පහ පනින්න - හිතට එන්න චීස් ඕන- රසට කන්න

  👤  3854 readers have read this article !
2017-10-15

පසුගිය පහවසර ශිෂ්‍යත්ව විභාගයට පෙරදින මගේ මිනිබිරී පාරමී අනුත්තරා උපකාරක පන්තියකට ගොස් කඩිමුඩියේ නිවෙසට ආවේ හෙට උදෑසන පැවැත්වෙන 'පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයට' පෙනී සිටීමේ මහත්වූ අරමුණිනි. මෙම විභාගයට දැඩි ලෙස වෙහෙස මහන්සි වූ ඇය ඒ සඳහා දිවා රෑ නොබලා වෙහෙස වූයේ ඇගේ දයාබර මවද ඒ සඳහා සහභාගි කරවා ගිනිමිනි. ඒ කෙසේ හෝ ඇය එම විභාගයෙන් ජයග්‍රහණය කරවීම සඳහාය.

මෙසේ දැඩිලෙස මහන්සි වී විභාගයට පෙනී සිටීමේ අරමුණින් කටයුතු කළ පාරමී ඒ අතර තමාගේ නොයෙකුත් අභිප්‍රායන් මුදුන්පත් කරවා ගැනීමටද දිනපතා අමතක නොකළාය. ඒ නොයෙකුත් ඉල්ලීම් අප හමුවේ තබමිනි. ඇයගේ එම සෑම ඉල්ලීමක්ම නොපිරිහෙළා ඉටුකළ අපි එනයින් ඇයව දිරිමත් කළෙමු.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයට පෙරදින ඇය අමුතුම මාදිලියේ ඉල්ලීමක් අපට ඉදිරිපත් කළේ අප කවුරුත් විස්මයට පත් කරවමිනි. ඒ ඇයගේ පන්තිභාර ගුරුතුමිය පැවසුවා යැයි කී කරුණක් මුල් කොටගෙනය. විභාගයට පෙනී සිටින අතරතුර චීස් කමින් විභාගයට පිළිතුරු ලිවීමේදී තමාගේ මතකය අවධිකරවීම සඳහා චීස් ඉතා ගුණදායක බවය. ඒ සඳහා තම මතකය අවධිකරවමින් ප්‍රශ්න පත්‍රවලට නිවැරුදිව පිළිතුරු ලිවීමට නම් තමාගේ ගුරුතුමියගේ උපදෙස් පරිදි තමාට 'හැපිකව් චීස්' පෙට්ටියක් ලබාදෙන ලෙස ඇය ඇවටිලි කළාය.
ඇගේ මෙම ඉල්ලීමද ඉතාමත් කාරුණිකව පිළිගත් ඇගේ දයාබර මව එම ඉල්ලීමද ක්ෂණිකව ඉටු කළාය. වහාම කඩයකට දිව ගිය ඇගේ මව 'හැපිකව් චීස්' පෙට්ටියක් මිලදී ගෙන ඇයට එය පිරිනැමුවේ 'මගෙ හොඳ චූටි දුව ඉතාමත් හොඳින් කල්පනාකාරීව විභාගයට පිළිතුරු ලියන්න' යැයි පවසමිනි. වරින් වර චීස් කමින් විභාගයට පිළිතුරු ලියූ ඇය දින කිහිපයකට පසු සිනහ සෙමින් අප කවුරුත් ඉදිරියේ පැවැසුවේ 'චීස් කෑම පන්ති භාර ගුරුතුමිය කී දෙයක් නොව තමාට චීස් කෑමට ඇති බලවත් ආශාව නිසා එසේ පැවසූ බවකි'

මාස කිහිපයකට පසු නිකුත් කළ 'පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල' අනුව ඇය ඉහළින්ම සමත් වී තිබිණි. ඇයගේ 'චීස් කතාව' පන්ති භාර ගුරුතුමිය හමුවේ එදා හෙළිදරව් වූ අතර සියල්ලෝම මහ හ¾ඩින් සිනාසුණේ 'පාරමී' දියණියගේ මෙම සටකපට කම ගැන උදම් අනමිනි. මෙය සත්‍ය සිදුවීමකි.
විශ්‍රාමලත් ආචාර්ය, බිංගිරිය - කොස්වත්තේ,

ඩී. එන්. දිසානායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon