ධූමකේතුවක් අත ළඟයි පෘථිවියේ ගැටුණොත් ජීවීන් සියල්ල විනාශයි

  👤  4433 readers have read this article !
2017-10-15

මීළඟ වසර දස ලක්ෂයක (10,00,000) පමණ කාලය ඇතුළත "මාරක තරු" (ච්ඥචබඩ ඵබචපඵ) 19ත් 24ත් අතර ගණනක් ආලෝක වර්ෂ 3.26කින් සූර්යයාට සමීප වනු ඇති බවත් ධූමකේතු බොහෝ ගණනක්, දැනට ඒවා තිබෙන තැන්වලින් බැහැරව අපගේ ග්‍රහ ලෝකය දෙසට තල්ලු කර හැරීමට එම සමීපතාව ප්‍රමාණවත් වන බවත් පමණක් නොව එම ධූමකේතුවලින් එකක් පෘථිවියෙහි වැදුණහොත් එහි ජීවිත සහමුලින්ම පිස දැමෙනු ඇති බවත් ගවේෂණයක ප්‍රතිඵල සඳහන් නව ලේඛනයකින් ප්‍රකාශ වී තිබේ.

අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් හිමෙන් නිර්මාණය වුණු අංශු දස ලක්ෂ ගණනකින් යුත් ගෝලාකාර කෝෂය "ඕර්ට් වලාව" (ර්ණීපබ ඛ්තධභඤ) යනුවෙන් හැඳින්වෙන අතර, එම කෝෂයට තරු ඇතුළු වන්නේ කෙබඳු අවස්ථාවලදීද යන්න පිරික්සීම මෙම ගවේෂණයේ අරමුණ විය. විශේෂයෙන්ම, "ග්ලීස් -710" යනුවෙන් නම් කරන ලද තරුවක සමීපතාව අනුව එය, වසර දහතුන් ලක්ෂයක (13,00,000) කාලය තුළ අපගේ ග්‍රහ ලෝකය සමඟ ගැටෙන බව මෙම ගවේෂණයේදී පෙනී ගොස් ඇති අතරම, එය සූර්යයාත් පොළොවත් අතර කි.මී. ටි්‍රලියනක (මිලියන මිලියනයක) දුරකින් ඕර්ට් වලාව අතරින් ගමන් කරනු ඇතැයි අනාවැකියක්ද පළ වී තිබේ.

ග්ලීස් - 710
ආලෝක වර්ෂ 64ක් අෑත තිබෙන ග්ලීස්-710, "සේපන්ස් කෝඩා" නමින් හැඳින්වෙන තාරුකා මණ්ඩලයේ කොටසකට අයත් තරුවකි. එය අපගේ ග්‍රහ ලෝකය දෙසට ගමන් කරන අතර පොළොවේ සිට සැතැපුම් ටි්‍රලියන 1.2ක සීමාවට එය පැමිණෙනු ඇත. එය ඉතා විශාල දුරක් වුවද අභ්‍යවකාශයෙහිදී එය එසේ නොසැලකෙයි. පොළොවට කිට්ටුවම සූර්යයාට ඔබ්බෙන් තිබෙන, "ඇල්ෆා සෙන්ටෝරි" නමැති තරුවට පොළොවේ සිට දුර සැතැපුම් ටි්‍රලියන 25.67කි. මෙසේ ගමන් ගන්නා තරුවලින් පෘථිවියට එල්ල වියහැකි තර්ජන ඉතා බරපතළ බවත් ඉදිරි වසර දස ලක්ෂ දහය ඇතුළතදී දරුණුතම තර්ජනය දැක ගත හැකි වන බවත් මෙම පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

කවරම ආකාශ වස්තුවක් වවුද එවැනි සීමාවකට එන විට නොසලකා හැරිය හැක්කක් නොවේයැයි මෙම ගවේෂණයේ ප්‍රතිඵල අන්තර්ගත ලේඛනයේ කර්තෘ හා හීඩල්බර්ග්හි මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ කෝරීන් බේලර් ජෝන්ස් "ගාර්ඩියන්" පත්‍රයට ප්‍රකාශ කළේය. යම් හෙයකින් එසේ වුවහොත් අපගේ හිරු මෙන් සියට 60 ගුණයක ස්කන්ධයක් ඇති එම තරුවේ ප්‍රබල ගුරුත්වාකර්ෂණ වේගය හේතු කොට ගෙන අපගේ ග්‍රහ ලෝකය මත ධූමකේතු වර්ෂාවක් ඇද හැලෙන්නට පිළිවනැයිද මෙම විද්‍යාඥයා ප්‍රකාශ කරයි. එම ධූමකේතුවලින් යම් කොටසක් අභ්‍යවකාශයට පාවී යන්නටත් තවත් කොටසක් සූර්යයා විසින් අවශෝෂණය කර ගන්නටත් පුළුන්කම ඇතත් ඉතිරි ධූමකේතුවලින් පොළොවට දැඩි බලපෑමක් එල්ල විය හැකියැයි තාරුකා විද්‍යාඥයෝද කියති.

ඉදිරි වර්ෂ දස ලක්ෂයක කාලය ඇතුළත තරු 490ත් 600ත් අතර ගණනක් සූර්යයාගේ සිට ආලෝක වර්ෂ 16.3ක් අෑතින් එය පසු කර යනු ඇති බවත් මෙම ගවේෂණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලද ලේඛනයෙහි සඳහන් වෙයි. "යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ" "ගායියා" (ට්චඪච) චන්ද්‍රිකාව මඟින් තරු 3,00,000 කට වැඩි ගණනක ගමන් සම්බන්ධයෙන් පැවැත්වුණු ගවේෂණයක ප්‍රතිඵල පදනම් කොට ගෙන, මාරක තරු පිළිබඳ මේ නවතම තොරතුරු අනාවරණය කරන ලද්දේය.

සෞර ග්‍රහ මණ්ඩලය මන්දාකිණිය තුළ ගමන් කරන අතර තවත් සමහර තරු ඒවාටම විශේෂ වූ මාර්ගවල ගමන් කරන හෙයින්, ඇතැම් විටෙක ඒ එකිනෙක ගැටීම වැළැක්විය හැකි නොවේ. ඒවා අතර "සමීපතාව" සැතැපුම් ටි්‍රලියන ගණනක් වුවද ඒ ගැටුම්කාරී තත්ත්වය නෙවස් නොවේ. ඕර්ට් වලා කෝෂය තුළින් පිටතට තල්ලුකොට ඒවා සෞරග්‍රහ මණ්ලයට ඇතුළු කිරීමට මෙවැනි තරු සිය ගණනකට හැකි වන බවත් මෙහිදී පෙනී ගොස් ඇත.

ප්‍රතිඵල
යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ"ගායියා" පර්යේෂණාගාරයේ මෙම පස් අවුරුදු ගවේෂණයේ මූලික අරමුණ වූයේ, තරුවල පිහිටීමත් චලනයත් පිළිබඳ නිශ්චිත දත්ත සපයා ගැනීමය. ගවේෂණය ආරම්භ වී මාස දාහතරකට පසු බිලියනයකට වැඩි තරු සංඛ්‍යාවක් පිළිබඳ විස්තර ඇතුළත් කෘතියේ. ඉන් තරු විසි ලක්ෂයකට වැඩි ගණනක දුර ප්‍රමාණ හා ගුවන් තලය තුළ ඒවායේ චලන පිළිබඳ විස්තරද ඊට ඇතුළත් විය. ගවේෂණයේ නවතම ප්‍රතිඵල පවත්නා තොරතුරු සමඟ සම්බන්ධ කරගත් තාරුකා විද්‍යාඥයෝ, අපගේ සූර්යයා සමීපයෙන් ගමන් ගන්න තරු පිළිබඳව මහා පරිමාණ පර්යේෂණයක් ආරම්භ කළහ. සූර්යයාට සාපේක්ෂව ගමන් ගන්නා තරු 3,00,000ක වැඩි ගණනක් ක්ෂීර පඨය තුළ තිබෙන බව මේ වන විට අනාවරණය වී තිබේ.

"ග්ලීස් -710" විශේෂයෙන්ම කැපී පෙනෙන තරුව වශයෙන් හඳුන්වා දෙන යුරෝපා අභ්‍යවකාශ ආයතනය එයින් ඇති විය හැකි විනාශකාරී සිද්ධියක් ගැන බියට පත් වීමේ අවශ්‍යතාවක් නැති බවද සඳහන් කරයි. තවත් වසර දස ලක්ෂ 1.35ක කාලයකදී වත් ග්ලීස් -710 අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුළ ගැටෙන තත්ත්වයකට පත් නොවනු ඇතැයිද මෙම ආයතනය ප්‍රකාශ කරයි. දැනට අපගේ ග්‍රහ ලෝකය දෙසට මෙය ගමන් ගන්නා නමුත් පොළොවේ සිට සැතැපුම් ටි්‍රලියනයක දුරකින් මෙපිටට නොපැමිණෙන බවද ගවේෂණයෙන් හෙළි වී තිබේ.

මෙයින් වසර දස ලක්ෂ 66කට ඉහතදී ඩයිනසෝරයන් මිහිමතින් තුරන් වීමේ වගකීම පැවැරෙන්නේ කෙබඳු ග්‍රහ සංසිද්ධියකටදැයි සෙවීම සඳහා තමන්ගේ අභ්‍යවකාශ ගවේෂණ අතීතයට යොමු කිරීම තාරුකා විද්‍යාඥයන්ගේ අපේක්ෂාවය. වසර දස ලක්ෂ 66කට හෙවත් හය කෝටි හැට ලක්ෂයකට (6,60,00,000) පෙර තිබුණු කක්ෂය හඳුනා ගැනීමටත් එහි සිට තරුවක් සූර්යයාට සමීප වීම නිසා ධූමකේතුවක් බැහැරට විහිදුණේ දැයි අනාවරණය කර ගැනීමටත් හැකි වනු ඇතැයිද විස¼දා ගත යුතු ගැටලුව ඒ යැයිද බයිලර් ජෝන්ස් ප්‍රකාශ කළේය.

පරිවර්තනය
ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon