රජීව් දීපු දේ සහ මෝඩි දෙන දේ

  👤  3537 readers have read this article !
2017-05-18

'මෝඩිගේ 2017 ගමනෙයි රජීව්ගේ 1987 ගමනෙයි ලොකු වෙනසක් නෑ. දෙකෙන්ම වුණේ රටට හෙණ පාත් වෙන එක'
මෙහෙම කියන කතාවල ඇත්තක් තියෙනවද නැද්ද කියලා හොයා බලන එක මේ වෙලාවේ හොඳය.

1987 ජුනි 4 වැනිදා ඉන්දියාවේ සිටි ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් වූ බර්නාඩ් තිලකරත්නට දවල් දෙකයි තිහට හදිසි කැඳවීමක් ලැබුණේ ඉන්දීය විදේශ අමාත්‍යාංශයෙන්ය. කඩිමුඩියේ අමාත්‍යාංශයට ගිය මහ කොමසාරිස්ට ඉන්දීය රජය දැනුම්දුන්නේ හවස 3.30ට ගුවනින් උතුරට ආධාර භාණ්ඩ හෙළන බවය. අදහාගන්නට බැරි මේ කතාවෙන් තුෂ්ණිම්භූත වෙච්ච මහ කොමසාරිස් බර්නාඩ් තිලකරත්න මිනිත්තුවක් විතර ගල්ගැහිලා වගේ හිටියේය.
යාන්තම් සිහි එළවාගත් ඔහු වහාම කොළඹ සිටින විදේශ ඇමැති ඒ.සී.එස්. හමීඩ්ට කතාකොට මේ ගැන කීවේය. හමීඩ් ඒක ජේ. ආර්.ට කීවේය.
ජේ.ආර්. දුන්නේ මහ කොමසාරිස්ව කරකවා අතාරින උත්තරයක්ය.

ඉන්දියාව ලංකාවේ ගුවන් සීමාව ආක්‍රමණය කර භාණ්ඩ ගුවනින් හෙළීමට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත
එදා පස්වරු 3.55ට ඉන්දියාවේ බැංගලෝරයේ පිහිටි
ශ්‍රී ලංකා හමුදා ගුවන් තොටුපොළෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානා 5ක්
උතුරු අහසට එවූ ඉන්දියාව ටොන් 25ක වියළි ආහාර ද්‍රව්‍ය බිමට හෙලුවේය. උතුරේ වඩමාරච්චි ප්‍රදේශයේ විමුක්ති මෙහෙයුම නතර කරන්නට ඉන්දියාව කළේ එහෙම වැඩක්ය.

ඒ වෙනකොට ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ඩික්සිත් ඊළඟ තුරුම්පුව නූලට සැලසුම් කළේය. ඒ ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම අස්සන් කරවන වැඩේය. ඒ වෙනකොට ගිවිසුම ගැන අගමැති ප්‍රේමදාසවත් දැනගෙන හිටියේ නැත. මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ගෙන ආව වෙලාවේ දිනේෂ්ලා, රිචඩ් පතිරණලා ඊට එරෙහිව පාර්ලිමේන්තුව දෙවනත් කළහ.

එහෙත් ජේ.ආර්. කීවේ කවුරු විරුද්ධ වුණත් තමන් ගිවිසුම අස්සන් කරන බවය. කීවා වගේම ඔහු ඒක කළේය. මේ ගිවිසුමට රටම විරුද්ධ විය. 1987 ජූලි 28 වැනිදා කොටුව බෝ ගහ අසලදී මහා විරෝධතාවක් ඇතිවිය. මොරටු සරසවියේ ඉන්ජිනේරු සිසු ක්ලිෆඩ් පෙරේරාගෙන් පටන් ගෙන 21 දෙනකු ඝාතනය විය. රටම ගිනි ගත්තේය. 1987 ජූලි 27 සිට අගෝස්තු 2 දක්වා ගිවිසුමට එරෙහි විරෝධතාවන්හිදී විරෝධතාකරුවන් 132ක් පමණ ඝාතනය විය.
ඉන්දු ලංකා ගිවිසුම දෙරටේ නායකයන් විසින් 1987 ජූලි 29 වැනිදා පස්වරු 3.37ට අස්සන් තැබූ අතර අගමැති ප්‍රේමදාස පවා වැඩෙන් කර ඇරියේය. පහුවදා රජීව් ගාන්ධි පිටත් වෙන්නට පෙර ජනාධිපති මන්දිරය ඉදිරිපිටදී තිබූ ආචාර පෙළපාළියේදී නාවික සෙබළ විජිත රෝහණ විජේමුණි සිය රයිෆල් බඳින් ඉන්දීය අගමැතිවරයාට පහර දුන්නේය.

ලංකාවට ගිවිසුමක් අස්සන් කරන්න ආව ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ගිවිසුම අස්සන් කොට යන්නටත් පෙර ඉන්දීය හමුදාවේ 7000ක් තමරටට ගොඩබැස්ස අතර ගිවිසුම අස්සන් කරද්දී ලංකාවට නුදුරෙන් ඉන්දීය නැව් දෙකක් සන්නාහ සන්නද්ධව සිටියේය.
ගිවිසුමෙන් පස්සේ ඉතිරි වුණේ විස¼දා ගන්නට බැරි "අන්තෝ ජටා බහි ජටා" වෙච්ච රටක්ය.

අන්තිමට මේ ගිවිසුම ප්‍රකාරව ආ ඉන්දීය හමුදා මොනතරම් හිසරදයක් වුණාද කීවොත් එක්සත් ජාතික පක්ෂයේම ජනාධිපති අපේක්ෂකයා වෙච්ච රණසිංහ ප්‍රේමදාසගේ ප්‍රමුඛතම මැතිවරණ පොරොන්දුවක් වුණේ "ඉන්දීය හමුදා නැවත යවන එකය"

සෑහෙන වෙහෙසක් ගෙන ඉන්දීය හමුදා සේනාංක ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනීම 1989 ඔක්තෝබර් 25 වැනිදා අම්පාර දිස්ත්‍රික්කයෙන් ඇරැඹීය. අවසන් කණ්ඩායම පිටව ගියේ 1990 මාර්තු 13 වැනිදාය. ඔවුන් ඉතිරිකොට ගිය "ගැටලු" දශක ගණනක්ම වධ දුන් ඒවා විය. ඉන්දු _ ලංකා ගිවිසුම, 13 වැනි සංශෝධනය සහ පළාත් සභා මේ රට කරකවා අතෑරියේ ගව් ගාණක් පිටිපස්සටය. ඉන්දියාව එක්ක ගහන ගිවිසුම්වලින් ඉතිරිවුණේ "ගැට ගොඩක්" විතරය.
රජීව් ගාන්ධි ලංකාවට එනකොට හැම තැනම අලවා තිබුණේ "පලා බබා අපිට එපා" කියලයි. ඉන්දු ලංකා ගිවිසුම හා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ පළාත් සභා ලැබෙන කොට රට පුරා තිබුණේ විරෝධයක්ය.

රජීව් එනකොට ජේ.ආර්. කීවේ "රටේ අනාගතය වෙනුවෙන්" ඔහු එන බවය.
පසුගියදා මෝඩි එනකොට රනිල්ලා කීවේ ඔහු එන්නේ "වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා" විදියට කියාය. දෙවතාවේම කළේ කොළේ වහලා ගහන එකක්ය. ආණ්ඩුව පුන පුනා කීවේ අගමැති මෝඩි එන්නේ වෙසක් උත්සවයේ ප්‍රධාන අමුත්තා විදියට විතරක් බවත් මේ සංස්කෘතික සංචාරයක් මිස දේශපාලන සංචාරයක් නොවේ කියාත්ය.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගි වීම ඇතුළු ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව තමන් මහත් බලාපොරොත්තුවකින් සිටින බව මෝඩි සිය ෆේස්බුක් හා ට්විටර් පිටුවල සටහන්ද තබා තිබුණේය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති බෞද්ධ උරුමය තම සංචාරය තුළින් ඉස්මතු වන බවද මෝඩි සටහන් කොට තිබුණේය.
එහෙත් අන්තිමට මෝඩි ආවේ වෙසක් දාට පහුවදාය. එහෙම ආව මෝඩි වෙසක් බැලුවේ වතුකරයේය. එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ආවාය කියන මෝඩි කතා කළේ ඉන්දු _ ලංකා ද්විපාර්ශ්වික හමුවකදී කරන කතාවක්ය. දහස් ගණනක් වතු කම්කරු ජනතාව අමතා ඉංගී්‍රසි බසින් කතා කළ මෝඩි කීවේ ලෝකයේ තේ අපනයෙන් තුන්වැනි තැන ලංකාවට හිමිකර දීම ගැන දෙමළ ජනතාව ආඩම්බර විය යුතු බවය. ලෝකයේ සුපිරිතම ක්‍රිකට් ක්‍රීඩකයකු බිහිකිරීම ගැනද ඔවුන් ආඩම්බර විය යුතු බව ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කළේය. ඉන් එහාට කළ කතාවේ සැර මකන්න දුන්න මානසික අල්ලස "මුරලිව" මතක් කිරීම බව සමහරු කියති.

ඉන්පසු ඔහු කළේ සපුරාම දේශපාලන කතාවක්ය. වෙසක් ගැන වචනයක් නොකී මෝඩි දේශපාලනය ගැන සේරම කීවේය. අගමැති මෝඩි දික්ඔයදී ජනපති සහ අගමැති දෙපැත්තේ තබාගෙන කරපු කතාව එහෙමපිටින්ම දේශපාලනිකය. වෙසක් උත්සවයේ ආරාධිතයා වීම කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ නැවත වර්ධනය වෙමින් පවතින චීන බලපෑම අතර ඉන්දියාව අසල්වැසි දූපත් රාජ්‍ය සමඟ සබඳතා තර කර ගැනීමේ උත්සාහයක් ඇති බව කියන්නේ ඉන්දියාවේ ප්‍රමුඛතම මාධ්‍යය. ජිනීවා නාඩගම වෙලාවේ ඇමෙරිකාවේ පැත්ත ගෙන හිටිය ඉන්දියාවට පස්ස හැරවූ "මහින්දගේ" ආණ්ඩුව ගැන මෝඩි කොහොමත් ඉන්නේ තරහින්ය. චීනය එක්ක ලංකාවේ ඇයි හොඳයිය ගැන ඉන්දියාව කොහොමත් හිටියේ තිගැස්සීමෙන්ය.

(එඥ ඡඥතඪඥමඥ බඩචබ ටපඥඥ ජ්තධඹ ධට බපචඤඥ, ඪදමඥඵබථඥදබඵ, බඥජඩදධතධඨර චදඤ ඪඤඥචඵ චජපධඵඵ ධභප ඡධපඤඥපඵ ඹඪතත ඡඥ බධ ධභප ථභබභචත ඡඥදඥටඪබ)
"රටවල් දෙකේ දේශ සීමා හරහා වෙළෙ¼දාම, ආයෝජන, තාක්ෂණය නිදහසේ ගලා යන්න ඕනෑ" කියා මෝඩි කියන විට නොකියා කියන්නේ එට්කා ගිවිසුම අස්සන් කරන්න කියන එක යැයි කියන්නේ මිනිස්සුය. "හනුමන් පාලම හදලා මේ රටවල් දෙක භෞතික වශයෙන් යා කරන්න ඕනෙ" කියල ඔහු නොකියා කීව බව කියන්නේ පැත්තක් නොගන්නා මිනිස්සුය. යටිතල පහසුකම් සහ යා කිරීම්, ප්‍රවාහනය සහ බලශක්ති ක්ෂේත්‍රයන්හි අපේ සහයෝගය ඉහළ නංවමින් තිබෙන බව කියන මෝඩි බස්නාහිර සහ දකුණු පළාත්වල ක්‍රියාත්මක ගිලන් රථ සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කරන බව කීය. වතුකරයේ නව නිවාස දස දහසක් තනනවා කියාත් කියන්නේ නිකම්ම නොවේය.

කාලාන්තරයක් තිස්සේ මෙරට ජන ජීවිතවලට හුරු වූ වතුකරයේ ජනතාව වෙන්ව ගෙන ඒ ජනයා ඉන්දීය සංස්කෘතිය පවත්වාගෙන යන බව පවසමින් එකම රටක ජනයා කොටස් කිරීම මෝඩිගේ න්‍යායපත්‍රයට වැටුණේ නිකම්ම කියා හිතන්නට බැරිය. ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනයා ඒකරාශි වූ නෝර්වුඩ් රැස්වීමේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශ මෙරට බෙදුම්වාදයට උල්පන්දම් දීමක් කියා කියන්නේ අහේතුකව නොවේ.

වතුකරය උතුර මෙන් ගැටලු උග්‍ර වූ පළාතක් නොවේය. එහෙත් උතුරට නැති උනන්දුවකින් වතුකරයට යන මෝඩි වතුකරයේ ජනතාව තමන්ගේ ජනතාවක් ලෙස බදා ගන්නට යන්නේ ඒ ජනතාව මෙහෙන් බෙදා ගැනීමටද කියා කියන්නට දන්නේ නැත. එහෙත් "කපටි ආරක්ෂකයාගේ" භූමිකාවේ ඉතිහාසය හොඳින් දන්න කෙනෙක් ඒ ගැන සැකෙන් බලන එකේ වරදක්ද නැත.

රජීව් ගාන්ධි ඉන්දු ලංකා ගිවිසුම හරහා පළාත් සභා ලබා දුන්නේය. මෝඩි ලංකාවට එනකොට පළාත් සභා කිහිපයක් තියෙන්නේ අර්බුදයකය. උතුරු මැද සහ මධ්‍යම පළාත් සභාවල එජනිස මහින්ද පාර්ශ්වයට සහාය දෙන මන්ත්‍රිවරුන් පළාත් සභාවල ස්වාධීන වීමට දැනටමත් තීරණය කරලාය.
වයඹ පළාත් සභාවේ බහුතර බලය දැනටමත් මහින්ද පාර්ශ්ව කණ්ඩායම සතුය.
බස්නාහිර පළාත් සභාවේ බල පෙරළියක්ට සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද පාර්ශ්වය නියෝජනය කරන කණ්ඩායම අරඅඳිමින් සිටී.
ඒ පෙරළියක ආරම්භයද කියා කියන්නට දන්නේ නැත.

මහින්ද පාර්ශ්වය මේ හැරෙන්නේ 87 රජීව් දීලා ගියපු පළාත් සභාවලින්ම ආණ්ඩුව පෙරළන වැඩේට මුලපුරන එකද කියා කියන්න තවම කල් වැඩිය. හැබැයි මෝඩි ඇවිත් යනකොටම එහෙම වෙන එක එක අතකට පුදුමාකාරය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්