වරායේ තෙල් ටැංකි 99 අවුරුදු බද්දට විකුණන්න හදනවා 99ක් යද්දි තෙල්වලින් නැව් දුවයිද?

  👤  4437 readers have read this article !
2017-07-28

මේ අන්දමට මැර ප්‍රහාර එල්ල කරන්න ගියොත් ජනතාවත් ඒ සඳහා සූදානම් කරවන බව සහතික යැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, අනුර කුමාර දිසානායක පැවැසීය.
තමුන්නාන්සේලා කටයුතු කරන්නේ රටේ තියෙන වැදගත් වරායක් අනූනව අවුරුද්දේ බද්දට විකුණන්නයි. අනූනව අවුරද්ද යන කොට තෙල්වලින් නැව් දුවයිද දන්නේ නෑ.
හම්බන්තොට වරාය අපේ රටට වඩාත් වැදගත් වන්නේ නැව්වලට තෙල් සැපයීමෙන් ආර්ථික වශයෙන් වැදගත්ම අංශය තමයි නැව් තෙල් අංශය. වරාය අධිකාරිය 2014 නැව් තෙල් අලෙවිය ආරම්භ කර මාස 8ක් ඇතුළත මිලියන 4000ක් ලාබ ලැබුවා.

එම ගබඩා සංකීර්ණය උපයෝගි කරගෙන ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා තෙල් සැපයීමෙන් විශාල ප්‍රවාහන ලාබයක් ඇති කර ගන්න පුළුවන්.
නැව්වලට තෙල් සැපයීමේ අයිතියක් ශ්‍රී ලංකාව සතුව තබා ගත්තා. තෙල් සංස්ථාව, හම්බන්තොට තෙල් ටැංකි ලබා දෙන්න කියලා ඩොලර් මිලියන 100ත් 150ත් අතර ණය මුදල තෙල් සංස්ථාව ගෙවනවා කියලා. හොරෙන් ගිවිසුම කැබිනට් එකට දාලා සිකුරාදා පාර්ලිමේන්තුවට ගෙනැල්ලා, සෙනසුරාදාට වරාය විකුණනවා. මේක ජනාධිපතිතුමාගේ පොළොන්නරුවේ ඉඩමක්වත් අගමැතිතුමාගේ ඉඩමක්වත්, ලේක්හවුස් එකේ කොටසක්වත් නොවේ. මේක මේ රටේ සම්පත්. ඒවා මේ වගේ විකුණන්න බැහැ. තෙල් සංස්ථාවේ සේවකයන්ට හදිසියේ වැඩ වර්ජනයකට යන්න උනේ. මේ දුර්ජන වැඩවර්ජනයක් නොවේ. මේක ආර්ථිකය පිළිබඳවත්, රටේ ආර්ථික සංවර්ධනය පිළිබඳවත් ඇති කළ වැඩ වර්ජනයක්. මේ වැඩ වර්ජනය කඩාකප්පල් කළ අය තමයි දුර්ජනයන්.

පසුගිය ආණඩුව කාලේ මැර ප්‍රහාර එල්ල කළේ අවුරුදු 9ක් ගියාට පස්සේ. මේ ආණ්ඩුව අවුරුදු දෙකක් යනකොට මැර ප්‍රහාර එල්ල කරන්න පටන් ගෙන තිබෙනවා. මේ මැර ප්‍රහාරය එල්ල කරපු පුද්ගලයන් අත්අඩංගුවට ගන්න ඕන. වැලිකඩ ඕ.අයි.සී. අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ පවත්වන්න ඕන. මේ තෙල් ටැංකි තෙල් සංස්ථාවට ලබා දෙන්න ඕන.

තෙල් පෝලිම්වල තිබුණේ
ත්‍රිවිල්, මෝටර් සයිකල් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රාඩෝ තිබුණේ නෑ

"බොරු දේශප්‍රේමීත්වයක් පෙන්නුම් කරගෙන විපක්‍ෂය කටයුතු කරනවා. අපි 2020 වෙනකල් මේ ආණ්ඩුව ගෙනියනවා" යැයි මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න පැවැසීය.

රජය රජයට ඡන්දය දුන්නු අයටත් නොදුන් අයටත් වගකීම ඉටු කරනවා. ජනතාව වෙනුවෙන් ගත යුතු සියලුම තීරණ රජය විසින් ගන්නවා.
ඒකාබද්ධ විපක්‍ෂයේ න්‍යාය පත්‍රය තමයි ක්‍රියාත්මක වන්නේ. සුළු පිරිසකගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.
ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල ප්‍රාඩෝ තිබුණේ නැහැ. ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් තමයි වැඩියෙන්ම පෝලිම්වල තිබුණේ. ඒකාබද්ධ විපක්‍ෂයේ කාගේවත් වාහන ඒ පෝලිම්වල තිබුණේ නැහැ.

අද අපට තියෙන්නේ කෝටි දෙකක වෙළෙඳ පොළක්. අපි ඒක කෝටි හාරසියයක වෙළෙඳ පොළක් බවට පත් කරනවා. අපි ඒක කරන්නේ ජනතාව වෙනුවෙන්.

එදා කොළොන්නාවේ මැරයන් ගෙනත් ගෝඨාභය ගැහුවා
මෙදා මරික්කාර් ගැහුවා

"තමුන්නාන්සේලා යන්නේ අර පහුගිය ආණ්ඩුව ගිය අඩි පාරෙමයි" ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි විජිත හේරත් (ජවිපෙ) පැවැසීය.
"සේවකයෝ ඉල්ලන්නේ හම්බන්තොට වරායේ තෙල් ටැංකි කිසිදු විදේශ සමාගමකට පවරා දෙන්න එපා කියලයි. ඒවා පවත්වාගෙන යෑමට අප රටට හැකියාව තිබෙනවා. වෘත්තීය සමිති ඒකාබද්ධ සාකච්ඡාවක් පැවැත්තුවා වෘත්තීය සමිති සමඟ වූ සාකච්ඡා කඩමින් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෑම ගැන විරෝධය දක්වා වෘත්තීය සමිති වර්ජනයකට ගියා. ඒ වර්ජනය සාර්ථකයි.
එදා කොළොන්නාවේ මැරයෝ ගෙනල්ලා ගෝඨාභයලා ගහපු හැටි අපට මතකයි. තමුන්නාන්සේලා කළෙත් ඒකමයි. පොලු අරගෙන ගහපු මැරයො මරික්කාර්ගෙ නෙමෙයි නම් කාගෙද?
පොලිසියේ රාලහාමිලා ගැහුවේ එම්.එස්.සී. උපාධිය තියන අයටයි. පරිපාලන සේවයේ අයටයි මැරයො ගෙනත් ගැහුවේ. එක පැත්තකින් වෘත්තීය සමිති නායකයො සාකච්ඡාවකින් අල්ලා ගන්න හැදුවා. අනෙක් පැත්තෙන් මැරයො ගෙනත් ගැහුවා.

බලහත්කාරයෙන් මර්දනය කරන්න යාමෙන් සිදුවන්නේ සටන් වැඩිවීමයි. තමුන්නාන්සේලා යන්නෙත් පහුගිය ආණ්ඩුව ගිය අඩිපාරෙමයි. බොරු යහපාලකයන් අවසානයේ ආණ්ඩුවක් ලෙස ජනතාව ඉදිරියේ රෙදි ගලවා ගත්තා.

කොළොන්නාවේ
ජනතාව නැඟී සිටියා

වැඩ වර්ජනවලට විරුද්ධව සාමාන්‍ය ජනතාව නැඟී සිටි ප්‍රථම අවස්ථාව මෙය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි එස්. එම්. මරික්කාර් (එජාප) පැවැසීය.
ගංවතුර ගැලුවත්, කුණු කන්ද නායගියත්, තෙල් සංස්ථාව වර්ජනය කළත් මරික්කාර් ගැන කියනවා. එහෙත් පවුල් 27,000 කට ආධාර අරන් දුන්නාම කවුරුත් කතා කරන්නෙ නැහැ. අද කොළොන්නාව සංවර්ධනය වෙනවා. අපේ රජය ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරලා යහපාලනය ගෙනයනකොට එදා මැරකම් කරපු අය අද කිඹුල් කඳුළු හෙළනවා. ඒ කඳුළු ගැන අපට හිනාව තියෙන්නෙ ඉස්සරහ පැත්තෙ නොවේ.

මේ ආණ්ඩුව ආවට පස්සේ උද්ඝෝෂණ වැඩ වර්ජන කරමින් ආණ්ඩුව අස්ථාවර කිරීමේ දේශපාලන වැඩපිළිවෙළක් තියෙනවා. මේ ආණ්ඩුව ආවට පසු වැඩ වර්ජන හා උද්ඝෝෂණ 1600කට වඩා සිදුවී තිබෙනවා. ඒවායින් රටේ සංවර්ධනයට බාධා වුණා.
තෙල් සංස්ථාවේ දේපළ ආරක්ෂා කරන්න හමුදාව ගියාම ඔවුන් අන්ත ද්‍රෝහියෝ වුණා. එදා දවසේ වර්ජනයට පිටුපස සිට මෙහෙයවූයේ කවුදැයි දන්නවා. ඊයේ සිද්ධිය ගැන හරියට වීඩියෝපට අරගෙන බලන්න. වර්ජනවලට විරුද්ධව සාමාන්‍ය ජනතාව නැඟිට්ට පළමු අවස්ථාව ඒක.

මීට පස්සේ උද්ඝෝෂණ, වර්ජන කරන්න බලන්න මොකද වෙන්නේ කියලා. දේශප්‍රේමීන් බවුසර්වල ටයර් කපලා, භූමිතෙල්, පෙට්රල්, ඩීසල් නළ මාරු කරලා සිදුකරන උද්ඝෝෂණවලට එරෙහිව ජනතාව අද නැඟිටලා ඉන්නවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon