වසර 4000ක් පැරැණි යුරෝපයේ රස රහසක් මතුවෙයි

  👤  1917 readers have read this article !
2017-10-08

ගල් යුගයේදී බි්‍රතාන්‍ය හා යුරෝපය පුරා නව අදහස් හා තාක්ෂණ විධි ද පැතිර වූ ක්‍රියාකාරී බලවේගය බවට පත්ව සිටියේ කාන්තාවෝ බවත් පිරිමින් ගෙදරට වී සිටියදී කාන්තාවන් ඒ කාර්යයෙහි නියැළී ඇති බවත් නවතම අධ්‍යයනයකින් දැන ගන්නට ලැබී තිබේ. අපගේ පූර්වජ මුතුන්මිත්තන් සංචාරයෙහි යෙදුණු ආකාරය පිළිබඳව පෙර පැවැති මත පුරාතනයන්ගේ ඇටකටු හා දත් පිළිබඳ විශ්ලේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් සහමුලින්ම වෙනස් වී තිබේ. බොහෝ කාන්තාවන්ගේ මළ සිරුරු ඔවුන් ඉපිද හැදී වැඩුණු ගම් ප්‍රදේශවලින් බොහෝ අෑත ගම්වල සුසානවල මිහිදන්ව තිබෙනු දක්නට ලැබීමෙන් එම කාන්තාවන් ඉතා දීර්ඝ ගමන්වල යෙදී ඇති බව සනාථ වී තිබේ. වසර 4000කට ඉහතදී යුරෝපීය කාන්තාවන් ඔවුන්ගේ පවුල් ආරම්භ කිරීම සඳහා ඔවුන්ගේ ගම් පෙදෙස්වලින් බොහෝ අෑතට ගමන් කර ඇත්තේ නව සංස්කෘතික අරමුණු හා අදහස්ද රැගෙන යැයි පුරාවිද්‍යාත්මක කැණීම්වලින් මෙන්ම ඉපැරැණි ජනතාවගේ ජනකාණු බන්ධන (ච්ව්ඒ) පිළිබඳ විශ්ලේෂණයෙන්ද පර්යේෂකයනට තහවුරු වී තිබේ.

කරුණු අනාවරණය වුණු ආකාරය

පර්යේෂකයන් පුද්ගලයන් 84 දෙනකුගේ ජානමය හා සමස්ථානික (ධ්ඵධබධනඥ) විශ්ලේෂණ පුරාවිද්‍යාත්මක ඇගැයීම්ද සමඟ අධ්‍යයනය කළ අතර, එම සිරුරු ක්‍රි. පූ. 2500-1650ත් අතර කාලය තුළ පෞද්ගලික සුසාන භූමිවල මිහිදන් කෙරුණු ඒවා බවත් පරම්පරා කීපයකට අයත් පුද්ගලයන්ගේ සිරුරු එහි වූ බවත් අනාවරණය විය. කොහේදෝ සිට ලෙච් නිම්නයට බොහෝ කාලයක් තිස්සේ වරින් වර පැමිණෙන්නට ඇතැයි සිතිය හැකි කාන්තා පෙළපත් ගණනාවක විශාල විවිධත්වය තමන්ට මෙහිදී දැක ගත හැකි යැයි මානව ඉතිහාසය පිළිබඳ මැක්ස් ප්ලෑන්ක් විද්‍යායතනයේ අධ්‍යක්ෂිකා ඇලිසා මිට්නික් ප්‍රකාශ කළාය. මානවයන්ගේ ඇඹරුම් දත්වල පරමාණුක ස්කන්ධය පිළිබඳ විශ්ලේෂණ පදනම් කොට ගෙන ඔවුන්ගේ මූලාරම්භය, නිගමනය කළ හැකි හෙයින් මෙම කාන්තාවන් බහුතරයකගේ මූලාරම්භය ඔවුන්ගේ සිරුරු මිහිදන්ව තිබුණු කලාපයට අයත් නොවන බව තහවුරු කරගන්නට

තමන්ට හැකි වූ බවද මේ විද්‍යාඥවරිය පැවැසුවාය.

එම කාන්තා සිරුරු භූමදාන කිරීමේදී අනුගමනය කරන අවමංගල චාරිත්‍ර විධි එම කලාපයේ අදාළ චාරිත්‍ර විධිවලින් වී නොතිබීමෙන් තහවුරු වන්නේ දුරබැහැරින් පැමිණි කාන්තාවන් මෙම කලාපයේ දේශීය සංස්කෘතියට අනුවර්තනය වී ඇති බව යැයිද පර්යේෂකයෝ කියති. ඔවුන් තවදුරටත් සඳහන් කරන පරිදි විදේශීය කාන්තාවන්ගේ සැබෑම තත්ත්වය තවමත් පුරාවිද්‍යාත්මක ගැටලුවකි. සිදු වන්නට ඇතැයි සිතිය හැකි සිද්ධියක් වශයෙන් මොවුන් පිළිබඳ පර්යේෂ

ණවල යෙදුණු විද්‍යාඥයන් පවසන්නේ ගල් යුගයේ රැජිනියන් වශයෙන් සැලකුණු මෙම කාන්තාවන් අසල්වැසි ගෝත්‍රිකයන් විවාහ සම්බන්ධතා සඳහා යොදා ගැනෙන්නට ඇති
බවය.

මෙම කාන්තාවන්ගේ ජන්ම සම්බන්ධතා කිසිවක් සොයා ගත හැකි නොවීමද පර්යේෂකයන්ට තවත් ගැටලුවක් වී ඇති අතර, ඊට හේතුව එම කාන්තාවන්ට දරුවන් නොලැබීම හෝ දරුවන් ඔවුන්ගෙන් වෙන්ව යෑම බව පර්යේෂකයෝ අනුමාන කරති.

ශිලා යුගයේ පසු කාලයත් ලෝකඩ යුගයේ මුල් කාලයත් ගොවිතැන, ලෝහ වැඩ, ආගම හා වළං තැනීම අතින් තාක්ෂණික විප්ලවයක් සිදු වූ යුග සේ සැලැකෙයි. ශිලා යුගයේ හා ලෝකඩ යුගයේ සංස්කෘතික තාක්ෂණික අතින් සිදු වූ උන්නතිගාමී වෙනස්කම් පැතිරවීම සඳහා සංචාරක කාන්තාවන් අතින් විශාල මෙහෙවරක් ඉටුවී ඇති බව නව පර්යේෂණවලින් හෙළි වී තිබේ. ර්ථීව්ඒඉ යනුවෙන් හැඳින්වෙන ප්‍රකාශනයෙහි පළවුණු පර්යේෂණ තොරතුරු, විශේෂයෙන්ම, ජර්මනියේ, ඕග්ස්බර්ග් නගරයට දකුණෙන් පිහිටි ලෙච් නදී නිම්නය පදනම් කොට ගැනිණි. එහෙත් තමන්ගේ පර්යේෂණ කටයුතුවලට, බි්‍රතාන්‍ය, ඔස්ටි්‍රයාව,

හංගේරියාව හා චෙකොස්ලෝවෙකියා සමූහ ආණ්ඩුවද යන රටවල ශිලා යුගයේ පසු කාලයටත් ලෝකඩ යුගයේ මුල් කාලයටත් අයත් සුසානවලින් හමුවුණු සිරුරුවල ජනකාණුබන්ධන පරීක්ෂණද ඉවහල් වූ බව පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

මෙකී සංචාරක කාන්තාවන්ගේ සිරුරු මිහිදන්ව තිබෙන පෙදෙස්වලට ඔවුන් පැමිණ ඇත්තේ බොහිමියා සහ මධ්‍යම ජර්මනිය යනාදී පෙදෙස්වල සිට සැතැපුම් සිය ගණනක මඟ ගෙවා ගෙනයැයි ඔවුන්ගේ අස්ථිවල හා දත්වල රසායනික සලකුණුවලින් සනාථ වී තිබේ. පතිකුලඟන හෙවත් සැමියකුගේ භාරයට පත් කාන්තාවන්ගේ ජීවන රටාව සමඟ බැඳුණු මේ සංචාරක සංසිද්ධිය නව ශිලා යුගයේ සිට ලෝකඩ යුගයේ මුල් කාලය දක්වා අවුරුදු 800ක පමණ කාලයක් පුරා පැවැතියකි. මෙම සිරුරු බොහෝ විට මිහිදන් කරනු ලැබ ඇත්තේද පෞද්ගලික ඉඩම්වලමය. ඉන් ඇතැම් බිම්වල පරම්පරා ගණනාවක් තිස්සේ මිහිදන් වුණු සිරුරු බොහෝ ගණනක්ද තිබිණි. විදේශීය කාන්තාවන්ගේ සිරුරු ඒවායේ ඔළු දකුණු දෙසට සිටින ලෙසත් පිරිමි සිරුරුවල ඔළු උතුරු දෙසට සිටින ලෙසත් කාන්තා සිරුරුවලට වම් පසිනුත් මිහිදන්ව තිබිණැයිද ලෝකඩ යුගයට අයත් ජන කොටස්වල විවිධ සංස්කෘතික අංග අනේ‍යාන්‍ය වශයෙන් හුවමාරු කර ගැනීමේ අරමුණක් මෙම ජංගම කාන්තාවන්ගේ ක්‍රියාවලියෙන් ගම්‍ය වෙතැයිද පර්යේෂකයෝ පෙන්වා දෙති.

තුන්වැනි සහස්‍රකයේ වසර දහසක කාලය සහ දෙවැනි සහස්‍රකයේ මුල් සමයේත් මධ්‍යම යුරෝපයේ ජනතාවගේ ජීවිතවල විශේෂ ලක්ෂණයක් මේ පුද්ගල සංචාරයෙන් අනාවරණ වෙතැයි පර්යේෂක කණ්ඩායමේ නායක ෆිලිප් ස්ටොක්හැමර් ප්‍රකාශ කළේය.

පරිවර්තනය

ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්