ද්වේෂයෙන් මරණයට පත් වුණොත් ඔබ නතර වන්නේ කොතැනකද?

  👤  1509 readers have read this article !
2017-10-08

මරණයේදී ඝන ශරීරයෙන් ඉවත්ව යන ක්‍රියාකාරී උපාදානස්කන්ධ සංයුතිය සියුම් ද්‍රව්‍ය ඇසුරු කර ගෙන පවතින විට සාමාන්‍ය ව්‍යවහාරයේදී භූතාත්ම හෙවත් භූතයෝ යැයි හඳුන්වනවා. කුසල කර්ම විපාක සිත් හා පුණ්‍ය කර්ම විපාක සිත් චුති අවස්ථාවේදී පහළ වීමෙන් දිව්‍යාත්ම ලබනවා. දෙවි දේවතාවුන්ට වඩා පහත් ආත්ම භාවයන්හි උපත ලැබූ, පාපකර්ම සිත් පහළවීම නිසා උපත ලැබූ යක්ෂ ප්‍රේතාදී අමනුස්සයන් හැඳින්වීමේදී මේ භූතාත්ම යන වචනය භාවිත කරනවා.

මේ විශ්වයේ පවතින ඉතාම අඩු කොට්ඨාසය බ්‍රහ්මයෝ. ඊළඟට වැඩියෙන් ඉන්න කොටස දෙවියෝ, දෙවිවරු සිටින්නේ තිස්තුන් කෝටියකැයි සාමාන්‍ය ව්‍යවහාරයේ පවතිනවා.

දෙවියන්ට වඩා වැඩියි මනුෂ්‍යයෝ, වර්තමානය වනවිට මිනිස් ගහණය කෝටි සත් සියය ඉක්මවා සිටිනවා. මිනිසුන්ට වඩා වැඩියි තිරිසන් සතුන් එක කුහුඹු ගුලක සිටින කුහුඹු ප්‍රමාණය ගැන හිතනවිට මේ ලෝකයේ තිරිසන් සතුන් කොයි තරම් සිටිනවා දැයි හිතා ගන්න පුළුවන්. කෝටි ප්‍රකෝටි ගණනින් සිටිනවා. අන්න ඊටත් වැඩියි භූතයෝ. කල්ප කාලාන්තරයක් තිස්සේ ලෞකික සම්පත් කෙරෙහි ආශාවෙන්, තණ්හාවෙන්, තරහවෙන්, වෛරයෙන් මැරුණු හැම කෙනෙකුම උපදින්නේ භූතාත්මවල හා නිරයවල.

ඉතාම සියුම් ද්‍රව්‍ය ඇසුරු කරගෙන පවතින මේ භූතයන් තද අඳුරෙදී හොඳින් ඇස් පෙනෙන සමහර කෙනකුට යම්තමින් දැක ගන්න පුළුවන්. දියුණු තාක්ෂණික කැමරාවලින් ගත් ඡායාරූපවලද මේ භූතයන්ගේ රූප සටහන් වී තිබෙනවා. එසේ ගත් ඡායාරූපවලින් ප්‍රදර්ශනය වන්නේ ඒ පුද්ගලයා (භූතයා) කළින් ජීවත් වූ මිනිස් ආත්මයේ දරා සිටි හැඩහුරුකමින්. මෙවැන්නක් පියවි ඇසින් දුටු අයද දැක ඇත්තේ ඒ තැනැත්තන් මිනිස් ජීවිතයේ සිටියදී දැරූ හැඩහුරුකම්වලින්මයි. භූතයන් හෙවත් අමනුස්ස ආත්ම භව ලබා සිටින සත්ත්ව කොට්ඨාස කොයිතරම් විශාල ප්‍රමාණයක් මේ අප ජීවත්වන අවකාශයේ සැරිසරන්නේ දැයි බලනවිට, උණ පුරුකක් තුළට වෙඩි බෙහෙත් දමා තද කළවිට පවතින ඝනත්වය තරම්ම අප ජීවත්වන පරිසරයේ පහත් ආත්මවල උපන් අමනුෂ්‍යයන් සිටී යැයි ජනවහරේ පවතින පිළිගැනීම සැබෑවකි. මිනිසුන් ලෙස ජිවත්වන මිනිස් ගහනයෙන් කොයිතරම් ප්‍රමාණයක් සුගතිගාමී වේ දැයි භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගෙන් ඇසූවිට සිරිපද මහපටැඟිල්ලේ නිය පිටින් පස් ටිකක් ගෙන පෙන්වා මේ ලොව මිනිසුන් මේ පෘථිවියේ පස් ප්‍රමාණය හා සමාන වේ නම් සුගතිගාමී වන්නේ මෙන්න මේ තරම් ස්වල්පයකැයි වදාළහ. ඒ වගේම දුගතිවල උපදින අයගේ ආයුෂත් ඉතාම දීර්ඝයි.

මේ ලොව පවත්නා භෞතික සම්පත් හා පුද්ගලයන් කෙරෙහි බැඳුණු තණ්හාව නිසා උපාදාන කැරගත් ඇලීම් හා ගැටීම් මරණයේදී සිහිපත්වීමෙන් මෙසේ දුගතිගාමී වෙති. මිනිස් ජීවිතයකින් නික්ම ගොස් භූතාත්ම ලබා පෙර ආත්මයේ හැඩ හුරුකම් සහිත සියුම් ශරීර දරා කොපමණ කලක් යනතුරු (ඒ පැරැණි හැඩහුරුව දරා) සිටී දැයි නිශ්චය කළ නොහැකියි. පූර්වයේ කළ අකුසලයන්ගේ විපාක වශයෙන් අනන්ත වූ දුක් පීඩා විඳින භූතයන්ගේ සිතට පින් සිතුවිල්ලක් ගොඩ නඟා ගැනීමට අවකාශයක් නොලැබෙන බැවින් කල්ප කාලාන්තරයක් දුක් විඳිමින් ජීවත්වීමට සිදු වෙනවා.

මොග්ගල්ලාන මහ තෙරුන් වහන්සේ හා ලක්ඛන මහ තෙරුන් වහන්සේ පිළිබඳ පාරාජිකා පාලියේ චතුත්ථ පාරාජිකාවේ සඳහන් පුවත්හි මිනිස් ඇසට නොපෙනෙන ශරීරවලින් දුක් විඳිමින් සිටි භුතයන් ගැන සඳහන් වෙනවා. ඒ පූර්ව ජාතිවල කළ වැරැදිවලට විපාක විඳිමින් සිටි අයයි.

"ඔය භූතයොයි යක්කුයි කියල ජාතියක් කොහේද ඉන්නේ. මොන බොරුද? අපායක් කොහේද තියෙන්නේ. ඔය ඔක්කොම තියෙන්නේ මේ ලෝකෙමයි." කියන අති පණ්ඩිතයොත් ඉන්නවා. ඒ වගේ භෞතිකවාදීව කල්පනා කරන අය මේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා. ඒ අය නවීන විද්‍යාව යම්තම් තොල ගා ගත්ත අය. ඒත් අද නාසා ආයතනය වගේ ඉහළ පෙළේ විද්‍යාස්ථානවල කටයුතු කරන මහා විද්‍යාඥයන් පවා බුදු දහමේ සඳහන් යථාර්ථය පිළිබඳව හදාරනවා. බටහිර රටවල ඉහළ මට්ටමේ උගතුන්, බුද්ධිමතුන් අද කර්මය, කර්මඵලය පිළිබඳ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ‍ෙදාස්තර රේමන් මූඩි ලියූ ඹ්ඪබඥ ඒටබඥප ඹ්ඪටඥ, ජිනා සර්මිනාරා (ට්ඪදච ඛ්ඥපථඪදචපච) ලියූ ඊඩඥ එධපතඤ එඪබඩඪද, ‍ෙදාස්තර කාල් ඩී. වික්ලන්ඩි (ඛ්චපත ච්. එඪජඬතචදඤ ර්.ච්.) ලියූ ඊඩඪපබර කඥචඵ ඒථඪභදඨ බඩඥ ච්ඥචඤ වගේ ග්‍රන්ථ බටහිර රටවල ව්‍යාප්තවීමත් නිසා ඒ රටවල උගතුන් මේ පිළිබඳ අවධානය යොමු කරනවා. එපමණක් නොවෙයි බුද්ධ දර්ශනය හදාරන්නටත් පටන් අරන්.

මේ දකුණු ජර්මනියේ රොසන්හීම් නගරයේ සිදු වූ දෙයකි. නගරයේ ප්‍රසිද්ධ නීතිඥ මහත්මයකුගේ කාර්යාලයේ 1967 වර්ෂයේ ශීත සෘතුවේ අවුල් සහගත දෙයක් සිදු වුණා. මේ කාර්යාලයේ දුරකතනය ඉබේම නාද වෙන්න පටන් ගත්තා. ඇතැම්විට කාර්යාලයේ තිබුණු සියලුම දුරකතන එකවරම නාද වුණා. කාර්යාලයේ යමෙක් දුරකතනයක් පාවිච්චි කරන විටත් වෙනත් ශබ්දවලින් ඊට බාධා පැමිනුණා.

කාර්යාලයේ ප්‍රධානියා මේ පිළිබඳ දුරකතන සමාගමට පැමිණිලි කළා. ඒ දුරකතන සමාගමේ ඉන්ජිනේරුවන් පැමිණ මේ ගැන පරීක්ෂණ කළත් කිසිම වරදක්, දෝෂයක් හොයා ගන්න බැරිවුණා. ඒත් කිසිම කෙනෙක් පාවිච්චි නොකළ දුරකතනවල පවා ඇමතුම් දුසිම් ගණනින් සටහන් වී තිබුණා. එක් ටෙලිෆෝනයක විනාඩි 15ක් ඇතුළත 46 වාරයක් ඇමතුම් ලබා ගත් බව සටහන් වී තිබුණා. එයින් පැහැදිලි වන්නේ එක් විනාඩියට ඇමතුම් තුනක් ලබා ගත් බව. අසාමාන්‍ය වේගයකින් දුරකතන අංක කරකැවීම සිදු වී තිබෙනවා.

මේක පටන් ගත්තේ 1967 ශීත සෘතුවේදියි. ග්‍රීස්ම සෘතුව වනවිට කලබල තත්ත්වයත්, ටෙලිෆෝන් බිලත් ඉහළ ගිහින් තිබිණි. මේ වනවිට කාර්යාලයේ වෙනත් උපකරණද අසාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වෙන්නට පටන් ගත්තා. ටියුබ් ලාම්පු ඉබේම නැවී ගැලවී යන්නට වුණා. විදුලි පහන් පුපුරන්න පටන් ගත්තා. මේසවල ලාච්චු ඉබේම එළියට ඇදී එන්නට පටන් ගත්තා. බිත්තිවල එල්ලා තිබූ පින්තූර රාමු කැරකෙන්නට වුණා. හිටි හැටියේ හේතුවක් නැතිව විදුලි බලය නිෂ්ක්‍රිය වුණා. මේ ප්‍රශ්න විසඳන්නට ආ ටෙලිෆෝන් ඉන්ජිනේරුවන් හා විදුලි ඉන්ජිනේරුවන් හේතු සොයා ගත නොහැකිව පරාජය වුණා. භෞතික පැත්තෙන් විද්‍යා තාක්ෂණ අතින් ප්‍රශ්නය නොවිසඳුණාම අන්තිමේ ඊට පරිබාහිර විසඳුම් සොයන්නට සිදුවුණා.

මේ කාර්යාලයේ සිදුවන අස්වාභාවික කරදරකාරී තත්ත්වය කුමක්දැයි සොයා බලන්නට ජර්මනියේ, ප්‍රසිද්ධ අපර මනෝ විද්‍යාඥයකු වූ ආචාර්ය හැන්ස් බෙන්ඩර් කැඳෙව්වා. මේ වගේ සිද්ධි පිළිබඳ දැක බලා බොහෝ පළපුරුද්දක් ඇති බෙන්ඩර් මහතා හා ඔහුගේ කණ්ඩායම මේ කාර්යාලයට පැමිණ පරීක්ෂණ පවත්වා මෙය "පොල්ටගීස්ට්" නමින් හඳුන්වන භූත වර්ගයට අයත් භූතයකුගේ ක්‍රියාවක් බව තීරණය කළා.

මේ පොල්ටගීස්ට් වර්ගයට අයත් භූතයන් ගැන විවිධ රටවලින් ලබාගත් තොරතුරු පරීක්ෂණයට භාජන කළ කෙනෙක් තමයි මහා බි්‍රතාන්‍යයේ ආචාර්ය හැරී ප්‍රයිස්. ඔහුගේ පරීක්ෂණවලට අනුව මේ පොල්ටගීස්ට් වර්ගයේ භූතයා සාපරාධී, විනාශකාරී, කරදරකාරී, නපුරු, සොරගති ඇති, වැඩකට නැති, ද්වේෂ සහගතව කටයුතු කරන, කිසි කෙනෙකුට බය නැති, වංචාකාර අමනුෂ්‍යයෙක්. මයිකල් ගොස් නමැති බි්‍රතාන්‍ය ලේඛකයා ලෝකය පුරා විවිධ රටවල මෙබඳු අත්දැකීම් දහසකට වඩා එකතු කර පොතක් සකස් කැර තියෙනවා. මේ වර්ගයේ භූතයන්ට විවිධ වේශයන්ගෙන් පෙනී සිටින්නත් පුළුවන්. ඉතා බර බඩු පවා ඔසවා විසි කරන්නට පුළුවන්. තෙල් භාජන පවා ඉහිරවා තිබෙනවා. සංගීත භාණ්ඩ ඉබේ වාදනය කෙරෙනවා පෙනෙන්නේ මේ භූතයන්ගේ ක්‍රියාකාරකමක්. වාහන පවා ඉබේ ගමන් කරවන්න පුළුවන්.

මෙවැනි භූතයන් තුළ නොසන්සිඳෙන ද්වේෂයක් පවතින බව පෙනෙනවා. එසේ ද්වේෂයක් උපාදාන වශයෙන් සිත්හි තැන්පත්ව ඇත්තේ පුද්ගලයා භූතයකුව උපදින්නට පෙර ආත්මභවයේ අනුන් කෙරෙහි තරහ වෛරයෙන් කේ‍රා්ධයෙන්, ඊර්ෂ්‍යාවෙන් යුක්තව ජීවත්ව ඇති බැවිනි. එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා බුදු දහමෙහි මෛත්‍රි භාවනාව නිතර නිතර භාවිත කරන්නට උගන්වයි. කෙනකුගේ ජීවිතය සැනසිලිදායක කිරීමට මෛත්‍රි භාවනාව ක්‍රියාත්මක වන ආකාරය මෙත්තානිසංස සූත්‍රයේ උගන්වයි. එසේම මෛත්‍රි වඩන්නා යක්ෂ ප්‍රේතාදී අමනුස්සයන් වී දුගතිගාමී නොවන බවද මරණින් මතු බ්‍රහ්ම තලයන්හි උපදින බවද උගන්වයි.

භූතයන් විසින් නිවෙස්වලට හා පුද්ගලයන්ට හිරිහැර වශයෙන් කරනු ලබන ඇතැම් සිද්ධීන් පිළිබඳ පරීක්ෂා කරන, භූතයන් ඇතැයි නොපිළිගන්නා උගතුන් මෙම සිදුවීම්වලට හේතු වශයෙන් විවිධ කරුණු දක්වනවා. ඔවුන් ඉදිරිපත් කරන කරුණු මෙයින් සමහර සිද්ධිවලට ගැළපිය හැකියි. එහෙත් ඒ කරුණු තවත් සිදුවීම්වලදී ගළපන්නට නොහැකියි. මේ එක කරුණක්වත් ගළපන්නට නොහැකි සිදුවීම් ද තිබෙනවා. ආතර් සී. ක්ලාක් මහතාද මේවායේ වැදගත්කමක් ඇතැයි වටහා ගෙන ඇති බව ඔහුගේ එධපතඤ ධට ඉබපචදඨඥ නධඹඥපඵ ග්‍රන්ථයෙන් සනාථ කරයි.

(බෙල්ලන ඥානවිමල නාහිමියන්ගේ දෙසුමක් ඇසුරෙනි.)
සුභානි එම්. ආරච්චිගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්