා ජීවිතයේ අවසාන භාගය එහි ගත කිරීමට පැමිණියාහු වෙති. බරණැස අවසන් කාලය ගෙවා එහිම මිය යෑම උසස් පිනකැයි හින්දු භක්තිකයෝ අදහති. මෙහි ජීවත් වන හින්දු භක්තිකයන්ගෙන් වැඩි දෙනා වංග ජාතිකයෝය.
වෘද්ධ ස්ත්‍රී පුරුෂ වංග ජාතිකයෝත්, වෙසෙසින් වැන්දඹු කාන්තාවෝත් මෙහි වෙසෙති. වංග දේශයේ වනිතාවෝ කොතරම් ළාබාල වුවද වැන්දඹු නම් අවිවාහකව සිටිති. එය හින්දු ආගමික නීතියකි. හින්දු ආගමික නීති අනුව වැන්දඹුවනට කැමැති නම් විවාහ විය හැකැයි සිය වසකට පමණ පෙර විද්‍යාසාගර ප¾ඩිවරයා සිටි යුගයේ පිළිගෙන තිබිණි. එකල පටන් ඇතැම් මවුපියෝ සිය වැන්දඹු දියණියන් විවාහ කොට දෙති. එබඳු විවාහවලදී බමුණු මහා නායකයන්ගෙන් බොහෝ විට කරදර ඇති වූ බව ද දැන ගතිමු. අවුරුදු හත අටේ බාලිකාවන් වැන්දඹු වූ විට ඔවුනට විවාහ ජීවිතය ගැන තේරෙන කිසිත් නැත. එහෙයින් සුදුසු වයසට පත් කළ ඔවුහු විවාහ වීමට අභිරුචියක් දක්වති.
ශි්රයානි අජන්තා විතාන
විනෝදාත්මක
අද මව්බිමෙන්
- ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට උතුරේ වැසියන්ගෙන් ලක්ෂයක පෙත්සමක් 🕔2019-02-19
- ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාම විහාරයේ නව තෙමහල් ගොඩනැඟිල්ල සඟසතු කර පූජා කෙරේ 🕔2019-02-19
- මම සිරිකොත ඉදිරිපිට මාරාන්තික උපවාසයක් කරනවා 🕔2019-02-19
- දඹුල්ලෙන් ගුවන් ගත කළ බැලුනයක් ගල්කිරියාගම වගා බිමකට ගොඩබස්වයි 🕔2019-02-19
- 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීමයි 🕔2019-02-19
- එජනිස පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම් දෙකක් හෙට සහ අනිද්දා 🕔2019-02-19
- ජර්මනියේ සිට මත්ද්‍රව්‍ය පාර්සලයක් තැපෑලෙන් එවලා 🕔2019-02-19
- සිංහරාජයෙන් පන්නන්න හැදූ සතුන්ගේ සිරුරු සංඛ්‍යාව 1173ක් 🕔2019-02-19
- අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයා බලන ඥාතීන්ගේ සංගමය යාපනයේ එ.ජා. සංවිධානයට පෙත්සමක් භාර දෙයි 🕔2019-02-19
- ටෙන්ඩර් ක්රමයේ විනිවිදභාවයක් නෑ ශ්‍රී ලංකාව ආයෝජනයට නුසුදුසුයි 🕔2019-02-19
- රනිල් - මෛත්‍රි කඹ ඇදිල්ලෙන් වී මෝල් හිමියන්ට මිලියන 1000ක සහන ණය මුදල අහිමි වෙයි 🕔2019-02-19
- අලුගෝසු තනතුරට අයැදුම් කරන්න අධ්‍යාපන සුදුසුකම් මදි 🕔2019-02-19
- සුරක්ෂා රක්ෂණ ප්රතිලාභ හිමිවීම් කොට උඩ 🕔2019-02-19
- රනිල් ප්රමුඛ එජාපය ඡන්ද කල්දාන්නේ සල්ලි හොරකම් කරන න්‍යාය පත්‍රය නිසයි 🕔2019-02-19
- රණවිරු දඩයම නවතා දමන්න 🕔2019-02-19
- ආයෝජන මෙරටට ගෙන ඒමට රජය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා 🕔2019-02-19
- අපනයන ගම්මාන 5000 ව්‍යාපෘතිය යටතේ ගම්මාන 250ක් 🕔2019-02-19
- ඇමැති රන්ජන්ගේ ප්‍රකාශය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න 🕔2019-02-19
- ස්වාභාවික ද්‍රවකෘත වායු ටෙන්ඩරය ලක්දනවි සමාගමෙන් ගිලිහුණේ් අඩුලුහුඬුකම් නිසයි 🕔2019-02-19
- රුපියල් මිලියන 12,000ක් වෙන් වෙයි 🕔2019-02-19
- අද හෙටම මම කසිප්පු සංහාරය අරඹනවා 🕔2019-02-19
- ඊළඟ පළාත් සභා ඡන්දෙන් එජාපය හේදිලාම යනවා 🕔2019-02-19
- හෝර්ටන් තැන්නට ආවේණික කුරුමිණියන් අල්ලා ගෙනයෑමට තැත්කළ චීන ජාතිකයන් අත්අඩංගුවට 🕔2019-02-19
- ඉන්දීය මහ කොමසාරිස් හා උතුරු පළාත් ආණ්ඩුකාර හමුවක් 🕔2019-02-19
- ආයුධ තොගයක් ඇතැයි කැණීම් කළත් කිසිවක් හමු නොවේ 🕔2019-02-19
- ළමයින් දෙදෙනකු පැහැරගත් බවට යාපනයේ ඉලවාලි පොලිසියට පැමිණිල්ලක් 🕔2019-02-19
- ෙදාරේඅප්පා ක්‍රීඩාංගණය යාපනය පොදු ක්‍රීඩාංගණය ලෙස නම් කරනවාට ගැටුමක් 🕔2019-02-19
- කෑගල්ල වෘත්තීය සමිති නායක සහාය ඉදිරි ඡන්දයේදී ජවිපෙට 🕔2019-02-19
- කොංග්රස් නායකයා සමස්ත වතුකරයේ ජනතාවම පාවා දීලා 🕔2019-02-19
- ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාවක් මරුට අටහැවිරිදි දැරිය රෝහලේ 🕔2019-02-19
- දැන්වත් ඉලක්කයකට වැඩ නොකළහොත් රට ගොඩනඟන්න අමාරු වෙනවා 🕔2019-02-19
- ව්‍යවස්ථාදායක සභාවේ සුදු රෙදි ඇඳගෙන ඉන්න මහත්වරුන්ගේ රෙදි ගැලවෙයි 🕔2019-02-19
- රට පාවාදෙන්න ආණ්ඩුව සැරසෙනවා 🕔2019-02-19
- විදුලි බලාගාර ව්‍යාපෘතිය නිසා අවතැන් වූවෝ පරිපාලන ගොඩනැඟිල්ල අත්පත් කර ගනිති 🕔2019-02-19
- රටේ ණය බර වැඩි වෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවා ගන්නවත් බැහැ 🕔2019-02-19
- වතු කම්කරුවන් දෛනිකව රුපියල් දහසක වැටුපක් ඉල්ලීම සාධාරණයි 🕔2019-02-19
- සබරගමුව සරසවියේ කෘෂිවිද්‍යා පීඨ සිසුන් 54 දෙනකුට සතියක පන්ති තහනමක් 🕔2019-02-19
- 2 වැනි විශේෂමහාධිකරණයක් 🕔2019-02-19
- නාඩු සහල් කිලෝවක් රු. 80, සම්බා 85 අප්‍රේල් 1දා සිට උපරිම සිල්ලර මිලකට 🕔2019-02-19
- ලී මෝලක් පිටුපස අලි මළසිරුරක් 🕔2019-02-19
- පුනරුත්ථාපන කොටි සාමාජිකයන් සමඟ ස්විට්සර්ලන්තයේ නියෝජිතයන් සාකච්ඡාවක 🕔2019-02-19
- ලංකා ප්රගතිශීලී පෙරමුණ නමින් උතුරේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවයි 🕔2019-02-19
- නයාරු ගුරුකන්ද රජමහා විහාරය කඩා දමා කෝවිලක් තැනීමට ගිය කණ්ඩායමේ අයකු හදිසි අනතුරකින් මියගිහින් 🕔2019-02-19
- වැඩි කළ වැටුප වතු කරයේ ජනතාව පිළිඅරන් 🕔2019-02-19
- අන්තවාදීන් සුපුරුදු පරිදි ජාති-ආගම්වාදයෙන් රට ගිනි අවුළවමින් සිටිනවා 🕔2019-02-19
- 70 වසරක් ලද අත්දැකීම් නිසා ජනතාවගේ සැකය සාධාරණයි 🕔2019-02-19
- ජ පුර සරසවියේ පළමු වසර සිසුවෙක් හොර මුදල් නෝට්ටු ජාවාරමක 🕔2019-02-19
- නීති උපාධිධාරියා නිදන් ගන්න අන්නාසිවත්තේ කැණීම් කරලා 🕔2019-02-19
- රෝහලේ වැසිකිළිය තුළදී පිරිමි දරුවකු අපයෝජනය කළ යුද හමුදා සෙබළකුට සිරදඬුවම් 🕔2019-02-19
- මිහින්තලේ චෛත්‍යයක් මත නැඟී ඡායාරූප ගත් සිසුන් 20දා තෙක් රිමාන්ඩ් 🕔2019-02-19