හොඳම දේ දරුවන්ට ද?

  👤  3246 readers have read this article !
2017-04-04

'හොඳම දේ දරුවන්ට' යැයි වී.අයි. ලෙනින් පැවැසුවේ පශ්චාත් විප්ලවීය රුසියාවේ ළමයින් ඉතා දුක්ඛිත ඉරණමකට බඳුන්ව සිටි නිසාය. විප්ලවීය රුසියාවේ; නොඑසේ නම් සෝවියට් දේශයේ ළමයින්ට ලැබුණේ හොඳම දේය. එහෙත් වර්තමාන රුසියාවේ පමණක් නොව, ලෝකයේ බොහෝ රටවල ළමයින්ට තවමත් හොඳ කාලයක් උදා වී නැත.

දෙකෝටියකට මඳක් වැඩි ජනගහනයක් සිටින ලංකාවේ ළමයින් සංඛ්‍යාව 45,71,442කි. ඉන් ළමයින් 39,007ක් අන්තරායදායක රැකියාවල නිරත වන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ළමයින්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී ඇත. 2008 වසරේදී මේ සංඛ්‍යාව 63,916ක් හෙවත් 1.3%ක් ලෙස පැවැති අතර එය මේ වන විට 0.9%ක් දක්වා අඩු වී තිබේ. මේ සාපේක්ෂ අඩුවීම සතුටට කරුණක් වුවද කිසිසේත් ඉන් සෑහීමකට පත්විය නොහැකිය.
වයස අවුරුදු 5 සිට 17 දක්වා වන පාසල් වයසේ පසුවන පිරිස් ළමයින් ලෙස සැලකේ. 2016 වසර වන විට ඇස්තමේන්තුගත මෙරට ළමා ශ්‍රමකයන් ගණන 10,3704කි. ඉන් අන්තරායදායක මට්ටමේ රැකියාවල නිරත සංඛ්‍යාව 39,007ක් වන අතර අන්තරායදායක නොවන රැකියාවල නිරත සංඛ්‍යාව 4,707ක් ලෙස සැලකේ. එය ප්‍රතිශතයක් ලෙස මෙරට ළමා ජනගහනයෙන් 0.1%කි. අන්තරායදායක රැකියාවල නිරත වන ළමයින් අතරින් 88.2%ක් හෙවත් 34,395ක් පාසල් යන්නේ නැත. අදාළ සමීක්ෂණයට අනුව ග්‍රාමීය ප්‍රදේශවලට වඩා පාසල් නොයන ළමයින් සිටින්නේ නාගරික හා වතු ප්‍රදේශවල වීම විශේෂත්වයකි.
මුළු ළමා ජනගහනයෙන් 7,77,283ක් සිටින්නේ නාගරික ප්‍රදේශවලය. 3,55,3550 දෙනකු ග්‍රාමීය ප්‍රදේශවලද 2,40,608ක් වතු ආශි්‍රතවද ජීවත් වෙති. වැඩිම ළමා ශ්‍රමිකයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ග්‍රාමීය ප්‍රදේශවලිනි. එහි ප්‍රතිශතය 2.47%කි. එය ළමා ශ්‍රමිකයන්ගේ ජාතික ප්‍රතිශතය වන 2.27%ද ඉක්මවා යෑමක් ලෙස සැලකේ.

ළමා ශ්‍රමය සූරාකෑමේ ඉහළම ප්‍රතිශතය වාර්තා වී ඇත්තේ අනුරාධපුරයෙනි. එය 59%කි. ත්‍රිකුණාමලය 47.8%ක් වන අතර මොනරාගල 46.9%කි. කළුතර 43.97%කි. මාතර දිස්ත්‍රික්කයේ ළමයින් 41% ශ්‍රමිකයන් ලෙස යොදාගන්නා බව වාර්තා වී ඇත.
නාගරික ප්‍රදේශවල ළමා ශ්‍රමිකයන්ගේ ප්‍රතිශතය 1.74%ක් වුවද අඩුම ළමා ශ්‍රමිකයන්ගේ ප්‍රතිශතය වන 0.96% වාර්තා වන්නේ වතු ආශි්‍රත ප්‍රදේශවලින් වීම විශේෂත්වයකි.

සමස්තයක් ලෙස ගත් කල ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රම උපයෝජනය තවදුරටත් අවම කර ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. ඇත්තෙන්ම ජනතාව දැනුවත් වීම හා නීතිරීති දැඩි වීම නිසා ළමා ශ්‍රමය යොදාගැනීම අඩු වී තිබේ. පාසල් අධ්‍යාපනය 13 වසර දක්වා අනිවාර්ය කිරීම ළමා ශ්‍රමය යොදා ගැනීම අවම කර ගැනීමට මහත් දායකත්වයක් ලබාදෙනු ඇත. දැයේ සම්පත වන 'දරුවන්' මල් මෙන් සුරක්ෂිත කරගත යුතුය.
සියලු දරුවන් මල් මෙන් රැකබලා ගන්නා ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම පැවරෙන්නේ වැඩිහිටියන්ටය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon