හම්බන්තොට වරාය ගිවිසුම ගැන විවාදයට අපි සූදානම්

  👤  4290 readers have read this article !
2017-08-10

"හම්බන්තොට වරාය සඳහා අස්සන් කළ සහන ගිවිසුම සම්බන්ධව ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට සූදානම්" යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (9දා) පැවැසීය.

"මෙම සහන ගිවිසුම අස්සන් තැබීමෙන් පසුව ඕනෑම අවස්ථාවකදී එකඟ වන කොන්දේසි අනුව සහ පාර්ලිමේන්තුවේදී ගිවිසුම සම්බන්ධයෙන් වන විවාදයකදී එළැඹෙන කරුණු මත පදනම්ව ගිවිසුමේ ඕනෑම වගන්තියක්, අවශ්‍ය වුවහොත් සංශෝධනය කළ හැකිවන පරිදි වෙනම වගන්තියක් ඇතුළත් කර තිබෙනවා" යැයිද අගමැතිවරයා සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස අගමැතිවරයා වෙත යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එසේ පැවැසූ අගමැති රනිල් වික්‍රමසිංහ "ගරු ජනාධිපතිතුමා විසින් ඛනිජ තෙල් වෘත්තීය සමිති සමඟද මේ සම්බන්ධව සාකච්ඡා කොට තීරණයකට එළැඹීමට එතුමාට හැකිවී තිබෙනවා. ඒ අනුව මෙම ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් ලබාදී, මේ සඳහා කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන්නා"

"විවාදයක් සිදු කළා නම්, සිදු කර ඇති මුදල් නාස්තිය
පිළිබඳවත් මෙම සහන ගිවිසුම මඟින් රටට අත්වන සහන
පිළිබඳවත් සියලු දෙනාටම කරුණු හෙළිදරව් වෙනවා".

"මේ නිසා විපක්ෂයේ සමහර කණ්ඩායම්වලට අවශ්‍ය වුණේ එම විවාදය කඩාකප්පල් කරන්නයි. එම නිසා ඒ වටිනා අවස්ථාවත් මඟහැරුණා. අපි කිසිම දේකට බයේ පැනල යන්නේ නැහැ. රාජපක්ෂ පාලන යුගයේදී වගේ කිසිදු කරුණක් පාර්ලිමේන්තුවට සඟවන්න අපට අවශ්‍යතාවක් නැහැ. පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරනවාට වඩා, විපක්ෂයේ සමහර කණ්ඩායම් බියවෙලා ඉන්න බවක් තමයි අපට පෙනෙන්නේ".

"හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් අවස්ථා පහකදී ණය ලබාගෙන තිබෙනවා. එහි එකතුව ඇමෙරිකන් ඩොලර් මිලියන එක්දහස් දෙසිය පනස් දෙකක් වෙනවා. දළ වශයෙන් රුපියල් බිලියන එකසිය අසූවක පමණ මුදලක්".

"ඒ සඳහා 2014 වසරේ රුපියල් මිලියන හාරදහස් විසිතුනක්, 2015 වසරේ රුපියල් මිලියන හාරදහස් හාරසිය අසූහතක්, 2016 වසරේ රුපියල් මිලියන හාරදහස් අටසිය අසූහයක් සහ 2017 වසරේ ජුනි මාසය දක්වා රුපියල් මිලියන දෙදහස් පන්සිය තිස් හතක් ගෙවා තිබෙනවා".

"ඒ වගේම 2017 ජුනි මාසය වන තෙක් ණය සඳහා පොලිය වශයෙන් රුපියල් මිලියන විසිහතර දහස් අටසිය අසූවක මුදලක් ගෙවා තිබෙනවා".
"දැනට ගණන් බලා ඇති ආකාරයට මේ වන විට හම්බන්තොට වරායේ සමස්ත පාඩුව රුපියල් මිලියන පනස් එක්දහස් පන්සිය තිහක්".

චීන රජය සමඟ සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින් පෞද්ගලික සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව පිහිටුවනු ලබන හවුල්කාරිත්ව සමාගමක් මඟින් දීර්ඝකාලීන බදු පදනම මත හම්බන්තොට වරායේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා 2017 ජුනි මස 29 වැනි දින සහන ගිවිසුමක් අස්සන් කරනු ලැබුවා".

ශ්‍රී ලංකාව
මහ මුහුදේ
තනිවුණු
රටක්

ලෝකයේ ප්ලාස්ටික් පරිභෝජනය කෙරෙන රටවල් දෙස බැලීමේදී අපි ඉහළ තැනක සිටින රටක් නොවුණත්, සාගරයට ප්ලාස්ටික් යොමු කිරීම වැඩි රටක් බවට පත්වී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවසීය.
සාගරය වැඩියෙන්ම දූෂණය වන්නේ ගංගාවලින් ගසාගෙන එන අපද්‍රව්‍ය නිසයි. අපේ රටට තවමත් විධිමත් කසළ කළමනාකරණ වැඩපිළිවෙළක් හඳුන්වාදීමට නොහැකිවී තිබෙනවා.

අපේ රට සාගරයට ප්ලාස්ටික් යොමු කිරීම වැඩිම රට බවට පත්වීම ගැන අප ලැජ්ජාවට පත්විය යුතුයි.
ශ්‍රී ලංකාවට දැවැන්ත සාගරයක් තිබෙනවා. ශ්‍රී ලංකාව මහ මුහුදේ තනිවුණු රටක්.

අපද්‍රව්‍ය නිසා මත්ස්‍ය සම්පත නැතිවී යනවා

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය වර්ග හාරදහසක් පමණ සිටින නමුත්, අපද්‍රව්‍ය නිසා මත්ස්‍යයන් වඳ වෙමින් පවතිනවා යැයි තිරසර සංවර්ධන හා වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා පැවසීය.

උත්තර ධ්‍රැවයේ අයිස් දියවීම නිසා ගෝලීය ආහාර බැංකුව විනාශ වෙනවා. ඩයිනෝසරයන් විනාශ වුණෙත් දේශගුණික විපර්යාස නිසයි. පරිසර දූෂණයේ වගකීම කවුරුත් භාරගත යුතුයි.

වර්තමානයේ වායුගෝලයට කාබන් විශාල වශයෙන් නිකුත් වෙනවා. කාබන් නිකුත්වීමේ වේගය වැඩිවෙලා. මෙහෙම ගියොත් මිනිසුන්ට ජීවත්වීමට වෙනත් ග්‍රහලෝක සොයන්න වේවි.

කතරගම පූජා භූමියේ පොලිතින් දැමීම බොහෝ අඩුවෙලා. එය හොඳ ප්‍රවණතාවක් බව කියන්න ඕන. මම මගේ අමාත්‍යාංශයේ පොලිතින් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළා.

සාගර දූෂණය වළක්වගන්න කලින් හිත්වල දූෂණය
ඉවත් කර ගන්න

අද පුවත්පත්වල කාටූන් දෙස බැලීමේදී දේශපාලනඥයන්ට හිමිවී ඇති තැන පේනවා යැයි ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර පැවැසීය.
දේශපාලනඥයන් ගැන විවිධ කාටූන් මාධ්‍යයන්හි පළවෙනවා. මේවාට අපිත් අහුවෙනවා. දේශපාලනඥයන්ට මහජනතාවගේ දේවල් ලබාගැනීම වටින්නේ නැහැ.
අද සමස්ත දේශපාලනයේම පිරිහීමක් දක්නට තිබෙනවා. මිනිසුන් මන්ත්‍රිවරු පත්කර ගන්නේ ඒ අයට සේවයක් සලසා ගැනීමටයි. අද සමාජයේ දේශපාලනඥයන් ගැන දැඩි විවේචන එල්ල වෙනවා.

දේශපාලකයා දූෂිත වුවහොත් ජනතාවගේ බලාපොරොත්තු ඉටුවන්නේ නැහැ. සාගර දූෂණය වැළැක්වීමට කලින්, අපි අපේ සිත්වල තිබෙන දූෂණය ඉවත් කර ගන්න ඕන.
අපේ ධීවරයො ප්ලාස්ටික් බෝතල් දස දහසකට වැඩි ප්‍රමාණයක් මුහුදට දානවා. එය සුදුසු ක්‍රියාවක් නෙවි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon