රුවන්ඩාවේ රුධිර ප්‍රවාහනයට ඩේ‍රා්න යනා යවන සුපිරි මෙහෙයුම

  👤  1410 readers have read this article !
2017-10-08

ලෝකයේ ප්‍රථම වතාවට ඩේ‍රා්න යොදාගත් වාණිජ ප්‍රවාහන සේවය පසුගියදා රුවන්ඩාවෙන් ඇරඹිණි. නියමුවන් රහිත මෙම යානා එරට ගමනාන්ත වෙත ස්වයංක්‍රියව පියාසර කරමින් තම කාර්ය ඉටුකරනු ලැබීම මෙහි ඇති විශේෂත්වයයි.

"සිප්ලයින්" නමින් හැඳින්වෙන මෙම යානා නියමිත ගමනාන්තය වෙත ළඟාවී අදාළ භාණ්ඩ පැරෂුටයක් ආධාරයෙන් නියමිත ඉලක්කය වෙත පතිත කරන්නේ යානය ගොඩබැස්ස වීමකින් තොරවයි.


කැටපෝලයක් වැනි උපකරණයක් ආධාරයෙන් ගුවන්ගත කරන සිප්ලයින් අනෙකුත් ගුවන් යානාවලට බාධාවක් නොවන අයුරින් ගමන් කරන්නේ අඩි 500ක් පමණ ඉහළිනුයි. එක් වරකට කිලෝමීටර් 150ක පමණ දුරක් යෑමට නිර්දේශ කොට ඇතත් මෙම යානාවලට එම දුර මෙන් දෙගුණයක දුරක් යා හැකි බවයි අනාවරණය වන්නේ.

"නාසය" ප්‍රදේශයේ සවිකොට ඇති බැටරියකින් බලගැන්වෙන "සිප්ලයින්, ට්ඉර්ථී නිවේශන දත්තවල මඟ පෙන්වීම අනුව අවශ්‍ය ගමනාන්ත වෙත පියාසර කිරීම සිදුවෙනවා.

යානයේ සිට තොරතුරු ඔවුන්ගේ පාලන මධ්‍යස්ථානය වෙත මෙන්ම රුවන්ඩාවේ ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය වෙත යැවෙනවා. ආරම්භයේදී තද සුළං හෝ වැසි තත්ත්වයක් යටතේ වුවද පැයට කිලෝමීටර් 30ක වේගයෙන් ගමන් කළ හැකි සිප්ලයින් 15ක් මෙම ඩේ‍රා්න ප්‍රවාහන සේවය සඳහා යොදාගෙන තිබෙනවා.

මුලින්ම මුදල් ගෙවා මෙම සේවාව ලබාගෙන ඇත්තේ රුවන්ඩාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවයි. ඒ හදිසි අවස්ථාවල අවශ්‍ය රුධිරය ප්‍රවාහනය කිරීම සඳහායි. දැනට මෙම රුධිර ප්‍රවාහන කටයුත්ත සිදුවන්නේ යතුරුපැදි හෝ ගිලන් රථ යොදාගෙනයි. මේ නව ප්‍රවාහන ක්‍රමය සඳහා වැය වන්නේත් කලින් වැයවූ මුදලට සමාන මුදලක් බවද සඳහන් වෙනවා. ඒ වගේම අබලන් වූ මාර්ග හේතුවෙන් ගොඩබිමින් රුධිරය ප්‍රවාහනය කරන විට ගතවන පැය ගණනක කාලය මේ ඩේ‍රා්න ප්‍රවාහන ක්‍රමය නිසා විනාඩි ගණනකට අඩුකර ගැනීමට හැකිවීමද විශාල වාසියක්.

මීට පෙර ඇමසන්, ඩී. එච්. එල්. සහ සිංගප්පූර් පෝස්ට් වැනි සමාගම් එක් ස්ථානයකින් ගුවන්ගත කොට තවත් ස්ථානයක ගොඩ බැස්සවිය හැකි ඩේ‍රා්න යානා ආධාරයෙන් සිදු කරන ප්‍රවාහනයන් ප්‍රදර්ශනය කොට තිබුණු නමුත් මේ 'සිප්ලයින්' ඩේ‍රා්න ගොඩබෑමක් සිදු නොකරන නිසා එහි තලවලින් මිනිසුන්ට සිදුවන හානි අවම වන බව එය හඳුන්වා දුන් සමාගම පවසනවා.

මීට අමතරව රුධිරය හා වෙනත් සාම්පල ප්‍රවාහනය කිරීම සඳහා මැඩගස්කරයේද, උගන්ඩාවේ සරණාගත කඳවුරු නිරීක්‍ෂණය කිරීම සඳහා රතුකුරුස සංවිධානය විසින්ද තැපැල් ප්‍රවාහන කටයුතු සඳහා කෙන්යාවේද ඩේ‍රා්න සේවාව යොදාගනු ලබනවා.

- ගැමුණු රත්නායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්