අවුරුදු විසිලක්ෂයකට පෙර මානව ඉතිහාසයේ රස රහස් එළියට

  👤  2758 readers have read this article !
2017-10-22

අවුරුදු විසි ලක්ෂයකට ඉහතදී ආදි මිනිස්සුන්ට 'ප්‍රජනක විසර්පය' (ඨඥදඪබචත ඩඥපනඥඵ) (ජෙනිටල් හර්පීස් - විසිරෙන බිබිලි සහිත චර්ම රෝගයක්) නමැති රෝගය පතුරුවන වයිරසය පැතිරවූ 'පැරතේ‍රා්පස් බොයිසි' නමැති මානව රූපියා හඳුනා ගැනීමට විද්‍යාඥයන්ට හැකිවී තිබේ. පැරතේ‍රා්පස් බොයිසි යනු හැඩිදැඩි සිරුරක්ද නොමේරූ මොළයක් හා තැටියක් බඳු මුහුණක්ද ඇතිව වත්මන් මිනිසා මෙන්ම දෙපයින් ඇවිද්ද මානව රූපියෙකි. එම රෝග කාරක වයිරසය ශරීරගතව තිබුණු ඉපැරැණි චිම්පන්සීන් මරා මස් කෑමෙන් පසු, පැරතේ‍රා්පස් මානව රූපියාට රෝගය වැලඳෙන්නට ඇති බවත් ඔහුගෙන් පසුකාලීන මානවයන්ට එය බෝවන්නට ඇති බවත් විද්‍යාඥයෝ අදහස් කරති.

වසර තිස් ලක්ෂයත් දාහතර ලක්ෂයත් අතර කාලයකට ඉහතදී මෙම වයිරසය අප්‍රිකානු මානවයාගෙන් ඉපැරැණි මානවයා වෙත පැනීමෙන්, එතෙක් ඊට ජීවීන්ගෙන් යෙදී තිබුණු බාධකය ජය ගැනීමට ඊට හැකි වී ඇතැයිද විද්‍යාඥයෝ කියති. ප්‍රජනක විසර්පය එම පිම්ම පැන ඇත්තේ මානවයාට නෑකමක් නැති අන්තර් මධ්‍ය කාලීන හොමිනින් ජීවියා ඔස්සේ විය හැකි යැයි විද්‍යාඥයෝ මුලදී අනුමාන කළහ. එහෙත් පැරතේ‍රා්පස් බොයිසි මානව රූපියා ඊට වග කිවයුතු බව කේම්බි්‍රජ් හා ඔක්ස්ෆර්ඩ් බෘෘක් යන විශ්ව විද්‍යාල දෙකේ විද්‍යාඥයෝ කණ්ඩායමක් සොයා ගත්හ. ඉපැරැණි චිම්පන්සින්ගේ මස් කෑමෙන්, පැරතේ‍රා්පස් මානව රූපියාට වයිරසය බෝවන්නට ඇතැයි එම විද්‍යාඥයෝද විශ්වාස කරති.
අවුරුදු විසි ලක්ෂයකට පෙර හෝමෝ ඉරෙක්ටස් මානවයා ඇතිවීමත් සමඟ ආහාරය සඳහා සතුන් දඩයම් කිරීම පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. පැරතේ‍රා්පස් මානව රූපියාත් හෝමෝ ඉරෙක්ටස් මානවයාත් අතර සමීප සම්බන්ධතාවක් කෙන්යාවේ තුර්කානා විල වැනි ජලාශ ආශ්‍රිතව ඇති වන්නට ඇතැයිද පර්යේෂකයෝ කියති. ප්‍රජනක විසර්ප වයිරසය මානවයන්ගේ රුධිර ධාරාවට ඇතුළුවන්නට ඇත්තේ ඒ සමීප සම්බන්ධතාවේ ප්‍රතිඵලයක් වශයෙන් යැයිද පර්යේෂකයෝ අදහස් කරති. මෙම වයිරසය කෙනකුගේ ශරීරයට ඇතුළු වී එය එහි සුරක්ෂිතව රැඳෙන අතරම මවගෙන් දරුවන්ටද අන් අය අතර ලේ, කෙළ හා ලිංගික ඇසුර මඟින්ද පැතිර යන බව මෙම පර්යේෂණයේ සම කර්තෘ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය චාර්ලට් හෝල්ඩ්කේ‍රාෆ්ට් ප්‍රකාශ කළාය. මිනිස් ලිංගේන්ද්‍රියේ ස්නායු කෙළවරවල් ඔස්සේ ශරීරගත වන මේ වයිරසය අප්‍රිකාව පුරා පැතිර තිබෙන්නට ඇතැයිද පර්යේෂකයෝ විශ්වාස කරති.

හොමෝ ඉරෙක්ටස් මානවයා (හිස්කබල වම් පසින්ද ඒ අනුව ප්‍රතිනිර්මාණය කරන ලද මුහුණ දකුණු පසින්ද දැක්වෙයි) මානව පරිණාමයේ ඉපැරැණියන්ගේද මූලිකයා වශයෙන් සැලකෙයි. ඔහුට 'ප්‍රජනක විසර්පය' වැලඳී ඇත්තේ අප්‍රිකාවේ විල් හා වෙනත් ජලාශ අසලදී 'පැරතේ‍රා්පස් බොයිසි' නමැති මානව රූපියා මරා මස් කෑමෙන් විය හැකි යැයිද පර්යේෂකයෝ අදහස් කරති. එහෙත් පසුව එම වයිරසය ඉතා ඉක්මනින්ම ශ්ලේෂ්මල කුහරයකට අනුවර්තනය වී එහි පැවැත්මට මඟ පාදාගෙන ඇතැයි විද්‍යාඥයෝ කියති. ප්‍රජනක විසර්පයට මුඛ ආසාදනයක් ඔස්සේ පැතිරෙන්නට ඉඩ සලසමින් ලිංගේන්ද්‍රිය තුළ පැවැති අයුරු දැක ගන්නට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. ආචාර්ය හෝල්ඩ්කේ‍රාෆ්ට් කියන පරිදි ප්‍රජනක විසර්ප වයිරසය මිනිසාගේ පටන් කොරල්පර දක්වා බොහෝ දේ ආසාදනයට ලක් කරන අතර ඒ එකිනෙකේදී ඊට අවශ්‍ය පරිදි එය අනුවර්තනය වෙයි.

සිය නිගමනයට එළැඹීම සඳහා ආචාර්ය චාර්ලට් හෝල්ඩ් කේ‍රාෆ්ට් සහ ඇගේ කණ්ඩායම, අදාළ පොසිල හා විසර්ප වයිරසයේ ජනකාණු බන්ධනය පිළිබඳ දත්ත මෙන්ම ඉපැරැණි අප්‍රිකාවේ දේශගුණික දත්තද උපයෝගී කර ගත්තේය. එම දත්ත පරිගණකගත කරුණු විට ප්‍රජනක විසර්පය (ඩ්ඉඍ-2) අවුරුදු තිස් ලක්ෂයකට ඉහත අප්‍රිකාවෙහි පැතිර සිටි හොමිනින් මානවයන් අතර පැතිර ගිය සම්භාවිතාව දක්වන ආකෘතියක් නිර්මාණය විය. වැඩිම වශයෙන් වයිරසය පැතිරී තිබුණේ පැරතේ‍රා්පස් බොයිසි නමැති මානව රූපීන් අතර බවත් පුරාණ කාලීන චිම්පන්සින්ගෙන් ප්‍රජනක විසර්පය (ඩ්ඉඍ-2) බාර ගෙන එය මුල්ම මානවයන් වශයෙන් සැලකෙන හෝමෝ ඉරෙක්ටස් වෙතද පැතිරවීම සඳහා නිසි කාලයේදී නිසි තැන සිටි මානව රූපියා පැරතේ‍රා්පස් බොයිසී බවත් එම පරිගණක ආකෘතියෙන් තමන්ට තහවුරු වූ බව පර්යේෂකයෝ කියති.

වයිරසයේ පැතිරීමට හා පැවැත්මට උපකාරී වන අන්දමේ ජාන විපර්යාසයක්ද අදාළ ජීවීන් තුළ සිදුවී ඇති අතර එය තරල හුවමාරුවක් හා සම්බන්ධ වීමද වයිරසයට මහෝපකාරී වී ඇතැයිද පර්යේෂකයෝ කියති. ආදිම හොමිනින් මානවයන් අතර ප්‍රජනක විසර්පය (ඩ්ඉඍ-2) පැතිර ඇත්තේ නොයෙක් ද්‍රව්‍ය හවුලේ පරිභෝජනය කිරීමත් ලිංගික ඇසුරත් නිසා යැයිද පර්යේෂකයෝ කියති.

පරිවර්තනය
ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon