තාත්තේ බලාගෙනයි

  👤  3322 readers have read this article !
2019-01-06

මේ ඡායාරූපයේ සිය දකුණත මත පුතු ඉහළට ඔසවාගෙන සිටින මිනිසා කැනඩාවේ අගමැති ජස්ටින් ටෘෘඩෝය. ආරක්‍ෂාව පිළිබඳ සියලු විශ්වාසයන් පියාගේ අත්ල මත තබා එක එල්ලේ පියාගේ දෑස බලා සිටින චබී බබා ටෘෘඩෝගේ සිවුමස් වියැති පුතු හැඩ්රින්ය. ජස්ටින් ටෘෘඩෝට ක්ෂේවියර් නමින් පුතකු හා එලාගේ‍ර්ස් නමින් දියණියක්ද සිටී. ඔහුගේ බිරිය සොපියා ගේ‍රගෝරිය. ටෘෘඩෝ මෙසේ බිලිඳු පුතු ඔසවාගෙන සිටින්නේ ඔවුන් තිදෙනාගේම විරෝධය මැදය.

ජස්ටින් ටෘෘඩෝ ක්‍රීඩාශීලී මිනිසෙකි. දැනට 47 වැනි වියේ පසුවන්නේය. ඔහු කැනඩාවේ අගමැති මෙන්ම එරට ලිබරල් පක්‍ෂයේද නායකයාය. තමාගේ දරුවන් තිදෙනාට මෙන්ම කැනඩාවේ සියලුම දරුවන්ට ආදරය කරන්නේය. රටේ සියලු දරුවන්ගේම වියදම් දරන්නේ කැනඩා රජය විසිනි. දරුවන් උපන් මොහොතේ සිටම ඔවුන්ගේ අවශ්‍යතා සඳහා වියදම් රජය බලා ගනී. ලෝකයේ අති නවීනතම වෛද්‍ය සේවාවන් කැනඩා දරුවන්ට හිමිවේ. ලෝක දියණියන්ගේ දිනය දා ටෘෘඩෝගේ දියණිය එලා ගේ්‍රස් අගමැති කාර්යාලයට පැමිණි විට වහා අසුනෙන් නැඟිටගත් ටෘෘඩෝ 'දුවේ අද ඔයාලගේ දිනයයි' කියා සිය අසුන ඇයට පිරිනමා පසෙකින් සිට ගත්තේය.

ජස්ටින් ටෘෘඩෝ ඔටුනු පලන් හිසෙහි බර හිතට නොගෙන සැහැල්ලුවෙන් ජීවත් වන්නෙකි. සිය නිරෝගී සිරුර ගැන ආඩම්බර වන ඔහු වරක් ඇමැතිවරු විමතියට පත් කරමින් කැබිනට් කාමරයේ මේසයක් මත දෑතින් සිටියේය. මුළු සිරුරේම බර දෑතට දී අමාත්‍ය මණ්ඩලය ඉදිරියේ ශක්තිය පෙන්වූ ලොව එකම අගමැතිවරයා ඔහුය.

ටෘෘඩෝ පවුල ලොව පුරා නිතර සංචාරයේ යෙදෙති. ඔවුන්ගේ හැම පින්තූරයකම පාහේ දකින්නට තිබෙන්නේ පුතා වඩාගෙන දියණියගේ අත අල්ලාගෙන ගමන් කරන ටෘෘඩෝය. ටෘෘඩෝගේ මුළු පවුලම ජිම්නාස්ටික් ක්‍රීඩකයන්ය. පවුලේ පස්දෙනාම එකට දුවති, පනිති. ජිම්නාස්ටික් පුහුණු වෙති. ඒ නිසාම මානව හිතවාදය හා බැඳුණු දේශපාලනයක් ඔහුට තිබේ.

සිරියාවේ යුද අනාථයන් ලක්‍ෂ තුනක් පසුගියදා කැනඩාව භාරගත්තේය. ලෝකයේ බොහෝ රාජ්‍යයන් සිරියානු සරණාගතයන්ට ‍ෙදාරටු වසා දමද්දී කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ 'එන්න මම නුඹලාට රැකවරණය දෙන්නෙමැයි' කීවේය. ලෝකයේ විශාලම රාජ්‍යයන්ගෙන් එකක් වූ කැනඩාවේ ජනගහනය තුන්කෝටි හැත්තෑ දෙලක්‍ෂයකි. (3,72,42,571) සිරියානු සරණාගතයන්ට රටේ ඉඩ දුන්නා කියා කැනේඩියන්කාරයෝ පෙළපාළි ගියේ නැත.

විදේශිකයන් කැනඩාවට කැඳවා ඔවුන්ට පුරවැසිභාවය ලබාදී නූතන කැනඩාව බිහිකළේ පියරේ ටෘෘඩෝ විසිනි. පියරේ කියන්නේ ජස්ටින්ගේ තාත්තාය. ඔහු ලංකාවේද මිත්‍රයෙකි. 1976 නොබැඳි සමුළුව තිබූ වෙලාවේ මෙහේ ඇවිත් ගියේය. කැනඩාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් අනූනව ලක්‍ෂයකි. (99,84,670) දැනටමත් කැනඩාවේ ජනවර්ග 8ක් සිටිති. යුරෝපීියන්, ආසියානුවන්, කැරිබියන්, ලතින්, ඇෆ්‍රිකන්, ඕසියානා සහ දේශීයයන් ඊට අයත් වෙති. ඔවුන් සියල්ලෝම කැනේඩියානුවන්ය.

අසල්වැසි ඇමෙරිකාව විදේශිකයන්ට සියලු ‍ෙදාරටු වසා දමද්දී කැනඩාව සරණාගතයන්ට අත වැනීම මනුෂ්‍යත්වය හා බැඳුණු කතාන්තරයකි.

කුඩා හැඩ්‍රියන් ටෘෘඩෝ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ අමනාපය. එයට හේතුව ටාජ් මහල් නරඹන්නට ඉන්දියාවට ගිය අවස්ථාවේදී මෝදි ඔහුගේ දකුණු කන රතු වෙන්නට මිරිකූ නිසාය. අගමැති මෝදිට කුඩා දරුවන්ගේ කන් මිරිකන නරක පුරුද්දක් ඇති බව හැඩ්‍රියන් දැන සිට නැත. එසේ දැන සිටියා නම් ඔහු අසලටවත් නොයන බව ඔහු පවසා තිබිණි.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon