නියං ආධාර කියා දෙන්නේ බලු, කපුටු දානයක් ද කහ 100යි, තුනපහ 100යි, ගම්මිරිස් 100යි, බේත් පෙති 2යි
නියඟයෙන් පීඩා විඳින ගොවියාට වියළි සහනාධාර මල්ලක් කියා මේ දෙන්නේ බලු කපුටු දානයක් දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ප්‍රශ්න කළේය.
නියඟය හේතුකොටගෙන සමහර පළාත්වල කන්න දෙකක් තුනක් වගා කර නැහැ. විවිධ ප්‍රදේශවල මෙය විවිධ ආකාරයෙන් පැතිරිලා තියෙන්නේ. වගා කළත් වගා විනාශ වූ ගොවීන්ද සිටිනවා. සමහර ප්‍රදේශවල විධිමත් වාරිමාර්ග රටාවකට වතුර නොලැබෙන හේන් ගොවීන් පිරිසක් ද සිටිනවා.
කෘෂිකර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් ප්‍රදේශ විශාල ගණනාවක තිබෙනවා. නියඟය නිසා ගොවි ජනතාවගේ ආර්ථිකය කඩා වැටීම සමස්තයක් වශයෙන් පළාතටම විශාල වශයෙන් බලපානවා. මේක හදිසි ගංවතුරක් වැනි හදිසි තත්ත්වයක් නොවේ. නියඟය නිසා ඒ පළාත්වල ජනතාවගේ ආර්ථික, සමාජ හා ජනජීවිත බිඳ වැටිලා.
නියඟයෙන් පීඩා විඳින ජනතාවට පිටි කිලෝ 8.25, සීනි කිලෝ 02, කව්පි කිලෝ 01, පරිප්පු කිලෝ 01, ලුණු පැකට් 01, කහ ග්‍රෑම් 100ක්, මිරිස් කුඩු ග්‍රෑම් 200ක්, ගම්මිරිස් ග්‍රෑම් 100, තුනපහ ග්‍රෑම් 100ක්, සෝයා මීට් ග්‍රෑම් 250ක්, ටින් මාළු 02ක් සමඟ පැනඩෝල් 2ක් දෙනවා. වටිනාකම රුපියල් 2502යි. මේ වියළි ආහාර මල්ල ලබා ගන්න වරු පහක් වැඩ කරන්න ඕනෑ. ගොවි පවුලකට මේ ප්‍රමාණයෙන් ජීවත් වෙන්න බැහැ.
මාස හතරක් එකදිගට රුපියල් 10,000 බැගින් දෙන බව ජනාධිපතිවරයා කීවත් එය ලැබුණේ නැහැ. එක් වරක් දුන්නේ රුපියල් 8,500ක් පමණයි. සියලු ගොවි පවුල් සඳහා ආධාරය ලබා දෙන්නැයි මා යෝජනා කරනවා.
පොළොන්නරු ගොවියෝ තුන් වේලෙට බත් කාපු මිනිස්සු. මේ අස්සේ පී‍්‍රමා විදලද? පී‍්‍රමා එකේ ජොයින්ට් එකක් තියෙනවද? කහ ග්‍රෑම් 100යි. ගම්මිරිස් ග්‍රෑම් 100යි. මේ බලු කපුටු දානේ දෙනවද? පොල් නැතිව පිටි දෙනවා. පොල් නැතිව රොටි කන්නේ කොහොමද?
නියඟය පවතින ප්‍රදේශවලට
අලුත් ජල බවුසර් තුන්සීයයක් යැව්වා
ගංවතුරෙන් හා නියඟයෙන් පීඩාවට පත්ව සිටින මහජනතාව ආරක්ෂා කිරීමට කෙටිකාලීන හා
දීර්ඝකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා යැයි ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන පැවැසීය.
මෙය අපේ රටේ පැවතුණු පළමු නියඟය නොවේ. නියඟය පවතින ප්‍රදේශවලට අපි අලුත් ජල බවුසර් තුන්සිය ගාණක් යෙදවූවා. ගංවතුර සහ නියඟය වෙනුවෙන් අපි රුපියල් කෝටි දස දහසක මුදලක් වෙන්කර තිබෙනවා. නියඟය සඳහාත් තවත් බිලියන 80ක් අවශ්‍යයි.
මේ වසර තුළ අතිරේක බිලියන 150ක් පමණ අවශ්‍ය වෙනවා. රජයක් හැටියට මහජනතාව ආරක්ෂා කිරීමට අප කටයුතු කරනවා.
නියඟයෙන් පීඩා විඳින ගොවීන්ට එක වේලක් කුසගින්නේ සිටීමට
ඉඩ දෙන්නේ නැහැ
"නියඟයෙන් පීඩාවට පත්ව සිටින ගොවි පවුල්වල ජීවිත නඟා සිටුවීම සඳහා අඩු පොලියට බැංකු ණය ලබාදීමට කටයුතු කරනවා" යැයි තිරසර සංවර්ධන සහ වනජීවී ඇමැති ගාමිණී පෙරේරා පැවසීය.
මේ පවුල් වෙනුවෙන් ආධාර ලබාදීමට රජය කටයුතු කරනවා. ගොවි ජනතාව ලබාගෙන ඇති ණය වාරික අය කිරීම් මේ තත්ත්වය නිසා, අත්හිටුවීමට කටයුතු කරන ලෙස ෆිනෑන්ස් සමාගම් ආදියෙන් ඉල්ලා සිටීමට කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරනවා.
නියගයෙන් පීඩාවට පත් සියලුම පවුල් සඳහා ආධාර දීමේ වගකීම රජය භාරගෙන කටයුතු කරනවා. ඔවුන්ට එක වේලක් හෝ කුසගින්නේ සිටීමට ඉඩ දෙනේනේ නැහැ.
සියලු දෙනාටම ආහාර මල්ලක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඒවා නිසි අයුරින් ලබා දිය යුතුයි. මීළඟ කන්නය වගා කිරීම සඳහා අවශ්‍ය බීජ වර්ග ලබාදීමටත් කටයුතු කරනවා. අපට අවශ්‍ය වන්නේ මේ පවුල්වල ආර්ථිකය ශක්තිමත් කරන්නයි.
මේ ගොවි පවුල්වල අය උකසට තබා ඇති රණ් භාණ්ඩ සින්න වීමට ඉඩ නොදී, ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කෙරෙන තෙක් එම භාණ්ඩ ආරක්ෂා කර දීමට පියවර ගත යුතු බව මම යෝජනා කරනවා.
පීඩාවට පත්ව සිටින ජනතාවට භාණ්ඩ වෙනුවට
මුදල් දෙන්න
'නියඟයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට භාණ්ඩ වෙනුවට මුදල් ලබා දෙන්න' යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.
'භාණ්ඩ ලබාදීමේදී ඒවා සියලු දෙනාටම ලැබෙන්නේ නැහැ. භාණ්ඩ බෙදද්දී දූෂණ ඇතිවීමට ඉඩ තිබෙනවා.
නියඟය නිසා දිස්ත්‍රික්ක විස්සක ජනතාව පීඩාවට ලක්වී සිටිනවා. කන්න පහක් ජනතාවට ගොවිතැන් කිරීමට නොහැකි වී තිබෙනවා. මේ තත්ත්වය යටතේ ජනතාවගේ පීඩාව ගැන නිලධාරීන් නම්‍යශීලී වෙන්න ඕනෑ.
ගොවීන්ට උපරිම සහන දෙන්න කටයුතු කරන්න. බොහෝ වැව්වල අද වතුර නැහැ. කුඩා දරුවකු නාවගන්න තරම්වත් වතුර නැහැ. මේ ප්‍රශ්නයට මුහුණදෙන්න කාර්ය සාධක බළකායක් පත් කරන්න.
විනෝදාත්මක
අද මව්බිමෙන්
- පලාලි නවීකරණය කරන්න අගමැතිගෙන් උපදෙස් 🕔2019-02-18
- මධුෂ් ඇතුළු 31 දෙනාට එරෙහි නඩුව 28දා යළි කැඳවයි 🕔2019-02-18
- ජිනීවා සමුළුවට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් පෙත්සම් 12ක් 🕔2019-02-18
- දකුණේ සීනියර් DIG කොළඹට මාරුවක් 🕔2019-02-18
- කථානායක වගකීමකින් ක්‍රියා නොකළ නිසා මැතිසබය නොසන්සුන් වුණා 🕔2019-02-18
- පොල්තෙල් නිපදවන, විකුණන තැන් 28දා තෙක් පරීක්ෂා කරනවා 🕔2019-02-18
- පළාත් ඡන්දය ගැන අවසන් තීරණය මේ සතියේ 🕔2019-02-18
- කරදර හිරිහැර දරාගන්න බැරි තැන නාවික හමුදා සෙබළිය එල්ලී මැරිලා 🕔2019-02-18
- පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රින්ගේ තැපැල් දීමනාව වැඩි කෙරේ 🕔2019-02-18
- අගමැතිගේ මුලතිව් සංචාරයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීහු විරෝධතාවක 🕔2019-02-18
- ලංවිමට වසර 50ක් සපිරීමත් සමරා හෙට කිරිවෙහෙරේ පින්කම් රැසක් 🕔2019-02-18
- රටේ ණය බර වැඩිවෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවාගන්නවත් බැහැ -ජනපති 🕔2019-02-18
- 2 වැනි විශේෂමහාධිකරණයක් 🕔2019-02-18
- ලෝක බැංකු උප සභාපති ශ්‍රී ලංකාවේ දිළිඳු බව දිළිඳු වී ඇතැයි කියයි 🕔2019-02-18
- ජාතික ආණ්ඩු උත්සාහය ගෝලබාලයන්ට ඇමැතිකම් දෙන්න කරන උප්පරවැට්ටියක් 🕔2019-02-18
- පිටරටින් ගේන කිරිපිටිවල අඩංගු දෑ සොයන්න අපට හැකියාවක් නෑ 🕔2019-02-18
- හතළිස් හත්වැනි රාජ්‍ය නාට්‍ය උළෙල අද සිට මරදාන එල්ෆින්ස්ටන් හිදී 🕔2019-02-18
- 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුව විපක්ෂ නායකට සංදේශයක් භාර දෙයි 🕔2019-02-18
- අනවසර හෝටලයක සාදයක් වටලා පොලිසිය තාක්ෂණ පරීක්ෂණයක 🕔2019-02-18
- බංග්ලාදේශ පුවත්පත් මණ්ඩල උත්සවයට මාධ්‍යවේදීහූ දෙදෙනෙක් සහ සභාපතිවරයා සහභාගි වෙති 🕔2019-02-18
- විජය සමුගෙන තිස් වස සපිරුණු දා 🕔2019-02-18
- වෙරළ සහ සමුද්‍රාරක්ෂාව සම්බන්ධව ශ්‍රී ලංකාවට ජපානයේ අඛණ්ඩ සහාය 🕔2019-02-18
- සබරගමුව සරසවියේ කෘෂිවිද්‍යා පීඨ සිසුන් 54 දෙනකුට සතියක පන්ති තහනමක් 🕔2019-02-18
- ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට ලක්වූ ධීවරයකු නාවික විධානයේ වේග ප්‍රහාරක යාත්‍රාවකින් ගොඩ බිමට 🕔2019-02-18
- නරමානේ බුද්ධරක්ඛිත නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය 20දා පානදුරේ නගර සභා ක්‍රීඩාංගණයේදී 🕔2019-02-18
- තායිලන්තයේ දහ වැනි රජතුමාගේ රාජාභිෂේක මෞලි මංගල්‍යයට ශ්‍රී මහා බෝධි අංකුරයක් 🕔2019-02-18
- මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ආ 17 දෙනකු අත්අඩංගුවට 🕔2019-02-18
- හලාවත මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති හදිසියේ මිය යයි 🕔2019-02-18
- කන්කසන්තුරේ වරාය වාණිජ වරායක් ලෙසට සංවර්ධනය කරනවා 🕔2019-02-18
- මහා පරිමාණ මුදලාලිලා ටික අහිංසක ගොවියා සූරාකන්න පටන් ගනීවි 🕔2019-02-18
- ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඒකක දශම 0.7කින් ඉහළ යයි 🕔2019-02-18
- ජනපතිගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එජාපය සූදානමක 🕔2019-02-18
- ජර්මන් තානාපති ඔහුට පැවරී ඇති වැඩේ කළා නම් ප්‍රශ්නයක් ඇති වන්නේ නෑ 🕔2019-02-18
- හෘද රෝගීන් වෙනුවෙන් හදට හදක් එළි දැක්වෙයි 🕔2019-02-18
- සිවු හැවිරිදි දරුවාගේ ඇටමිදුලු බද්ධයට මුදල් සොයා ගැනීම අපිට සිහිනයක් 🕔2019-02-18
- නිදහස්ව හා සාධාරණව නිසි කලට මැතිවරණ පැවැත්විය යුතුයි 🕔2019-02-18
- රටේ පාලනය කපටි දේශපාලනඥයන්ට භාරදී බුද්ධිමතුන් වියතුන් උගතුන්ට නිහඬ වෙන්න බැහැ 🕔2019-02-18
- අස්වනු සඳහා පොරොන්දු වූ මුදල් ඉල්ලා පොල් ගසා දේව කන්නලව්වක 🕔2019-02-18
- තෝලන්තෝට්ටම් ප්‍රදේශයේ වළක් හෑරීමේදී ගිනි අවි නවයක් හමු වෙයි 🕔2019-02-18
- ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී. ආයතනයට මහ බැංකුවෙන් නියාමන ක්‍රියාවලියක් 🕔2019-02-18
- දෝහා කටාර් රජතුමා පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි 🕔2019-02-18
- මන්නාරම සමූහ මිනී වළේ අස්ථි සාම්පල පහක කාබන් කාලනිර්ණ වාර්තාව ලැබෙයි 🕔2019-02-18
- මීටියාගොඩදී ටී 56ක් හා උණ්ඩ සමඟ පුද්ගලයෝ් දෙදෙනෙක් කොටු වෙති 🕔2019-02-18
- විදුලි රැහැන් යෙදූ කෙසෙල් වත්තක විදුලි සැර වැදී වන අලියකු මිය ගිහින් 🕔2019-02-18
- L.T.T.E. නිල ලාංඡනය සහිත කැප් තොප්පියක් සහ M.P.M.G පතරොම් වැලක් කසළ බෑගයක 🕔2019-02-18
- විනිවිදභාවයෙන් තොර ටෙන්ඩර් ප්රදානය ලංකාවට කළු පැල්ලමක් 🕔2019-02-18
- විසුරුවා හරිනු ලැබූ පළාත් සභා හයක මූල්‍ය අවභාවිතාවක් සිදුවෙනවා 🕔2019-02-18
- මල්වාන නිවෙසේ ඉදිකිරීම්වලට බැසිල් රාජපක්ෂ මිලියන 100ක් දුන්නා 🕔2019-02-18
- පුද්ගලයකුට පහර දුන් පොලිස් නිලධාරීන් 2කට අත්හිටුවූ සිරදඬුවම් 🕔2019-02-18
- ප්‍රංශයේ රියුනියන් දූපතෙන් මෙරටට පිටුවහල් කළ 4ක් රිමාන්ඩ් 🕔2019-02-18