පාර්ලිමේන්තුවේ 40 වසරක අඛණ්ඩ නියෝජනයට අගමැති රනිල්ට සුබ පැතුම්

  👤  3671 readers have read this article !
2017-08-07

අගමැති රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන දිවියේ හතළිස් වසරක අඛණ්ඩ පාර්ලිමේන්තු සේවය අගෝස්තු 4 වැනිදා සපිරීම නිමිත්තෙන් සුබ පැතීමේ උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ආගමික පුණේ‍යා්ත්සවයකින් ඇරැඹිණි.

පාර්ලිමේන්තුවේ විශේෂ වාරයට සමගාමීව පැවැති බෝධිපූජා පින්කම, පාර්ලිමේන්තු පරිශ්‍රයේ බෝධීන් වහන්සේ අබියසදී පවත්වනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙන් මහා විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර උප ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති පූජ්‍ය තලගල විමලනායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.
සිකුරාදා පෙරවරු 10.30ට අගමැතිවරයාගේ හතළිස් වසරක පාර්ලිමේන්තු සේවය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරය ආරම්භ කෙරිණි.

කතානායක කරු ජයසූරිය, අගමැතිවරයාට සුබ පැතීමේ යෝජනාව ඉදිරිපත් කරන ලෙස සභානායකවරයාට දැනුම්දුන්නේ ඉන් අනතුරුවය.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල නැඟී සිට මෙම සභාවේ මන්ත්‍රිවරයකු වශයෙන් කටයුතු කරමින් අඛණ්ඩව වසර 40ක කාලයක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත මෙම සභාව විසින් මෙහිලා ශුභාශිංසනය පළ කරන අතර, පොදුවේ රටට සහ විශේෂයෙන් පාර්ලිමේන්තුව වෙත ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් පරාර්ථකාමීව හා කැපවීමෙන් ඉටු කරන ලද සේවය ඇගැයීමට ලක් කරමින් එතුමාගේ සියලු අනාගත පරිශ්‍රමයන් සාර්ථක වීම සඳහා සිය සුබපැතුම් පිරිනමයි යනුවෙන් යෝජනාව ඉදිරිපත් කළේය.

යෝජනාව ඉදිරිපත් කරමින් මුලින්ම ශුභාශිංසන පළ කළේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලයි.
විපක්ෂ නායක ආර්. සම්පන්දන්, අගමැතිවරයා වෙත ශුභාශිංසන පළකිරීමෙන් පසු ගයන්ත කරුණාතිලක, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, ගාමිණී ජයවික්‍රම පෙරේරා, රිෂාඩ් බදියුදීන්, නිමල් සිරිපාල ද සිල්වා, පී. දිගම්බරම් යන ඇමැතිවරුද ඩග්ලස් දේවානන්දා මන්ත්‍රිවරයා සහ කතානායකවරයාද ශුභාශිංසන පළ කළහ.
ශුභාශිංසන යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ කතානායක ගැලරියේ සිටි අමුත්තන් අතර මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසක්ද කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු ශිෂ්‍ය නායකයන් පිරිසක්ද මහා සංඝරත්නයද එහි වූහ.

මහජන ගැලරි සියල්ල පිරී ඉතිරී ගොස් තිබිණි. ගැලරියෙන් පිටතද විශාල පිරිසක් රොක්ව සිටියහ.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි ආසන බොහොමයක් හිස්ව තිබිණි. අතුරලියේ රතන හිමි ඇතුළු එස්.බී. දිසානායක, පාඨලී චම්පික රණවක ඇමැතිවරුන්ගේ මන්ත්‍රි ආසන හිස්ව තිබෙනු දක්නට විය.

අගමැතිවරයාට ශුභාශිංසන පළ කරමින් සිදුකළ කතා අවසානයේ මැති ඇමැතිවරු සාම්ප්‍රදායිකව මේසවලට තට්ටු කළ අවස්ථාවේ මහජන ගැලරිවල සිටි පිරිස් අත්පොළසන් දුන්හ. ඒකාබද්ධ විපක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු සියලුදෙනාම මෙම සැසිය වර්ජනය කර තිබිණි.
දෙමළ ජාතික සන්ධානයේ නායක සම්පන්දන් මහතා සමඟ එම සන්ධානයේ මන්ත්‍රිවරු කිහිපදෙනෙක්ද මේ අවස්ථාව නියෝජනය කළහ.

රනිල්ගේ දුරදක්නා නුවණ නිසා
වත්මන් වෙනසට මඟ පෑදුණා

ජනාධිපතිවරණයේදී විරුද්ධ පක්ෂයෙන් ඉදිරිපත්වීමට තිබුණු අවස්ථාව පසෙකලා, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කර ජයග්‍රහණය කරවීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කටයුතු කළා යැයි විපක්ෂ නායක ආර්. සම්පන්දන් පැවැසීය.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා පුළුල් දැනුමක් සහිත, සියුම්ව කටයුතු කරන අත්දැකීම් බහුල පුද්ගලයෙක්. දේශීය වශයෙන් නොව ජාත්‍යන්තරවත් එතුමා ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

එතුමා සෑම අවස්ථාවක රටේ යහපත වෙනුවෙන් තීරණ ගැනීමට නොපසුබට වූ පුද්ගලයකු ලෙස දැක්විය හැකියි.

විරුද්ධ පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තිබුණු අවස්ථාවේ එතුමා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කර ජයග්‍රහණය කරවීමට කටයුතු කළා. එතුමාගේ දූරදර්ශී බව එයින් පෙන්නුම් කළා. එතුමා ගනු ලැබූ එම තීරණය නිසා රටේ විශාල වෙනස්කමක් ඇතිකිරීමට සමත් වුණා. රටේ ජාතික ආර්ථිකයක් ඇති කිරීමටත්, දේශීය හා විදේශීය ආයෝජනය තුළින් රටේ සංවර්ධනයක් ඇති කිරීමටත් එතුමා පියවර ගෙන තිබෙනවා. ජාතික ගැටලුව විසඳීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමා තුළ දැඩි කැපවීමක් තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එකට එක්ව තවදුරටත් කටයුතු කළ යුතුව තිබෙනවා. එසේ කිරීමෙන් මේ රටේ ජාතික ගැටලුව විසඳීමෙන්, රට ආර්ථික වශයෙන් සංවර්ධන කිරීමට අවස්ථාව සැලසෙනවා.

රටකට
කලාතුරකින් ලැබෙන නායකයෙක්

අගමැති ඉතා හොඳ ගතිගුණවලින් පිරි දේශපාලනඥයෙක් ලෙස සලකන්න පුළුවන්. සමාජ අලෙවිකරණ ප්‍රතිපත්ති හා මූලධර්ම අප රජයේ ප්‍රතිපත්තියයි. 1977 අර්ථික විප්ලවය සමඟ පටන් ගත් ගමනක් ඔහු සතුයි.

වත්මන් දේශපාලන ක්‍ෂේත්‍රයේ බුද්ධිමත්ම නායකයා බව සලකන්න පුළුවන්. දේශපාලන පීඩන හා ආතතිවලට මුහුණ දීමට ඔහුට පුළුවන්. ඔහුගේ සතුරන් පවා එම ගතිගුණය ගැන විශේෂ උනන්දුවක් ඇති වූවා.

ඔහු නිසැකවම කලාතුරකින් ලැබෙන නායකයෙක්. ඔහු අනුගමනය කළේ ප්‍රතිපත්තිමය දේශපාලනයක්. පක්‍ෂයට ඇති හිතවත්කම සලකා බලන විට ප්‍රේමදාස ජනාධිපතිට එරෙහි දෝෂාභියෝගයේදී ඔහු ක්‍රියා කළ ආකාරය දැක්විය හැකියි.

ඔහුට සමහර විට අසාධාරණ විවේචන එල්ල වෙනවා. සමාජ දේශපාලන ජීවිතයේදී ඒවාට මුහුණ දීමට සිදුවෙනවා. එල්.ටී.ටී.ඊ.ය සමඟ අස්සන් කළ සාම ගිවිසුම ඇතැමුන් විවේචන කළා. ඇත්තෙන්ම එල්.ටී.ටී.ඊ. කරන ලද යෝජනාවට එකඟ වුණා නම් 2005දී ජනාධිපති වෙන්න තිබුණා. මා ඒ ගැන සාක්‍ෂි දරනවා. ඔහු එම යෝජනාවට එකඟ වුණේ නැහැ. පසුගිය රජයට අවාසනාවන්ත ලෙස මා සම්බන්ධ වුණා. ඔවුන් යුද ජයග්‍රහණය අන්ධ ලෙස සැමරුවා. අප පාර්ලිමේන්තුවේ තිබිය යුතු විනීත භාවය හා ආචාරශීලීත්වය පහළට බැහැලා. විපක්‍ෂයේ සමහරුන් මේ ශුභාශිංසන රැස්වීම වර්ජනය කිරීම කනගාටුදායකයි. අප පෙන්විය යුතු සදාචාරාත්මක භාවය මෙහි නොපෙන්වීම ගැනත් කනගාටුයි. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සමහර මන්ත්‍රිවරුන් තම ප්‍රතිපත්ති පාවා දී තිබෙනවා.

ප්‍රතිවාදීන්ගේ
විවේචන
සිනහවෙන්
භාර ගන්නා නායකයෙක්න්තු

වසර හතළිහක් පාර්ලිමේවිරුද්ධවාදීන් පිළිබඳ කිසි විටෙක තරහක්, අමනාපයක් නොදැක්වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔවුන්ගේ විවේචන සිනහවෙන් භාර ගත්තා.

දේශපාලනඥයකු වශයෙන් විවේචනයට පාත්‍ර වූ මාධ්‍ය මඟින් පහර ගහපු දේශපාලනඥයකු වෙනත් නොමැති යැයි මා සිතනවා.

එතුමා ඉවසීමෙන් කටයුතු කර තම දේශපාලන ජීවිතය සාර්ථක කරගැනීමට සමත් වී තිබෙනවා.

ආර්ථික වශයෙන්, දේශපාලනික වශයෙන් එතුමා තුළ පවතින අත්දැකීම් මෙන්ම අත්දැකීම් බහුල දේශපාලනඥයකු වශයෙන් හැඳින්විය හැකියි.

එතුමා ලෝභ නොවී මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ජයග්‍රහණය කරවීමෙන් එතුමාගේ දුර දක්නා නුවණ පෙන්නුම් කළා.
අපේ පක්ෂ දෙක අතර, එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ප්‍රතිපත්ති කෙරෙහි කැමැත්තක් නැහැ. අපි එකඟ නොවන තැන්වලදී අපි වාද විවාද කරගන්නවා.
අපට අත්දැකීම් බහුල දේශපාලනඥයන් අපේ රටට අවශ්‍යයි. අපි අතර වෛරී දේශපාලනයක් නැහැ.

විරුද්ධ දේශපාලන මත දැරුවාය කියලා අපි ඔවුන්ට සුබපැතීම සුදුසු නැහැ කියන මතයක සිටීම සුදුසු නැහැ.

වසර හතළිහක අඛණ්ඩ දේශපාලන ජීවිතයක් ගත කළ දේශපාලනඥයන් ඉන්නේ මේ රටේ අතළොස්සක්. එතුමා විශ්වාස කරන මතිමතාන්තරවල එල්බගෙන සිටියා. ඒ අනුව තීරණ ගත්තා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon