එක්සත් ජාතීන්ගේ සාමදූතිකාව ශකීරා

  👤  1715 readers have read this article !
2017-10-16

වෛද්‍ය ලංකා සිරිවර්ධන

"මට වයස අවුරුදු අටේදී මගේ මවුපියන්ගේ ව්‍යාපාර සියල්ල බිඳ වැටී, ණය බරින් නිදහස් වීමට නිවසේ ලී බඩු පවා විකිණීමට සිදුවී, අපි ආර්ථික අතින් ඉතාම අමාරු අඩියකට වැටුණා. ඒ නිසා මගේ ළමා විය එතරම් සැප පහසු වූවක් වුණේ නැහැ. මා ඒ පිළිබඳ කනගාටු වන විට මගේ මවුපියන් මට පෙන්වා දුන්නේ අපටත් වඩා දුප්පත්කමින් අගහිඟකමින් ජීවත් වන පිරිස් සිටින බව. ඒ කුඩා වයසේදී මම මටම කියා ගත්තා සකීරා ඔබ ජයග්‍රාහිකාවක් විය යුතුයි. යම් දිනයක ලොවේ වරප්‍රසාද අඩු දරුවන්ට නිසි අවස්ථාව ලැබීමට අත දෙන්නෙකු විය යුතුයි. ඒ අනුව මා කටයුතු කළා."

ඔක්ස්පර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය අමතා ගීත ක්ෂේත්‍රයේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ ලතින් ඇමෙරිකානු ගායිකාව ලෙස කිරුළු දරා සිටින, ශකීරා පැවසූ සංවේදී වදන් එසේය.

2010 අප්‍රිකාවේ පැවැත්වූ ලෝක පාපන්දු උත්සවයට ඇය විසින් නිර්මාණය කොට ප්‍රසාංගිකව ඉදිරිපත් කරන ලද එචඬච එචඬච නම් වූ විශිෂ්ට ගීතයෙන් ඇය ලොව පුරා ලොකු කුඩා කාගේත් අවධානයට යොමු විය.

තවදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේ පැවැසුවාය. 'මා ඉපදී හැදී වැඩුණේ කොලොම්බියාවේ. සිවිල් යුද්ධ, සමාජ අසමානතාව ආදී සියලු සමාජ ප්‍රශ්නවලින් පිරුණු නගරයක.

සමාජ ප්‍රශ්න නිර්මාණය වන්නේ කෙසේද? ඒවාට හේතු මොනවාද? මා කුඩා කාලයේ සිටම අත් දුටු බැවින් ඒවා පිළිබ¼ද විමර්ශනයට යොමු වුණා. සමාජයක දරුවන්ට නිසි අධ්‍යාපන අවස්ථා නොලැබීම බොහෝ ප්‍රශ්නවලට අඩිතාලමයි. අන්ත දුගී භාවයක ජීවත් වන දරුවන් අනාගතයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහකයෙක්, ත්‍රස්තවාදියෙක් වෙන්න තියෙන ප්‍රවණතාවය දස ගුණයකින් වැඩියි. ඒ නිසා දරුවකුට මුල් ළමා වියේ සිටම නිසි පෝෂණය, සෙනෙහස, රැකවරණය, උත්තේජනය, සැපයීම ඔහු හෝ ඇය බුද්ධිමත් යහපත් වැඩිහිටියකු කිරීමට මඟ සලසයි."

කොලොම්බියාවේ බැරන්ක්විල්ලා පෙදෙසේ 1977 පෙරවාරි 2 දින දී උපත ලැබූ ඇයට නම තැබෙන්නේ ශකීරා යනුවෙනි. අරාබි බසින් එහි අරුත "ප්‍රභාමත් කාන්තාව" (ඹධථචද ටභතත ධට ඨපචජඥ) යන්නයි. ඇගේ පියා ලෙබෙනන් සම්භවයකින් ද මව කොලොම්බියානු ජාතික කාන්තාවක්ද වූයෙන් ඇයට මෙම සංස්කෘතීන් දෙකේම ආභාෂය කුඩා කල සිටම ලැබිණි. ඇගේ පළමුවැනි ගීතය ලියැවෙන්නේ වයස අවුරුදු අටක් තරම් ළාබාල වියේදීමය. ර්චඨඪජ යන නමින් ප්‍රකාශිත පළමු ඇල්බමයෙන්ම ඇය ජනතා ප්‍රසාදය දිනා ගත්තාය. එයින් ලද ප්‍රතිලාභවලින් වයස 18ක් තරම්වූ ළාබාල වයසේම ඇය විසින් ර්ථීඪඥඵ ච්ඥඵජචතලධඵ පදනම ආරම්භ කරන ලද්දේ කොලොම්බියාවේ දුප්පත් දරුවන්ට අධ්‍යාපනය හා ආහාර ලබාදීම වෙනුවෙනි. පසුගිය දශක කීපය පුරා එය ලොව පුරා ව්‍යාප්ත කරමින්, දරුවන්ට පමණක් නොව වැඩිහිටි සුබ සාධනය සඳහාද මුදල් යොදමින් අප්‍රමාණ කාර්යභාරයක් ඉටු කළා. ඒ ඒ කටයුතු වෙනුවේ රේඩියෝ ඩිස්නි ශකීරාට ඩ්ඥපධ ඒඹචපඤ සම්මානය පුද දෙන ලදී. 2003 එක්සත් ජාතීනගේ සාමදූතිකාවක් ලෙස ඇය පත් කෙරිණි. හිස්පෑනික් දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ඇති ජනාධිපති උපදේශක මණ්ඩලයට ද 2011 දී හිටපු ඇමෙරිකා ජනාධිපති ඔබාමා විසින් ඇයව පත් කරන ලදී.

ලෝක පාපන්දු තරුවක්වූ, ස්පාඥ්ඤ ජාතික ට්ඥපචපඤ ර්ථීඪඳභඥ හා විවාහ වී සිටින ඇය දරු දෙදෙනෙකුගේ මවකි. 2015 සිදුවූ තම දෙවැනි දරුවගේ උපතට සමගාමීව ඇය විසින් පවත්වන උපතට 'එධපතඤ ඕචඡර ඉඩධඹඥප' වැඩසටහනෙන් ලැබෙන මුදල් සියල්ල වෙන් කොට ඇත්තේ ලෝකයේ අතිශය දුෂ්කරතා මැද අවම පහසුකම් යටතේ ජීවත් වන දරුවන්ගේ ජීවිත නඟාසිටුවීම වෙනුවෙන්.

අතිශය සාර්ථක ගීත ඇල්බම් එකොළහක් දායාද කර ඇති ඇගේ සාර්ථකත්වයට හේතුව ලෙස ඇය පවසන්නේ අරාබි සංගීතය මෙන්ම පෙරදිග ඉන්දියානු සංගීතය ගැන පවා ඇය පරීක්ෂණ පත්වමින් ඉහළ රස වින්දනයක් ප්‍රේක්ෂකයන්ට ලබා දීමට ඇගේ ඇති ඇප කැපවීම බවය.

එක්සත් ජාතීන්ගේ සැසිවාරයකදී ශකීරා මෙම වටිනා අදහස් ඉදිරිපත් කළාය. අපි කලාකරුවන්. පරිකල්පනය අපේ මාධ්‍යයයි. අප අතීතය දුටුවා මෙන්ම අනාගතයත් පෙනෙනවා.

සෑම දේශපාලන නායකයකුම තම රටවල ජනතාවගේ අධ්‍යාපනය වෙනුවෙන් මීට වඩා මුදල් යෙදවිය යුතුයි. දරුවන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීම ආයෝජනයක්. එය අනාගත ලෝකයේ ආරක්ෂාවටත්, ආර්ථික සමෘද්ධියටත් හේතු වෙනවා. සාමයටත්, සාදාචාරයටත් පාර වැටී ඇත්තේ ජනතාව දැනුවත් වීම හරහායි.

Shakkira Isabel Mebarak

පළමු ඇල්බමයෙන්ම ඇය ජනතා ප්‍රසාදය දිනා ගත්තාය. එයින් ලද ප්‍රතිලාභවලින් වයස 18ක් තරම්වූ ළාබාල වයසේදීම ඇය විසින් ර්ථීඪඥඵ ච්ඥඵජචතලධඵ පදනම ආරම්භ කරන ලද්දේ කොලොම්බියාවේ දුප්පත් දරුවන්ට අධ්‍යාපනය හා ආහාර ලබාදීම වෙනුවෙනි. පසුගිය දශක කීපය පුරා එය ලොව පුරා ව්‍යාප්ත කරමින්, දරුවන්ට පමණක් නොව වැඩිහිටි සුබ සාධනය සඳහාද මුදල් යොදමින් අප්‍රමාණ කාර්යභාරයක් ඉටු කළා. ඒ ඒ කටයුතු වෙනුවේ රේඩියෝ ඩිස්නි ශකීරාට ඩ්ඥපධ ඒඹචපඤ සම්මානය පුද දෙන ලදී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon