ඇමෙරිකාවේ ශීත ඍතුව ජීවිතය සහ මරණය

  👤  3888 readers have read this article !
2019-02-10

ඇමෙරිකා එක්සත් ජනපදය මෙවර අතිශය දරුණු ශීත ඍතුවකට මුහුණ දී සිටී. පසුගිය දිනවල මධ්‍යහ්නයේ නිව්යෝර්ක් නුවර උෂ්ණත්වය සෙල්සියෙස් අංශක ඍන -10 දක්වා පහත වැටිණි. වොෂින්ටන් නගරයේ උෂ්ණත්වය -70ක් වූ අතර ලොස් ඇන්ජලීස් -12ක්ද, චිකාගෝ -17ක්ද, පිල්ඩෙපියා -10ක්ද, නිව්ජර්සි -11ක්ද ආදී වශයෙන් වාර්තා විය. කොළඹ නගරයේ මේ දිනවල උෂ්ණත්වය අංශක 26ක් බව සලකන විට එක්සත් ජනපදයේ ශීත කුණාටු ගැන අපිට යම් අදහසක් ඇතිකරගත හැකිය.

බොහෝ නගර හිම පතනයෙන් වැසී ඇති අතර පාසල් හා විශ්වවිද්‍යාල වසා තිබේ. මෙම ධ්‍රැවීය සුළි කුණාටු තත්ත්වය  'Polar Vorlex' යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබයි. එයින් වඩාත්ම පීඩාවට පත්වන්නේ ප්‍රධාන නගරවල වීදිවල වෙසෙන මිනිසුන්ය. යුරෝපා රටවල ඔවුන් හඳුන්වන්නේ 'Homeless People' යනුවෙනි. ඔවුන්ට නිවාස නැත. සීතලට ඔරොත්තු දෙන උණුසුම් ඇඳුම් කබා නැත. වීදි අහුමුලුවල ගුළි වී සිටින මේ මිනිසුන් ඇතැම්විට සීතලට ගල් වී මරණයට පත්වේ.

අද ඡායාරූපය එවැනි මිනිසකු සීතලට මුහුණ දෙන අන්දම පිළිබිඹු කරන්නකි. ඩ්ධථඥතඥඵඵ මිනිසුන් ජීවත්වන්නේ පවුල් පිටින් නොවේ. ඔවුන්ගේ දරුවන් රජය විසින් රැගෙන ගොස් රැකවරණය දෙන නිසා මේ අය තනිපංගලමේ පසුවෙති.

නිවාස නැති බොහෝ මිනිසුන් නිව්යෝර්ක් වැනි ප්‍රධාන නගරවල වාසය කරති. 2017 ගණනය කිරීමට අනුව 0.17% මිනිසුන් එක්සත් ජනපදය තුළ නිවාස අහිමිව වෙසෙති.

එය ලෝකයේ ධනවත්ම රට ලෙස ඇමෙරිකාව වටා ගෙතී ඇති දහසක් සුන්දර කතාවලට පිටතින් පවතින සත්‍යය වන්නේය. නිවාසයක් නැතිව පාරේ ජීවත් වීමට අදාළ හේතු කාරණා රැසකි. නිවාස ගාස්තු සඳහා ප්‍රමාණවත් ආදායමක් නැතිකම, කිසියම් වරදක් නිසා නීත්‍යනුකූලව නෙරපීම, මානසික ආබාධ, දික්කසාද වීම, ශාරීරික ආබාධ, විරැකියා දීමනා අත්හිටුවීම, විශ්‍රාම වැටුප් අහිමි වීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, ගංවතුර _ ළැව්ගිනි ආදී ස්වාභාවික විපත් නිසා නිවාස අහිමි වීම ආදී විවිධ හේතු මත දියුණු නගරවල පවා මිනිසුන් පාරට වැටෙති. ඔවුන් රාත්‍රිය ගත කරන්නේ දුරකථන කුටියක, බස් නැවතුමක හෝ අගු පිලකය.

එවරස්ට් කඳු මුඳුනේ සාමාන්‍ය උෂ්ණත්වය අංශක ඍන -27කි.

චිකාගෝ නගරයේ මේ දිනවල උෂ්ණත්වය අංශක -17ක් වූ විට එහි ඇති දරුණු තත්ත්වය වටහා ගත හැකිය. මුළු රටේම මිනිසුන් උණුසුම් කාමරවල නිදද්දී මේ මිනිසා පොරෝණයක සැඟවී සිටී. 'ර්ථීධතචප ඍධබඥය' ධ්‍රැවීය සුළු කුණාටුවේදී සිදුවන්නේ අඩු පීඩනයක් සහිත වායුව විරුද්ධ දිශාවට සංසරණය වෙමින් ධ්‍රැව ප්‍රදේශයෙන් පහළට ව්‍යාප්ත වීමය. ධ්‍රැවීය කලාපය පුළුල් වෙමින් නිව්යෝර්ක් දක්වා පහළට ගමන් කරමින් තිබේ. හිරු පායන දිනක් එනතුරු මෙහි නිදන මිනිසුන් ජීවිතය හා මරණය සමඟ සටන් වදිනු ඇත.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon