ඔබට ගැළපෙන හිතට හරියන රස්සාව ගැන හිත කියන ඇත්ත දැනගන්න

  👤  3973 readers have read this article !
2017-10-15

ඔබට මැනවින්ම ගැළපෙන රැකියාව ලබා ගත හැකි වීම ඔබගේ ජීවිත ප්‍රබෝධයටත් මානසික තෘප්තියට මෙන්ම ජීවිතයේ පරිපූර්ණතාවටත් හේතු වෙයි. නියමිත සහායකයා හෝ සහායිකාව හැරුණු නිවැරැදි රැකියාවෙන්ම විනා ඉන් ඔබගේ ජීවිත සාර්ථකත්වය නොසැලැසෙයි. එහෙත් ඔබට හොඳින් ගැළපෙන රැකියාව කුමක්ද යන්න නිගමනය කර ගත හැක්කේ කෙසේද? මේ ප්‍රශ්න මාලාවට පිළිතුරු සැපැයීමෙන් ඒ සඳහා උත්සාහයක යෙදෙන්න.

1. ඔබ යහමින් ඉතිරි කළ හැකි මඟක් සොයා බලන්නේ,
ඒ. උපන් දිනය ඔබට සිරිත් පරිදි අමතක වෙන මහලු නැන්දණිය විස්මයට පත් කිරීම සඳහාය.
ඕ. ඔබගේම ව්‍යාපාරයක් පිළිබඳ අත් හදා බැලීම සඳහා මුදල් යෙදීමටය.
ඛ්. නිශ්චිත ප්‍රතිලාභ ලද හැකි විශ්වසනීය ආයෝජනයක් ස¼දහාය.
ච්. ලොකු ලාභ අපේක්ෂාවෙන් අවදානමක් ගැනීම පිණිසය.
2. නිවාඩු දවසේ බැහැරක යන්නට ඔබට ඉඩක් නොලැබේ. එවිට ඔබ,
ඒ. ඔබගේ විවේක කාලය ආබාධිතයකුට උදවු කරනු පිණිස යොදවයි.
ඕ. කෙටි ගමනක යෙදෙයි.
ඛ්. ගෙදරටම වී සිටියි.
ච්. සංචාර සංවිධානයකු වශයෙන් ගමනක් සංවිධානය කරයි.
3. ශාරීරික යෝග්‍යතාව සඳහා ඔබ තෝරා ගන්නේ,
ඒ. ස්වායු ව්‍යායාමය (ඒඥපධඡඪඥඵ).
ඕ. මඳ වේගයෙන් තනිව දිවීම.
ඛ්. බර ඉසිලීම.
ච්. මිත්‍රයකු සමඟ මඳ වේගයෙන් දිවීම.
4. පාළු දූපතක තනිව ඉන්නට ඔබට සිදුවුවහොත් ඔබ එහි රැගෙන යන්නේ,
ඒ. ඔබගේ ප්‍රියතම ඡායාරූප ඇතුළත් ඇල්බමයක්.
ඕ. ගීත තැටි හා ඒවා ක්‍රියාත්මක කරන යන්ත්‍රයක්.
ඛ්. ජීවිතාරක්‍ෂාව පිළිබඳ උපදෙස් ඇතුළත් පොතක්.
ච්. ගුවන් විදුලි යන්ත්‍රයක්.
5. අවස්ථාවක් ලැබුණොත් ඔබ වගා කරන්නේ,
ඒ. ඔසු පැළ
ඕ. බෝංචි
ඛ්. අර්තාපල්
ච්. මල්
6. ඔබගේ ප්‍රියතම කාරය,
ඒ. ඉතාම සුඛෝපභෝගී ලොකු කාරයක්.
ඕ. ආසන දෙකේ හුරුබුහුටි කාරයක්.
ඛ්. තාක්‍ෂණ නිර්මාණය අතින් ඉස්තරම්ම කාරයක්
ච්. 'ඡ්' වර්ගයේ ජගුවරයක්
7. ඔබ වැඩිම වශයෙන් ප්‍රබෝදයට පත්වන්නේ,
ඒ. ගිම්හාන ඍතුවේදී.
ඕ. සරත් ඍතුවේදී.
ඛ්. සීත ඍතුවේදී.
ච්. වසන්ත ඍතුවේදී.
8. නිවාඩු දවසේ ඔබගේ ඉතාම සුව පහසු ඇඳුම,
ඒ. පැරැණි ඇඳුමක් හෝ ටී.ෂර්ටයක් හා කොට කලිසමක්.
ඕ. සාමාන්‍ය ගමනකට යෝග්‍ය ඇඳුම
ඛ්. ජීන් කලිසම.
ච්. සායක් හා ටී - ෂර්ටයක්.
9. තරගයකින් ජයග්‍රහණය කිරීම නිසා ත්‍යාගය තෝරා ගැනීමට ඔබට සිදුවුව හොත් ඔබ ගන්නේ?
ඒ. පෙනුම ඇති වැහි කබායක්.
ඕ. විශ්වකෝෂයක්.
ඛ්.සාක්කුවේ ගෙන යා හැකි රෙකෝඩරයක්.
ච්. මිතුරන් පනස් දෙනකු වෙනුවෙන් සාදයක්.
10. අන් කිසිවකු ඔබගේ ඇඳුම් සෝදා මැද තිබුණහොත්, ඔබගේ ඇඳ ඇතිරිලි,
ඒ. සුදු ලිනන්ය.
ඕ. බෙහෙවින් සිත් ගන්නා විචිත්‍ර මෝස්තරයක් සහිතය.
ඛ්. සරල අඳුරු පැහැතිය.
ච්. රළු, එහෙත් සිත් ගන්නාසුලු වර්ණ සහිතය.
11. කුකරයක් මිලදී ගැනීමේදී ඔබගේ තේරීම,
ඒ ඉන්ධන.
ඕ. විදුලබිල.
ඛ්. සූක්‍ෂම තරංග.
ච්. ගෑස්.
12. ඔබ දැඩි කාන්සියකින් පෙළෙන අවස්ථාවක එය මඟ හරවාගෙන යළි ප්‍රබෝධවත් වීම සඳහා ඔබ හැරෙන්නේ,
ඒ. මිතුරකු හා දෙදෙනකු වෙනුවෙන් සැකසුණු රාත්‍රි භෝජනයක් දෙසටය.
ඕ. පොතක් වෙතය.
ඛ්. විනෝදාත්මක චිත්‍රපටයක් වෙතය.
ච්. සාදයක් දෙසටය.
13. ඔබ වාසය කිරීමට කැමැති,
ඒ. ගම්බද පැල්පතකය.
ඕ. තනි නිවෙසකය.
ඛ්. නවීන පන්නයේ, ශ්‍රම සුරැකුම් සහිත මහල් නිවෙසකය.
ච්. පියකරු නාගරික නිවෙසකය
14. ඔබගේ මිතුරන් ඔබ ගැන හිතන්නේ,
ඒ. ළැදියකු ලෙසය.
ඕ. ස්වයං පෝෂිතයකු ලෙසය.
ඛ්. විශ්වාසවන්තයකු ලෙසය.
ච්. විනෝදකාමියකු ලෙසය.
15. ඔබගේ ප්‍රියතම මල් වර්ගය.
ඒ. රෝස.
ඕ. සූරියකාන්ත.
ඛ්. පොපි.
ච්. "ෆොගට් මී නොට්" නමැති මල් වර්ගය.

ලකුණු ගණනය කරන පිළිවෙළ

පළමුවෙන්ම ඔබ ඒ පිළිතුර කී වරක් තෝරා ගෙන තිබේදැයි ගැන බලන්න. ඊළඟට එසේම ඔබ ඕ, ඛ් සහ ච් පිළිතුර එකිනෙක කී වරක් බැගින් තෝරා ගෙන තිබේදැයි වෙන් වශයෙන් ගැන බලන්න. ඊළඟට ඒවා සන්සන්දය කරන්න. ඔබ වැඩි වීම වාර ගණනක් තෝරා ගෙන ඇති පිළිතුර කුමක්ද? එම වාර ගණනත් අනෙක් පිළිතුරු තෝරා ගැනුණු වාර ගණනත් අතර විශාල වෙනසක් තිබේද? නැතහොත්, ඒවා අතර එක සමාන පරතරයක් තිබේද? එසේත් නැත්නම් එකිනෙක පිළිතුරු අතර අසමාන හා විශාල පරතරයක් තිබේද?
ලකුණුවලින් දැක්වෙන ප්‍රතිඵල
මුල් තැන ගන්නේ ඒ නම් _ ඔබ අන්‍යන් කෙරෙහි සැලකිල්ලක් දැක්විය යුතුය.

ඕනෑම රැකියාවක් ගැළපෙන තත්ත්වයේ පුද්ගලයෙකි. සමාජ සේවය හෙද හෝ හෙදි, සේවය පිළිගැනීමේ නිලධාරි හෝ නිලධාරිනි, දුරකතන ක්‍රියා කරවන්නකු හෝ ක්‍රියාකරවන්නියක වශයෙන් ඔබට විශිෂ්ට සේවයක් කළ හැක්කේය. වෙළෙඳ ව්‍යාපාරයක විච්චූරණ සහිත ප්‍රචාරක මෙවලමක් නොවී ඔබ අව්‍යාජව ජනතාවට සේවය කරන තාක් එම විශිෂ්ටත්වය වඩ වඩාත් තීව්‍ර වෙයි.

මුල් තැන ගන්නේ ඕ නම්,
සම්පූර්ණ වගකීම ඔබටම පැවරෙන තැනක රැකියාවක් කිරීමෙන් ඔබට තෘප්තිමත් විය හැකිය. ඔබගේ සිතැඟි අනුව, අවශ්‍ය අවස්ථාවක ‍ෙදාර වසාගෙන ඇතුළතට වී නවකතාවක් ලිවීමට හෝ චිත්‍රයක් ඇඳීමට හෝ ඔබට එකී නිදහස තිබිය යුතුය. එසේ නැතහොත් ගෙඩනැඟිල්ල භාරකරු වශයෙන් සේවය කිරීමටද ඔබට ගැළපෙන්නකි. නිවෙසේ සිට තනිව වැඩ කිරීමට ඔබ කැමැත්තේය. ඔබගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම වඩාත් යෝග්‍යය.

මුල් තැන ගන්නේ ඛ් නම් _
ඔබගේ ශක්තිය ර¼දා පවත්නේ ඉතාම ක්‍රමානුකූලව, විවිධත්ව හා පැහැදිලි චින්තනයෙන් වැඩ කිරීමේ ගුණය මතය. පොත් තැබීම, ගිණුම්කරණය, පරිගණක මෙහෙයුම්, නීතිය, විද්‍යාත්මක පර්යේෂණ, හෝ පුස්තකාල සේවා ඉතා යෝග්‍යය. ලේඛනාගාර කටයුතුද එසේමය, එමෙන්ම ආරක්ෂාකාරී ගුවන් නියමුවකු වීමටද ඔබ සුදුසුය.

මුල් තැන ගන්නේ ච් නම්,
ඔබ බාහිර සමාජය සමඟ බැඳී සිටීමට කැමැත්තක් ඇත්තකු වන හෙයින් බොහෝ පිරිසක් ඔබ වටා රැස් කර ගත හැකි තැනක් ඔබට ඉතාම යෝග්‍යය. ඔබ හැම විටම ප්‍රබෝධයට පත්වන්නේ අමුත්තන් මුණගැසීමෙනි. නළු, නිළියෝද රංගන ශිල්පීහුද වෙළෙඳ නියෝජිතයෝද ඔබගේ ප්‍රියතම අමුත්තන් අතර වෙති. ගනුදෙනුකරුවන් හෝ සේවා දායකයන් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුවන තෙක් වසඟ කර රඳවා ගැනීමේ ශක්තිය අවශ්‍ය පිළිගැනීමේ නිලධාරි තනතුර හා දුරකතන ක්‍රියා කරවීමේ තනතුරු යනාදිය ඔබ වැන්නන්ට ඉතා සුදුසුය.
ඔබගේ දෙවැනි තේරීම කුමක්ද?

ඔබ දෙවැනි තැනට වැඩිම වශයෙක් තෝරන අකුරෙන් ඔබට යෝග්‍ය රැකියාව පිළිබඳව අතිරේක කරුණු දැක්වෙන හෙයින් ඒ ගැනද සැලකිලිමත් වන්න. උදාහරණයක් ඔබගේ තේරීම අනුව වැඩිම දෙවැනි තැන ගන්නේ ඛ් යැයි සිතමු. එවිට ඔබට යෝග්‍ය වන්නේ, ඔබ කාරා පැමිණෙන ජනතාව කෙරෙහි සුහද සැලකිල්ලක් දැක්වීමේ මානව ගුණය අවශ්‍ය වෛද්‍ය හෙද යනාදී සේවයකි.

ඔබගේ තේරීම් ඉතා සමීපව සමාන වන්නේ නම්,
ඔබගේ තේරීම් ඉහත ස¼දහන් සියලු කොටස් අතර සමීප ලෙස බෙදී යන්නේ නම් එයින් දැක්වෙන්නෙ දෙකකින් එකකි. නොයෙක් අංශවල නිපුණතා ඔබට තිබිය හැකි එකකි. නොයෙක් අංශවල නිපුණතා ඔබට තිබිය හැකි අතරම එයින් ඔබ තෝරා ගන්නා අංශයෙන් ඉතා ඉහළටම යෑමේ ශක්තිය ඔබට තිබේ. එසේ නොවේ නම්, ඔබ තවමත් ඔබ හඳුනා ගෙන නැත. ඔබගේ පෞරුෂය තවමත් නිසි මඟකට යොමු වී නැත. එහෙයින් ඔබ ඔබගේ හැකියා හඳුනා ගන්න. එවිට ඔබ නිසි තැනට පත් වනු ඇත.

පරිවර්තනය
ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon