බේ‍රා්හියර් කුරුමිට්ටකු කළ අවුකන බුද්ධ ප්‍රතිමාව

  👤  4207 readers have read this article !
2019-02-10

බි්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ විසිවැනි සියවස මුල ලංකාවේ මැනුම් කටයුතු කළ මිනින්දෝරු නිලධාරියකු වූ රිචඩ් ලෙස්ලි බේ‍රා්හියර් මෙරට ඓතිහාසික සම්ප්‍රදායයන් වාරිකර්මාන්තය සහ ඓතිහාසික යුගය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදුකළ විද්වතෙකි. ඔහු ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඇවිදිමින් අවුරුදු 40ක් පුරා මේ දිවයින පිළිබඳ ප්‍රාමාණික දැනුමක් උකහා ගත්තේය.

මිනින්දෝරු කට්ටලය සහ මිනුම් පටිය රැගෙන පුරාණ රාජධානි සමය බිඳ වැටීමෙන් වසර දහස් ගණනකට පසු එතෙක් මිනිසුන් පය නොගැසූ ඝන වනාන්තර තුළ ඔහු ඇවිද ගියේය. ඓතිහාසික යුගයේ පුරාණ රාජධානිවල නටබුන් දැක හැඳින ගත්තේය. ඒ නිසාම මෙරට ශේ්‍රෂ්ඨ ඓතිහාසික සම්ප්‍රදායයන්ට බේ‍රා්හියර් මහත් සේ ගරු කළේය.

බේ‍රා්හියර් ස්වකීය චාරිකා අලළා තබන ලද වාර්තා සටහන් ඇසුරින් "ඉඥඥඪද ඛ්ඥරතධද" නමින් ග්‍රන්ථයක් සම්පාදනය කළේය. එච්.සී.පී.බෙල් වැනි කීර්තිමත් පුරාවිද්‍යාඥයන්ට මෙන්ම මහාචාර්ය පරණවිතාන සූරීන්ටද ඓතිහාසික යුගයේ සීමා මායිම් සොයා යෑමට ආර්.එල්. බේ‍රා්හියර්ගේ මැනුම් වාර්තා සහ සටහන් ඉවහල් වූයේය.

බේ‍රා්හියර්ගේ ආධ්‍යාත්මය හඳුනා ගැනීමට ඇති හොඳම සටහනක් වන්නේ අවුකන පිළිම වහන්සේ හිරු එළිය නොවැටෙන ඝන වනාන්තරයේ ප්‍රථමයෙන් නෙත ගැටුණු අවස්ථාවේ ඔහු විසින් තබන ලද සටහනය. බේ‍රා්හියර් අවුකන මැනුම් කටයුතු කරන්නේ 1920 දශකයේදීය.

"ලොව මිනිසා විසින් නිර්මාණය කළ විශිෂ්ටතම කලා නිර්මාණය අවුකන බුද්ධ ප්‍රතිමාව යැයි මම විශ්වාස කරමි. මා කලා වැව මිටියාවතේ මිනුම් කටයුතු කළේ කලාවැවේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වී රූස්ස වනාන්තරයෙන් වැසුණු ගොවි බිම්වල ජනපද ගොවීන් පදිංචි වන්නට බොහෝ කලකට පෙරය. එවකට මේ ප්‍රදේශ හරහා දිවෙන මහා මාර්ග දුම්රිය මාර්ග කිසිවක් තිබුණේ නැත. මිනින්දෝරු කණ්ඩායම වනාන්තරය ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටියේ ත්‍රිකෝණමිතික ස්ථානයක් සඳහා උස් කඳු ගැටයක් සොයා ගනු පිණිසය. අප කැලෑව පාදා ගනිමින් ඉදිරියට යත්දී හදිසියේම අප ඉදිරියේ මේ විසල් ප්‍රතිමාව පාදුර්භූත විය. මම තුෂ්ණිම්භූත වීමි. මා දකින්නේ සත්‍යයක්ද මායාවක් දැයි මට අදහාගත නොහැකි විය. පියවි සිහියට එළඹෙන්නට මට කෙටි වෙලාවක් ගත කරන්නට සිදුවිය.

හිරු නොබසින අධිරාජ්‍යයේ පුරවැසියකු ලෙස ජීවිත කාලය පුරා සිතේ පැවැති අභිමානය ඒ නිමේෂයේදී බොඳ වී ගියේය. දැවැන්ත ප්‍රතිමාව ඉදිරියේ මා කුඩා අඟුටුමිට්ටකු බවට පත්ව සිටියේය. අභිමානය ඉවත හළ මම මේ චමත්කාරජනක විස්මිත නිර්මාණය නරඹන්නට වූයෙමි. සියවස් විස්සකට වැඩි කාලයක් තිස්සේ මෙම භූමිය හරහා හැමූ මෝසම් සුළඟට හා වර්ෂාවටත් මේඝ ගර්ජනාවලටත් චණ්ඩ අකුණු සැරවලටත් මුහුණ දෙමින් සුවිසල් ප්‍රතිමාව මහේශාඛ්‍ය ලීලාවෙන් නැඟී සිටියේය. මට වැටහී ගියේ රුදුරු ආක්‍රමිකයන්ගේ කුරිරු හස්තයන්ගෙන්ද බේරී මෙය පැවැතීම මහා ආශ්චර්යයක් බවය.

විසල් ගල් පර්වතයක නැඟෙනහිර මුහුණතේ මුළුමනින්ම රවුම්වට ආශීර්වාද මුද්‍රාවෙන් නෙළා ඇති මේ මහා බුදු පිළිමය අතිශය සුන්දරය. මෙවැනි මනස්කාන්ත පසුබිමෙක මේ උත්කෘෂ්ඨ නිර්මාණය කරන්නට හැකියාව තිබෙන්නේ නියත වශයෙන්ම ශේ්‍රෂ්ඨයකුට පමණි. මෙවැනි රළු ගල් පව්වක මෙලෙස සූක්ෂ්ම කැටයම් සහිත සියුම් ඉරියව් මතු කරමින් ජීවය පිඹිය හැකිවන්නේ උත්කෘෂ්ඨ කලාකරුවකුටම පමණි. ශ්‍රද්ධාවේ සංකේතයක් වැනි මේ උත්තුංග පිළිමය කරවූයේ කිනම් රජු සමයේ දැයි කිව නොහැකිය. මේ අවට ගල් ලෙන් කිහිපයක් ඇති අතර ඒ අසල තිබෙන කෙමක් ආසන්නයේ සෙල් ලිපියක්ද තිබේ. ආචාර්ය ඩබ්ලිව්. සී. නිකොලොස් පසුව පෙන්වා දුන් අන්දමට එය සළකුණුකර ඇත්තේ පළමුවැනි සියවසේදීය.

බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රතිමාව නැඟෙනහිර දෙස බලා වසර 1400ක් සිටියදී මේ ප්‍රදේශය රූස්ස ගස් කොළන් සහිත මහ වනයට බිලි වන්නට ඇත. මේ පිළිමය නිම වීමෙන් සියවස් හතරක් පහක් ගෙවුණු තැන ධාතුසේන රජු කලාවැව ඉදිකළ විට කලාවැවේ වැව් බැම්මේ සිට මේ පිළිමය දැකගත හැකිවිය. පසුකලෙක එච්.සී.පී. බෙල්ගේ හා බරෝස්ගේ විස්තර කියවන තුරු මට පිළිමයේ පරිමාව ගැන හැඟීමක් තිබුණේ නැත. සිරස් පත සිට පාදයේ කෙළවර දක්වා උස අඩි 46 යි අඟල් 4කි. පාදම අඩි 3යි අඟල් 10ක් උසය. සිරස් පත අඩි 3 අඟල් 8කි. සිවුරේ අඟපසඟවල සියුම් විස්තර වසර දහස් ගණනකට පසුවත් එලෙසම සලකුණු වී තිබේ. නිසැක ලෙසම එය මිනිසාගේ විශිෂ්ටතම ප්‍රතිභා පූර්ණ නිර්මාණයකි.

මාලි ලුවිස් ගේබි්‍රයෙල්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon