කසළයි අපියි

  👤  2474 readers have read this article !
2017-06-02

මීතොටමුල්ල ඛේදවාචකයට මසක් ඉක්ම යමින් තිබියදී ආණ්ඩුව "නිකසළ පරිසරයක් පිරිසුදු පුරවරයක්" නමින් වැඩසටහනක් අරඹා ඇත.
ඊයේ සිට දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන මඟින් වර්ගීකරණය කරන ලද කසළ පමණක් භාර ගැනීම සිදුකරන බව දැනුම් දී තිබිණි. එය අනිවාර්ය බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත.

මේ වැඩපිළිවෙළ යටතේ කසළ කළමනාකරණය ස¼දහා කාර්ය සාධක බළකායක් හා සෑම පළාතකම මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට නියමිතය. '3අ' සංකල්පය කසළ කළමනාකරණයට යොදා ගන්නා ලෙස ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානය පවසයි.

'3අ' සංකල්පයට අනුව අඥඤභජඥ (අඩු කරමු) යනු ඔබේ නිවෙසේ කසළ ලෙස ඉතිරි වන දෑ හැකි තාක් අවම කර ගැනීමය. වෙළෙඳපොළෙන් ලබාදෙන පොලිතින් බෑග් ප්‍රතික්ෂේප කර ඔබේ බෑගයක් භාවිත කිරීම, ආහාර රැගෙන යෑමේදී බඳුනක් භාවිත කිරීම ඊට උදාහරණය. අඥභඵඥ (නැවත භාවිත කරමු) යනු කසළ ලෙස බැහැර කිරීමට ප්‍රථම නැවත වරක් භාවිත කළ හැකි සෑම ද්‍රව්‍යයක්ම නැවත නැවත භාවිතයට ගැනීමය. උදාහරණ ලෙස පෙන්වා දිය හැක්කේ ඔබ විසින් ඉවතලන නැවත භාවිත කළ හැකි දෑ ප්‍රයෝජනයට ගත හැකි වෙනත් අයකුට ලබාදීමය. භාවිත කළ ද්‍රව්‍ය නැවත අමුද්‍රව්‍ය බවට පත්කිරීම අඥජරජතඥ (ප්‍රතිචක්‍රීකරණය කරමු) ලෙස හඳුන්වයි. කඩදාසි, ප්ලාස්ටික්, යකඩ, පොලිතින් පිරිසුදු කර ප්‍රත්‍රිචක්‍රීකරණය සඳහා අදාළ පළාත් පාලන ආයතනවලට ලබාදීම මේ යටතේ කළ හැකිය.

කසළ බැහැර කිරීමේදී නියමිත වර්ණයෙන් යුත් බඳුන් පමණක් භාවිත කළ යුතුය. ආහාර අපද්‍රව්‍ය සඳහා කොළ වර්ණයද, වීදුරු සඳහා රතු වර්ණයද, කඩදාසි, කාඩ්බෝඩ් සඳහා නිල් වර්ණයද, තැඹිලි වර්ණය පොලිතින් සහ ප්ලාස්ටික් සඳහාද නියම කර ඇත. ප්‍රශ්නය වන්නේ මේ පිළිබඳව පොදු ජනතාව දැනුවත්ද යන්නය. නිවෙසේ කුණු ටික මහපාරේ හලන එසේ නැත්නම් පාළු වත්තකට දමන්නන් සිටින රටක කසළ වර්ගීකරණය කර පළාත් පාලන ආයතනවලට භාරදීම ඒ ආකාරයෙන්ම සිදුවේද යන සැකය මතුවේ. මඟතොට කුණු කසළ දැමීමෙන් ඩෙංගු මරණ නිවෙසට පැමිණීමේ අනතුර මතුවන බවට පොදු ජනතාව දැනුවත් කළ යුතුය. නීතිගරුක පුරවැසියන් ලෙස සියලු දෙනා මේ ජාතික වැඩපිළිවෙළට එක්වන්නේ නම් කිසිදු ගැටලුවක් නැත. රහසින් නීති කැඩීමට ප්‍රිය කොටසක් මේ රටේ සිටිති. ඔවුන් වඩාත් කැමැති නීතිගරුකව වැඩ කිරීමට නොව නීති විරෝධීව වැඩ කිරීමටය.

කසළ ප්‍රශ්නය ඉතා සුළු යැයි සිතන්නන්ට මීතොටමුල්ල කදිම උදාහරණයකි. කොළඹ වෙසෙන්නන් පමණක් නොව කොළඹට පැමිණ ආපසු යන පිරිස් ද මීතොටමුල්ල කුණු කන්දේ දායකයෝ වෙති. එහෙත් බොහෝ දෙනා එසේ සිතන්නේ නැත. සබුද්ධිකව නොසිතීම ඛේදවාචකයකි.
පළාත් පාලන ආයතනවල නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අදාළ නිලධාරීන්ද මේ කසළ ප්‍රශ්නය විසදීමට ක්‍රියාකාරීව කටයුතු කළ යුතුය. මේ ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ඔවුන්ගේ දායකත්වය ලබාදීම අත්‍යවශ්‍යය.

අමතර ගෙවීම් ලබාදෙමින් රාජකාරිය අකුරට කිරීමට රජය කටයුතු කරන්නේ 'නිලධාරීන්' නොමැතිව කිසිදු වැඩපිළිවෙළක් සාර්ථක කර ගත නොහැකි නිසාය. රාජ්‍ය නිලධාරීන්ද, පොදු ජනතාවද එක මිටකට පැමිණේ නම් 'නිකසළ පරිසරයක්' පිරිසුදු පුරවරයක්, යන්න සිහිනයක් නොවනු ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon