භාණ්ඩාගාරයෙන් බිලියන 1.3ක් මාසයකට ලංගමට නොදුන්නොත් එය පවත්වාගෙන යන්න බෑ

  👤  4943 readers have read this article !
2017-04-05

මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 1.3ක් මාසයකට ලබා නොදුන්නොත් ලංගමය පවත්වාගෙන යන්න බැහැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවැසීය.
මාර්ග බලපත් සඳහා ටෙන්ඩර් ක්‍රමය 2005දී හඳුන්වා දුන්නා. බලපත්‍ර නැතිව අන්තර් පළාත් බස් රථ විශාල ප්‍රමාණයක් ධාවනය වන බවට තොරතුරු ලැබී තිබෙනවා. දැනට බලපත් 3219ක් නිකුත් කර තිබෙනවා.

බලපත්‍ර නැති බස්රථ වෙනුවෙන් මෙතෙක් අය කළේ රුපියල් 10,000ක දඩයක්. ඒ දඩ මුදල ලක්ෂ දෙක දක්වා වැඩි කරනවා. වැඩි වශයෙන් බලපත් නොගෙන කටයුතු කරන්නේ උතුරට යන බස් රථයි. බස් සංගම් ගණනාවක් අපට මේ ගැන පෙන්වා දුන්නා.
අතීතයේ නීති විරෝධීව බලපත් ලබාදීම නිසා අපේ ලියවිලි 1500ක් පමණ එෆ්.සී.අයි.ඩී. ගෙන ගිහින් තිබෙනවා. පෞද්ගලික බස් රථ 22,000ක් තිබෙන අතර ලංගම බස් රථ 7,500ක් පමණ තිබෙනවා. 60% හා 40% කාල සටහන් හදලා දුන්නත් ඒක ක්‍රියාත්මක කරන්නෙ නැහැ. ලංගම හා පෞද්ගලික බස් රථත් මේ කාල සටහන් කඩ කරනවා.

බස් රථවල සීට් ඉ¼දගන්න ඉඩ මදි. ඒවා ප්‍රමිතිගත කළ යුතුයි. භාණ්ඩාගාරයෙන් මාසෙට බිලියන 1.3ක් ලංගමයට දෙන්නෙ නැත්නම් එය පවත්වාගෙන යන්න බැහැ. ලංගමය ලාභ ලබන ආයතනයක් නොව සේවා සපයන ආයතනයක් හැටියට අප කටයුතු කරනවා.
රුපියල් බිලියන 12ක අර්ථසාධක හිඟ වැටුප් ගෙවන්න තිබුණා. රුපියල් බිලියන 7ක පමණ අර්ථසාධක අරමුදල් හා පාරිතෝෂික නඩු අවසන් කර තිබෙනවා. ඉතිරි බිලියන 5 ගෙවීමටද කටයුතු කරනවා.

ලංකාවෙ තිබෙන වාහන ප්‍රමාණයත්, ත්‍රීවීල් ප්‍රමාණයත් අපේ රටට ඔරොත්තු දෙන්නෙ නැහැ. අලුතින් බස් රථ ගෙන්වන්න බැහැ. පෞද්ගලික බස්රථ සංඛ්‍යාවත් වැඩි නිසා සමහර විට පාඩුවටත් දුවනවා. අප රටේ වාහන ධාරිතාව ගැන මීට වඩා ගැඹුරින් කල්පනා කළ යුතුයි.

කලාව වෙනුවෙන් ජීවිතය කැප කර අසරණව සිටින කලාකරුවන්ට ආධාර කරනවා

කලාව වෙනුවෙන් ජීවිතයම කැප කර අසරණව සිටී නම් ඒ බව දැනුම් දුන් විට මුදලින් ආධාර කරනවා. බෙහෙත් අවශ්‍ය නම් ලබා දෙනවා යැයි අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු ඇමැති එස්.බී. නාවින්න මහතා පැවැසීය.
හැම රජයක්ම කලාකරුවන්ට විශේෂ සේවයක් කර තිබෙන බව අමතක කරන්න බැහැ. කලාකරුවකුගේ මරණයක් දැන්වුවහොත් අප රුපියල් ලක්‍ෂයක් ගෙවනවා. සමාජ ආරක්‍ෂණ මණ්ඩලය සමඟ එක්වී විශ්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු කරනවා.
වයස අවුරුදු 60න් එහා කලාකරුවන්ටත් යම් ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කරනවා. සමහර අය ජීවිතයම කලාව වෙනුවෙන් කැප කර අද අසරණව සිටින අය. අපට දැන්වුවහොත් ඔවුන්ට මුදලින් ආධාර කරනවා. බෙහෙත් අවශ්‍ය නම් ලබාදෙනවා.

ශ්‍රම බළකායට
කාන්තා දායකත්වය
වැඩි කරගත යුතුයි

ශ්‍රම බළකායට කාන්තා දායකත්වය වැඩිකර ගත යුතු යැයි ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න පැවැසීය.
කොටුව දුම්රියපොළ නවසිය හතළිස් ගණන්වල සිටම නවීකරණය වී නැහැ. පොදු ප්‍රවාහනයට රජයක් අවුරුදු විස්සකින් මුල් තැන දීලා නැහැ. පොදු ප්‍රවාහනයේදී පිරිමින් බස් රථ ධාවනය කරන්නෙ. කාන්තාවන් ධාවනය කරන්නෙ නැහැ. අද ආර්ථිකයට බලපාන ප්‍රශ්නයක් නම් කාන්තාවන් ශ්‍රම බළකායට ඇති දායකත්වය අඩුකමයි. කාන්තාවන්ගේ දායකත්වය සියයට 35යි. මෙය වැඩිකර ගන්නේ නැත්නම් පිටරටින් ශ්‍රමිකයන් ගෙන්වන්න වෙයි.

මිනීමරු රියැදුරන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්න

සල්ලිවලට කෑදර මිනීමරු රියැදුරන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රි ඉෂාක් රහුමාන් (එ.ජා.ප.) පැවැසීය.
අපේ ඉස්කෝල ළමයි යන්න බස් නැතිව කිලෝමීටර් ගණනක් පයින් යනවා. රුපියල් දෙකේ සල්ලිවලට මිනී මරන යුගයක් ඇතිවෙලා. ප්‍රයිවට් බස් හා ලංගම බස් පාරේ යනවා. සල්ලිවලට කෑදර මිනීමරු රියැදුරු මහත්වරුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න.

මේක කලාකරුවන්ට
හොඳ හෙටක් ලබාදෙන රජයක්

හැම රජයකින්ම සිදුවුණේ කලාකරුවන් පාවිච්චි කර ඉවතට විසි කිරීම යැයි සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධක නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක පැවැසීය.
හැම රජයකින්ම වුණේ කලාකරුවන් පාවිච්චි කර ඊට පසු ඉවතට විසි කිරීමයි. ජනාධිපති සම්මාන උළෙල හා සරසවි සම්මාන උළෙල පැවැත්තුවා. ජනාධිපති සම්මාන උළෙලේදී කලාකරුවන්ට ලක්ෂ 60ක් පමණ ලබා දුන්නා.
පසුගිය කාලෙ මොකද කළේ. සල්මාන් ඛාන් ගෙන්නුවා. කෝටි 12ක් සමඟ ගෙන්නුවා. ඒ ගැන එෆ්.සී.අයි.ඩී. ලිපි ගොනුවක් තිබෙනවා. අයිෆා සම්මාන උළෙලට කෝටි 150ක් පමණ වියදම් කළා. අපේ සම්මාන උළෙල පැවැත්වූවේ නැහැ.
කලාකරුවන් මුනිවරුන් වැනියි. ඔවුන් ජනතාව සුවපත් කරනවා. කලාකරුවන් මිය ගිය පසු මළ ගෙදර ගොස් වර්ණනා නොකර ඉන්න කාලෙදි සම්මාන ආදිය ලබා දෙන්න.

පසුගිය කාලෙ කලාකරුවන්ට පඩිපතක් නැති නිසා බැංකු ණය දුන්නෙ නෑ. විජය කුමාරතුංගට වෙඩි තිබ්බේ මේ රටේ. ලෝකෙ වටේ ගිය ෂාරුක් ඛාන්ට බෝම්බ ගැහුවේ මේ රටේ.
කලාකරුවන්ට හොඳ හෙටක් ලබාදෙන හොඳ ඇහුම්කන් දෙන රජයක් මේක.

කලාකරුවන්ට සම්මාන දීම හොඳයි:
ඒත් එමඟින් ඔවුන්ගේ් ජීවිත
නඟා සිටුවන්න බැහැ

කලාකරුවන්ට සම්මාන දීම හොඳ නමුත් සම්මාන දීමෙන් පමණක් ඔවුන්ගේ ජීවිත නඟාසිටුවන්න බැහැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
අපේ බොහෝ කලාකරුවන් තම දිවියේ සැ¼දෑ සමය ගත කරන්නේ බොහෝ දුක්ඛිත තත්ත්වයක් මධ්‍යයේ බව කිව යුතුයි. එය බරපතළ ගැටලුවක්. මේ බොහෝ කලාකරුවන්ට විශ්‍රාම වැටුපක් හිමිවී නැහැ. මේ කලාකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සොයා බලා ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ වැඩපිළිවෙළක් අවශ්‍යයි.
ජනාධිපති සිනමා සම්මාන උළෙල, සරසවි සම්මාන උළෙල පැවැත්වීම හොඳයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon