ධ්ඊව් ජ්ර් 10 වැනිදා සිට අලුත් වැඩසටහන් 10ක් සමඟ

  👤  1199 readers have read this article !
2017-10-08

ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයට අයත් ධ්ඊව් ගුවන් විදුලිය ඔක්තෝබර් 10 වැනිදා සිට අලුත් වැඩසටහන් 10ක් සමඟ නව මුහුණුවරකින් ශ්‍රාවකයන් අතරට පැමිණේ.

අලුයම 4.00 සිට 6.00 දක්වා අරුණට පෙර - මුතු මතුවන පිනි පලස, උදෑසන 6.00 සිට 7.00 දක්වා ගිරිමුදුන - සජ්ජන පුවත් පවසට සත්දින පුවත් සටහන, උදෑසන 7.00 සිට 10.00 දක්වා අලුත් උදෑසන - ඉර ඇහැරුණ නිමේෂයේ සිතු සරසන තතු මිහිර, උදෑසන 10.00 සිට දහවල් 12.00 දක්වා වර්ණ රහසින් මුමුනන්න, රහ සින්දු ඉල්ලන්න, දහවල් 12.00 සිට සවස 2.00 දක්වා සිහින සාගරේ - පාට පාට හීනවල පාර කියන පැය දෙකක්, සවස 2.00 සිට 4.00 දක්වා 'හෙවණට එන්න' - අත අත නෑර ජීවත් වෙන්න, සවස 4.00 සිට 6.00 දක්වා ධ්ඊව් හැන්දෑව - හෑල්ලු නොවී ජීවත්වෙන්න, සවස 6.00 සිට රාත්‍රි 8.00 දක්වා ඵඪය ඡ්ඪඨඩබ. රාත්‍රි 8.00 සිට 10.00 දක්වා නොනිමි චාරිකා - නිම්හිම් නැති නිමැවුම් යන්තම් හරි කියවමු, සති අන්තයේ සවස 2.00 සිට 4.00 දක්වා නින්නාද, සෙනසුරාදා 6.00 සිට රාත්‍රි 8.00 දක්වා හැඟුම් වරුසාව - පොතේ හැටියට නොවේ හිතේ හැටියට තෙමෙන්න නව වැඩසටහන් දහය වේ. ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති සමන් අතාවුදහෙට්ටි, ප්‍රධාන විධායක නිලධාරි චන්දන තිලකරත්න හා ක්‍රියාකාරි අධ්‍යක්ෂ විමල් කැටිපෙආරච්චි යන මහත්වරු මේ පිළිබඳව පසුගියදා මාධ්‍යට අදහස් දැක්වීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්