සොබාදහම සමඟ බැඳෙමු

  👤  3974 readers have read this article !
2017-06-06

'ජගත් පරිසර දිනය' ජුනි 5 වැනිදා එනම්: ඊයේ සමරනු ලැබීය. එහෙත් මෙවර පරිසර දිනය වෙනුවෙන් සමරු උත්සවයක් ලංකාවේ පැවැත්වූයේ නැත. රට මුහුණ දී සිටින ස්වාභාවික විපත ඊට හේතුව විය.

මෙවර ජගත් පරිසර දින තේමාව වූ සොබාදහම හා බැඳුණු ජනතාව (ඛ්ධදදඥජබඪදඨ ර්ථීඥධනතඥ බධ ව්චබභපඥ) යන්න අත්‍යන්තයෙන්ම මෙරටට ගැළපේ. සොබාදහම සමඟ ඇති බැඳියාව ලිහිල් වීම වර්තමානයේ රට මුහුණදී ඇති "විපතට" ප්‍රධානතම හේතුව වී ඇත. සකල ජීව කොටස්වල මෙන්ම මනුෂ්‍ය පැවැත්මේ පදනම සොබාදහම බව අමතක කර දමා මනුෂ්‍ය වර්ගයාට අනාගතය කරා යා නොහැකිය. ලංකාව ඇතුළු මුළුමහත් ලෝකයම අද ඒ යථාර්ථයට මුහුණ දී සිටී.
ශ්‍රී ලංකාව වූ කලී ගංගා, ඇළ, ‍ෙදාළ සියයකට වැඩි වැව්, පොකුණු තිස් හය දහසක් පමණ ඇති සොබාදහමේ අසිරිය දායක කරගත් දූපතකි. තුරු වියන, ජල සම්පත, පිරිසුදු වාතය සොබාදහමෙන් අපිට ලැබුණු අමිල දායාද වෙයි. එහෙත් ඊනියා සංවර්ධනයට නතු වීමත් සොබාදහමේ මිත්‍රයන් නොවීමත් නිසා ඉතා අන්තරායදායක සොබාවික විපත් ගනණ බිම්කඩක් බවට ශ්‍රී ලංකාව පත් වී ඇත. වසරින් වසර මුහුණදීමට සිදුව ඇති සොබාවික විපත්වල විනාශය වර්ධනය වෙමින් තිබේ. කෙටි කාලයක් තුළ සිදුවන විපත් ප්‍රමාණය වැඩි වී ඇත.

සොබාවික විපත් අවම කර ගැනීමට මෙන්ම විපත් කළමනාකරණය කර ගැනීමටද ශ්‍රී ලංකාව අපොහොසත්ව තිබේ. සොබාවික සම්පත් රැක ගැනීමේදී ද ලංකාව ඉන්නේ දුර්වල තැනකය. මෙරට නාගරික ජනගහනයෙන් 3.5%ක්ද ග්‍රාමීය ජනගහනයෙන් 22%ක්ද ජලය අපතේ හරිති. ගංගා ද්‍රෝණි, ඇළ ‍ෙදාළ, වැව්, පොකුණු හා ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් පොදු ජනතාව දක්වන උනන්දුව ප්‍රමාණවත් නැත. වනාන්තර විනාශය පෙර පරිදිම අඛණ්ඩව සිදු වෙමින් පවතී. කසළ කළමනාකරණයේදී ද ලංකාව සිටින්නේ අතිශය දුර්වල තැනකය. ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන්ඩයොක්සයිඩ් වායුව මුදා හැරීමේ ප්‍රතිශතය 0.8%කි. එය තවදුරටත් අඩු කර ගැනීමට වෙහෙසිය යුතුය.

ඉකුත් මාසයේ ඕස්ට්‍රේලියාවේ කළ සංචාරයේදී කැන්බරා නාගරික වන උයනේ පැළයක් රෝපණය කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තැබූ සමරු සටහනේ දැක්වුණේ "හරිත ලෝකයක් වෙනුවෙන් තමන් සිහින දකින බවය" පරිසර ඇමැතිවරයාද වන ජනාධිපතිවරයා පරිසර දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවිඩයෙන් අවධාරණය කරන්නේ මේ සියලු සොබාවික විපත්වලින් අනතුරු ඇඟවීම්වලින් අපට කියා දෙන්නේ සොබාදහමෙන් තොර පැවැත්මක් නැති බවය. සොබාදහමට දක්වන ආදරය, ගෞරවය සහ සැලකීම දෛනික දිවි පෙවෙතේ අංගයක් ලෙස වර්ධනය කර ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ සිය පරිසර දින පණිවිඩයෙන් ජනතාවගෙන් ඉල්ලා ඇත.

මේ සියලු දේ ග්‍රහණය කරගනිමින් පාලකයන් මෙන්ම ජනතාවද සොබාදහම සමඟ කරන ගනුදෙනුව හුදු ලාභ - අලාභ මත ර¼දා පවතින්නක් ලෙස නොසලකන්නේ නම් මෙරට අනාගතය මීට වඩා යහපත් වනු නියතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon