ඉන්දියාව ‘භාරතරත්න’ සම්මානයෙන් පිදූ හරිජන නායක ‘අම්බෙඩ්කර්’

  👤  1639 readers have read this article !
2017-10-08

පුද්ගලයකු උසස් හෝ පහත් වන්නේ කරන ක්‍රියාවෙන් මිස උපත ලබන කුලයෙන් නොවන බව බුදු දහම අපට කියා දුන්නේය. 'කුලභේදය' නම් වූ මෙම සමාජ පිළිලය මුලිනුපුටා දැමීමට අදටත් අපහසු වී ඇත්තේ ඕනෑම සමාජයක පරම්පරා ගණනාවක් කා වැදී ඇති මති මතාන්තරවලින් ජනතා මනස නිදහස් කිරීම ලෙහසි පහසු කාර්යයක් නොවන නිසාය.

බී.ආර්. අම්බෙඩ්කර් නම් වූ ඉන්දියානු ජාතික වීරවරයා ගෙන ගියේ ඒ සටනය. 'බබා සහීබ්' යන අන්වර්ථ නාමයෙන් වඩා ප්‍රසිද්ධ වූ ඔහු 1990 දී ඉන්දියානු පුරවැසියකුට හිමි වන ඉහළම සම්මානය වන 'භාරත රත්න' සම්මානයෙන් පිදුම් ලැබුවේය. බී.ආර්. අම්බෙඩ්කර් 1891 අප්‍රේල් 14 දින ඉන්දියාවේ මධ්‍ය පෙදෙසේ දරුවන් දහහතර දෙනකුගෙන් යුතු වූ පවුලක බඩපිස්සා ලෙස උපත ලැබුවේය. ඔවුන් අයිති වූයේ ඉන්දියාවේ පහත්ම යයි සම්මත පෙර දී 'හරිජන' නැත්නම් 'දාලිත්' (උදබධභජඩචඡතඥ) එනම් 'අල්ලන්නට නොහැකි' යන අරුතින් හැඳින් වූ ජන කණ්ඩායමටය. පහත් කුලයක උපදින දරුවකු ලබන පීඩාවන් ඔහු නිරතුරුවම අත් දැක්කේය. පාසලේදී එම දරුවන් ගුරුවරුන් පවා නොසලකා හරින ලදී. ඔවුන්ව පන්තිය තුළට වැද්ද නොගත් අතර පිටත සිට බිම එළා ගත් ගෝනි කැබැල්ලක වාඩි වී අධ්‍යාපනය කළ යුතු විය. දිය බීමට අවශ්‍ය වූ විට උසස් යයි සම්මත අයෙක් ජෝගුවෙන් ජලය කටට වත් කළ යුතු වූයේ ජලයවත්, එය රැඳුණු භාජනයවත් ඇල්ලීම තහනම් බැවිනි. මෙය අම්බෙඩ්කර් වෙනුවෙන් ඉටු කළේ පාසලේ පියන්ය. පියන් නැති දාට වතුර නැත. ඔහු පසු කලෙක ඔහු කළ කෘතියකට නම් තැබුවේ ව්ධ ර්ථීඥධද, ව්ධ එචබඥප යනුවෙනි. එහෙත් අති දක්ෂ ශිෂ්‍යයකු වූ ඔහු ඒ සියලු බාධා මැඬගෙන උසස් අධ්‍යාපනයට ඇතුළු වූයේය. බොම්බේ විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබූ එම කුලයේ පළමු ශිෂ්‍යාද ඔහු විය. අති දක්ෂ සිසුවකු වූ ඔහුගේ දක්ෂකම් කුලමලවලින් යට කළ නොහැකි විය. ඔහුගේ දක්ෂකම් නිසාම සුදු අධිරාජ්‍යවාදීන්ට සිදු වූයේ කොලොම්බියා විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලබා දී වැඩිදුර අධ්‍යාපනයට ඇමරිකාවට යෑමේ අවස්ථාව ලබා දීමටය.

මුල් කාලයේ මහාචාර්යවරයකු ලෙස ද, නීතිඥයකු ලෙසද කටයුතු කළ ඔහු පසුව ඔහුගේ කාලය හා ශ්‍රමය වැය කළේ දේශපාලන භූමිකාවටය. ර්ධධඬ ව්චරචඬ, ඕචඩඪඵඩඬපඪබ ඕඩචපචබ, චදඤ ඡ්ඳභචතඪබර බ්චදබච ආදී විවිධ පුවත්පත් සඟරාවල සංස්කාරක ධුරය දැරූ ඔහු ඉන්දියානු නිදහස් සටනේ පෙරමුණේම සිටි ජාතික වීරවරයෙකු ද වෙයි. කුල පීඩනයට එරෙහිව අති විශාල සටනක් ගෙන ගිය ඔහු එහි අසාධාරණය පෙන්වා නොදුන් හින්දු ලේඛන ගිනිබත් කළේය. පූජා භූමිවලට ඇතුළු වීමේ අයිතිය ලබා ගැනීමට උද්ඝෝෂණය කරන ලදී.

1947 අගෝස්තු 15 වැනිදා නිදහස ලැබූ පසු පළමු කොංගේ‍රාස් පක්ෂ රජයේ පළමු අධිකරණ ඇමැති පදවිය ඔහුට හිමි විය. නව ව්‍යවස්ථාව නිර්මාණයේදී වඩාත්ම දායකත්වය සැපයූ බී.ආර්. අම්බෙඩ්කර් එයට එක් කළ ප්‍රතිසංස්කරණ විසින් ඉන්දියානු සමාජය ශිෂ්ටාචාරයේ ඉහළට ඔසවා තැබීමට සමත් විය. ආගම් ඇදහීමේ නිදහස, උදබධභජඩචඡඪතඪබර එනම් කුලභේදය අහෝසි කිරීම. සියලු සමාජ විෂමතා නැති කිරීමේ නීති සකස් කිරීම, පැය අටේ වැඩමුරය නීතිගත කිරීම, පහත් යැයි සම්මත කුලවලට ජනතාවට රජයේ සේවය අනිවාර්ය හිමිකම සහතික කිරීම ආදී ප්‍රගතිශීලි පියවර රැසක් ගැනිණි, 'සමාජයක දියුණුව එම සමාජයේ කාන්තාවන්ගේ ජීවන තත්ත්වයෙන් පෙන්නුම් කරන බව පැවසූ බී.ආර්. අම්බෙඩ්කර් මුස්ලිම් සමාජය තුළ කාන්තාව පීඩනයට ලක්වීම පිළිබඳවත් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ හම්මලාවේ සද්ධාතිස්ස හිමියන් මුණ ගැසීමෙන් පසු 1956 ඔක්තෝබර් 14 දින නාග්පූර්වල දී සාම්ප්‍රදායික උත්සවයකින් පසු බුදු දහම වැලඳ ගන්නා ලදී. ඒ අනුව ච්චතඪබ ඕභඤඤඩඪඵබ ර්ධමඥථඥදබ නම් ව්‍යාපාරය ආරම්භ වූ අතර ඔහුගේ අනුගාමිකයන් ලක්ෂ පහක් පමණ පිරිසක් බුදු දහම වැලඳ ගත්හ. කොලොම්බියා විශ්වවිද්‍යාල පාඨමාලාවට අදටත් ඔහුගේ චරිතාපදානය ඉගැන්වීම එය කොතෙක් ආදර්ශවත් එකක්ද යන්න හොඳම සාක්ෂියකි.

1927 දී පැවැති ර්චඩචඤ සත්‍යග්‍රහය ඔහු විසින් මෙහෙය වූ පළමු ජනතා උද්ඝෝෂණයයි. මහාද්වල පිහිටි පහත් කුලවලට දිය බීමට තහනම් 'චාවදාර්' ජලාශයෙන් 'දාලිත්' කුලයට අයත් සමූහයක් සමඟ ගොස් දිය බීමෙන් උද්ඝෝෂණය ආරම්භ කළේය. අම්බෙඩ්කර් සටන් කළේ ජලය වෙනුවෙනි. මීට වසර තුනකට පසු ගාන්ධි තුමාද මෙවැනිම උද්ඝෝෂණයක් කළේ 'ලුණු' මුල් කරගෙනය. එහිදී රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව අමතා බී.ආර්. අම්බෙඩ්කර් මෙසේ පැවසීය.

'අප චාවදාර් ජලාශයට පැමිණියේ දිය බීමට පමණක් නොවේ. අප මෙයින් ලොවට පෙන්වන්නේ අප ද සමාජයේ සමාන අයිතිවාසිකම් ඇති මිනිසුන් යන්නයි. මෙම දැවැන්ත පියවර සමානාත්මතාවය වෙනුවෙනි."

වෛද්‍ය ලංකා සිරිවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්