හරීන්ට ටෙලිකොම් එකේ බලයක් නෑ: ඒක ජනාධිපතිගේ සහෝදරයා අල්ල ගත්තා

  👤  3073 readers have read this article !
2017-10-18

"යල් පැනපු උපකරණ ගෙනාපු නිසා, ටෙලි කොම් ආයතනයේ බිලියන 38ක පාඩුවක් තිබෙනවා" යැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර (එජනිස) පැවැසීය.

"ලොකුම ඊ බිස්නස් තිබෙන රට චීනය. මේ පනතට සංශෝධන ගෙන ඒම වැදගත්. අපි ඒක පිළිගන්නවා."
සයිබර් ලෝකයේ ත්‍රස්තවාදය "හැකිං" ලෝකයේ ලොකුම හැකර්වරු ඉන්නේ ඇමෙරිකාවේ ආරක්ෂක ඒජන්සියේ. උතුරු කොරියාව විදේශ විනිමය සොයා ගන්නේ "හැකිං" මඟිනුයි. ඉරානය ඇමෙරිකානු ඩේ‍රා්න තාක්ෂණය ගත්තෙත් "හැකිං" මඟිනුයි.
හංසයා පක්ෂයේ සභාපති අද හැකිංවලට අල්ලගෙන ඉන්නවා. හැකිං විශේෂඥයන් ගැන හංසයා පක්ෂයේ අයගෙන් අහගන්න පුළුවන්. මේකට ප්‍රතිකර්ම දෙන්න පුළුවන් වෙන්නේ හංසයාටයි. මේකෙ සල්ලි හංස ධේනුවකටත් ගිහිල්ල තියෙනවලු.

හරීන්ට ටෙලිකොම් එකේ බලය නෑ. ඒක ජනාධිපතිගේ සහෝදරයා අල්ල ගත්තා."

ග්‍රාම නිලධාරීන්ට කාර්යාලයක් නෑ:
පොලිසියේ ජීප් එකට තෙල් ගහන්න සල්ලි නෑ

"අපේ රටේ පාසල්වල, රෝහල්වල තිබෙන පහසුකම් මොනවද? මේ තැන්වලින් කීයෙන් කීයකටද ෆොටෝ කොපි මැෂින් එකක් තිබෙන්නේ.
එවැනි තත්ත්වයක් තුළ මේ පනත් සම්මත කරලා කුමටද? පනත් හමස්පෙට්ටියට යාවි.
තාක්ෂණය අතින් රටේ රාජ්‍ය ආයතනවල පවතින තත්ත්වය ඉතා නරකයි. ගල් යුගයේ, වැඩවසම් යුගයේ ඉන්නේ. ඩිජිටල් ඇමැතිගේ බදුල්ල දිස්ත්‍රික්කයට මේ තාක්ෂණය කොතෙක් ගැළපෙනවද කියල බලන්න.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ෆොටෝ කොපි යන්ත්‍රයක් නැති අපි "ස්මාර්ට්" ගනුදෙනු ගැන කතා කරනවා.
ලංකාවේ දේශීය පාවහන් නිෂ්පාදකයන් විසින් සිදු කරන පාවහන් නිෂ්පාදනය ඉන්දියානු සමාගමකට පවරන්න ආයෝජන මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ නිසා සේවකයන් ලක්ෂ ගණනකට රැකියා අහිමි වෙනවා."

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ
වියදම් සඳහා පරිපූරක ඇස්තමේන්තුවක්

මාලඹේ ‍ෙදාස්තර නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වියදම්, යොවුන් පාර්ලිමේන්තුව සවිබල ගැන්වීම, ජනාධිපති කොමිෂන් සභා වියදම් වෙනුවෙන් සහ වරාය නගරය ඉදිකිරීම ඇතුළු කාර්යයන් කිහිපයක් වෙනුවෙන්, ඉකුත් අගෝස්තු මාසයේ වැඩිකළ රුපියල් කෝටි දෙදාස් පන්සිය විස්සකට අධික මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව වෙත ඊයේ (17දා) ඉදිරිපත් කළේය.

‍ෙදාස්තර නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ මෙහෙයුම් වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 9ක් සෞඛ්‍ය හා
පෝෂණ අමාත්‍යාංශය මෙම පරිපූරක ඇස්තමේන්තුව මඟින් ඉල්ලා ඇත.

යොවුන් පාර්ලිමේන්තුව සවිබල ගැන්වීම සඳහා වන වියදම වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන සැලැස්ම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් පරිපූරක ඇස්තමේන්තුව මඟින් ඉල්ලා ඇති මුදල රුපියල් තිස් හයකෝටි තිස් දෙලක්ෂයකි.ජනාධිපති
කොමිෂන් සභා සඳහා වන ප්‍රතිපාදන උෟනතාව වෙනුවෙන් රුපියල් කෝටි දෙකහමාරක මුදලක් ජනාධිපති වැය ශීර්ෂය යටතේ ඉල්ලා තිබේ.රෝහලකට ගෙන යෑමට පෙර සත්කාරක සේවා සපයන හදිසි ගිලන්රථ සේවා ව්‍යාපෘතිය සඳහා රුපියල් විසිහත්කෝටි පනස් ලක්ෂයක මුදලක් සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශය විසින් මෙම පරිපූරක ඇස්තමේන්තුව මඟින් ඉල්ලා ඇත. මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව මඟින් ඉල්ලා ඇති මුදල රුපියල් කෝටි තිස් හයකි.ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති ගයන්ත කරුණාතිලක මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

හෙජින් ගිවිසුම නිසා සිදුවූ අති විශාල පාඩුව ගැන කිසිදු පියවරක් ගෙන නෑ

හෙජින් ගිවිසුම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සිදුවූ පාඩුව සහ එයට වගකිවයුතු පුද්ගලයන් පිළිබඳ තොරතුරු, ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණයේදී ආවරණය වී ඇතැයි, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනි අනෝමා ගමගේ පාර්ලිමේන්තුවේදී පැවැසුවාය.
ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් මේ වනතෙක් ගෙන නැතැයිද නියෝජ්‍ය ඇමැතිවරිය සඳහන් කළාය.

ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව පැවසූ නියෝජ්‍ය ඇමැතිනි අනෝමා ගමගේ, ඉන්දියානු තෙල් සමාගම ඉන්ධන මිල වැඩි කිරීම සඳහා ඉල්ලීමක් කර ඇති බවත් ඒ පිළිබඳව සාකච්ඡා කර ඇති නමුත් වහාම ඉන්ධන මිල වැඩි කිරීමක් නොකරනු ඇතැයි සඳහන් කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රි ලකී ජයවර්ධන නඟන ලද වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරිය එසේ පිළිතුරු දෙනු ලැබුවාය.

ඉලෙක්ට්‍රොනික අස්සන් භාවිතයට
නව නීති සැකසිය යුතුයි

ඉලෙක්ට්‍රොනික අස්සන් භාවිත කිරීම සඳහා අවශ්‍ය නීති සකස් කළ යුතුව ඇතැයි ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ පාර්ලිමේන්තුවේදී පැවැසීය.
"ඉලෙක්ට්‍රොනික ගනුදෙනු නීතිගත කර, ඊට අවශ්‍ය අනෙකුත් පහසුකම් සැපයීමට රජය කටයුතු කරනවා. අපේ රට දියුණු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය සැපයීම සඳහා අගමැතිවරයා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය ඇති කළා.

මේ තාක්ෂණයත් සමඟ ගෙදර සිටම රැකියා කරන්න පුළුවන් වනවා. ඉලෙක්ට්‍රොනික ක්‍රමයට මුදල් ගෙවීමේදී විශාල
කාර්යක්ෂමතාවක් ඇති වනවා. මේ තාක්ෂණය හරහා වංචාකාරී ක්‍රියා නැවැත්වීමට
පුළුවන් වනවා."

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්