සමුදුරු ගැඹුරු පත්ලේ අබිරහස් ජීවිත

  👤  3745 readers have read this article !
2019-02-10

මුහුදු පත්ලේ සූර්යාලෝකය නොවැටෙන අගාධ තීරයෙහි ජීවත් වන ජීවීන් "ආගාධවාසී සතුන්" (Abyssai Animals)  ලෙස ගැනේ. මේ සතුන් ඇතැම් විට අප පොසිල වශයෙන් හඳුනාගෙන ඇති ආදි යුගයේ විසූ සතුන්ය. අගාධ පත්ලෙහි ජීවත් වන්නේ ඉහළින් පිහිටි මහා ජල කඳෙහි පීඩනය දරා ගත හැකි ඒ පරිසරයට අනුවර්තනය වූ ජීවීන්ය.

දැනීම වැඩිකර ගැනීම සඳහා ස්පර්ශක අවයවත් ආහාර ලබා ගැනීම පහසුවනු පිණිස ඒ අවයවත් ආලෝකය නිපදවා ගැනීමේ ශක්තියත් තමන් තුළ ඇති කර ගැනීමට මේ සතුන් බොහෝමයක් සමත්වී ඇත.

අඳුරෙහි ජීවත් වීමට ඇස්වල අවශ්‍යතාවක් නොමැති නිසා මඩෙහි ඇනී වැඩෙන මුහුදු පෑන (Sea Pen)අගාධයට විශේෂය. මූදු කකුළුවන්, මූදු කැකිරි, මූදු කුමුදු, ඉස්සන්, දැල්ලන්, පසැඟිල්ලන්, පොලිකීටාවන්, දෙපියන් බෙල්ලන් වැනි ජීවීහු පත්ලේ මඩ මතුපිට හා මඩ ඇතුළෙහිද ජීවත් වෙති.

මෙහි වෙසෙන මසුන්ට සිරුරට වඩා විශාල කටවල් තිබේ. උදරයද තමන්ට වඩා ලොකු සතකු වුවත් ගිල ගැනීමට තරම් ඇදෙන සුලුය. නිදසුන් ලෙස කියස්මෝඩුස් හා වෙලනොංකටුස් දැක්විය හැකිය. මෙහි සමහර මසුන්ට ආලෝකය නිපදවීමට පුළුවන. මේ ශක්තිය සත්දීප්තිය යනුවෙන් හැඳින්වෙයි.

අගාධයෙහි ජීවත්වන සතුන්ට ප්‍රජනන කාර්යය ඉතා දුෂ්කර එකක් වන්නේ ගැහැනු පිරිමි සතුන් එකිනෙකා මුණගැසීමේ අපහසුව නිසාය. අගාධයෙහි වෙසෙන බිළී මස්සා ඊට අපූරු පිළියමක් යොදයි. ඒ පිරිමි සතුන් ඉතා කුඩාය. ඔවුහු රංචු වශයෙන් ගැහැනු සතාගේ එල්ලී පරපෝෂිතයන් ලෙස ජීවත් වෙති. ගැඹුරු මුහුදු පත්ල ගවේෂණයේ ඇති අසීරුතාව නිසා මෙම ජීවීන් පිළිබඳ හෙළි නොවුණු තොරතුරු බොහෝ වෙති.

එස්. රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon