සඳ මත මිනිස් ජනපද හදලා අඟහරුත් ඩැහැගන්න අල්ලන අඩව්ව මෙන්න

  👤  3139 readers have read this article !
2019-01-06

වසර 2040 වනවිට සඳ මත ජනපදයක් පිහිටුවීමට තීරණය කර ඇතැයි එම අභ්‍යවකාශ ආයතනය නිවේදනය කළේය. එහි නිලධාරීන් අනාවරණය කළ පරිදි පළමුවෙන් මිනිසුන් සහිත යානයක් සඳ මතට බස්වා ඔවුන් ලවා එහි මූලස්ථානයක් ඉදිකරවීම එම ව්‍යාපෘතියේ ප්‍රමුඛ පියවරක් වී තිබේ.

පෞද්ගලික ව්‍යාපාරික ආයතන සඳ මත පිහිටුවා එහි ව්‍යාපාරික කටයුතු කර ගෙන යන්නට සැලැස්වීමෙන් ඇමෙරිකාව සඳ මතට ගෙන යෑමට නාසා ආයතනය සැලසුම් කරන බව අනාවරණය වීමත් සමඟම රුසියාවේ අභ්‍යවකාශ ආයතනය ඉහත සඳහන් නිවේදනය ප්‍රචාරය කළේය. තම ව්‍යාපෘතිය අදියර තුනකින් ක්‍රියාත්මක කරන බවද ආයතනය ප්‍රකාශ කරයි. නවාතැන් පොළක් කක්ෂගත කිරීම, මිනිසුන් සහිත යානයක් යැවීම හා ඉන් අනතුරුව ස්ථාවර මූලස්ථානයක් සඳ මත ඉදිකිරීම එම අදියර තුනට අයත් වෙයි.

සඳ මත මූලස්ථාන ඉදිකිරීමට ඉතාම යෝග්‍ය තත්ත්වය පවත්නා කලාප චන්ද්‍රිකාවල ආධාරයෙන් හඳුනා ගන්නට තමන්ට දැනටමත් හැකිව තිබේ යැයි අභ්‍යවකාශ ආයතනයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

2040දී පියවර කිහිපයකින් ක්‍රියාත්මක වීමට නියමිත මෙම වැඩපිළිවෙළ, මොස්කව් නගරය මූලස්ථානය වශයෙන් පවත්නා රෙස්කොස්මස් විද්‍යා හා තාක්ෂණ මණ්ඩලයේත් රුසියානු විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ මණ්ඩලයේත් ඒකාබද්ධ රැස්වීමේදී නිවේදනය කරන ලද්දේය.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්කය අභ්‍යවකාශ කටයුතු අතින් ජාතික අභිලාෂය සපුරා ලීම යැයි අදාළ බලධාරියෝ ප්‍රකාශ කරති. චන්ද්‍ර ගවේෂණ වැඩපිළිවෙළ තම අභ්‍යවකාශ මණ්ඩලයේ න්‍යාය පත්‍රයේ මුලට පැමිණ තිබේ යැයිද දැන් එය ඉතාම වැදගත් කාර්යයක් බවට පත්ව තිබේ යැයිද යළිත් සඳ වෙත හැරී රටේ යහපත උදෙසා කටයුතු කිරීම තමන්ගේද අවශ්‍යතාවක් බවට පත්ව තිබේයැයි නාසා ආයතනයද නොබෝදා ප්‍රකාශ කළේය.

ලෝක්හීඩ් මාර්ටින් ඇතුළු පෞද්ගලික ආයතන ගණනාවක් සම්බන්ධ කරගෙන සඳ මතට බැස්සිය හැකි රොබෝවන් නිර්මාණය කිරීමට හා සඳේ ස්වාභාවික සම්පත් කැණිය හැකි ක්‍රමවේද සකසා ගැනීමටත් නාසා අජටාකාශ ආයතනය සැලසුම් සකස් කර ගෙන යයි. අන්තිමේදී මිනිසුන් හඳට යැවීම සඳහා අවශ්‍ය තාක්ෂණය මෙයින් නිපදවා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන අතර, දශකයක කාලය තුළ සඳ මත මිනිසුන් සහිත මූලස්ථානයක් පිහිටුවන බව නාසා ආයතනයේ පරිපාලන නිලධාරී ජිම් බ්‍රයිඩන්ස්ටීන් ප්‍රතිඥාවක ස්වරයෙන් ප්‍රකාශ කළේය.

සඳ මත නවාතැන් ගැනීම සඳහා ඇමෙරිකාව කරන ගවේෂණයේ ඊළඟ පියවර දැන් ක්‍රියාත්මක කරන හෙයින් සඳේ මිනිස් වාසය ඉක්මන් වනු නිසැක යැයි හෙතෙම පැවැසීය. සඳේ සම්පත් උපයෝගි කර ගනිමින් එහි සිට අඟහරු ලෝකයට ගමන් කිරීමද තම ආයතනයේ අරමුණක් යැයි ඔහුගෙන් ප්‍රකාශ විය.

නාසා ආයතනය ගවේෂණ කටයුතු සඳහා අවශ්‍ය දේ චන්ද්‍රයා වෙත ප්‍රවාහනය කරනු පිණිස එහි වාණිජ වෙළෙඳ පොළක් නිර්මාණය කිරීමේ සැලසුම් සකස් කරගෙන යයි. සඳ මත අඛණ්ඩ වාසය සඳහා අවශ්‍ය තාක්ෂණය නිර්මාණය කර ගැනීම එහි අවසාන ඉලක්කයයි. ඇමෙරිකා ඩොලර් බිලියන 2.6ක් මෙම ව්‍යාපෘතිය සඳහා උපරිම වශයෙන් වැය වෙතැයි ගණන් බලා ඇති අතර, නාසා ආයතනය තවත් ගනුදෙනුකරුවන්ද සමඟ වාණිජ රොබෝවන් ගොඩ බැස්සීම සඳහා අභ්‍යවකාශය මිලට ගන්නවාද ඇත. සඳ මතට යැවිය යුතු දේ එම රොබෝවන් මඟින් යැවීම එහි අරමුණය.

නාසා ආයතනයෙ චන්ද්‍ර පුනරාගමනය සඳහා කටයුතු කරන ආයතන නවය

ඇස්ට්‍රොබොටික් ටෙක්නොලොජි

(Astrobotic Technology)

 මෙම ආයතනය ඇමෙරිකා ඩොලර් මිලියන විස්සක "ලූනාර් එක්ස්ප්‍රයිස්" චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියට සම්බන්ධ වූ කණ්ඩායමට අයත් ආයතනයකි. එම ව්‍යාපෘතිය අසාර්ථක වූ හෙයින් මේ වසරේදී නවතා දමන ලදී. මෙම ආයතනය "පෙරිග්‍රීන්" යන නමින් නිර්මාණය කළ චන්ද්‍ර යානය, කම්පන චාරක(Shock  Absober) සහිත පාද හතරක් මත රැඳවිණි.

එය අභ්‍යවකාශයට විද හැරීම සඳහා ඊට නියමිත රථයක සවි කරන ලදී. සඳ මතට යැවිය යුතු වූ උපකරණ හා භාණ්ඩ මෙම යානය මඟින් ආරක්ෂාකාරීව හා නිවැරැදිව යැවිය හැකිව තිබුණු බවද ආයතනය කියයි.

ඩේ්‍රපර් (Draper) 

කේම්බි්‍රජ්හි, මැසචුසෙට් මූලස්ථානය වශයෙන් පවත්නා මෙම පර්යේෂණ ආයතනය ස්වයං පාලක පද්ධතිවල සිට ජෛව වෛද්‍ය විද්‍යාත්මක විසඳුම් සඳහා අවශ්‍ය පද්ධති දක්වා සියලුම දේ පිළිබඳව පර්යේෂණ පවත්වමින් සියල්ලේ සංවර්ධනය සඳහා අවශ්‍ය පියවර ගනී. ජාත්‍යන්තර අභ්‍යවකාශ නවාතැන්පොළක සිටින්නන් සඳහා වෙන් වන කුටියේ වාෂ්පශීලී කාබනික සංයෝගය පරීක්ෂා කිරීම සඳහා එහි වායුව මැන බැලිය හැකි උපකරණයක් නිෂ්පාදනය කිරීම ඩේ්‍රපර් පර්යේෂණාගාරයේ සුවිශේෂ නිපුණතාවලට අයත්ය.

ෆර්ෆ්ලයි එයරොස්පේස් Firetly Aerospace)


මෙම ආයතනය, වාණිජ අභ්‍යවකාශ යානයක් හා සඳ මත ගොඩ බැස්සීමේ චන්ද්‍ර යානයක් පිළිබඳ සංකල්පයක් ඉදිරිපත් කළේය. ආයතනය ඒ පිළිබඳව විස්තර මෙතෙක් අනාවරණය කර නැති නමුත් අදියර තුනකින් චන්ද්‍රයානය නිසි තැනට යැවෙනු ඇතැයි විශ්වාස කරනු ලැබේ.

ඉන්ට්‍යුටිව් මැෂිනස්( Intuitive Machines) 


හුස්ටන් මූලස්ථානය කර ගත් මෙම ආයතනයද සඳ මතට ගොඩ බැස්සිය හැකි යානයක් පිළිබඳ සංකල්පයක් ඉදිරිපත් කළ අතර එහි සැලැස්ම ''අ2ච්2'' චන්ද්‍ර යානයට බොහෝ සෙයින් සමාන විය. 24/7 දත්ත ආවරණ ශක්තියක් ඊට තිබෙන බවත් බරින් කිලෝග්‍රෑම් 85ක් වන උපරකරණ එහි ගෙන යා හැකි බව මෙන්ම එය සඳ මත කවරම තැනකට වුවද බැස්සිය හැකි බවද මෙම ආයතනය කියයි.

ලොක්හීඩ් මාර්ටින් (Lockheed Martin)


අභාවප්‍රාප්ත නාසා ගගනගාමී මැක්කැන්ඩිලස් සිහි කරනු පිණිස යානයට එම නම යෙදූ බව ආයතනය කියයි. සිය යානය ගැන ආයතනය තවදුරටත් සඳහන් කරන පරිදි ලිපිද්‍රව්‍ය, විද්‍යා උපකරණ, සඳ මත එහා මෙහා යැවිය හැකි වාහන මෙන්ම සඳෙන් ලබා ගන්නා නියැදි පොළොවට එවිය හැකි යානාද ඇතුළුව කි.ග්‍රෑම් සිය ගණනක උපකරණ මෙම යානයෙහි ගෙන යා හැකිය.

මැස්ට් ස්පේස් සිස්ටම්ස්  (Masten Space Systems)


මෙම ආයතනයේ ඔඹ් _ 1 නමැති යානය කි.ග්‍රෑ. 100ක උපකරණ සඳ මතට රැගෙන යා හැක්කකි. උපකරණ සඳ මතට රැගෙන යෑමේ මූලික කාර්යයත් එහිදී ඒවායේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය යාන්ත්‍රික ශක්තිය සැපයීමත් සඳ මතදී ඒවා අවශ්‍ය තැන් වෙත නිකුත් කිරීමත් යනාදී කටයුතු කීපයක් සඳහා පමණක් යොදා ගත හැක්කකි.

මූන් එක්ස්ප්‍රස් (Moon Express)


කැනවරල් තුඩුව මූලස්ථානය කොට ගෙන ක්‍රියාත්මක වන මෙම ආයතනය රොබෝ විද්‍යානුකූල අජටාකාශ යානයක් නිපදවීමේ ප්‍රයත්නයක කලකට පෙර යෙදී සිටි අතර එය 'ස්ටාර් වෝර්ස්' (Star Wars)  චිත්‍රපටයේ දක්නට ලැබුණු අ2ච්2 යානයේ අනුරුවකට සමාන බවත් එහි පාද හතරෙන් චන්ද්‍ර පෘෂ්ඨය පුරා පැන පැන යා හැකි අන්දමින් එය නිර්මාණය වීමට නියමිතය තිබුණු බවත් ආයතනය සඳහන් කරයි.

සඳේ සම්පත් ව්‍යාපාරික කටයුතු සඳහා යොදා ගැනීමේ පළමු වැනි අදියර එයින් ආරම්භ වන බවද බවත් ප්‍රකාශ කරයි.

ඕර්බිට් බියොන්ඩ් (Orbit Beyond)


නිව් ජර්ස් ප්‍රාන්තයෙහි පිහිටි මෙම ආයතනය සඳ මතට ඉක්මනින් උපකරණ යැවීම සඳහා යොදා ගත හැකි පාද හතරක චන්ද්‍ර යානයක් පිළිබඳ සංකල්පයක් නොබෝදා අනාවරණය කළ නමුත් ඊට අදාළ ව්‍යාපෘතියක් පිළිබඳ විස්තර මෙතෙක් ප්‍රකාශයට පත්ව නැත.

පරිවර්තනය
ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon