අගමැතිගෙන් ශ්‍රීලනිප ඇමැතිවරුන්ට තර්ජන

  👤  4302 readers have read this article !
2017-04-09

කැබිනට් මණ්ඩලය සුපුරුදු පරිදි අඟහරුවාදා පෙරවරුවේ රැස්වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. අලුත් අවුරුද්දට පෙරාතුව පැවැත්වූ අවසන් කැබිනට් මණ්ඩල රැස්වීමේදී යෝජනා 26 කට පමණ අනුමැතිය පළවුවත් එහිදී ඇති වූ විවිධ යෝජනා, අදහස් නිසා එය උණුසුම්කාරී විය.

බි්‍රතාන්‍ය පාලකයන් විසින් ත්‍රිකුණාමලයේ ඉදිකොට තිබෙන තෙල් ටැංකි සංකීර්ණයේ තිබෙන තෙල් ටැංකි 50ක් ඉන්දීය ඔයිල් සමාගමට (ධ්ර්ණීඛ්) වසර 50කට බදු දීම ඇතුළත් යෝජනාවක් නිසා ශ්‍රී ලනිප ඇමැතිවරුන් හා අගමැති වික්‍රමසිංහ අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.
"දැනටමත් අයිඕසී එක තෙල් ටැංකි භාවිත කරනවා. ඒකට විරුද්ධව වෘත්තීය සමිතිත් විරෝධය පළ කරනවා. මේ කරන්නේ නැති ප්‍රශ්න ඇති කිරීමක්" බව චන්දිම වීරක්කොඩි පැවැසීය.

"මේ ආණ්ඩුව රජයේ මර්මස්ථාන විකුණන බවට ජනතාවට ආකල්පයක් ඇති වෙලා. මේක ආණ්ඩුවට අවාසියි" එහෙම කිව්වේ අනුර යාපාය. "හම්බන්තොට, චීනය, කොළඹ ඇමෙරිකාවට, ත්‍රි'මලය ඉන්දියාවට කියලා ජනතාව චෝදනා කරනවා. එහෙම දිගින් දිගටම ගියොත් මිනිස්සු කැරලි ගහවි" දයාසිරි එසේ කීවේය. මේ අදහස් දැක්වීමට අගමැතිවරයාට කේන්ති ගියේය. "අයිසෙ අපි මිනිස්සු ගැන බලා ගන්නම්. ඔයාලා ඒකට මැදිහත් වෙන්න ඕන නැහැ." යැයි දයාසිරිට චෝදනා කළ අගමැතිවරයා රාජපක්ෂලා එක්ක ඩීල් දාපු හෙංචයියලාට මේක පාලනය කරන්න දෙන්න බැහැ" යැයිද කීවේය. ඊටද පිළිතුරක් ඇමැති දයාසිරිට තිබිණි. "රාජපක්ෂලා එක්ක ඩීල් දමන්නේ කවුද කියලා ජනතාව දැන් දන්නවා. රාජපක්ෂලාට එරෙහිව නීතියක් ක්‍රියාත්මක නොවන්නේ ඇයිද කියලත් ජනතාව දන්නවා" දයාසිරි අගමැතිවරයාට උත්තර දුන්නේ එලෙසින්ය. මේ සියලු වාද විවාද වෙද්දී ජනාධිපති සිරිසේන කිසිවක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

මාර්ග ඉදිකිරීම සඳහා යොදා ගැනීමට දේශීය බැංකු අරමුදලක් පිහිටුවීමට අගමැති රනිල් වික්‍රමසිංහ යෝජනාවක් ගෙන ආවේය. ඒ රුවන්පුර අධිකරණය ඉදිකිරීම ආදිය වෙනුවෙන්ය. "එතකොට පොළොන්නරුවේ පාරවල් හදන්න ප්‍රතිපාදන නැද්ද?" යැයි ජනාධිපතිවරයා විමසීය. ඊට පිළිතුරු දුන් අගමැතිවරයා "ඒවත් මේ යටතෙම හදනවා" යැයි කීවේය.

ශ්‍රී ලංකා ට්‍රැක්ටර් ලිමිටඩ් ආයතනයට වන්දි ගෙවීම සඳහා වූ යෝජනාවක් ඉදිරිපත් වුවද ඊට මුදල් ඇමැති රවි විරුද්ධ වී ඇත. එහි සභාපති ලෙස සිටින්නේ උපුල් ජයසූරියයි. ඔහු රවි සමඟ අමනාපයෙන් සිටින්නෙකි. හෝටල් සංස්ථාවේ නිහාල් ශ්‍රී අමරසිංහට වන්දි මුදලක් ගෙවීමට යෝජනාවක් ගෙන එනු ලැබූවද "ඔහු නඩුවෙන් පරාදයි. ඔහුට වන්දි දෙනවාට වඩා හිල්ටන් එකේ කොනෙල් පෙරේරාට වන්දි දීම හොඳයි" විජයදාස කීවේ එවැනි කතාවකි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වාහන දීමේ යෝජනාව යළිත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ මුදල් ඇමැතිවරයාය. පෞද්ගලික අංශයෙන් බද්දට ලබාගත් වාහන මන්ත්‍රිවරුන්ට දීම සුදුසු බව ඉන් කියැවිණි. මීට පෙරද එම යෝජනාව ඉදිරිපත් වී තිබුණද අනුමත වූයේ නැත. "ඉතින් ඇයි කුලියට වාහන ගන්නේ, ලීසිං කරලා රජයෙන් ගත්ත නම් ඒවා රජයට ඉතිරි වෙනව නේද?"යි ජනාධිපතිවරයා විමසීය. එවැනි අදහස් නිසා මන්ත්‍රිවරුන්ට කුලියට වාහන දීම යළිත් වරක් යටපත් විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව සඳුදා පාර්ලිමේන්තුවේදී රැස්විය. ඒ එහි ප්‍රධානී අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්ය. මෙහිදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක "අගමැතිතුමනි, ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට ඔබත් ජනාධිපතිතුමත් එකඟ වී ඇති බව ශ්‍රී ලනිප අය කියනවා. ඒක ඇත්තක්ද?" යැයි විමසීය. "මමත් ජනාධිපතිතුමත් මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළා තමයි. ඒත් එවැනි තීරණයක් ගත්තේ නැහැ. ව්‍යවස්ථා කමිටුවේ තීරණ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා තමයි අවසන් තීරණ ගන්නේ" අගමැතිවරයා පැහැදිලි කළේය. "පුද්ගල කේන්ද්‍රීය ව්‍යවස්ථා හදනවාට ජවිපෙ විරුද්ධයි. එහෙම වුණොත් අපි මේ කමිටුවෙන් ඉවත් වෙනවා" අනුර කීවේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහයුම් කමිටුව විසින් සකස් කරන මූලික කෙටුම්පත ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී බොහෝ දෙනෙක් පෙන්වා දුන්හ.

ලෝකයේ රටවල් 170ක පමණ සහභාගිත්වයෙන් ලෝක අන්තර් පාර්ලිමේන්තු සමුළුව පසුගිය සති අන්තයේ පැවැතියේ බංග්ලාදේශයේදීය. ඊට සහභාගි වූ ශ්‍රී ලාංකික දූත පිරිසේ නායකත්වය ගත්තේ කතානායක කරු ජයසූරියයි. කතානායකවරයාට තමා ඉතා සමීපව ඇසුරු කළ දවුල්දෙණ නාහිමියන්ගේ අපවත් වීම සැලවන්නේ එහිදීය. ඒ අනුව නාහිමිට අවසන් ගෞරව දැක්වීමට කතානායක කරු ජයසූරිය මවු රටට පැමිණියේය. ප්‍රබල රටවල් කිහිපයකම රාජ්‍ය තාන්ත්‍රිකයෝ රැසක්ම පසුගිය දින කිහිපයේ මෙරටට පැමිණියහ. මහජන චීන සමූහාණ්ඩුවේ පාලක කොමියුනිස්ට් සංගමයේ සභාපති යූ ශෙන්ග් ශෙන්ග් මහතාද ඒ අතර වෙයි. බ්‍රහස්පතින්දා සවස කටුනායක ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට පැමිණි ඔහු පිළිගත්තේ කතානායක කරු ජයසූරිය විසින්ය.

දිවයිනට පැමිණි ජර්මානු සමූහාණ්ඩුවේ පාර්ලිමේන්තු කතානායක ආචාර්ය නෝබට් ලැමර්ට් ඇතුළු දූත පිරිස සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වීමටද කතානායක කරු ජයසූරියට හැකි විය. 1992 ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ලෙස කොන්රොඩ් ජාත්‍යන්තර පදනමේ ආධාරයෙන් ශ්‍රී ලංකාවේ රන්ජන් විජයරත්න දේශපාලන පීඨය ඇරැඹීම සඳහා තමා සම්බන්ධීකරණය කිරීමට හැකි වූ බව මෙහිදී සිහිපත් කළ කරු ජයසූරිය යළිත් දේශපාලන විද්‍යා පීඨයක් පණ ගැන්වීමට එක්වන ලෙස ජර්මන් සමූහාණ්ඩුවේ කතානායකවරයාට යෝජනා කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අඟහරුවාදා පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය. දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැති එහිදී වඩාත් අවධානය යොමු කෙරුණේ මැයි දිනය, විමල් වීරවංශ ආදී මාතෘකා සම්බන්ධයෙන්ය. එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ අවධානය බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ අය විසින් ආරම්භ කොට තිබෙන මාධ්‍යවලට තහංචියක් දැමීමටද යොමු විය. "මහ බැංකුවේ බැඳුම්කර වංචාවෙන් උපයාගත් මුදලින් දැන් මාධ්‍ය ආයතන ආරම්භ කරලා තියෙනවා. අපි මේ මංකොල්ලයට එදා සිටම විරුද්ධ වුණු අය ලෙස අපි මේ ගැන ජනමතයක් නිර්මාණය කළා. එම මුදල්වලින් ආරම්භ කරලා තියෙන මාධ්‍ය ආයතනවලට අපි සම්මුඛ සාකච්ඡා නොදී ඉමු." ඩලස් කළ යෝජනාවට සියලු දෙනා එකඟතාව පළ කළහ.

අගමැති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතය අලළා දිනේෂ් වීරක්කොඩි රචනා කළ චරිතාපදානය අඟහරුවාදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වූයේ ජනපති, අගමැති, ඇමැතිවරු, විදේශ තානාපතිවරුන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්ය. ඉන්දියාවේ හිටපු ඇමැතිවරයකු වූ ආචාර්ය ශශීි තරු එහි ප්‍රධාන දේශනය පැවැත්වීය. ඔහු සමඟ අගමැතිවරයා හා රාජිත උත්සවයට පෙර එකට සිටින විට විශේෂ ආරාධිතයෙක්ද පැමිණියේය. ඒ හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගමයි. "අගමැතිතුමා ගැන මුල්ම පොත 1997දී එළිදැක්වූයේ රෝහිත බෝගොල්ලාගම" රාජිත එහිදී සිහිපත් කළේය. "මොකද මතක නැත්තේ, මම විපක්ෂ නායක වෙලා ඉන්න කාලේ රෝහිත ඒක ලියපු එකයි වටින්නෙ" අගමැතිවරයා කීවේය.

බ්‍රහස්පතින්දා අගමැතිවරයා අරලියගහ මන්දිරයට යද්දී එජාප මැති -ඇමැතිවරු පිරිසක්ද අගමැතිවරයා හමුවීමට එහි පැමිණ සිටියහ. ඔවුහු අගමැතිවරයා සමඟ එහිදී සුහද කතාබහක නිරත වූයේ මෙලෙසින්ය. "වෙසක් පෝය දෙකෙන් ආණ්ඩුවට පෙරළන මහින්දගෙ කතාවට ඔබතුමා එයාගෙන් අහපු ප්‍රශ්නවලට තවම උත්තර දීලා නැහැ නේද?" යැයි නවීන් ඇසුවේ අගමැතිවරයාගෙන්ය. "අපේ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක් මේ ගැන ඇහුවා. මැයි දිනේදී හරි මහින්දට මේවට උත්තර දෙන්න වෙනවා." අගමැතිවරයා ඊට දුන්නේ එවැනි පිළිතුරකි. ලබන 10දා අගමැති රනිල් වික්‍රමසිංහ ජපානයේ සහ වියට්නාමයේ නිල චාරිකාවක යෙදීමට සැලසුම් කොට ඇත. ඒ ගැන විමසූ දයා ගමගේට මෙහිදී ලැබුණේ කදිම පිළිතුරකි. "මම සිංහල අවුරුද්දට ලංකාවටම තෑගි ගේන්නයි යන්නේ" අගමැතිවරයා කීවේය.
"ගෝල්ෆේස් එක මහින්දලාට දීපු එක හොඳයි. දැන් ඒක පුරවලා පෙන්වන්න ඕන. ඒත් ගෝල්ෆේස් එකේ කොටසක් විතරක් කොටු කරලා ඒකට සෙනඟ දමන්න හදනවා කියලත් ආරංචියි." කිරිඇල්ල කීවේ ඒකාබද්ධය ජනතාව එක්ක ඉන්නවා නම් මුළු පිට්ටනියම පුරවලා පෙන්වන්න ඕන බවද සඳහන් කරමින්ය. "තිස්ස අත්තනායකගේ නඩුවට ඔබතුමාටයි, ජනාධිපතිතුමාටයි උසාවි එන්න කියලා සිතාසි එව්වා නේද? යනවද ඉතින්?" දයා ගමගේ ඇසුවේය. "එන විදියක් බලමු. එදාට තියෙන රටට ජනතාවට වැදගත්ම වැඩෙයි මට තෝරා ගන්න වෙන්නේ" අගමැතිවරයා උත්තර දුන්නේය.

ත්‍රිකුණාමලයේ "2017 - යොවුන් පුර" වැඩසටහනට සමගාමීව නිවාස 24කින් සමන්විතව ත්‍රිකුණාමල කල්පල්තුරෙයිහි ඉදිවන "එකමුතුගම" උදා ගම්මානයට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතින් මුල්ගල් තැබුණේ අප්‍රේල් 1දාය. මේ ගම්මානය සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී සිංහල, දෙමළ හා මුස්ලිම් පවුල් 8 බැගින් සමසේ තෝරාගෙන තිබූ අතර සජිත් ඒ බව "යොවුන්පුර" උත්සවයේදී අගමැතිවරයා සමඟ කී විට ඔහුද ඒ පිළිබඳ සිය සතුට පළ කර සිටීම විශේෂ සිද්ධියක් විය. මුල්ගල් තැබීමේ උත්සවයට ආ විශේෂ ආරාධිතයා වූයේ විපක්ෂ නායක ආර්. සම්පන්ධන්ය. "බොහොම හොඳයි - මේ 369 වැනි උදාගම නේද" යැයි සම්පන්දන් මහතා අසද්දී සජිත් විමතියට පත්වුණේ ඔහු එපමණ නිවැරැදිව ඒ විස්තර දැන සිටීම පිළිබඳවය. අනතුරුව විපක්ෂ නායකවරයා කීවේ "ඔබේ පියා වගේම ඔබත් මේ නිවාස වැඩපිළිවෙළ ඉදිරියට රැගෙන යෑම ගැන මා ඔබට සුබ පතනවා. ඔබේ තාත්තා එදා ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කයට පැමිණ උදා ගම්මාන හදද්දී මම උපරිම සහයෝගය ලබා දුන්නා. අදත් ඉදිරියටත් මම මගේ සහයෝගය නොඅඩුව ලබා දෙනවා" කියාය.

"රෙජීමයක රිදුම්" නමින් ම.ප. තමීර මංජු මාධ්‍යවේදියා රචනා කළ ගීත එකතුවක් ජනගත කිරීම සඳුදා පැවැත්වුණේ කොළඹ නව නගර ශාලාවේදීය. විජිත හේරත්, අර්ජුන රණතුංග හා සරත් විජේසූරිය එහි ප්‍රධාන ආරාධිතයෝ වූහ. එහිදී ආරාධිතයන්ටද අදහස් දැක්වීමට අවස්ථාව සලසා තිබුණේය. එහිදී විජිත හේරත් "පසුගිය රෙජීමයේ රිදුම් අදටත් වේදනා දෙනවා පමණක් නොව අද රෙජීමයේ රිදුම්ද ජනතාවට වේදනා දෙනවා" යැයි කීවේය. "මේ විදියට ගියොත් මේ රෙජීමයේ රිදුම් ගැනත් ලියන්න සිදු වන" බව කීවේ සරත් විජේසූරියයි. අර්ජුන රණතුංග හම්බන්තොට වරාය ගැන කතා කළේය. "වරාය විකිණීමක් ගැන ලොකු කතාබහක් ඇති වෙලා. ගිවිසුමේ කොන්දේසි අඩු කරන්න මම නිහඬව සටන් කරනවා" ඔහු කීවේය.

ශ්‍රී ලනිප සාමාජිකත්වය අත්හිටුවා සිටින පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්තට එරෙහි විනය පරීක්ෂණය පැවැත් වුණේ අප්‍රේල් 1දාය. නීතිඥ චම්පානි පද්මසේකරගේ සහභාගිත්වයෙන් යුතු එම විනය කමිටුවට සනත් නිශාන්ත ගියේ නීතිඥයන් තිදෙනකුද සමඟින්ය.
"අද අප්‍රේල් පළමුවැනිදා මෝඩයාගේ දවස. මෝඩයාගේ දවසෙ රැස්වෙන එකම විනය කමිටුව මේක වෙන්න ඇති. ශ්‍රී ලනිපය ගත් මෝඩම තීන්දුව තමයි මට විරුද්ධ මේ විනය පරීක්ෂණ පැවැත්වීම. මගේ විනය හොයන්න පත් කරලා තියෙන කමිටුවේ සභාපතිවරයා අධිකරණය හමුවේ විභාග වන නඩුවල විත්තිකාරයෙක්. ඒ හින්දා මේ විනය කමිටුව මට පිළිගන්න බැහැ." සනත් නිශාන්ත විනය කමිටුවේදී කීවේ එවැනි කතාවකි. එහෙත් විනය කමිටුව ඔහුගේ විරෝධය පිළි නොගත්තේය. ඒ නිසා විනය පරීක්ෂණයට අදාළ විරෝධතාවක් ඇත්නම් ඉදිරිපත් කරන්නැයි ඔවුහු මන්ත්‍රිවරයාට දැනුම් දුන්හ. "මම විනය කමිටුව පිළිගන්නේ නැහැ. ඒ නිසා මගේ පැත්තෙන් මම කරුණු ඉදිරිපත් කරන්නේ නැහැ. විනය පරීක්ෂණ කරන්න ඕන පක්ෂය පාවා දුන් සභාපතිටයි, ලේකම්ටයි විරුද්ධව මිසක් මට නෙවෙයි" යැයි කියමින් සනත් නිශාන්ත මන්ත්‍රිවරයා විනය කමිටුවෙන් බැහැරව ගියේය.

"දකුණු ලංකාව සහ කඳුරට දෙමළ ක්‍රියාකාරි කමිටුව" නමින් පිහිටුවාගෙන ඇති දේශපාලන ක්‍රියාකාරි එකමුතුවක් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී අගමැති රනිල් වික්‍රමසිංහ හමුවිය. මනෝ ගනේෂන්, වී. රාධාක්‍රිෂ්ණන් එම කමිටුවේ ප්‍රධානීන් ලෙස කටයුතු කරන්නන්ය. ඉදිරි මැතිවරණයේදී උඩරට හා කොළඹ ජීවත් වන දෙමළ ජනතාවගේ සහාය එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීම එම සාකච්ඡාවේ අරමුණ වී තිබිණි.
මෙහිදී මැතිවරණවලදී අපේක්ෂකත්වය සඳහා එජාපයෙන් හිමිවන කෝටාව එමෙන්ම දෙමළ ජනතාව වෙනුවෙන් ලබා දෙන පොරොන්දු ආදිය පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා සිදුවිය.

එක්සත් ජාතික පක්ෂය බදාදා පැවැත්වූ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ගැන බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබිණි. ඒ තනතුරු රැසක වෙනස්කම් සිදුවන බවට ඉඟි පළවීමක් සමඟින්ය. පෙ.ව. 10ට පමණ පිටකෝට්ටේ පිහිටි සිරිකොත සභා මූලස්ථානයේදී එය ආරම්භ වූයේ පක්ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්ය.

මෙහිදී මහ ලේකම් ධුරය දැන්ම භාර ගැනීමට තමන් අකැමැති බව නියෝජ්‍ය මහ ලේකම් ඇමැති අකිල පැවැසීය. නියෝජ්‍ය නායක ධුර සඳහා සරත් ෆොන්සේකා, මංගල සමරවීර වැනි අය පත් කිරීමටත් බොහෝ දෙනෙක් විරුද්ධ වූහ. මෙවැනි වාද විවාද නිසා පක්ෂයේ තනතුරු මාරුව එදින සිදු කිරීමට හැකි වූයේ නැත.
ඇමැති විජයදාස රාජපක්ෂ කරන ඇතැම් ප්‍රකාශ නිසා පක්ෂය අපහසුතාවට පත්වන බව මෙහිදී මංගල, කබීර්, සුජීව ඇතුළු පිරිසක් චෝදනා කළහ. කළුතර මන්ත්‍රි ලක්ෂ්මන් විජේමාන්න මාධ්‍යවල ජනප්‍රියතාව පිණිස අනවශ්‍ය වැඩ කරන බවට අගමැතිවරයාගේ දෝෂ දර්ශනයට ලක් වූයේය. දැනට ආසන සංවිධායක ධුර දරන සියලු දෙනා එම තනතුරුවල පිහිටුවීමටත් පිට පිට වාර තුනක් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම් සඳහා සහභාගි නොවන අයගේ එම තනතුර අහිමි කිරීමටත් මෙහිදී යෝජනා ස්ථීර විය.

මධ්‍යම පළාත් සභාවේ පුරප්පාඩු වී තිබෙන විපක්ෂ නායක ධුරය සඳහා චානක අයිලපෙරුමත් විපක්ෂයේ සංවිධායක ධුරය සඳහා රෝහණ බණ්ඩාරත් පත් කිරීමටත් මෙහිදී තීරණය කරනු ලැබීය.

බිබිල ප්‍රදේශයේ පැවැති උත්සවයකදී මද්දුම බණ්ඩාර ඇමැතිවරයාට කලක් ඔහුගේ දේශපාලන පසමිතුරකු වූ විජිත් විජේමුණි සොයිසා ඇමැතිවරයා මුණගැසිණි. දෙදෙනා අතර වූ සුහද කතාබහ අතරතුර මුල්ගල් පෙරළන පිරිසක් සම්බන්ධයෙන් මද්දුම බණ්ඩාර සොයිසාගේ අවධානයට ලක් කළේය.
"ඇමැතිතුමා දැන් අලුත් විදියේ සෙල්ලමක් කට්ටියක් පටන් අරන් තියෙනවා. තමුන්නාන්සේ දන්නවද?" මද්දුම බණ්ඩාර පවසත්ම "අනේ අපේ ඇමැතිතුමා ඔය කියනකං මම දන්නේ නැහැ එහෙම අලුත් සෙල්ලමක් ගැන. ඇත්තටම මොකද්ද ඕක, අපටත් සහභාගි වෙන්න පුළුවන්ද?" යි සොයිසා විමසීය. "ඒකාබද්දෙ මොකද්ද කියන එකේ පිරිසක් ඉන්නවා අපි තියන මුල්ගල් පෙරළල දාන. මේ සෙල්ලම එච්චර හොඳ නැහැ" මද්දුම බණ්ඩාර කීවේය. "අනේ ඇමැතිතුමා මුල්ගල් පෙරළන සෙල්ලම නම් එදා කළෙත් නැහැ. අද කරන්නෙත් නැහැ. ඇමැතිතුමා දන්නවනේ මම කවුද කියලා" සොයිසා කියද්දී "මොකද මම නොදන්නේ" යැයි රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.

දින 87ක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශට සිකුරාදා පෙරවරුවේ ඇප ලැබිණි. ඒ ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප අයැදුම්පතක් සලකා බැලීමෙන් අනතුරුවයි. විමල්ගේ දියණියගේ අසනීප තත්ත්වය ආදියද ඇප දීමේදී සලකා බැලිණි. ඒ වනවිටත් උණ රෝගයකින් පෙළුණු විමල් වීරවංශ අධිකරණයට පැමිණියේ බන්ධනාගාරයට අයත් ගිලන් රථයකින්ය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon