සාහිත්‍යය කියන්නේ හොඳ නරක දෙකටම යොදාගත හැකි ප්‍රබල අවියක්

  👤  3733 readers have read this article !
2017-10-15

කසුවෝ ඉෂිගුරෝ සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනූ බව මේ මස පස්වැනිදා නිල වශයෙන් දැනුම් දුන් පසු නොබෙල් ත්‍යාගය පිළිබඳ නිල වෙබ් අඩවිය වන ව්ධඡඥතනපඪලඥ.ධපඨ සමඟ කෙටි පිළිසඳරකට එක්විය. ඔහු දුරකතනය හරහා මේ සංවාදයට හසු කරගත්තේ නොබෙල් මාධ්‍ය අංශයේ ප්‍රධාන නිලධාරියකු වන ඇඩම් ස්මිත්ය.

ඇඩම් ස්මිත් - ආයුබෝවන්, ඔබ සුවෙන් හා සතුටින් ඉන්නවා ඇතැයි අප සිතනවා.
කෂුවෝ ඉෂිගරෝ - ඇත්තෙන්ම ඔව්.

ඇ.ස්. - අප සමඟ එක්වීම ගැනත් නොබෙල් ත්‍යාගය ලැබීම පිළිබඳවත් මම ඔබට සුබ පැතුම් එක් කරන්නට කැමැතියි.
ක.ඉ - බොහොම ස්තූතියි. ඒත් මට සමාවෙන්න. මාව සම්බන්ධ කරගන්නට ඔබට බොහොම මහන්සි වෙන්න සිද්ධ වුණා. මෙහේ එකම ගාලගෝට්ටියක්. මේ සේරම වුණේ හිටි අඩියෙ නොවැ. ඉතිං සුබ පතන්ටයි තොරතුරු අහන්ටයි මාධ්‍ය පෝලිම් ගැහිලා ඉන්නේ.

ඇ.ස්. - ඔව් මට වැටහෙනවා. මේක සැබවින්ම බලාපොරොත්තු නොවූ පෙරළියක්. ඔබට කොහොමද මේ ආරංචිය කන වැටුණේ..?
ක.ඉ - මං මුළුතැන්ගෙයි ඉඳන් මගේ යහළුවෙකුට විද්‍යුත් ලියමනක් යවමින් හිටියේ. එවලේ දුරකතනය නාද වෙන්නට පටන් ගත්තා. ඔන්න ඔහොමයි ඒක පටන් ගත්තේ. මගේ සාහිත්‍ය කටයුතු සම්බන්ධ වැඩ කරන ඒජන්තයන් කිහිපදෙනෙක් ඔය නිවේදනය ගැන උනන්දුවෙන් හිටියා. මා හිතන්නෙ නෑ ඔවුන් මා වෙනුවෙන් එසේ සිටියාය කියා. ඔවුන්ට අවශ්‍ය වුණේ මෙවර නොබෙල් ත්‍යාග දිනාගන්නේ කවුදැයි දැනගන්නටයි. ඔන්න ඉතින් දිගින් දිගටම දුරකතන ඇමතුම් ගලා එන්ට පටන් ගත්තා. මේ ආරංචි බොරු ඕපාදූප දැයි දැනගන්නට අපි වෑයම් කළා. ඒත් ටිකින් ටික ඒක ඇත්තක් බව වැටහෙන්න පටන් ගත්තා. මේ අතරවාරයේ බී.බී.සීයෙනුත් මට කතා කළා. ඔන්න එවර තමයි මා එය බැරෑරුම්ව කල්පනා කළේ. ඒක හරියට "මේරි සෙලෙස්ට්" සිද්ධිය වගේ වුණා. එකොළහ විතර වෙද්දී බොහෝ අය මා ගැන කතා කරන්නට පටන් අරන්. මෙහේ එක විජ්ජුම්බරයයි! මා එක්ක කතා බහ කරන්න මාධ්‍ය ආයතන පෝලිම් ගැසී ඉන්නවා.

ඇ.ස්. - දැන් ඉතිං සියල්ල තේරුම් බේරුම් කරගෙන ඇතැයි සිතනවා. සියලු කලබල සමථයකට පත්වී ඇති දැන්..?
ක.ඉ. - අපොයි නැහැ. කාලෙකට එහෙම වෙන එකක් නැහැ. මං කියන්නෙ මේක එසේ මෙසේ ගෞරවයක් නොවේ. නොබෙල් තෑග්ගට එහා ගිය සම්මානයක් තියෙනවාය කියා අපට හිතන්නට බෑ. ප්‍රධානම කාරිය ලෙස මා දකින්නේ මෙය දේශපාලන බලපෑමකින් තොරව සිදුකරන ලද්දක් ලෙසයි. ලෝකයේ බොහෝදෙනා භේදයකින් තොරවම ගරුකරන එක්තරා සම්මානයක් ලෙසින් නොබෙල් තෑග්ග සඳහන් කරන්නට පුළුවනි. ස්වීඩිෂ් ඇකඩමිය (ඉඹඥඤඪඵඩ ඒජචඤඥථර) සිදුකරන මේ සම්මාන ප්‍රදානය ගැන සමස්ත ලෝකයාගේම ඇත්තේ මහත් ගරුසරු බවක්. විශ්වාසයක්. අනෙක් කාරණය ඒ ගෞරවය ඔවුන් එලෙසින්ම බොහෝ කාලයක් තිස්සේ රැකගෙන එමින් සිටිනවා. අනෙක් අතට මට විශ්වාස කරන්නට අසීරු මා තිගස්සන ගෞරවය, කාරණාව නම් මේ සම්මානයෙන් මින් පෙර පිදුම් ලද ශේ්‍රෂ්ඨයන්ගේ නම් පෙළ! ඉන් සමහර අය මගේ වීරයන්! ලෝකයේ විශිෂ්ටතම ගත් කතුවරුන් මේ සම්මානයට උරුමකම් කියා තිබෙනවා. අනෙක් අතට දන්න කාලයේ පටන්ම මගේ වීරයා වූ බොබ් ඩිලන්ට පසු වසරේ මේ සම්මානය හිමිවීම වචනයෙන් විස්තර කරන්නට බැරි තරම් විශිෂ්ට දෙයක්.

ඇ.ස්. - එය අගනා පෑහීමක්
ක.ඉ. - සැබවින්ම ඔව්. බාගවිට බොබ් ඩිලන්ගේ වේශය ගන්නටත් මට පුළුවනි. හැබැයි මේ වෙලේ නම් මා එය නොවෙයි කරමින් ඉන්නෙ.
ඇ.ස්. - අපරාදෙ! එහෙම වුණා නම් අගෙයි. මා කල්පනා කරනවා දෙසැම්බරයේ ස්ටොක්හෝම්වලදී එය කරාවි යයි කියා.
ක.ඉ. - උත්සාහ කර බලමු.

ඇ.ස්. - ඔව්. බි්‍රතාන්‍යයට හරිම විනෝදජනක කාලයක්. ඒක තිබුණාවේ. මේ මොහොත ගැන මේ සම්මානය හිමිවූ අවස්ථාව ගැන ඔබට යමක් හිතෙනවාද..?
ක.ඉ. - ඇයි නැත්තේ. ඔබ සමඟ දුරකතනයෙන් සම්බන්ධ වන්නට පෙරාතුව මා යෙදී සිටියේ මාධ්‍ය වෙත නිකුත් කරන්නට සුදුසු ප්‍රකාශයක් යතුරු ලියනය කරමින් මා සිතමින් සිටියේ මට කියන්නට අවැසි දේ පේළි තුන හතරකින් ලියන්නේ කෙසේද කියා. කාලය අනුව බැලුවොතින් එය උචිතම කාලය කියා කියන්නට මා සතුටුයි. මා දැන් හැටතුන් හැවිරිදි වියට ආසන්නයේ සිටින්නේ. යුරෝපය පමණක් නොවෙයි ලොව හැම තැනක්ම අවිනිශ්චිත බවක ගිලී තිබෙන කාලයක්. දේශපාලනය, නායකත්වය, වටිනාකම්, සාරධර්මාදී මේ හැමදෙයක්ම මිනිසුන් කල්පනා කරන්නේ ඔවුන් අනාරක්ෂිත බවයි. මා කල්පනා කරන්නේ නොබෙල් ත්‍යාගය වැනි දෙයකින් ලෝකයට යහපතක්, ධනාත්මකව සිතිය හැකි යමක් සිදුකරන බවයි. ලෝකයේ අගනාකම්, සාරධර්ම හා විනීත භාවය ආදිය නොබිඳී නොනැසී පවතින්නට නොබෙල් ත්‍යාගයත් එක්තරා ආකාරයකින් දායක වෙනවා.
ඇ.ස්. - මා කල්පනා කරන්නේ ඔබ ලියමින් ඉන්නා තේමාවත් එය බවයි. ලෝකයේ අපට හිමි තැන, අප එකිනෙකා අතර ඒවාගේම අපත් ලෝකයක් අතර ඇති සබඳතාවේ තරම ඔබ ප්‍රශ්න කරනවා. මෙය තමයි ඔබ ගවේෂණාත්මකව හඹා යන තේමාව. ඒ ගැන ඔබේ අදහස..?
ක.ඉ. - ඔව්. මා හිතන්නේ... එය නිවැරැදියි. තව ඇබින්දක් ඒකට එක්කාසු කරන්නට ඔබ ඉඩදෙනවා නම් මට නිතර අවශ්‍ය වුණා සොයන්න "විසල් ලෝකය" හා "කුඩා ලෝකය" තුළ මිනිසුන් එකවර ජීවත් වන්නෙ කොහොමද කියන එක ගැන. අපට තියෙනවා පෞද්ගලික ජීව භූමියක් ආදරය හා තෘප්තභාවයෙන් පුරවාගත යුතු, අලංකාර කරගත යුතු. නමුත් විශාල ලෝකය වැළැක්විය නොහැකි ලෙසට මෙයට මැදිහත්වනවා දේශපාලනය වැනි කාරණා හරහා. බාගවිට ඩිස්ටෝපියානු හැඟීමක් ඇතිකරන්නටත් එය හේතු වන බව කිව යුතුයි.

ඇ.ස්. - ස්තුතියි! මේ දේ ගැන පුළුල්ව අපට වෙනත් දවසට කතාබහ කළ හැකි යැයි මා හිතනවා.
ක.ඉ. - ඔව්.
ඇ.ස්. - මේ මොහොතේ ඔබ සැලසුම් කළ යුත්තේ මාධ්‍ය සන්දර්ශනවලට මුහුණ දිය යුත්තේ කෙසේද කියන කාරණය ගැනයි. තව එකම එක කාරණාවක්. ඔබ වටා නැගෙන මේ මහෝඟය ගැන ඔබට දැනෙන්නෙ කොහොමද..?
ක.ඉ. - හොඳයි. මා එය සරුසාර දෙයක් හැටියට භාර ගන්නවා. මා අදහස් කරන්නේ කුමක්දැයි කියා ඔබ දන්නවා. යම් කනස්සල්ලකුත් තිබෙනවා. මා දැන් සියලු දෙනාගේ අවධානයට පාත්‍රවී ඉන්නවා තමයි. ඒත් කවදාහරි දවසක නොබෙල් ත්‍යාගය දිනුවකුට මේ වගේ අවධානයක් යොමු නොවී තිබුණා නම් එය බොහොම කනගාටුවට කරුණක්.
ඇ.ස්. - සාහිත්‍ය සමරන්නට මෙය හොඳ දවසක්.

ක.ඉ. - ඔව්. සාහිත්‍ය කියන්නෙ ප්‍රබල අවියක්. සමහර විටෙක නරකට වුවත් යොදා ගැනෙන. හැබැයි නොබෙල් තෑග්ග වැනි දේ හරහා උත්සාහ ගන්නේ එය හරිමඟට ගන්නයි.
ඇ.ස්. - අගෙයි! බොහොම තුති. දෙසැම්බරයේ ස්ටොක්හෝම්වලදී මුණගැසෙන බලාපොරොත්තුවෙන් සමුගනිමු.
ක.ඉ. - සැබැවින්ම බලාපොරොත්තු සහගතව ඔබ සමඟ කළ කතාබහ ප්‍රසන්නයි! ආයුබෝවන්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon