මහින්දගේ ආරක්ෂාව
ගෝල්ෆේස් මැයි රැලියට ගැලූ ජන ගඟ දැක බියට පත් වූ ආණ්ඩුව සිය ආරක්ෂාව අඩු කළ බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ ඉකුත් දිනෙක හිරියාලේ පන්සලක පැවැති රැස්වීමකදී ප්‍රකාශ කර තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේද ගෝල්ෆේස් රැලියෙන් බියවී ඇති ආණ්ඩුව හිටපු ජනාධිපතිගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් 42 දෙනකු මැයි දිනට පසුදිනම ඉවත් කළ බවය. රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකු බැවින් මේ සම්බන්ධව අවශ්‍ය පියවර ගන්නා ලෙස මන්ත්‍රිවරයා කතානායකවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබිණි.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් සංඛ්‍යාව හදිසියේම අඩු කිරීම ගැන මන්ත්‍රි විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අවස්ථාවේ නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක ඊට පිළිතුරු ලබාදෙමින් කියා තිබුණේ ප්රභූන්ගේ ආරක්ෂක තත්ත්ව සමාලෝචනයකින් පසුව පොලිස්පතිවරයා විසින් මෙම අඩු කිරීම කර ඇති බවය. හිටපු ජනාධිපතිගේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 229 සිට 187 දක්වා අඩු කර ඇත්තේ අදාළ වාර්තාවට අනුව බවත් ඉදිරියේදී ආරක්ෂාව තර කිරීමේ අවශ්‍යතාවක් මතුවුවහොත් අදාළ තීරණය පොලිස්පතිවරයා විසින් ගනු ලබනු ඇති බවත් ඇමැතිවරයා එහිදී කියා තිබිණි. හෙතෙම අවධාරණය කර තිබුණේ මේ සම්බන්ධව කිසිදු දේශපාලන මැදිහත්වීමක් නොමැති බවය.
1988 වසරේ ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගැනීමේදී ඔහුගේ ආරක්ෂාවට නිලධාරීන් 65ක් සිට ඇත. එහෙත් 1996 වසරේ ඔහු මියයන විට සිටියේ ආරක්ෂකයන් 18ක් පමණි. ඩී. බී. විජේතුංග මහතා ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යනවිට ආරක්ෂකයන් 78 ක් සිට ඇත. ඔහු මියයන විට සිට ඇති ආරක්ෂකයන් සංඛ්‍යාව 12කි. 2005 වසරේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විශ්‍රාම යනවිට නිලධාරීන් 198 දෙනකුගේ ආරක්ෂාව ඇයට ලබාදී තිබුණේ එතුමිය එල්.ටී.ටී.ඊ. ඉලක්කයක්ව සිටි නිසාය. මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකින් ජනාධිපතිනියට ඇසක්ද අහිමිව සිටියාය. එහෙත් රාජපක්ෂ ආණ්ඩුව කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව අඩු කළ අතර ආරක්ෂාව ඉල්ලා අධිකරණයට යෑමට ඇයට අවසානයේ සිදුවිය. පසුව ආරක්ෂාව ලැබුණේ අධිකරණ නියෝගයකිනි.
හිටපු ජනාධිපතිවරයාගේ 'ආරක්ෂාව' අඩු කිරීමද එවැනි දේශපාලන හේතු මත සිදුකළේ නම් කිසිසේත් එය අනුමත කළ නොහැකිය. රාජපක්ෂ මහතා එල්.ටී.ටී.ඊ.ය මිලිටරිමය වශයෙන් පරාජය කිරීමට දේශපාලන නායකත්වය ලබාදුන්නෙකි. ඔහුගේ ආරක්ෂාව හා සෙසු ජනාධිපතිවරුන්ගේ 'ආරක්ෂාව' ගැන කාරණය සමාන නැත. ආරක්ෂක තත්ත්ව සමාලෝචන වාර්තාවට අනුව තීරණ ගැනීම ගැන විවාදයක් නැත. එහෙත් මැයි දිනයට පසුදිනම මේ වාර්තාවට අනුව හිටපු ජනාධිපතිගේ ආරක්ෂකයන් අඩු කිරීම සදාචාරසම්පන්න නොවේ. එක්කෝ එය දේශපාලනිකව ගත් තීරණයකි. නොඑසේනම් කවරකු හෝ ආණ්ඩුවට දුන් ලණුවකි. කුමන හේතුවක් නිසා කළත් එය දුර්වල තීන්දුවක් ලෙස පෙනීයෑම සාධාරණය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට මේ වනවිට ආරක්ෂකයන් 59 දෙනකු ලබාදී ඇති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ආරක්ෂකයන් 187 දෙනකු ලබාදී ඇත. රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්වනවිට ආරක්ෂකයන් 229 දෙනකු ලබාදී තිබිණි. මීට කලකට පෙර හයිඩ් පාක් හිදී පැවැති රාජපක්ෂ මහතා සහභාගි වූ ආණ්ඩු විරෝධී රැස්වීමකින් පසු ඔහුගේ ආරක්ෂාව අඩු කළේය. එවැන්නක් කළ දෙවැනි අවස්ථාව මෙයය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 'මහින්ද පාර්ශ්වය' ඇමැති සාගල රත්නායකගේ පිළිතුරින් සෑහීමකට පත්නොවීම පුදුමයක් නොවන්නේ මේ කාරණා මතය. ඹ්.ඊ.ඊ.ඡ්. හිතවාදීන්ගේ තර්ජනයට ලක්වී සිටින මන්ත්‍රි සුමන්තිරන්ගේ ආරක්ෂාව තර කර තිබියදී හිටපු ජනාධිපතිගේ 'ආරක්ෂාව' මෙලෙස අඩු කිරීම සාධාරණ නැති බව ඔවුන්ගේ තර්කයයි. රාජපක්ෂ ආණ්ඩු සමයේ හිටපු ජනාධිපතිනිය, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, හිටපු කැබිනට් ඇමැතිවරයකු වූ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන වැනි ප්රභූන්ගේ 'ආරක්ෂාව' අඩු කළ බව කියමින් වර්තමාන ක්‍රියාමාර්ගය සාධාරණීයකරණය කිරීමට යෑම 'යහපාලනය' නොවේ.
ආණ්ඩු පාලනයේදී වරක් නොව දෙවරක් සිතා බලා ආණ්ඩුව තීරණ ගත යුතුය. එහෙත් පාලකයන් බොහෝවිට නොකරන්නේද එයමය.
විනෝදාත්මක
අද මව්බිමෙන්
- ජනාධිපති කොමිසම කබීර් හෂීම්ගෙන් පැය 04ක් කරුණු විමසයි 🕔2019-02-22
- නීති විරෝධී ක්‍රියාවල යෙදෙන ධීවරයන්ගේ බලපත්‍ර ජීවිත කාලයටම තහනම් 🕔2019-02-22
- ඥානසාර හිමි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්නැයි බොදුබල සේනා ඉල්ලයි 🕔2019-02-22
- ඥානසාර හිමි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්නැයි බොදුබල සේනා ඉල්ලයි 🕔2019-02-22
- ගල්ගමුවේ පණ්ඩුක ඇතා මිය ගොස් ඇත්තේ මුඛයේ හා උගුරේ ඇතිවූ ආසාධනයකින් 🕔2019-02-22
- එක් කෝටි හැටතුන් ලක්ෂයක රන්බඩු හා රන් බිස්කට් ගෙනැල්ලා 🕔2019-02-22
- අයිස් හොයන්න ගිහින් මදුක මැරුම්කයි 🕔2019-02-22
- ළමයින් ඇතුළු 11 දෙනකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් 6 වැනිදා දක්වා රිමාන්ඩ් 🕔2019-02-22
- මාධ්‍යවේදියකුට පහර දුන් පොලිස් පරීක්ෂකවරයා රු. 50,000ක ඇප මත මුදා හරියි 🕔2019-02-22
- පාසල් දරුවකුත් සමඟ හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවක් අත්අඩංගුවට 🕔2019-02-22
- ඊශ්‍රායලයට වන්දනාවේ ගිය පිරිසක් පිටුවහල් කරති 🕔2019-02-22
- අලි නඩුව විභාග කිරීමට බලයක් තිබේද යන්න තීන්දුව මාර්තු 7 වැනිදා 🕔2019-02-22
- දඹාන පෞද්ගලික කෞතුකාගාරයක තිබූ බලපත්‍ර රහිත සත්ත්ව හා ශාක කොටස් සමග සැකකරු අත්අඩංගුවට 🕔2019-02-22
- සැබෑ සිංහල බෞද්ධයන් වැඩ කරනවා මිස බෙර ගහන්නේ නෑ 🕔2019-02-22
- ජනතාව පාර්ලිමේන්තුවට පත්කරලා එවන්නේ කුඩුකාරයෝද? 🕔2019-02-22
- මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමැතිවරුන් ගැන සොයන කමිටුව ගැන අපිට විශ්වාසයක් නෑ 🕔2019-02-22
- ගුරුවරයයි බිරියයි මාර ගහක් උඩ මාර උපවාසයක 🕔2019-02-22
- ග්ලෝරියස් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම හෙටමb 🕔2019-02-22
- යාපනයේ පාසලක ක්‍රීඩා උළෙලක ඊළාම් සිතියමක් 🕔2019-02-22
- පළාත් සභා ඡන්දය ඉක්මන් කිරීමට ගතයුතු පියවර ගැන ජනපති - විපක්ෂ නායක සාකච්ඡාවක් අද 🕔2019-02-22
- ශ්‍රී ලාංකික ධීවරයන් 25ක් ඉන්දීය වෙරළාරක්ෂක අත්අඩංගුවේ 🕔2019-02-22
- යාපනයේ නිවාස 2කට පෙට්‍රල් බෝම්බ ගැසූ ආවා කල්ලියේ 4ක් අත්අඩංගුවට 🕔2019-02-22
- කඩුවක් දී හෙරොයින් පැකැට්ටුවක් ගන්න ගිය කුඩ්ඩා මාට්ටු 🕔2019-02-22
- උතුරු මුහුදේදී අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයන් 13ක් දැලේ 🕔2019-02-22
- මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට ජනපතිගෙන් අන්තර් පාලක මණ්ඩලයක් 🕔2019-02-22
- පෙරෙට්ටුවට ඉදිරිපත් කරන තුරු මාර්තු 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට 🕔2019-02-22
- අපේ ලේ පරීක්ෂා කරන්න කලින් විපක්ෂයේ කට්ටියගේ මොළේ පරීක්ෂා කරන්න 🕔2019-02-22
- ජාතික ආණ්ඩුවක් හැදීම බලු වැඩක් 🕔2019-02-22
- සියලු මැතිවරණවලට අපි තරග කරන්නේ පොහොට්ටුව ලකුණින් 🕔2019-02-22
- රන්ජන්ගේ චෝදනාව ඔප්පු කළොත් කොකේන් ඇමැතිවරුන් පන්නන්න මමත් එකතු වෙනවා 🕔2019-02-22
- ජනාධිපතිතුමා ප්රමුඛ අපේ ආණ්ඩුව අපරාධකරුවන් රකින්නේ නෑ 🕔2019-02-22
- තාත්තාගෙන් පුතාට සහෝදරයාගෙන් සහෝදරයාට බලය මාරුවන දේශපාලනයක් මේ රටේ නෑ 🕔2019-02-22
- ඉලක්කන් විජ්ජා පෙන්නුවට ජනතාවගේ පොකැට්ටුවට බොරු කරන්න ආණ්ඩුවට බෑ 🕔2019-02-22
- ව්‍යවස්ථාදායක සභාව ගැන උණුසුම් වාද-විවාද 🕔2019-02-22
- ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය - 2019 🕔2019-02-22
- ලංකාවට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේදීත් පළමු දිනයේදී දකුණු අප්‍රිකානුවෝ අසීරු තැනක 🕔2019-02-22
- ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම 23-24 🕔2019-02-22
- අයන් මෑන් 70.3 24දා කොළඹදී 🕔2019-02-22
- ව්‍යවස්ථාදායක සභාව 19 සංශෝධනයේ සුජාත දරුවා අපචාරයට ලක් කළා 🕔2019-02-22
- කොකේන් මන්ත්‍රි ලැයිස්තුව CID තැපැල් කළා 🕔2019-02-22
- දේශපාලකයන් නියෝජනය කරන ව්‍යවස්ථාදායක මණ්ඩලය ස්වාධීන නෑ 🕔2019-02-22
- කොකේන් ගන්නා මන්ත්‍රි ලැයිස්තුව අද ඕනෑ 🕔2019-02-22
- ඛේමාගේ කොලුවා දශක තුන සමරයි 🕔2019-02-22
- අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදය මාර්තු 6දා 🕔2019-02-22
- ව්‍යවස්ථා සභාවට ඡන්දය දීලා දැන් අෙ¼දා්නා නඟන්න එපා 🕔2019-02-22
- මේ එන්නේ රනිල්ගේ අන්තිම අය-වැයයි 🕔2019-02-22
- ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි 🕔2019-02-22
- ශ්‍රී ලාංකිකයන්ට මෙරට කැසිනෝ තහනම් කරන්න ඕනෑ 🕔2019-02-22
- පුද්ගලයකු පැහැරගෙන සිරකර තැබූ සිද්ධිය 🕔2019-02-22
- මධුෂ් සමඟ කොටු වූ දිනුකගේ මාමණ්ඩි අල අංජි හෙරොයින් සමඟ මාට්ටු 🕔2019-02-22