‘සයිටම්’ විසඳුම
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හෙවත් 'සයිටම්' විරෝධී සටන, ආණ්ඩුව ගෙදර යවන බවට තර්ජනය කිරීම දක්වා දුරදිග ගියේය. සයිටම් විරෝධීන් පැහැදිලිවම ආණ්ඩුවට අභියෝගයක් එල්ල කරනු ලැබීය. සයිටම් වසා දැමීමට ආණ්ඩුව පියවර ගත යුතු යැයි ඔවුහු පැවැසූහ.
පමාවී හෝ ආණ්ඩුව තීරණයක් ගෙන ඇත. සයිටම් ආයතනය තනි පුද්ගල අයිතියෙන් ඉවත් කර පාලක මණ්ඩලයක් යටතට පත්කිරීමට තීරණය කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. මාස ගණනක් තිස්සේ පල්වෙවී පැවැති සයිටම් ප්‍රශ්නයට ආණ්ඩුවෙන් නිශ්චිත පිළිතුරක් ලැබීම සතුටට කරුණකි.
සයිටම් ප්‍රශ්නයට ආණ්ඩුව ක්‍රියාමාර්ග හතරක් යෝජනා කර ඇත. සයිටම් සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබාදීම ඉන් පළමු වැන්නයි, දෙවැන්න වන්නේ සයිටම් සිසුන් වෛද්‍ය සභාවේ විභාගයකට යොමු කිරීමයි. නීතිපතිවරයාගේ අනුමතිය සහිතව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කරනු ලබන වෛද්‍ය අධ්‍යාපනය සඳහා වූ අවම ප්රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් මඟින් නිකුත් කිරීම තෙවැන්නය. සිවුවැන්න 'සයිටම්' පාලක මණ්ඩලයක් යටතට පත්කිරීමය.
රජයේ මේ යෝජනාවලට සයිටම් විරෝධීන් දක්වා ඇත්තේ සුබවාදී ප්රතිචාරයන් නොවේ. විශේෂයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ යෝජනා පිළිගෙන නැත. 'සායනික පුහුණුව' මත ප්‍රමිතිය ගැන බරපතළ චෝදනාවක් 'සයිටම්' වෙත එල්ල කරන වෛද්‍ය සංගමය රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබාදීමටද විරුද්ධ ය. එහෙත් ඒ විරෝධයෙන් සිදුවන්නේ සයිටම්හි දැනට ඉගෙනුම ලබන සිසු සිසුවියන් මහත් අපහසුතාවකට පත්වීමය. වෛද්‍ය සංගමය කළ යුතුව තිබුණේ සයිටම් ආයතනයට පළමුවැනි සිසු කණ්ඩායම බඳවා ගැනීමේදීම විරුද්ධ වීමය. රාජපක්ෂ ආණ්ඩුව ඊට ප්‍රතිචාරයක් නොදැක්වූවා නම් සමස්ත ලංකා වෛද්‍ය වැඩ වර්ජනයක් කැඳවීමට වෛද්‍ය සංගමයට ශක්තිය තිබිණි. ෂයිලොක්ලා මෙන් මස් රාත්තලම නොඉල්ලා වෛද්‍ය සංගමය දැන්වත් යථාර්ථයට මුහුණදී ප්‍රශ්නයට කාලීන පිළිතුරක් සොයා ගත යුතුය.
සයිටම් ප්රශ්නය පසුගිය අවුරුදු දෙකේ හිටි අඩියේ මතුවූවක් නොවේ. එය අවුරුදු හත අටක් පැරැණි ප්රශ්නයකි. වෛද්‍ය සංගමය හෝ අ.වි.ශි.බ.ම. කියන පරක්කුවෙන් තීන්දුවක් දීමට ආණ්ඩුවකට හැකියාවක් නැත. දෙපාර්ශ්වයටම සවන් දී කාටත් සාධාරණ විසඳුමක් ලබාදීමේ වගකීම ආණ්ඩුවට ඇත. එනිසා ආණ්ඩුව මේ ඉදිරිපත් කර ඇති යෝජනාවලින් කිසිදු පාර්ශ්වයකට අසාධාරණයක් වන බවක් පෙනෙන්නට නැත. අසාධාරණය වී ඇත්තේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සිසුන්ට හා සයිටම් සිසුන්ටය. දෙපාර්ශ්වයේම අධ්‍යාපන කටයුතු මේ නිසා ඇනහිට ඇත. වරින්වර වැඩ වර්ජනය කරන වෛද්‍ය සංගමය නිසා දුෂ්කරතාවට පත්ව ඇත්තේ රෝගී ජනතාවය.
සයිටම් අර්බුදය දඩමීමා කරගෙන ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමට මානබලන පිරිසක්ද සිටිති. විශේෂයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේ විරෝධයේදී පරිස්සම් විය යුත්තේ ඒ නිසාය. රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නයට ශිෂ්‍යයන් දැක්වූ විරෝධය අවසානයේ නතර වූයේ ආණ්ඩුව පෙරළීමේ සටනක් දක්වා දුර දිග යෑමෙනි. සයිටම් විරෝධයද එවැනි මාර්ගයකට ඇදී යමින් පවතී. ශිෂ්‍යයන් පරිස්සම් විය යුත්තේ ඒ නිසාය. ආණ්ඩුව විසඳුමක් දී තිබේ. දැන් කළ යුත්තේ ඒ පිළිබඳව සාකච්ඡා කර අවසන් විසඳුමකට පැමිණීම මිස කැත්තට පොල්ල මෙන් සිටීම නොවේ.
විනෝදාත්මක
අද මව්බිමෙන්
- නොඑන ගමන ගිය මොරටු විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු සිසුවා 🕔2018-04-23
- කිතුල්ගලදී මියගිය කනිෂ්කගේ මරණ පරීක්ෂණය 🕔2018-04-23
- ගිරිතලේ ජාතික උද්‍යානවල සිටින අලින්ට මුඛ හා කුර රෝගයක් 🕔2018-04-23
- හක්කපටස් වෙඩිල්ලකින් සෙංගල්පඩෙයි අවුරුදු 3ක අලි පැටියෙක් මරුට 🕔2018-04-23
- උතුරෙන් දකුණට මිතුදම් චාරිකාවේ පිරිස කතරගම පුදබිමේ ආගමික වැඩසටහන් රැසකට එක්වෙති 🕔2018-04-23
- විදෙස් සංචාරකයෝ සීගිරිය අවුරුදු උළෙලේදී අලියා සමඟ කඹ අදිති 🕔2018-04-23
- සුළං බාධකයක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව ඇමැති රංජිත් සියඹලාපිටිය කියයි 🕔2018-04-23
- මිරිස්සේ අනවසර ඉදිකිරීම් මැයි 1 වැනිදා ඉවත් කරන්න යයි 🕔2018-04-23
- අක්කර 40ක් විනාශ කරමින් පැතිරුණු ගින්න පිළිබඳව පරීක්ෂණයක් 🕔2018-04-23
- යාල වනෝද්‍යානයේ සොඳුරු දසුන් ගෙනෙන ලාංකේය කොටි 🕔2018-04-23
- අලුත් සැසිවාරයකට පාර්ලිමේන්තුව කල් තැබීම විශාල පාඩුවක් 🕔2018-04-23
- වෙසක් සැමරුම් මුද්දරය 29දා එළි දකී 🕔2018-04-23
- විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් මැති-ඇමැතිවරුන්ට එරෙහි විශ්වාසභංගයට හවුල් පක්ෂවල සහාය 🕔2018-04-23
- නව පාසල් වාරය අද ඇරැඹේ 🕔2018-04-23
- එජාපයේ වෙනසක් විය යුතුයි ඇමැති නවීන් 🕔2018-04-23
- විශ්වාසභංගය නිසා කාරණා දෙකක් සිදුවුණා 🕔2018-04-23
- වික්‍රමසිංහගේ පරාජයේ ගිනස් වාර්තාව 🕔2018-04-23
- සිරකරුවෝ මනුෂ්‍යයෝය 🕔2018-04-23
- ජාතීන් මරා ගෙන යන යුගයක් ඉදිරියටම යයිද? 🕔2018-04-23
- ලංකාව සැබෑ මිනිසුන් වාසය කරන දහම් දිවයිනක් කිරීමට නම්... 🕔2018-04-23
- මැයි දිනට දෙන බොරු පොරොන්දු 🕔2018-04-23
- මහියංගණයේ පාළු නිවෙසක කාන්තා මළ සිරුරු දෙකක් 🕔2018-04-23
- පැරැණි ආරවුලකට තිදරු පියකුට පිහියෙන් ඇනලා 🕔2018-04-23
- මවු රටට ගිය විදේශිකයන් සාක්කි දීමට යළි පැමිණෙන්නේ නම් වියදම් රජයෙන් 🕔2018-04-23
- ලිංගික හිංසන සිදුකළ අයට නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා 🕔2018-04-23
- ඉන්දියාවේ නීති වෙනස් වෙයි ළමා දූෂකයන්ට මරණ දඬුවම 🕔2018-04-23
- රත්රන් තොගයක් ඉන්දියාවට හොරෙන් ගෙන යන්න හැදූ යුවළක් රේගු දැලේ 🕔2018-04-23
- මිරිස්ස වෙරළේ කඩ ඉවත් කිරීම ගැන ඇමැති ෆයිසර්ගේ විරෝධය 🕔2018-04-23
- හැඩය වෙනස් වූ ලංකා සිතියම මැයි අවසන් වීමට පෙර එළියට 🕔2018-04-23
- පොඩි මිනිහාට අප බෙදිය යුත්තේ ලොකු හැන්දකින් 🕔2018-04-23
- බොරු චෝදනා කරමින් මට බනින බැනිල්ලට වෙන කෙනෙක් නම් වහ බොනවා 🕔2018-04-23
- imf ගිවිසුම නිසා තෙල්වලට මිල සූත්‍රයක් එනවා 🕔2018-04-23
- නොපමාව පාර්ලිමේන්තුව විසුරුවන්න 🕔2018-04-23
- දඹුල්ල දිගම්පතහ රක්ෂිතයේ වේවැල් දළ ඇත් පැටවාට පිරිසක් වෙඩි තියලා 🕔2018-04-23
- ඇතින්නියට මඟහැරුණු මාස දෙකේ අලි සිඟිත්තා වනජීවී නිලධාරීන් පිරිසකට හමුවෙලා 🕔2018-04-23
- එංගලන්ත ෙදාස්තර යළි හදවත් සැත්කම් කළොත් සේවා කටයුතුවලින් ඉවත් වෙනවා 🕔2018-04-23
- සාමුහික ගිවිසුමට අනුව වතු කම්කරුවන්ට හිඟ වැටුප් නොගෙවීමෙන් කෝටි 8ක මුදලක් අහිමි වෙලා 🕔2018-04-23
- සතොසට හොර නෝට්ටු දුන් අයට ඇප 🕔2018-04-23
- කම්කරු දිනය 7 වැනිදා සමරන්න උඩරට දමිළ ප්රගතිශීලී පෙරමුණ තීරණය කරයි 🕔2018-04-23
- ඒකීය රාජ්‍ය අහෝසි කිරීමේ කොන්ත්‍රාත්තුව ජවිපෙ භාර අරගෙන 🕔2018-04-23
- සිංහල දෙමළ මුස්ලිම් දරුවන්ට අධ්‍යාපනය දිය යුත්තේ එකම වහලක් යටයි 🕔2018-04-23
- අද මේ රටේ නීතිය වල් වැදිලා 🕔2018-04-23
- ජාතික ආණ්ඩු මිථ්‍යාවෙන් ඉවත් වෙලා එජාපය තනි ආණ්ඩුවක් හදන්න ඕනෑ 🕔2018-04-23
- ආණ්ඩුවේ සිටි කුහකයන් දැන් එළියට ඇවිත් 🕔2018-04-23
- මැණික් ගඟේ දිය නාද්දි දිය වළක වැටී අතුරුදන් ව්‍යාපාරිකයාගේ මළ සිරුර හමුවෙයි 🕔2018-04-23
- අවුරුදු සාදයේදී ඉඩම් ආරවුලක් දුරදිග ගොස් පියාත් මාමාත් රෝහලට 🕔2018-04-23
- විශාල රළ පහරක් සමඟ මුහුදට වැටිලා දුව ගහගෙන ගියා එතකොටම පුතා මුහුදට පැන්නත් දෙදෙනාම ගහගෙන ගියා 🕔2018-04-23
- මළ සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණයට රජයේ රස පරීක්ෂකට යොමු කරයි 🕔2018-04-23
- රස පරීක්ෂණ වාර්තාව සති දෙකක් තුළ හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ලබා දෙනවා 🕔2018-04-23
- බිරියගේ ගෙල කපා පුද්ගලයකුට පිහියෙන් ඇන මරා තවකෙකුට පිහියෙන් ඇන පලා ගිය අපරාධකරු සොයා පරීක්ෂණ 🕔2018-04-23